• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රාජපක්ෂලා නොපෙනී යනකොට මාලදිවයිනේ නෂීඩ් මතුවුණු රහස මොකක්ද?

May 30, 2022
in Exclusive
Reading Time: 4 mins read
A A
රාජපක්ෂලා නොපෙනී යනකොට මාලදිවයිනේ නෂීඩ් මතුවුණු රහස මොකක්ද?
Share on WhatsAppShare on Facebook

මැයි 09දා සිදුවීමෙන් පසුව මෙරට ප්‍රධානතම පෙළේ දේශපාලකයා වන හිටපු අගමැති මහින්ද රාජපක්‍ෂ මහතාට අත්වූ ඉරණම ඉතා ශෝචනීයය. ඔහු පවා සිහිනෙකින්වත් නොසිතූ මෙම ඉරණම ඔහුට අත්වූයේ දවසේ පැය කිහිපයක් ඇතුළත ඉතාමත් කෙටි කාලයකදීය. ඔහුට එම තත්ත්වයෙන් ගැලවීමට මාර්ගයක් පෙනි පෙනී තිබියදීද අමනෝඥ, නිවට දේශපාලකයන් පිරිසක් නිසා ඔහුට එම ඉරණම අත්විය. මේ නිසා මෙරට මහත් ඉහළින් වැජඹුණු මෙම ප්‍රකට දේශපාලකයා අමාරුවේ වැටිණි. මේ තත්ත්වය කෙතරම් බියකරුවීද යත්, කොළඹින් හොර රහසේ පැන යන්නටද සිදුවිය. අවසානයේදී ඔහු නාවික හමුදාවේ ආරක්‍ෂාව මැද ත්‍රිකුණාමලයේ දූපතක රහසිගතව සැඟවී සිටියේ යැයි ප්‍රකාශ විය. කෙසේ හෝ ඉන්පසුව මෙම කෝලාහලය සමනය වන්නට ගත්විට පසුගියදා ඔහු නැවැත කොළඹට පැමිණි බැව්ද ප්‍රකාශ විය. මෙලෙස ඔහු පසුගියදා පාර්ලිමේන්තු සැසිවාරයටද සහභාගි විය. මේ අතරවාරයේ මහින්ද රාජපක්‍ෂ ගැන අපූරු පුවතක්ද වාර්තා වන්නට ගත්තේය. එනම් මෙයට දින කිහිපයකට පෙර මෙරටට පැමිණි එක්තරා ප්‍රකට විදේශීය දේශපාලකයකු හිටපු අගමැතිවරයා හමුවීමට පැමිණි පුවතක්ය.

මෙම සුවිශේෂී වූ කතාන්දරය කුමක්ද..?

මොහොමඩ් නෂීඩ් (Mohamed Nasheed) මෙම විශේෂිත පුද්ගලයාය. ශ්‍රී ලංකාවට ඔහු සැබැවින්ම අමුත්තකු නොවේ. එනම් ශ්‍රී ලංකාව මෙන්ම මුළු ලොවක්ම හඳුනන ඔහු ලොව සිටින ප්‍රකට දේශපාලකයෙකි. මොහොමඩ් නෂීඩ් යනු මාලදිවයින රාජ්‍යයේ හිටපු ජනාධිපතිවරයෙකි. ඔහු 2008 සිට 2012 දක්වා වසර 04ක් මාලදිවයිනේ ජනාධිපති ධුරය දැරීය. බොහෝ ප්‍රජාතන්ත්‍රවාදී අයුරින් බලයට පැමිණි ඔහු මාලදිවයිනේ ජනතාව අතර බොහෝ ජනප්‍රියත්වයට පත් දේශපාලකයෙකි. කෙසේ හෝ මාලදිවයිනේ ප්‍රජාතන්ත්‍රවාදී ලෙස බලයට පත්වූ ප්‍රථම ජනාධිපතිවරයා වන්නේද ඔහුය. දැනට 55 වැනි වියෙහි පසුවන මොහොමඩ් නෂීඩ් එංගලන්තයේ, ලිවර්පූල් විශ්වවිද්‍යාලයේ සාගර විද්‍යාව පිළිබඳ උපාධිධාරියකුද වෙයි. ජනාධිපතිවරයාව සිටි සමයේදී ඔහු ඉතා ප්‍රබල ලෙස දූෂණ, වංචාවලට එරෙහිව දැඩි ස්ථාවරයක සිට කටයුතු කළේය. මේ හෙයින් ඔහුට එරෙහිව සතුරන්ද ඇතිවිය. එහි ප්‍රතිඵලයක් ලෙස වරක් ඔහු ඝාතනය කිරීමටද උත්සාහ කෙරිණි. නගරයේ යම් ස්ථානයක බෝම්බ සවිකළ මෝටර් සයිකලයක් තබා පුපුරුවා හැරියේය. එහිදී ජනාධිපතිවරයා ඉතාම බරපතළ ලෙස තුවාල ලැබූ අතර, ඔහුගේ ආරක්‍ෂක නිලධාරීන් දෙදෙනෙකුද බරපතළ තුවාල ලැබීය. කෙසේ හෝ පසුව කාලයක් පුරා ප්‍රතිකාර කිරීමෙන් පසුව ඔහු සුවය ලැබීය. ‘මාලදිවයින් ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයේ’ නායකයා සහ සභාපතිවරයා වන්නේද මොහොමඩ් නෂීඩ්ය. ඔහු මාලදිවයින පාර්ලිමේන්තුවට ප්‍රථම වතාවට මන්ත්‍රිවරයකු ලෙස තේරී පත්වන්නේ 1999 වසරේදීය. කෙසේ හෝ ඔහු මාලදිවයින් ජනාධිපති ධුරය උසුලනු ලැබූ සමය ශ්‍රී ලංකාවේ මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපති ධුරය දැරූ සමය විය. මේ හෙයින් එම මිත්‍රත්වයද ඉතා දැඩි එකක් විය. කෙසේ හෝ දැන් වර්තමානයේ මාලදිවයින් කතානායකවරයා වන්නේද මොහොමඩ් නෂීඩ්ය. දැන් ඔබ මේ සුවිශේෂී මිනිසා කවුදැයි දන්නවා ඇත.

මෙලෙස හදිස්සියේම වත්මන් මාලදිවයින කතානායක මොහොමඩ් නෂීඩ් ශ්‍රී ලංකාවට පැමිණ හිටපු අගමැති මහින්ද රාජපක්‍ෂ හමුවූයේ ඇයි..? මෙහිදී හෙළිවී තිබුණු ප්‍රධානතම කරුණ වූයේ, වර්තමානයේ ශ්‍රී ලංකාව මුහුණ දී තිබෙන ආර්ථික අර්බුදය උදෙසා මානුෂික ආධාර ලබාදීමේ ක්‍රියාවලියක් මෙහෙයවීම සඳහා ඔහු මෙරටට පැමිණි බවයි. ඔහුගේ මෙම සංචාරයේදී ශ්‍රී ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්‍ෂ කිහිපයක නායකයන්ද හමුවී තිබිණි. මෙහිදී අගමැති රනිල් වික්‍රමසිංහ සහ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාසද හමුවී තිබිණි. කෙසේ හෝ තමන්ගේ පැරැණි මිතුරා වූ මහින්ද රාජපක්‍ෂ සමගද ඔහු දීර්ඝ ලෙස යම් කරුණු සාකච්ඡා කර ඇත. මෙම සුවිශේෂී හමුව ගැන ප්‍රථමයෙන් පුවත් වාර්තා කර තිබුණේ මාලදිවයිනේ ඇති ප්‍රකට පුවත්පතක් වන ‘ද මොල්ඩිව්ස් ජර්නල්’ (The Maldives Journal) නැමැති පුවත්පතයි. ඔවුන් වාර්තා කර තිබූ පුවත පසුගියදා මහත් ආන්දෝලනයක් ඇති කරන්නට සමත් විය. මානුෂික ආධාර ලබා දීමේ පුවතට අමතරව ඔවුන් තවත් එක් සුවිශේෂී වගතුගක් දිගින්, දිගටම වාර්තා කර තිබිණි. එය කුමක්ද..?

මෙහිදී එම පුවත් වාර්තාවට අනුව ප්‍රකාශ වී තිබුණේ, හිටපු අගමැති මහින්ද රාජපක්‍ෂ සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට මුහුණ පා තිබෙන අර්බුදකාරී තත්ත්වය යටතේ, ඔවුන්ට ආරක්‍ෂාකාරී ස්ථානයක් ලෙස මාලදිවයින තුළ ජීවත් වීමට අවශ්‍ය වටපිටාව සකස් කරනු ලබන වගතුගකි. එනම් මාලදිවයින කතානායක මොහොමඩ් නෂීඩ් විසින් එම පහසුකම් සකසා දිය හැකි බැව්, මහින්ද රාජපක්‍ෂ වෙත දැනුම් දුන් බැව් මෙම මාධ්‍ය වාර්තාව කියා සිටියි. එසේම මාලදිවයින රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ඉහත මාලදිවයින පුවත්පතට ප්‍රකාශ කර ඇත්තේ, හිටපු අගමැති මහින්ද රාජපක්‍ෂ අගමැති ධුරයෙන් ඉල්ලා අස්වූ පසුව ඔහු කතානායක නෂීඩ් අමතා කතා කළ බැව්ය. එහිදී හිටපු අගමැතිවරයා ප්‍රකාශ කර ඇත්තේ, ශ්‍රී ලංකාවේ කලබල සමනය වනතෙක් තමන්ට සහ පවුලේ සාමාජිකයන්ට මාලදිවයින තුළ යම් ආරක්‍ෂාකාරී නවාතැනක් සකස් කරන ලෙසය. මෙම සිදුවීම ගැන තවත් වගතුග ඉහත මාලදිවයින ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරියා විසින් ‘ද මෝල්ඩිව්ස් ජර්නල්’ පුවත්පත වෙත ප්‍රකාශ කර ඇත. ඔහුගේ එම ආන්දෝලනාත්මක ප්‍රකාශය එම පුවත්පත වාර්තා කර ඇත්තේ මෙසේය.

එම නිලධාරියාගේ අනන්‍යතාවය හෙළිකර නැත.

‘මාලදිවයිනේ සිටින සංචාරක කර්මාන්තයේ ව්‍යාපාර කටයුතු කරන ධනකුවේරයකු වන මුහම්මද් මූසා (Muhammad Moosa) සතුව තිබෙන නිවාස දේපොළක තමන්ගේ පවුලේ සාමාජිකයන් පදිංචි කිරීමට මහින්ද රාජපක්‍ෂට මුලදී සැලැසුම් තිබුණා. මෙම ප්‍රකෝටිපති මූසා රාජපක්‍ෂවරුන් සමග සමීප සම්බන්ධතා පවත්වන බැව් හොඳින් දන්නා කරුණක්. එහෙත් නෂීඩ් එම අදහස ප්‍රතික්‍ෂේප කර තිබුණේ, මූසා යනු විශ්වාස කළ නොහැකි චරිතයක් බැව පවසමිනි. ‘මූසා විශ්වාස කරන්න එපා’ යැයි නෂීඩ් විසින් මහින්ද රාජපක්‍ෂට ප්‍රකාශ කර තිබෙනවා. කෙසේ හෝ විකල්පයක් ලෙස ඉන්දියාවේ කෝටිපතියකු වන සෝනු ශිව්දාසනී (Sonu Shivdasani) සතු දේපොළක් වන ‘සොනෙවා ෆුෂී’ හි තිබෙන පෞද්ගලික නිවෙසක් රාජපක්‍ෂවරුන්ට මිලදී ගතයුතු බවට නෂීඩ් යෝජනා කර තිබුණා. සෝනු යනු නෂීඩ්ගේ සමීප හිතවතෙක්. ඔහු ඉන්දියාවේ පාලක භාරතීය ජනතා පක්‍ෂය සමග සමීප සබඳකම්ද පවත්වනවා. කෙසේ හෝ තමන් සතු මාලදිවයිනේ තිබෙන පුද්ගලික සුපිරි විලා නිවෙසක් රාජපක්‍ෂ පවුලට විකිණීමට සෝනු ශිව්දාසනී තම කැමැත්ත පළකර තිබෙනවා.’

‘ද මෝල්ඩිව්ස් ජර්නල්’ පුවත්පත මේ වගතුග තවදුරටත් කියා සිටින්නේ මෙසේය.

‘ඉන්දියානු ප්‍රකෝටිපති සෝනු ශිවදාසනී තමන් සතු මාලදිවයිනේ තිබෙන සුඛෝපභෝගී, සුපිරි විලා නිවෙසක් රාජපක්‍ෂ පවුලට විකිණිමට කැමැත්ත පළ කරලා තිබෙනවා. මෙය ප්‍රධාන විලා නිවෙසකින් සහ තවත් කුඩා විලා නිවෙසකින් සමන්විත දේපොළක්. ප්‍රධාන නිවෙස ඇමෙරිකානු ඩොලර් මිලියන 12කටත්, කුඩා නිවෙස ඩොලර් මිලියන 03කටත් විකිණීමට කැමැති වී තිබෙනවා. මෙහි ප්‍රධාන නිවෙස රාජපක්‍ෂ පවුලේ සාමාජිකයන්ටත්, කුඩා නිවෙස ආරක්‍ෂක නිලධාරීන්ටත් භාවිත කළ හැකි ආකාරයෙන් සකස් වී තිබෙනවා. මෙහි ප්‍රධාන විලා නිවෙස කාමර 06කින් සමන්විත වර්ග අඩි 24,000ක ප්‍රමාණයකින් ඉදිකර තිබෙන අතර, එහි වැඩිහිටියන් 12 දෙනෙකුට සහ ළමයින් 06 දෙනෙකුට නවාතැන්ගත හැකියි. මෙම ප්‍රධාන නිවෙසට අදාළව විශාල පිහිනුම් තටාකයක්, ශරීර සුවතා මධ්‍යස්ථානයක්, ‘සවානා’ හුමාල ස්නානය සිදුකරන කාමරයක් සහ අනෙකුත් සියලු පහසුකම්ද අයත් වෙනවා. මෙම විලා නිවාස මිලදී ගැනීමට රාජපක්‍ෂ පවුල සැලැසුම් කරගෙන යනවා. මෙය ඉතාමත් මිල අධිත සුඛෝපභෝගී දේපොළක්.’

මෙම සුවිශේෂී පුවත්පත් වාර්තාවට අනුව මෙම සිදුවීම ගැන තවත් ආන්දෝලනාත්මක කරුණු රැසක්ම හෙළිවී ඇත. එමගින් ප්‍රකාශ කර ඇත්තේ, මාලදිවයින කතානායක මොහොමඩ් නෂීඩ් මානුෂික ආධාර වැඩසටහනකට ශ්‍රී ලංකාවට පැමිණි බැව් හෙළිවී තිබුණත්, ඔහුගේ සංචාරයට වේදිකාවෙන් පිටුපස ඇත්තේ රාජපක්‍ෂ පවුලට ආරක්‍ෂාව සඳහා උදව් කිරීම බැව්ය. මහින්ද රාජපක්‍ෂ මහතාගේ සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ගේ ආරක්‍ෂාව ගැන ඔහු නිරන්තරයෙන්ම කතාකර ඇත. එසේම රාජපක්‍ෂවරුන්ට රට හැර යෑමට හැකිවන පරිදි විවිධ පාර්ශ්වකරුවන් අතර සම්බන්ධීකරණය සිදුකිරීම මොහොමඩ් නෂීඩ්ගේ ප්‍රධාන වෑයමක් බැව්ද මෙම පුවත්පත් වාර්තාව පෙන්වා දී ඇත. මාලදිවයිනේ දැනට බලයේ සිටින ‘මාලදිවයින ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂය’ (Malives Democratic Party) සමග මහින්ද රාජපක්‍ෂ වසර ගණනාවක සිට සමීප සබඳකම් පවත්වන අතර, මොහොමඩ් නෂීඩ් මෙම පක්‍ෂයේ නායකයා සහ සභාපතිවරයාය.

‘මාලදිවයින් ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂය’ දැනට දශක දෙකකට ආසන්න කාලයක සිට රාජපක්‍ෂ පවුල සමග බොහෝ සමීප සබඳකම් පැවැත්වූ බැව් මෙම වාර්තාව හෙළිකර ඇත. මෙයට දශක දෙකකට පමණ පෙරදී මාලදිවයිනේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් එරට දේශපාලන පක්‍ෂවලට විවිධ ක්‍රියාකාරකම් සිදුකිරීමට ඉඩ දුන්නේ නැත. ඒ අනුව නෂීඩ්ගේ ප්‍රධානත්වයෙන් ඇරැඹි ඉහත පක්‍ෂය තම ක්‍රියාකාරකම් බොහොමයක්ම සැලැසුම් කළේ ශ්‍රී ලංකාව තුළදීය. ඒ 2003 වැනි වසරකදීය. ඉන්පසුව 2004 දී ප්‍රථම වරට මහින්ද රාජපක්‍ෂ අගමැති ධුරයට පත්විය. එතැන් සිට 2008 දී නෂීඩ් මාලදිවයිනේ ජනාධිපති ධුරයට පත්වන තෙක්ම රාජපක්‍ෂ රජය යටතේ පූර්ණ සහයෝගය ලැබිණි. කෙසේ හෝ මාලදිවයින් ජනාධිපතිවරණයේදී නෂීඩ්ට දේශපාලන කටයුතු සඳහා අරමුදල් සැපැයුවේ මහින්ද රාජපක්‍ෂ යැයි ප්‍රකට කටකතාවක්ද ඇත. දැනට බලයේ සිටින ‘මාලදිවයින් ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයේ’ ඉහළ තනතුරු දරන තවත් දේශපාලකයන් රැසකටම ‘දෙවැනි නිවස’ වී ඇත්තේ ශ්‍රී ලංකාව බැව් මෙම මාධ්‍ය වාර්තාව පෙන්වා දෙයි. එම ප්‍රබල දේශපාලකයන් කිහිප දෙනෙකුටම ශ්‍රී ලංකාවේ වටිනා නිවාස දේපොළද හිමිබැව් පෙන්වා දී ඇත. මේ නිසා මෙම දෙපාර්ශ්වය අතර ඇති සම්බන්ධය ඉතාමත් ප්‍රබලය.

දැන් ඔබට මේ කතාව බොහෝ දුරට පැහැදිලි ඇතැයි සිතමි. එහෙත් එහි තවත් සුවිශේෂී පිටු කිහිපයක් පෙරළෙන්නේ මෙතැන සිටය. පසුගියදා මාලදිවයින කතානායක මොහොමඩ් නසීඩ් මෙලෙස ශ්‍රී ලංකාවට පැමිණි විට හිටපු ඇමැති නාමල් රාජපක්‍ෂද හමුවී තිබිණි. මාලදිවයින් මාධ්‍ය ආයතනය මේ පුවත වාර්තා කරන්නේ මොහොමඩ් නෂීඩ්ගේ ශ්‍රී ලංකා සංචාරය නිමවීමෙන් පසුවය. කෙසේ හෝ මෙම පුවත වාර්තා වී දින දෙක, තුනක් යන්නට මත්තෙන්ම එම පුවත නිර්මාණය කරන ලද සාවi එකක් යැයි, මොහොමඩ් නෂීඩ් සහ නාමල් රාජපක්‍ෂ ට්විටර් පණිවුඩ මගින් කියා සිටියේය. තමාගේ පියාට සහ පවුලේ කිසිවෙකුටත් මාලදිවයිනට පැන යෑමට අවශ්‍යතාවයක් නැතැයි නාමල් රාජපක්‍ෂ කියා සිටියේය. එසේම මොහොමඩ් නෂීඩ් ප්‍රකාශ කර සිටියේ, තමන් ශ්‍රී ලංකාවට පැමිණියේ මානුෂික ආධාර ලබා දීමේ කටයුත්තකට මිස, මෙවැනි මහින්ද රාජපක්‍ෂ මහතා සම්බන්ධ කටයුත්තක් ඉටු නොකිරීමට නොවන බැව්ය. මේ අතර රාජපක්‍ෂ පවුල ඇමෙරිකානු ඩොලර් මිලියන 15කට (රුපියල් කෝටි 60ක් පමණ) මිලදී ගැනීමට සැලැසුම් කළා යැයි කියන ‘සොනාවා ෆුෂි’ (Sonava Fushi) සුපිරි විලා සංකීර්ණයේ අයිතිකරු වන ඉන්දියානු ප්‍රකෝටිපති සෝනු ශිවදාසනී ප්‍රකාශ කර ඇත්තේ, මෙම කතාව අසත්‍යයක් බවත්, රාජපක්‍ෂ පවුලෙන් තමන්ට එවැනි කිසිම ඉල්ලීමක් ලැබී නැති බවත්ය.

‘හොඳ, හොඳ අඩව් අල්ලන්නේ එළිවෙන ජාමෙට’ යැයි කිව්වා සේ, මෙලෙස විවිධ පාර්ශ්ව විසින් මෙම පුවත ප්‍රතික්‍ෂේප කරන විටදී, එම විශේෂ වාර්තාව ලියූ මාලදිවයින් මාධ්‍යවේදී අහමඩ් අසාන් (Ahamed Assan) එළිපෙහෙළියට පැමිණියේය. ඔහු ජාත්‍යන්තර සබඳතා සහ ගවේෂණශීලී පුවත් වාර්තා කරන මාධ්‍යවේදියෙකි. ඔහු පසුගියදා ‘ට්විටර්’ පණිවුඩ හරහා ප්‍රකාශ කර සිටියේ, මෙම පුවත සම්පූර්ණයෙන්ම සත්‍යයක් බවත්, මෙවැනි කටයුත්තක් ක්‍රියාත්මක කිරීමට මොහොමඩ් නෂීඩ් සතුව රාජපක්‍ෂ පවුලේ විදේශ ගමන් බලපත්‍රවල පිටපත් පවා ඇති බවත්ය. එම ප්‍රකාශයත් සමගම නාමල් රාජපක්‍ෂ සටහනක් තබමින් කියා සිටියේ, තමන්ගේ විදේශ ගමන් බලපත්‍රය ඇත්තේ රජයේ තහනම් බාරයේ බවත්ය. ඉන්පසුව එයට ප්‍රතිචාරයක් වශයෙන් මාධ්‍යවේදී අහමඩ් අසාන්, නාමල් රාජපක්‍ෂගේ විදේශ ගමන් බලපත්‍රයේ ඡායාරූපයක්ද ‘ට්විටර්’ ජාලයේ පළකර සිටියේය. ඉන්පසු නාමල් රාජපක්‍ෂ එයට ප්‍රතිඋත්තර දී නොතිබිණි. කෙසේ හෝ මෙලෙස සිදුවී ඇති කතාව කිසිදු ආකාරයකින් මාලදිවයින් මාධ්‍යවේදියා විසින් ප්‍රතික්‍ෂේප කරන්නේ නැත. ඔහු පවසා සිටින්නේ යම් ගවේෂණයක් හරහා තමන් මෙම සිදුවීමේ සත්‍ය තතු සොයාගත් බවයි. කෙසේ හෝ කවුරු මොනවා කතා කළත් හිටපු අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා මේ ගැන අකුරක්වත් හෝ කතාකර නැත. ‘දෙයියෝ සාක්‍ෂි’ යැයි කියන්නේ මෙතැනදීය.

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

වට්ටක්කා බෝල්ට් ඇණ සහ ගෝඨා හදපු අච්චාරු කැබිනට්!

Next Post

මුලු රටම මහා ආහාර අර්බූදයකට ඇද වැටුණු කුමන්ත්‍රණය විපක්ෂනායක හෙළිකරයි! (VIDEO)

MORE NEWS

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

Load More
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

ඇහැලියගොඩ ‍පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඊයේ (3)  අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News මැණික් ගලක්...

Read more
වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.