අධ්‍යාපනයේ වෙනසක් කරන්න අකැමැති මොඩ් විප්ලවවාදීන් ගැන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගෙන් අනාවරණයක් (Sri Lanka Latest News)
මෙරට අධ්‍යාපන ක්‍රමය නූතනත්වයට ඔබින ආකාරයට වෙනස් කිරීමට සංශෝධනය කිරීමට විරුද්ධ මොඩ් වූ විප්ලවවාදීන් කොටසක් සිටින බවත් නිදහස් අධ්‍යාපනය නූතනවාදී කරන්න ඔවුන් අකමැති බවත් නව දෙයක් කරන්න හදද්දිම ඔවුන් මහපාරට බහින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
ඔවුන් එවැනි විප්ලව කළත් ඔවුන්ගේ දරුවන් ජාත්‍යන්තර පාසල්,පෞද්ගලික වි.වි.වල ඉගෙන ගන්නා බවත් එම දරුවන්ට ලැබෙන වරම මෙරට 41 ලක්ෂයක් පාසල් දූදරුවන්ට නොමැති බවත් මේ අධ්‍යාපනයේ කුහක බෙදිම නැති කළ යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 114 වැනි අදියර යටතේ කුලියාපිටිය කිතලව පුග්ගල මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සක්වල සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි. මෙහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් පාසලේ නර්තව කණ්ඩායමට අඩුවක්ම පැවති ඇඳුම් කට්ටල ලබා ගැනීමට රුපියල් ලක්ෂයක මුදලක්ද පරිත්‍යාග කළේය.
විසිතුරු කතා වැඩක් නැ
මේ රටට අවශ්‍ය විසිතුරු කතා නොව වැඩ බවත් “නැහැ බැහැ බලමු’ කියන උත්තර දෙන නායකයෝ අවශ්‍ය නොවන බවත් මොන අභියෝගයක් තිබුණත් ඒවට පිළිතුරු සෙවිය හැකි නායකයෝ අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා මෙහිදි වැඩිදුරටත් පැවසීය.
සමගි ජන බලවේගය යන මේ ගමනේ ඒකායන අරමුණ ගමට රටට පාසලට රෝහලට වටිනාකමක් එකතු කිරීම බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.
ඩිජිටල් ලංකාවයි හරිත ලංකාවයි නමට විතරයි
ආණ්ඩුව සහ නායකයෝ ඩීජිටල් ලංකාවක්, හරිත ලංකාවක් ගොඩනගනව යැයි පැවසුවත් ඒ සදහා කිසිදු ප්‍රායෝගික වැඩපිළිවෙළක් ඔවුන්ට නැති බවත් ඔවුන්ට ඒ ගැන අවංක සිතුවිලි ඇත්නම් අධ්‍යාපන ක්‍රමයේ වෙනසක් ඇති විය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
විය යුත්තේ ආර්ථිකය හැකිලීම නොව වර්ධනයයි.
රටේ සෑම අංශයකින්ම ජනතාව පීඩනයට ලක්ව ඇති බවත් මෙවන් තත්ත්වයක් තුළ ආර්ථිකය හකුලනවා වෙනුවට ආර්ථිකය ප්‍රසාරණය කළ යුතු වුවත් පාලකයන් ආර්ථිකය හකුලවමින් ලක්ෂ 220 මත පීඩනයක් පතුරවමින් රට පුරා අසහනය පතුරා උද්ධමනය පාලනය කරණ යුගයක් රට තුළ ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
රටේ පාලකයන් සාර්ව ආර්ථිකය ගැන කතා කරද්දි උද්ධමනය යනු එක අංගයක් බව පාලකයන් මතක තබා ගත යුතු බවත් ඊට අමතරව තවත් සාධක රාශියක් දක්නට ලැබෙන බවත් උද්ධමනය පාලනය කිරීම මතම කේන්ද්‍ර ගත වී ආර්ථිකය හකුලවීම නිසා නූපන් දරුවා,ගර්භණී මව,තරුණයන් හා පුුරවැසියන් පීඩනයට ලක්ව ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
ජනතාව පෙරටු කර ගත් සැමට වාසි ලැබෙන ආර්ථික වර්ධනයක් කරා යා යුතු බවත් සැමට සෙතක් සැලසෙන මානුෂීයවාදී ආර්ථික ක්‍රමයට යා යුතු බවත් විපක්ෂ නායකවරයා මෙහිදී පැවසීය.
සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 56කට රුපියල් ලක්ෂ 1719ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 80 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 83ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 4042ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 114ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 1138ක් වැය කර තිබේ.