රජය දුප්පත් ජනතාවගේ සමෘද්ධිය කපලා අස්වැසුම කියලා ඇස් වැසුමක් ගෙනත් තියෙන බවත් ඒ තුළ විශාල අසාධාරණකම් රැසක් දීමනා ලැබිය යුතු අයට සිදු වී ඇති බවත් ඒ වගේම රජයේ බැංකු දින පහක් නිවාඩු දීලා ගේමක් ගහන්න සූදානම් බවත් අද (26) විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේ දී සමගි ජනබලවේගයේ මාධ්‍ය ප්‍රකාශක සහ නියෝජ්‍ය ජාතික සංවිධායක එස් එම් මරික්කාර් මහතා පැවසීය. Sri Lanka Latest News
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා.
දැන් සමහර අය කියනවා තෙල් පෝලිම් නැහැ ලයිට් කපන්නේ නැහැ රට හොඳට දුවනවා කියලා.මේ රටේ ජනතාවගෙන් 34%ක් ඉතිහාසයේ පළවෙනි වතාවට තමන්ගේ කෑම බීම සපයා ගැනීම සඳහා ගෙවල් වල තියෙන ප්‍රිජ්, ටීවී, වොෂින් මැෂින් වගේ දේවල් විකුණන තත්ත්වයට පත්වෙලා.ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට තමන් ලබන ආදායමෙන් ලයිට් බිලටයි, වතුර බිලටයි ගෙවලා ඊට පස්සේ කෑම බීම සඳහා කොහොමද මුදල් සපයා ගන්නේ කියලා කල්පනා කරන්න වෙලා.ඒ වගේම මේ සතියේ කොයි ළමයාද ඉස්කෝලේ යන්නේ ඒ ළමයා සතියට දවස් කීයක් ඉස්කෝලේ යනවද කියලා තීරණය කරන්න වෙලා. ටියුෂන් යන්න බෑ,පොත් බෑග් එකක් ගන්න බෑ, සපත්තු කුට්ටමක් ගන්න බෑ,ඒ වගේම ඉස්සර ඔයාට ඕන ගැහැණු ළමයෙක්ද පිරිමි දරුවෙක්ද කියලා අහපු කට්ටියට ළමයෙක් හදන්න පුළුවන්ද කියලා කල්පනා කරන්න සිද්ධවෙලා. රට බේරගන්න ගිය කට්ටිය සංහරයම රටේ තනිකරලා පිටරට යන්න සිද්ධවෙලා.එහෙව් රටක බදු වලින් බඩු මිලෙන් විදුලි බිල් වතුර බිල් වලින් මිරිකලා පීඩාවට පත් කරලා රටේ දරුවන්ගේ අනාගතය සම්පූර්ණ නන්නත්තාර කරල තියෙන රටක දැන් රජය “අස්වැසුම” කියලා ඇස්වැසුමක් ගෙනල්ලා තියෙනවා.
දැන් මේ අස්වැසුමෙන් විශේෂ අවශ්‍යතා තියන අයට ලබාදෙන ආධාර මුදල්, වකුගඩු රෝගීන් සඳහා ලබාදෙන අරමුදල් වෙනත් රෝගාබාධ සඳහා ලබාදෙන අරමුදල් සියල්ල කපා හැරලා තියෙනවා.ඒ වගේම පීඩාවට පත්වෙලා ඉන්න ජනතාව අතුරෙන් සමාජයේ පහළම මිරිකිලා ඉන්න ජනතාවට අස්වැසුම ගේනවා කියලා සමෘධියට වැඩේ දීලා තියනවා.දැන් සමෘද්ධිලාභීන් නොලැබිය යුතු අය ලැබෙනවා නම් ඒ අය අයින් කරන එක වෙන කතාවක් හැබැයි සමෘද්ධිලාභීන් ලැබිය යුතු අය ඔවුන්ව එතනින් කපා හැරලා ඇස්වැසුම වැඩසටහනට සල්ලි තියෙන අයත් දාලා තියෙනවා.එක උදාහරණයක් කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අබතලේ ග්‍රාම සේවා වසම ලැබිය යුතු අය කපලා නොලැබිය යුතු අය ඇඩ් කරලා. එතකොට මේ මොකක්ද කරන්න හදන්නේ, සමෘද්ධිය කියන්නේ දීර්ඝකාලීන එකක් ඇස්වැසුම ජනාධිපතිතුමා මාසයක් දෙකක් තුනක් රැවටිල්ලට ජනාධිපතිවරණය දක්වා අදින වැඩක්. එහිදී මේක දේශපාලන ව්‍යාපෘතියක් නෙමෙයිද ඇයි ග්‍රාම නිලධාරී මහත්වරුන් මේකෙන් අයින් වුණේ එතකොට කොහොමද විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් සහ ආර්ථික සංවර්ධන නිලධාරීන් විතරක් දාලා කොහොමද කරේ කියලා අපි ප්‍රශ්න කරන්න කැමතියි. ඒ නිසා මෙච්චර පීඩාවට පත්වෙලා ඉන්න ජනතාවට තමන්ගේ ස්වාමිපුරුෂයා නැති අය ඉන්නවා දරුවො දෙන්න තුන් දෙනෙක් ල නඩත්තු කරන්නේ අම්මා මේ ලැබෙන සමෘද්ධි අරමුදලෙන් ඒ අයගේ සමෘද්ධිය කැපුවම අස්වැසුම වැඩ සටහනට එකතු කරගත්තේ නැති වුණම මහපාරට දාන්න කියලද කියන්නේ .එතකොට මේ වෑන් තියන තට්ටු දෙකේ ගෙවල් තියෙන අය කොහොමද අස්වැසුම වැඩසටහනට තෝර ගත්තේ ඒ නිසා අපි මේ රජයට කියන්න කැමතියි ඔබතුමාලා පොහොර තහනම් කරලා ජනතාව පාරට බස්ස ගත්ත වගේ තමයි අපි මේ සමාජයේ පහලම ඉන්න රාජ්‍ය ආධාර ලැබිය යුතු එහෙත් ඔවුන් බලෙන් කපා දමපු අය වෙනුවෙන් පෙනී හිටින්න පෙළගස්වන්න පාරට බස්සන්න ඒක රැල්ලක් බවට පත් කරන්න ලෑස්තියි අද ඉදලා අපි ඒක පටන් ගන්නවා.
මම ඊයෙ දින ගියා රත්මලාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ජනතාව මුණගැහෙන්න 591 දෙනෙක් ලැබිය යුතු අය කපලා කොහොමද එහෙම කරන්නේ.අපි දන්නවා ජනාධිපතිතුමාට මේ සමෘද්ධිලාභීන් සම්බන්ධව වෛරයක් තියෙනවා හැබැයි මේ සමෘද්ධිලාභීන් අතරතුර බැසිල් රාජපක්ෂ විසින් ඔබපු නොලැබිය යුතු පොහොට්ටුවේ කාඩර් එකෙකුත් ඉන්නවා කියලා දන්නවා කිසිසේත්ම අපි ඒ අය වෙනුවෙන් පෙනී හිටින්නේ නැහැ සමෘද්ධිය නොලැබිය යුතු අය වෙනුවෙන්. නමුත් මේ තියෙන ආර්ථික වාතාවරණය තුළ බින්දුවටම වැටිලා ඉන්න ජනතාවට මේක ලබා දෙන්නේ නැතුව ඇස් වහලා ගහනවා නම් ජනාධිපතිතුමා ප්‍රමුඛ රජයේ අයට මේක තේරෙන්නේ නැත්නම්, නිලධාරීන් මගහැරලා ඉන්නවනම් ,අවසානයේදී ජනතාව පීඩාවට පත්වෙනවා නම් ජනතාවාදී විපක්ෂයක් වෙනුවට අපිට ඒ වෙනුවෙන් පෙනී සිටින්න පුළුවන්.
එම නිසා අපි ජනතාවට කියන්න කැමතියි ඔබේ තරහ ගේ ඇතුලේ තියාගෙන ඉඳලා වැඩක් නැහැ ගෙදර ඉන්න දරුවො එක්ක පිට කරල වැඩක් නැහැ. ඉස්සර තමයි ජනතාව කිව්වේ අපි හම්බ කරොත් අපි කනවා කියලා දැන් තමයි ජනතාවට තේරිලා තියෙන්නේ අපි හම්බ කරාට අපට ඕන විදියට ජීවත් වෙන්න බැහැ උන් තමයි තීරණය කරන්නේ ඒ මාත් ඇතුළුව දේශපාලඥයන්.උදේ නැගිට්ටම බොන වතුර උගුරේ සිට රාත්‍රී නිදා ගන්න දක්වා බොන බෙහෙත් පෙත්ත දක්වාම දේශපාලනය අදාලයි.ඒ නිසා ඔබේ තරහ ගේ ඇතුලෙ තියාගෙන වැඩක් නැහැ ඔබේ දරුවා ටියුෂන් යනවද ඔබ තුන්වේලක් කනවද මස් මාළු ටික කනවද ගෙදර බල්බ් කීයක් දානවද දවසට කීපාරක් ඇඟ හෝද ගන්න පුළුවන්ද සතියට කීපාරක් නාන්න පුළුවන්ද මේ සියල්ල තීරණය කරන්නේ දේශපාලනය විසින් ඒ නිසා මේ දේශපාලන ක්‍රමය තුළ ඒක වෙනස් කර යුතුමයි ඒක කයිය නායකලා වගේ කට්ටියට ඇවිත් කරන්න බැහැ ඒකට ඕන අලුත් ආදායම් උපයන ක්‍රියාශීලී නිර්මාණශීලී නිපුණතාවයන් ගෙන් පිරිපුන් කණ්ඩායමක් වගේම සමාජයේ දරිද්‍රතාවයෙන් ඉහළටම ගිය ජනතාව පිළිබඳ සංවේදී නායකයෙක් ඉන්න කණ්ඩායමක් ඕන. ඒ කණ්ඩායම සමගි ජන බලවේගයේ විතරයි ඉන්නේ. අපි දන්නවා වික්‍රමසිංහ ජනාධිපතිතුමාට බිම් මට්ටමේ ජනතාව ගැන දැනීමක් හැඟීමක් නැහැ රබර් තියෙන්නේ ඒ නිසයි අපි ඔය පක්ෂයත් එතුමාත් අත හැරියේ ඒ නිසා මේ පොහොට්ටුවේ ඉන්න ත්‍රාඩ බයියන්ට වික්‍රමසිංහ ජනාධිපතිතුමා ගේ ගේම තේරෙන්නේ නැහැ අපට තේරෙනවා මේ ගේම් එක මොකක්ද මේ කරන්න හදන්නේ මාස තුනක් අස්වැසුමක් දාලා ඒක ඇස්වැසුමක් බවට පත් කරලා ලබන අවුරුද්දේ ඉඳලා සමෘද්ධිලාභීනුත් නැහැ ඇස් වැසුමත් නැහැ.
ලෝකයේ දියුණු රටවල් සමහර අය කියන්න පුළුවන් නිකන් දෙන අය නවත්වන්න ඕන කියලා ඔව් අනවශ්‍ය අයට නිකන් දෙන නවත්තන්න ඕන හැබැයි ලැබිය යුතු අයට දෙන එක ආණ්ඩුවේ වගකීමක් නිදහස් අධ්‍යාපනය නිදහස් සෞඛ්‍යය ජනතාව ජීවත් කරවීම දැන් වෙනත් බොහෝ දියුණු රටවල් වලත් ඩෝල් system එක තියෙනවා. ඇයි අපේ රටේ කට්ටිය පිටරට යන්නේ එක හේතුවක් හම්බ කරන්න අනිත් පැත්ත ඇයි පී.ආර්.එක ගන්න හදන්නේ විශ්‍රාම ගියාම රජයෙන් රැකබලා ගන්න නිසා ඒ රටවල් වල midical පහසුකම් රජයෙන් ලබාදෙන නිසා ඒ නිසා සමාජයේ පහළම මිනිස්සුන්ව බිමට ඇදලා දාලා කොළඹ හතේ කණ්ඩායමක් සුරක්ෂිත කරන ක්‍රම ගෙන්න ඉඩ තියන්න නැහැ ජනතාවාදී විපක්ෂයක් හැටියට ඒ වෙනුවෙන් පෙනී සිටින්න වැඩපිළිවෙළක් යොදන්න ඕන කයිය නායකයා රට වැඩපිළිවෙළක් යොදන්න බැහැ ඒ නිසා අපේ වැඩපිළිවෙළ අපි යොදනවා.
ඒ වගේම මේ දවස් වල කතා වෙනවා දේශීය ණය ප්‍රතිව්යුහගත කිරීම ගැන දැන් ජනාධිපතිතුමා සිකුරාදා බැංකු නිවාඩුවක් බවට පත් කරලා තියෙන්නේ බ්‍රහස්පතින්දා බැංකු නිවාඩු සිකුරාදා සිට සදා දක්වාම බැංකු නිවාඩු දවස් පහක් .ඇයි මේ දේශීය ණය ප්‍රතිව්‍යුගත කරන්න.දැන් මේ දේශීය ණය ප්‍රතිව්‍යුගත කරන ක්‍රමය පාර්ලිමේන්තුවේ මුදල් කමිටුව දන්නවද දන්නේ නැහැ මන්ත්‍රීවරු වෙච්ච අපි දන්නේ නැහැ මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලයේ ඉන්න අය දන්නෙත් නෑ උදාහරණයකට සේවක අර්ථ සාධක අරමුදල බාරව ඉන්න මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලයේ කණ්ඩායම අපි ආංශික අධීක්ෂණ කාරක සභාවට ගිය බ්‍රහස්පතින්දා කැඳෙව්වා ඔවුන් දන්නේ නැහැ මෙහෙම දෙයක් කරනවා ද, කොහොමද කරන්නේ හෙයාර් කට් ද එහෙමත් නැත්නම් ණය ගෙවන්න තියෙන අවුරුදු ගාන අදිනවද පොලී අනුපාතය වෙනස් කරනවද මොකක්ද කියලා දන්නේ නැහැ.හැබැයි ජනාදිපතිතුමාගේ කිචන් කැබිනට් එක දන්නවා. මහබැංකු අධිපතිතුමා ඊයේ කියනවා තැන්පතුකරුවන්ගේ ප්‍රාග්ධනයට සහ පොලී අනුපාත වලට මුකුත් වෙන්නේ නැහැ කියලා. ඒකෙන් ගම්‍ය වෙන්නේ භාණ්ඩාගාර බිල්පත් සහ ප්‍රාථමික බැඳුම්කර මිලදී ගත්ත කට්ටියට හෙයාර් කට් එකට යන්න වෙනවා කියලා. එතකොට ප්‍රාථමික බැඳුම්කර මිලදී ගන්න කට්ටියට දේශීයව ප්‍රමුඛ පෙළේ ආයතනයක් තමයි සේවක අර්ථසාධක අරමුදල. මේ රටේ පෞද්ගලික අංශයේ සේවය කරන ජනතාව මුළු ජීවිත කාලයක් හම්බ කරල හොම්බෙන් ගහනවා වගේ tax එකක් වැදිලා රොකට් එක උඩට යනවා වගේ ලයිට් බිලක් ගිහිල්ලා අවසානයේ විශ්‍රාම ගියාම ඉතුරු වෙන්නේ මේ ටික. මාධ්‍යවේදියෝ ඔබතුමාලටත් මේක තමයි වෙන්න යන්නේ. ඔබතුමාලා වෙනුවෙන් තමයි අපි මේ පෙනී සිටින්නේ. එහි දී ඔවුන් පුරෝකථනයක් කරලා නැහැ මේ වන තෙක් එහෙම හෙයා කට් එකක් යනවද කියලා. යනවානම් මොන ප්‍රතිශතයකින් ද මේක සේවක අර්ථසාධක අරමුදලට බලපාන්නේ කොයි විදියට ද ප්‍රශ්න දෙකක් තියෙනවා. ඔවුන්ගේ මෙහෙයුම් ලාභය ප්‍රාථමික බැඳුම්කර වෙළද පොලේ සහ කොටස් වෙලද පොලේ ආයෝජනය කිරීම හා හා ඔවුන් තිබිය යුතු මුදල වගේ හය ගුණයක් ලාභ ලබනවා.හෙයාර් කට් එකක් යනවා නම් සේවකයා ලබා දුන්න ප්‍රාග්ධනයෙන් ද මේක කපන්නේ. එහෙම නැත්නම් ඔවුන් ලබාගෙන තියෙන මෙහෙයුම් ලාභය ඔවුන් දරා ගන්නවද කියලා තීරණයක් අරගෙන නැහැ. මේ පිළිබඳව මහ බැංකු අධිපතිවරයා සේවක අර්ථසාධක අරමුදල භාර මූල්‍ය මණ්ඩලයත් එක්ක කතා කරලත් නැහැ ඒ නිසා අපි කියන්න කැමතියි ලෝකයේ බොහෝ රටවල් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගියා. එම රටවල් විදේශීය ණය විතරයි ණය ප්‍රතිව්‍යුගත කරණය කරල තියෙන්නේ. මේ වෙලා තියෙන්නේ කියන වෙලාවේ ඇහුවෙ නැහැ අපිට බැන්නා අපට උසුළු විසුළු කර ප්‍රමාද වී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යෑම නිසා ඔවුන් දමනු ලබන සියළු කොන්දේසි වලට කිසිදු negosiation එකක් නැතුව එකඟවීම. ශෙහාන් සේමසිංහ වගේ නියෝජ්‍ය මුදල් ඇමතිවරයෙක් negosiation වලට ගියාම ඊට වැඩිය දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ .
ඒ නිසා අපි පැහැදිලිව කියන්න කැමතියි අපි කළ යුත්තේ ආණ්ඩු පක්ෂයක් විපක්ෂයක් එකහඬින් පාර්ලිමේන්තුවේ මතය දෙන්න ඕන දේශීය ණය ප්‍රතිව්‍යුගත කරන්න එපා. ශ්‍රී ලංකාවේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය තියෙන රටක මිලියන විසි දෙකක් ජනතාව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 225 දෙනාම කියනවා නම් මේ දේශීය ණය ප්‍රතිව්‍යුගත කිරීමේ එපා කියලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ඇහුම්කන් දෙන්න වෙනවා. ඒ නිසා දැන් කළ යුත්තේ අවම අවශ්‍ය වෙන්නේ මේ තක්කඩි විදියට බැංකු නිවාඩු දීලා මූල්‍ය කමිටුවට දාලා පාර්ලිමේන්තුවේ තියෙන කුපාඩි බහුතරය දාලා අනුමත කරගන්න එක නෙමෙයි කළ යුත්තේ රට ගැන හිතලා අවම වශයෙන් මේ උත්සාහය ගන්න ඔවුන් එකඟ වෙන්න පුළුවන් එකඟ නොවෙනවා නම් දේශීය ණය ප්‍රතිව්‍යුගත කිරීම් වලට තියෙන්න පුළුවන් වගන්ති කොන්දේසි අයින් කර ගැනීමේ හැකියාව තියෙන්න පුළුවන් ඒ නිසා ඒ මුකුත් කරන්නේ නැතුව පාර්ලිමේන්තුව කැඳවනවා බැංකු වහනවා කොටස් වෙළෙඳපොළ වහනවා අර්ථසාධක අරමුදල වෙන්නේ මොකක්ද දන්නේ නැහැ ඒ නිසා අපි කියන්න කැමතියි අර්ථසාධක අරමුදල අන්තිම අවුරුද්දේ ලැබීම් සහ ගෙවීම් අතර බැලුවම 2013 සිට 2023 දක්වා රුපියල් බිලියන 1337 ලැබිලා තියෙනවා රු.බි.1044 ගිහිල්ලා තියෙනවා එතකොට 293ක ශේෂයක් තියෙනවා මේ ආයෝජනය කරල දැනට තියෙනවා ඊටීඑෆ් එක සතු වත්කම් විදියට රුපියල් බිලියන 3300ක් යම් විදියකින් අපි කියන්න කැමතියි අපිට හොරා අවසාන මොහොතේ පාර්ලිමේන්තුවට දාලා බලෙන් අනුමත කරගන්න හදන මේක හරහා අර්ථසාධක අරමුදල හෙයාර් කට් එකක් ගියොත් මේ රටේ පෞද්ගලික අංශයේ ජනතාව පාරට බස්සන්න ලෑස්ති වෙන්න එපා ඒක අර්ථසාධක අරමුදල සේවකයන් දාලා තියෙන ප්‍රාග්ධනයට අත තියන්න එපා එහෙමනම් ඕගොල්ලො හොර රහසේ කරගන්න දේවල් වල පාඩුව ප්‍රාථමික බැඳුම්කර සහ කොටස් වෙළදපොලේ කරලා තියෙන ආයෝජන ලාභ ප්‍රාග්ධන වගේ හය ගුණයක් වැඩියි ඒකෙන් දරාගන්න කියන එක අපි කියනවා එහෙම නොවුණොත් තවත් කැරැල්ලක් එන එක නවත්තන්න ලැබෙන්නේ නැහැ කියන එක අනතුරු ඇඟවීම් මේ ආණ්ඩුවට අපි කරන්න කැමතියි.
මහබැංකුව දින පහක් වහන්නේ මොකක් හරි හැංගිච්ච දෙයක් තියෙන නිසා මම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහජන ඡන්දයෙන් පත් වෙච්ච කොළඹ දිස්ත්‍රික්කයේ දෙවැනි මන්ත්‍රී කෝප් කමිටුවේ සාමාජිකයෙක් මම දන්නේ නැහැ මේක මොකක්ද කියලා පාර්ලිමේන්තුව දැනුවත් කරලා නැහැ මම පාර්ලිමේන්තුවේ මුදල් කමිටුවේ සභාපතිතුමාගෙන් ඒ ගැන ඊයේ විමසීමක් කරල බැලුවා මට තේරිච්ච විදියට එතුමා දන්නෙත් නැහැ. ඒ කියන්නේ ගේම් එහෙකට ලෑස්ති වෙන්නේ ජනාධිපතිතුමා අති දක්ෂයෙක් ඉස්පිල්ලක් පාපිල්ලක් එහෙට මෙහෙට වගන්තියක් මාරු කරලා මොකක් හරි ගේමක් ගහන්න යන්නේ. මේ ගේම කාටවත් තාම තේරෙන්නේ නැහැ.
කයිය නායකලා කියන විදිහට අපි නටන්න ලෑස්ති නැහැ අපි මේ රටේ ප්‍රධාන විපක්ෂය ඒ අය සීයට 3න ඔබතුමන්ලා බලන්න වැදගත් චන්ද කීයක ඒගොල්ලො කීදෙනෙක් පාර්ලිමේන්තුවට ආවද කියලා ඒ ගොල්ලෝ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන එකට විරුද්ධ වුණාට අපි විරුද්ධ නැහැ අපියි කිව්වේ ඉස්සරලාවෙලාම යන්න කියලා ගිය විදියයි වැරදි ඒකයි අපි විරුද්ධ.දැන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්න අනුර කුමාරට පුළුවන්ද ටිල්වින් සිල්වා ට පුළුවන්ද ලාල් කාන්තට පුළුවන්ද ආසියානු සංවර්ධන බැංකුවට යන්න ඒක පුළුවන් කණ්ඩායම ඉන්නේ අපි ගාව අපි ඒ ආර්ථික ප්‍රතිපත්තිය පිළිගන්න කණ්ඩායමක් එතකොට මේගොල්ලෝ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එපා කියනවනම් ලෝක බැංකුවත් එපා කියනවනම් පෞද්ගලික විශ්වවිද්‍යාල වලට ලංකාවට එන්න එපා කියනවා නම් ආයෝජකයන්ට එන්න එපා කියනවා නම් ආයෝජනය කරන අයගෙන් කප්පම් අරගෙන එළවල දානවා නම් රට හදන විදිහ කියන්න කැට හොල්ලලා ද? රට හදන්නේ.










