ආණ්ඩුව විසින් ජනතාව රැවටීමට පටන් ගත්තේ පාස්කු ප්‍රහාරයෙන් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පැවසීය.
අද එහි සාපය ආණ්ඩුවට වැදී ඇති බවද ඒ මහතා පාර්ලිමේන්තුවේදී පෙන්වා දුන්නේය.
අද ජනතාව පාරට බැස විරෝධය පළ කරන ජනතාවගෙන් බහුතරය ආණ්ඩුවට ජන්දය භාවිත කළ අය බවද ඒ මහතා කියා සිටියේය.
වත්මන් අර්බූදය විසදීමට නම් රාජපක්ෂවරුන් සොරා ගත් ධනය යළි රටට රැගෙන ආ යුතු බවද මන්ත්‍රීවරයා සදහන් කළේය.