සෑම මන්ත්‍රීවරයෙකුම, ජූනි 30 වන දා ට පෙර සිය වත්කම් බැරකම් ප්‍රකාශ කතානායකවරයාට භාර දිය යුතුව ඇතත්, මන්ත්‍රීවරු පනස් හයක්, තවමත් ඔවුන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ ලබා දී නැති බව වාර්තා වේ. Sri Lanka Latest News
වත්කම් බැරකම් ප්‍රකාශ ලබා නොදී සිටින මන්ත්‍රීවරුන්ට, ඒ පිළිබදව සිහිකැදවීමේ ලිපි පහක් මේ වන විට නිකුත් කර තිබෙන බව පැවසේ.
වත්කම් බැරකම් ප්‍රකාශ ලබා දී තිබෙන මන්ත්‍රීවරුන්ගේ එම ප්‍රකාශ කතානායකවරයා විසින් මේ වන විටත් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාවට භාර දී තිබේ.
නියමිත කාලය තුළ වත්කම් බැරකම් ප්‍රකාශ ලබා නොදුන් මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රී වැටුපෙන් යම් ප්‍රතිශතයක දඩයක් අය කරනු ලබයි.










