රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා කිලිනොච්චියේ පැවැති උත්සවයකට සහභාගී වී සිටි අතරතුරදී කොටි සංවිධානයේ හිටපු ජාත්‍යන්තර නායකයා වූ කේ.පී. හෙවත් කුමරන් පද්මනාදන් මහතා වැළදගෙන සාකච්ජා කළ ආකාරයක් දැකගත හැකිවිය.
එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ජාත්‍යන්තර නායකයා වන කේ.පී. හෙවත් කුමරන් පද්මනාදන් දිගු කලකට පසු පළමු වතාවට අද දිනයේ කිලිනොච්චියේ උත්සවයකට සහභාගී වෙමින් කරලියට පැමිණ තිබේ.
ඒ, කිලිනොච්චි සෙංචෝලේ ප්‍රදේශයේදී ළමා නිවාසයක පැවැති උත්සවයකදීය.
මෙම අවස්ථාව සදහා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතාද සහභාගී වී සිටියේය.










