ලංකාවේ ආහාර සුරක්ෂිතතාවය සහ ආහාර අර්බුදය පිළිබඳව මාස දහයකට පමණ පෙර ජාත්‍යන්තර මට්ටමේ සමීක්ෂණයක් සිදු කිරීමට නියමිතව තිබු අතර ඊට ආණ්ඩුව ඉඩ දී නැතැයි පැවසූ විපක්ෂ නායකතුමා, ඒ හේතුවෙන් අද වන විට අපට ආධාර ලබා ගැනීමට නොහැකි තත්වයක් උද්ගතව ඇතැයි ද පැවැසීය.
එදා ඒ සමීක්ෂණය සිදු කළා නම් ලංකාවේ ආණ්ඩුව විසින් ගනු ලැබූ අන්තනෝමතික තීන්දුවල නිරුවත හෙලිදරව් වන බවද පැවසීය.
මේ අන්තනෝමතික තීන්දු නිසා හටගත් අර්බුද බව කී විපක්ෂ නායකතුමා ආණ්ඩුව මේ සියල්ලට වගකිවයුතු බවද කීය.










