• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජීවිතේ බේරගන්න ලංකාවේ මහනාහිමිවරු-ජනාධිපතිවරු-ඇමැතිවරු-කෝටිපති ව්‍යාපාරිකයන් ගෙදර යනවා වගේ යන මොකද්ද මේ ‘මවුන්ට් එලිසබෙත්’!

December 23, 2021
in Exclusive
Reading Time: 3 mins read
A A
ජීවිතේ බේරගන්න ලංකාවේ මහනාහිමිවරු-ජනාධිපතිවරු-ඇමැතිවරු-කෝටිපති ව්‍යාපාරිකයන් ගෙදර යනවා වගේ යන මොකද්ද මේ ‘මවුන්ට් එලිසබෙත්’!
Share on WhatsAppShare on Facebook

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෞද්ගලික සංචාරයක් සඳහා සිංගප්පූරුව බලා පිටත්ව ගියේ ඉකුත් 13 වැනිදා අලුයම් කාලයේදීය. දේශපාලන නායකයන් විදේශ සංචාරවල නිරත වීම සාමාන්‍ය දෙයක් වුවද, ගෝඨාභය රාජපක්ෂ මහතා එවැනි සංචාරවල නිරත වන්නේ ඉතාම අඩු වශයෙනි. එබැවින් ජනාධිපතිවරයාගේ හදිසි සංචාරය පිළිබඳ බොහෝ දෙනාගේ අවධානය යොමු විය.

පසුව වාර්තා වූ ආකාරයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හදිසියේ සිංගප්පූරුව බලා පිටත්ව ගොස් ඇත්තේ මව්න්ට් එලිසබෙත් රෝහලේදී පරීක්ෂණ සහ වෛද්‍ය සායන කිහිපයකට සහභාගි වීම සඳහාය. ඒ 2019 වසරේදී එම රෝහලේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට සිදු කළ හෘද සැත්කමේ පසු පරීක්ෂණයන් සඳහාය. එම පරීක්ෂණ සහ සායනවලට සහභාගි වීමෙන් අනතුරුව ජනාධිපතිවරයා මේ වන විට නැවත ශ්‍රී ලංකාවටද පැමිණ ඇත.

මේ සිද්ධියෙන් අනතුරුව සිංගප්පූරුවේ මව්න්ට් එලිසබෙත් රෝහල පිළිබඳ කතාබහක් නැවතත් සමාජය තුළ මතුව ඇත. ඒ අපේ රටේ මෙතරම් දියුණු සෞඛ්‍ය සේවයක් තිබෙනවා යැයි කියන දේශපාලන නායකන්ම ප්‍රතිකාර ලබා ගැනීම සඳහා මව්න්ට් එලිසබෙත් රෝහල කරා ගමන් කිරීම නිසාය.

වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මව්න්ට් එලිසබෙත් රෝහලේදී හෘද රෝග සැත්කමකට භාජනය වූයේ ජනාධිපතිවරණයට දින නියම වීමට ඔන්න මෙන්න කියා තිබියදීය. සැත්කමෙන් අනතුරුව සති දෙකක පමණ කාලයක් ඒ මහතා එම රෝහලේ නැවතී සිටි බවද වාර්තා විය. එහිදී රාජපක්ෂ මහතාට එම සැත්කම සිදු කළ තිබුණේ ශ්‍රී ලංකාවේ උපත ලබා මේ වන විට සිංගප්පූරුවේ පදිංචි වී සිටින හෘද රෝග විශේෂඥයෙකු වන වෛද්‍ය කුමාරස්වාමි සිවදාසන් මහතා විසින් වීමද විශේෂත්වයකි.
මව්න්ට් එලිසබෙත් රෝහල අපේ රටේ ජනතාව අතර ප්‍රකටව ඇත්තේ දේශපාලනඥයන් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා නිරන්තරයෙන් යන එන තැනක් ලෙසිනි. වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පමණක් නොව අපේ රටේ දේශපාලනඥයන් බොහෝ දෙනකු එම රෝහලින් ප්‍රතිකාර ලබා ගෙන ඇත.

2019 වසරේ පාස්කු ප්‍රහාරය සිදුවන අවස්ථාවේ එවකට ජනාධිපතිවරයා වූ මෛත්‍රීපාල සිරිසේන මහතා සිටියේද සිංගප්පූරුවේ මවුන්ට් එලිසබෙත් රෝහලේ ප්‍රතිකාර ලබමිනි. එමෙන්ම යහපාලන රජයේ සෞඛ්‍ය ඇමැතිවරයා ලෙස කටයුතු කළ රාජිත සේනාරත්න මහතා දින කිහිපයක් මවුන්ට් එලිසබෙත් රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගැනීම ඒ දිනවල දැඩි ආන්දෝලනයක් ඇති කළ සිදුවීමක් විය. සේනාරත්න මහතාගේ සුවදුක් විමසීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද සිංගප්පූරුව බලා පිටත්ව ගිය ආකාරය මාධ්‍ය වාර්තා කළේය.

මවුන්ට් එලිසබෙත් රෝහලෙන් ප්‍රතිකාර ලබා ගත් දේශපාලනඥයන් සම්බන්ධයෙන් විමසීමේදී එම ලැයිස්තුව ඉතා දිග එකකි. වර්තමාන කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මහතා විපක්ෂයේ සිටියදී අධිකරණ අවසරයක් ලබා ගනිමින් සිංගප්පූරුව බලා පිටත් වූයේ මවුන්ට් එලිසබෙත් රෝහලෙන් ප්‍රතිකාර ලබා ගැනීම සඳහාය. එවකට අග්‍රාමාත්‍යවරයා වූ රනිල් වික්‍රමසිංහ මහතාද කිහිපවරක්ම මවුන්ට් එලිසබෙත් රෝහලෙන් ප්‍රතිකාර ලබා ගත් බව අපට මතකය.

මවුන්ට් එලිසබෙත් රෝහල ගැන කතා කිරීමේදී මතකයට නැඟෙන තවත් විශේෂිත පුද්ගලයෙකු වන්නේ නිවාස සංවර්ධන අධිකාරියේ වර්තමාන සභාපති දුමින්ද සිල්වා මහතාය. භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ ආධාරකරුවන් සමඟ ඇති වූ ගැටුමේදී තුවාල සිදු වූ දුමින්ද සිල්වා මහතාව ප්‍රතිකාර සඳහා පිටත් කළේද මවුන්ට් එලිසබෙත් රෝහල වෙතටය. ඒ සඳහා අවශ්‍ය කඩිනම් පහසුකම් සපයාදීමට එවකට ආරක්ෂක ලේකම්වරයා වූ ගෝඨාභය රාජපක්ෂ මහතා වහ වහා මැදිහත් වූ බවද ප්‍රසිද්ධ කාරණයකි.
මවුන්ට් එලිසබෙත් රෝහල ප්‍රසිද්ධව ඇත්තේ අපේ රටේ දේශපාලනඥයන් සම්බන්ධයෙන් පමණක් නොවේ. ප්‍රසිද්ධ ආගමික නායකයන් කිහිප දෙනකුද ඉන් ප්‍රතිකාර ලබා ගෙන ඇත. ගංගාරාමයේ පොඩි හාමුදුරුවෝ ලෙස හැඳින්වෙන ගලගොඩ ඥානිස්සර හිමියෝ දිගු කාලයක් මවුන්ට් එලිසබෙත් රෝහලේ නැවතී ප්‍රතිකාර ගත්හ. එමෙන්ම 2015 ආණ්ඩු මාරුවේ ප්‍රධාන මෙහෙයුම්කරු ලෙස හැඳින්වෙන පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමිපාණන් අපවත් වූයේද සිංගප්පූරුවේ මවුන්ට් එලිසබෙත් රෝහලේදීමය.
ශ්‍රී ලංකාවේ පමණක් නොව ඉන්දියාව, පාකිස්ථානය වැනි රටවල දේශපාලන නායකයන් සහ ජනප්‍රිය නළු නිළියන් ඇතුළු බලවතුන් නිතර ප්‍රතිකාර ලබා ගන්නා රෝහලක් ලෙස මවුන්ට් එලිසබත් ජනප්‍රියත්වයට පත් වී ඇත.

ලෝකය පුරා මෙතරම් ජනප්‍රිය මවුන්ට් එලිසබෙත් රෝහල මුලින්ම ආරම්භ කර ඇත්තේ 1979 වසරේ දෙසැම්බර් 08 වැනිදාය. එහි ඉදිකිරීම් කටයුතු 1976 වසරේ ආරම්භ වී ඇති අතර වසර තුනකට පසුව නවීන පන්නයේ ජාත්‍යන්තර රෝහලක් ලෝකයට දායාද කිරීමට සිංගප්පූරුවට හැකි විය.

1995 වසරේදී මැලේසියාව මුල් කර ගත් සිංගප්පූරු සමාගමක් වන පාක්වේ හෝල්ඩින්ග්ස් නැමැති වෛද්‍ය සේවා සමාගමක් විසින් මෙහි හිමිකාරිත්වය පවරා ගත් අතර මේ වන විට මවුන්ට් එලිසබෙත් නාමය යටතේ ක්‍රියාත්මක වන රෝහල් දෙකක් එම සමාගම සතුය. ඒ අතරින් දෙවැනි රෝහල වන මවුන්ට් එලිසබෙත් නොවීනා රෝහල විවෘත කරනු ලැබූයේ 2012 වසරේදීය.

මවුන්ට් එලිසබෙත් රෝහල ලෝකය පුරා වඩාත් ජනප්‍රියව ඇත්තේ හෘද රෝග චිකිත්සාව, පිළිකා සහ ස්නායු වෛද්‍ය විද්‍යාව යන විෂයන් සඳහාය. නමුත් ඕනෑම ලෙඩ රෝගයකට අදාළව ප්‍රතිකාර සහ පරීක්ෂණ සිදු කිරීමේ හැකියාව මවුන්ට් එලිසබෙත් රෝහල සතුය. එමෙන්ම රෝගියා කැමැති ඕනෑම ආකාරයෙන් නේවාසික පහසුකම් සපයා ගැනීමේ හැකියාවද මේ රෝහල සතුය. ආසියා පැසිෆික් කලාපයේ ඇති පහසුකම් අතින් විශිෂ්ටතම රෝහල මෙය වන බවට ලොව පුරා බොහෝ දෙනකු අවිවාදයන් පිළිගන්නේ ඒ නිසාය.

කෙසේ නමුදු මවුන්ට් එලිසබෙත් රෝහලේ ඇති පහසුකම් හා සමානවම එහි මිල ගණන්ද ඉතා ඉහළය. ශ්‍රී ලංකාවේ මධ්‍යම පාන්තික ආදායම්ලාභියකුට පවා දරා ගත නොහැකි තරමට එහි මිල ගණන් ඉතා වැඩිය. රටේ ආර්ථිකයට දායක වන පුරවැසියන් ජාතික රෝහලේ ඇඳක් ලබා ගැනීම සඳහා සටන් කරද්දී, දේශපාලන නායකයන් මවුන්ට් එලිසබෙත් වැනි සුපිරි පන්නයේ රෝහල්වලින් ප්‍රතිකාර ලබා ගැනීම කෙතරම් සදාචාර සම්පන්නදැයි කතාබහක් සමාජය තුළ ඇති වී ඇත්තේද ඒ නිසාය.
“නිරෝගීකම හැර සැපයක් ලොවේ කුමන්දා” යනුවෙන් ජනප්‍රිය කියමනක් ඇත. එබැවින් ජනතාවට සේවය කිරීමට නම් පළමුව තමන් නිරෝගීව සිටිය යුතුයැයි අපේ රටේ දේශපාලකයන් සිතනවා වන්නටද පුළුවන. අපේ බදු මුදලින් පාලකයන් මවුන්ට් එලිසබෙත් යන්නේ අපේ යහපතටම යැයි සිතනවා හැරෙන්නට සාමාන්‍ය පුරවැසියන් ලෙස අපට කළ හැකි වෙන දෙයක්ද නැත.

චන්දන පොන්නම්පෙරුම

SendShareShare
Previous Post

බණ්ඩාරවෙල ජනතාව රටටම ආදර්ශයක් දෙයි! ගමේ පාර හදනවා කියලා දාපු යෝධ කටවුට් එකෙන් මන්ත්‍රීවරුන්ගේ රූප කපලා දායි! (VIDEO)

Next Post

හැරෙන තැපෑලෙන් විජිත දයාසිරිට උත්තර දෙයි! ශ්‍රීලනිප-ජවිපෙ සන්ධානයත් කොට උඩ!

MORE NEWS

නිමක් ‌නැතිව පාතාලය මරාගනී! අද හික්කඩුවේ පත්තු වුණේ කටා රොෂාන් මරපු එකේ උත්තර වෙඩිල්ලද?
Exclusive

දින 7ට වෙඩි 7යි! පාතාලය ඇවිස්සෙයි! හැම තැනම වෙඩි පිට වෙඩි! Sri Lanka Latest News

ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

Load More
නිමක් ‌නැතිව පාතාලය මරාගනී! අද හික්කඩුවේ පත්තු වුණේ කටා රොෂාන් මරපු එකේ උත්තර වෙඩිල්ලද?
Exclusive

දින 7ට වෙඩි 7යි! පාතාලය ඇවිස්සෙයි! හැම තැනම වෙඩි පිට වෙඩි! Sri Lanka Latest News

ගෙවුණු දින 7 ඇතුළත රට පුරා වෙඩිතැබීමේ සිදුවීම් 7ක් සිදුව ඇති බව පොලිස් ආරංචි මාර්ග අනාවරණ කරයි.Sri Lanka Latest News...

Read more
ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News

හොඳට හොඳ – නරකට නරක ග්‍රහ ලොව තීන්දුකාරයා! ගන්න බැරි වූ දේ ගන්න – දෙන්න බැරි වූ දේ දෙන්න ආපසු හැරී බලයි…!  Sri Lanka Latest News

හොඳට හොඳ – නරකට නරක ග්‍රහ ලොව තීන්දුකාරයා! ගන්න බැරි වූ දේ ගන්න – දෙන්න බැරි වූ දේ දෙන්න ආපසු හැරී බලයි…! Sri Lanka Latest News

ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.