• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Gurudawa

ජනාධිපතිවරණයේ මොකද වෙන්නේ? ඇල්පිටියයි පාර කියන්නේ! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

March 2, 2024
in Exclusive, Gurudawa
Reading Time: 6 mins read
A A
Share on WhatsAppShare on Facebook

පසුගිය සතියේ පාර්ලිමේන්තුවේදී ප්‍රවීණ නිළි ගීතා කුමාරසිංහ ජවිපෙ මන්ත්‍රිනී ආචාර්ය හරිනි අමරසූරියට මරු කතාවක් කීවාය.Sri Lanka Latest News

‘ඔබතුමිය ඉපදෙන්නත් කලින් මම ජවිපෙ පන්ති පහ ගැන දන්නේ…’

ගීතා බෙන්තර ඇල්පිටියේය. ඇල්පිටිය 1971 කැරැල්ලේ ජවිපෙ අල්ලාගත් ටවුන් එකකි. ප්‍රකට ලේඛක ගුණදාස ලියනගේ ‘ඔපරේෂන් ඇල්පිටිය’ නමින් එකල පොතක්ද ලීවේය. එහි සඳහන් වන්නේ 1971 කැරැල්ලේදී ජවිපෙ ඇල්පිටිය ටවුන් එක අල්ලාගත් හැටි සහ ගුවනින් බෝම්බ දමා හමුදාව සහ පොලිසිය ඇල්පිටිය යළි අත්පත් කරගත් ආකාරයත්ය.

ඇල්පිටිය එවැනි ඉතිහාසයක් ඇති ආසනයකි. 1971 කැරැල්ලට පසු ඇල්පිටිය ලංකාවම හෙල්ලුවේ පසුගිය 2019 ජනාධිපතිවරණය කට ළඟ තිබියදීය.

2019 ජනාධිපතිවරණයට ගෝඨා, සජිත් සහ අනුර නාමයෝජනා භාරදීමෙන් පසු ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්දය පවත්වන්න නියමිතව තිබිණි. ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්දය ගෝඨාගේත් සජිත්ගේත් ජනප්‍රියත්වය ටෙස්ට් කරන ඡන්දයක් යැයි ලංකාවේ පමණක් නොව ජාත්‍යන්තර මාධ්‍යයද කියන්න පටන්ගෙන තිබිණි.

ඇල්පිටිය ඡන්දය පැවැත්වුණේ යූ.ඇන්.පී.ය සජිත් ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂකයා ලෙස නම්කොට සජිත් කැම්පේන් එක පටන්ගත් විගසය. ගෝඨාගේ අපේක්ෂකත්වය ප්‍රකාශයට පත්කරන විට පොදුජන පෙරමුණ ගත් ගැම්ම යූ.ඇන්.පී.ය සජිත්ගේ අපේක්ෂකත්වය ප්‍රකාශයට පත්කිරීමත් සමග වැටුණි. සජිත්ගේ අපේක්ෂකත්වය ප්‍රකාශයට පත්කොට දින කිහිපයකින් ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්දයට දින නියම වී තිබිණි. ඇල්පිටිය ඡන්දයට පෙර දින සජිත් කොළඹ ගෝල්ෆේස්හි මහා රැලියක් සංවිධාන කළේය. ගෝල්ෆේස් පාරවල් වැසී ගෝල්ෆේස් පිරෙන්න සෙනඟ පිරුණි. ගෝඨා සහ පොදුජන පෙරමුණ සජිත්ගේ ගෝල්ෆේස් ෂෝ එකෙන් වැටුණි.

ඇල්පිටිය ඡන්දය තිබුණේ ගෝල්ෆේස් ෂෝ එකට පසුවය. එම ඡන්දයෙන් පොදුජන පෙරමුණ 56.3%ක් ගත්තේය. එක්සත් ජාතික පක්ෂය 24.3%ක් ගත්තේය. ශ්‍රීලනිපය 12.7%ක් ගත්තේය. ජවිපෙ 5.8%ක් ගත්තේය මේ ප්‍රතිඵලයෙන් සජිත් සහ යූ.ඇන්.පී.ය වැටුණි.

‘සජිත්ට ඇල්පිටියේ කැම්පේන් කරන්න බැරි වුණා. ඇල්පිටිය වාමාංශික සීට් එකක්…’

මේ හැමෝම කීහ. ඒත් ඇල්පිටිය ප්‍රතිඵලය 2019 ජනාධිපතිවරණ ප්‍රතිඵලය පෙන්වන කැඩපතක් විය. ඇල්පිටිය ඡන්දයට පසු ශ්‍රීලනිපයත් ගෝඨාට එක්විය. ඇල්පිටියෙන් පොදුජන පෙරමුණ ගත්තේ 56%කි. ශ්‍රීලනිපය ගත්තේ 12%කි. මේ ඡන්ද පදනම් දෙකම එකතු කරගෙන ගෝඨා 2019 ජනාධිපතිවරණයේදී 69%ක් ගත්තේය.

රනිල්ගේ නායකත්වයෙන් යූ.ඇන්.පී.ය ඇල්පිටියේ ගත්තේ 24%කි. හැබැයි සජිත් ඒ 24% ඡන්ද පදනම 41.99%කට වැඩිකරගත්තේ සුළු ජාතික පක්ෂ ඡන්ද පදනමත් එකතු කරගෙනය.
ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්දය තියන විට රටේ ජවිපෙටත් මතයක් තිබිණි. ජවිපෙත් කොළඹ ගෝල්ෆේස් මහජන ගඟකින් පුරවා ලොකු රැල්ලක් පෙන්නුවේය. ඒත් ඇල්පිටියෙන් ජවිපෙ ගත්තේ 5.8%කි. මේ 5.8% 2019 ජනාධිපතිවරණයේදී 3.16%කට වැටුණේ ජනතාව ජවිපෙ ලොකු ජයක් ලබයි යැයි තිබුණු බලාපොරොත්තු ඇල්පිටියෙන් බිඳවැටුණු නිසාය.

‘ආණ්ඩුවට එරෙහි පළමු වෙඩිමුරය ඇල්පිටියෙන් පටන්ගත්තා…’

එදා මහින්ද ලෝකෙටම ඇහෙන්න ආඩම්බරයෙන් කීවේ එලෙසය. රාජපක්ෂලාට සජිත් ගැන තිබුණු බය ඇල්පිටියෙන් නැතිවිය. ගෝඨාගේ රැල්ල සජිත්ට කඩන්න බැරි බව ඔවුහු ඇල්පිටියෙන් තේරුම් ගත්හ.

2019 ජනාධිපතිවරණයේදී රටටම යන පාර කී ඇල්පිටිය යළිත් කතාබහට ලක්වී ඇත්තේ ඇල්පිටියේ ප්‍රාදේශීය සභාවේ අයවැය පරාජය වීමත් සමගය.

ඇල්පිටිය ප්‍රාදේශීය සභා අයවැය ඡන්දය පැවැත්වුණේ පසුගිය සතියේය. අයවැයට පක්ෂව ඡන්ද 12ක්ද විපක්ෂව ඡන්ද 14ක්ද ලැබී තිබේ. පක්ෂව දී ඇත්තේ පොදුජන පෙරමුණු, එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු සහ ජවිපෙ මන්ත්‍රීවරයාය.

විපක්ෂව දී ඇත්තේ එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්වී සමගි ජන බලවේගයට එක්වූ මන්ත්‍රීවරු සහ පොදුජන පෙරමුණෙන් ඉවත්වූ මන්ත්‍රීවරුය. මීට පෙර දෙවතාවක් මෙලෙසට සමගි ජන බලවේගය සහ රාජපක්ෂ විරෝධී මන්ත්‍රීවරු අයවැය පරාජය කළහ.

‘ජවිපෙ කොහොමද රනිල්-රාජපක්ෂ හවුලට එක්වුණේ..,?’

ඒක නම් කියන්න දන්නේ නැත. පාර්ලිමේන්තුවේ ජවිපෙ හැසිරීම දිහා බලන විට එය පුදුමයට කරුණක් නොවේ. 2022 ගෝඨා ජනාධිපති ධුරයෙන් ඉවත්වී ජනාධිති ධුරයට පාර්ලිමේන්තුවේ ඡන්දයක් පැවැති විට සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාසට ජනාධිපති සටනට තරග නොකර රාජපක්ෂ විරෝධී පොදුජන පෙරමුණ නම්කළ ඩලස් අලහප්පෙරුමට ඒ අවස්ථාව දෙන ලෙස රාජපක්ෂ විරෝධී මන්ත්‍රීවරු සජිත්ගෙන් සහ සමගි ජන බලවේගයෙන් ඉල්ලීමක් කළහ. සජිත් එයට එකඟ විය. ඩලස් පොදු අපේක්ෂකයා බවට පත්කර ගන්න සමගි ජන බලවේගය සහ රාජපක්ෂ විරෝධී පොහොට්ටු මන්ත්‍රීවරු ජවිපෙ සමගත් කතා කළහ. ඒත් ජවිපෙ ඒ සාකච්ඡා මඟහැරියේය. ජවිපෙ මන්ත්‍රීවරු තිදෙනාම ඡන්දය කුරුටුගා දැම්මේ රනිල්ට ජනාධිපති වීමට පාර කපමිනි. ඒත් පසුව ඩලස් සමගි ජන බලවේගයට එක් නොවී ජවිපෙ ළඟට ගිය විට ජවිපෙ ඩලස්ව බදාගත්තේය.

සමගි ජන බලවේගය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහි විශ්වාසභංගය ගේන වෙලාවේ සමගි ජන බලවේගය වෙන අරමුණු මත විශ්වාසභංගය ගෙන එනවා කියමින් ජවිපෙ එය විවේචනය කළේය. එම විශ්වාසභංගයට අස්සන් කිරීම ප්‍රතික්ෂේප කළේය.

සමගි ජන බලවේගය ක්‍රිකට් මණ්ඩල සභාපති ඉවත් කරන්න පාර්ලිමේන්තුවේ යෝජනාවක් ගෙන එන විටත් ජවිපෙ එම යෝජනාව උපහාසයට ලක්කරමින් යෝජනාව සම්මත කරන වෙලාවේ සභා ගැබින් නැගිට ගියේය.

පොලිස්පතිගේ ප්‍රශ්නය, කෙහෙළියගේ ප්‍රශ්නය, ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රශ්නය, ජනාධිපතිගේ රාජාසන කතාව වර්ජනය කිරීම යනාදී ආණ්ඩුවට එරෙහිව සමගි ජන බලවේගය ගන්නා තීරණ තමන්ට අවාසි යැයි ජවිපෙ හිතනවා නම් ජවිපෙ සමගි ජන බලවේගයට කලින් මේ ප්‍රශ්න හඳුනාගෙන ඊට නායකත්වය දිය යුතුය. නායකත්වය දී එයට සමගි ජන බලවේගය එකතු කරගත යුතුය. සමගි ජන බලවේගය එහිදී හොරගල් අහුලන්නේ නම් මේ ප්‍රශ්නවලට නායකත්වය දීමෙන් වාසිය ගන්නේ ජවිපෙ කියා හිතා ඒ ජවිපෙ සටන විවේචනය කරනවා නම් සමගි ජන බලවේගයට එරෙහිව ආණ්ඩු විරෝධී බලවේග නැගිටීම වළක්වන්න බැරිය. පොලිස්පති පත්කිරීම, ව්‍යවස්ථාදායක සභාවට විධායකය අත පෙවීම, ප්‍රජාතන්ත්‍රවාදය යන සටන්වලදී ජවිපෙ හැසිරීම සැක සහිත යැයි කියන්නේ රනිල් ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු එද්දී විපක්ෂයක් ගෙන යන්න සජිත්ට වැඩිය රනිල් හොඳ යැයි පසුගිය කාලයේ ජවිපෙ නායකයන් කී කතා සිහිකර බලද්දීය.

ජවිපෙ මේ හැසිරීමෙන් පේන්නේ සජිත් සහ සමගි ජන බලවේගය බලයට එනවා නම් රනිල් සහ රාජපක්ෂවරු හිටියාට කමක් නැහැ කියන ස්ථාවරයක ජවිපෙ සිටිනා බවය. වෙනත් වචනවලින් කියනවා නම් ජවිපෙ වෛරය තියෙන්නේ සජිත් සහ සමගි ජනබලවේගය සමගය.

ඇල්පිටියේ අයවැය ප්‍රතිඵලය කියන්නෙත් ඒ කතාවය. ඇල්පිටියේ අයවැය පරදා සමගි ජන බලවේගය ඔළුව උස්සන බව තේරුම් ගත් ජවිපෙ සජිත් සහ සමගි ජන බලවේගය පරද්දන්න රනිල් සහ රාජපක්ෂ සන්ධානය දිනවන්න ඡන්දය පාවිච්චි කළේය.

ඒත් ජවිපෙට සමගි ජන බලවේගය රනිල් සහ රාජපක්ෂ පවුලට එරෙහි පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු සමග එක්වී ලබන ජයග්‍රහණය වළක්වන්න බැරිවී ඇත.

රනිල් සහ රාජපක්ෂ හවුලට එරෙහිව පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු සමගි ජන බලවේගයට එනවාටත් ජවිපෙ කැමැති නැත. රනිල් සහ රාජපක්ෂ හවුලට එරෙහිව පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු විපක්ෂයට එනවා නම් ඔවුන් සමගි ජන බලවේගයට එක්වෙනවාද ජවිපෙට එක්වෙනවාද යන්න ප්‍රශ්නයක් නොවේ. ඔවුන් එන්නේ විපක්ෂයටය. මේ හැමෝම එකතු කරගෙන පළමුව නිදහස් සහ සාධාරණ ජනාධිපතිවරණයක් සහතික කරගත යුතුය. මේ රනිල් සහ රාජපක්ෂ හවුල ඡන්ද කල් දමන්නත් ඡන්ද කල් දැමීමට එරෙහිව අධිකරණය දෙන තීන්දු සමච්චලයට ලක්කොට ඡන්ද තියන, මැතිවරණ කොමසාරිස්ව පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවලට ගෙන්වා බය කරන්නත් බය නැති හවුලක්ය. මේ හවුල බය කරන්න ජවිපෙ සහ සමගි ජන බලවේගය එකට එක්වී පළමුව ජනාධිපතිවරණය ලබාගත යුතුය. පසුව දෙකට වෙන්වී තරග කළ හැකිය. ඒත් ජවිපෙ සමගි ජන බලවේගයට ලකුණු යයි කියා ඒ සටනින් කර අරියි.

හැබැයි ඇල්පිටිය ප්‍රතිඵලය කියන්නේ රනිල්, රාජපක්ෂවරු, ජවිපෙ, මාධ්‍ය යන මේ හැමෝම සජිත්ගේත් සමගි ජන බලවේගයේත් අඩුපාඩු හොය හොයා පක්ෂය තුළ ආරවුල් හොය හොයා ගැහුවත් සමගි ජන බලවේගයට සහ රනිල් – රාජපක්ෂ විරෝධී පොදුජන පෙරමුණු මන්ත්‍රී හවුලට ජය ගන්න තියෙන චාන්ස් වැඩි බවදැයි කියන්න දන්නේ නැත.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

අගමැති දිනේෂ් ආ හෙලිකොප්ටරය මාතර බාන්න ගිහින් ගිනිවිජ්ජුම්බරයක් වෙලා! මාතර තානායමේ කෑලි ගැලවිලා ගිහින්! කෑම කකා හිටපු දෙස් විදෙස් සංචාරකයන්ගෙන් දැඩි විරෝධයක්! මැනේජර්ගේ කාර් එකටත් හානි! I Sri Lanka Latest News

Next Post

අධ්‍යාපනය නූතන ක්‍රමයට වෙනසක් කරන්න හදන කොට විරුද්ධ වෙන ‌’මොඩ්’ විප්ලවවාදීන් කොටසක් ඉන්නවා! වෙනස්කම් කරද්දී ඒ විප්ලවවාදීන් පාරට බැහැලා උද්ඝෝෂණ කළත් ඒ ඒ අයගේ දරුවන් ඉගෙන ගන්නේ ඉන්ටර්නැෂනල් ස්කූල්වල…ප්‍රයිවට් යුනිවසිටිවල! ඔන්න කුහකයන්ගෙ වැඩ! මේ බෙදීම අපි නවත්වනවා! VIDEO I PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

Load More
තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

පිස්සු කුට්ටි ආරච්චි ඔයා කට පරිස්සම් කරගන්න සජිත් මහත්තයගේ මොළේ ගැන කතා කරන්න ඔයා කවුද සජිත් කරපු වැඩ එක්ක ඔයාට...

Read more
ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.