ඊයේ (11) අභාවප්‍රාප්ත හිටපු මුදල් අමාත්‍ය රොනී ද මැල් මහතාගේ අවසන් කටයුතු සඳහා සහභාගී වීමට පැමිණි අගමැතිවරයා රැගත් හෙලිකොප්ටරය මාතර කොටුව ක්‍රීඩාංගනයට ගොඩ බැස්සවීමේ දී හෙලිකොප්ටරයේ සිදු වූ දෝෂයක් නිසා මාතර තානායමට හානි සිදුව තිබෙනවා.Sri Lanka Latest News
මෙම සිදුවීම නිසා එම අවස්ථාවේ තානායමේ ආහාර පාන ලබා ගනිමින් සිටි ප්‍රභූ ආරක්ෂක නිලධාරීන්,දේශීය හා විදේශීය සංචාරකයින්ද දැඩි අපහසුතාවයට ලක් ව තිබෙනවා.
හෙලිකොප්ටරය නිසි ආකාරයට ගොඩ බැස්සවීමට අපොහොසත්වීම ගැන දෙස් විදෙස් සංචාරකයින් සිය විරෝධය පල කර තිබෙනවා.
එම අවස්ථාවේ දී මුහුද දෙසින් පැමිණි දැඩි සුළං ප්‍රවාහය හේතුවෙන් එම තත්වය ඇති වු බවට ගුවන් නියමුවන් ඇතුළු කාර්ය මණ්ඩලය ප්‍රකාශ කල බව මාතර තානායමේ කලමණාකරු පවසා ඇත්තේ.
මෙම සිද්ධිය හේතුවෙන් මාතර තානායමට සිදුව ඇති හානිය ගැන සොයා බැලීමට මාතර මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් ද එම ස්ථානයට පැමීණ තිබුණා.
මෙම සිද්ධියෙන් මාතර තානායමේ කළමනාකරුගේ රථයටද හානි සිදුවී තිබුණා.