• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සෙනසුරු ගුරු එකට පිහිටයි! නෙප්චූන් එක්ක සංයෝග වෙයි! යුරේනස් විශ්ව කේන්ද්‍රයේ දෙවැන්නේ! අලුත් අවුරුද්දෙන් පස්සේ මොකද වෙන්නේ? ආණ්ඩුව සකසුරුවම් ගමනක! විපක්ෂයෙන් රැඩිකල් කැරැලි! පිටරටවලින් උදව් නෑ! හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට! Sri Lanka Latest News

April 10, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
2022 අප්‍රේල් ග්‍රහ පෙරළියෙන් රට අවුල් වෙයිද?
Share on WhatsAppShare on Facebook

තව නොබෝ දිනකට එළැඹෙන සිංහල හින්දු අලුත් අවුරුද්දෙන් පසුව උදාවන කාලය ශ්‍රී ලංකාවේ ආර්ථිකයට, දේශපාලනයට, ජනතාවගේ සෞඛ්‍යයට බලපාන්නේ කොයි ආකාරයෙන්ද යන්න පිළිබඳ ප්‍රවීණ ජ්‍යොතිෂවේදී කේ.සී.ජේ. රත්නායක මහතා ලෝකායන ජ්‍යොතිෂයට අනුව සිදුකළ පැහැදිලි කිරීමක් පහත පළවේ. Sri Lanka Latest News

උදාවන සිංහල අලුත් අවුරුද්ද සම්බන්ධයෙන් බොහෝ දෙනෙක් බලාගෙන ඉන්නවා මේ අලුත් අවුරුද්දෙන් පසුව එළඹෙන කාලයේ මොන වගේ තත්ත්වයක් අපේ රටට ඇතිවෙයිද කියලා. අපි සාමාන්‍යයෙන් හැම අවුරුද්දකම කියනවා, මේ අවුරුද්ද සුවිශේෂ අවුරුද්දක් කියලා. නමුත් වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම 2025 අලුත් අවුරුද්දෙන් පස්සේ උදාවෙන කාලය නම් සුවිශේෂම තමයි. ඒකට හේතු සාධක කිහිපයක් මම කියන්නම්. සෙනසුරු සහ ගුරු කේන්ද්‍රස්ථානගත වෙලා ඉන්නවා එකිනෙකා අතර. ඒක සුවිශේෂ පිහිටීමක්. ඒ වගේම සෙනසුරු සමග ඉතා කලාතුරකින් හටගන්න නෙප්චූන් සමග සංයෝගයත් ඉතා සුවිශේෂයි. ඊළඟට රාහු ග්‍රහයාගේ වායුකාරක ස්වභාවය මැනැවින් තීව්‍ර වන පිහිටීමක් තමයි ලබලා තියෙන්නේ. ඒ වගේම යුරේනස් දැනට ගමන් කරන්නේ විශ්ව කේන්ද්‍රයේ හැටියට දෙවැන්නේ. ඒකත් සුවිශේෂ පිහිටීමක්. මුලින් කිව්ව තත්ත්වයන් සමග මේ සෑම එකක්ම වක්‍රව හා ඍජුව සම්බන්ධ වෙනවා. රාහු සහ යුරේනස් කියන දෙන්නම වායුකාරක ග්‍රහයෝ. හරිම පෙරළිකාර ග්‍රහයෝ. ඒ දෙදෙනාත් එකිනෙකාගෙන් කේන්ද්‍රස්ථානගත වෙලා තමයි පිහිටන්නේ. ලෝක කේන්ද්‍රය ගත්තොත් 11 සහ 2 වැන්න ලෝක ආර්ථිකය ගැන කියන තැන් දෙක තමයි මේ. හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට කිව්වා වගේ හොඳ දේවල් ටිකක් ඉදිරියේදී වේවි. ඒ වගේ කරුණු රාශියක් නිසා මේ කාලය සෑහෙන මට්ටමකට සුවිශේෂයි. මේ කරුණු කාරණා සිහියේ තබාගෙන අපේ රටේ ඉදිරි කාලය ගැන කෙටි විස්තරයක් කරන්න මම බලාපොරොත්තු වෙනවා.

2025 සූර්ය වර්ෂය පුරාම රාහු ග්‍රහයා ගමන් කරන්නේ කුම්භ රාශියේ. කුම්භ කියන්නේ වායු රාශියක්. විකිරණශීලීභාවය වැඩි ග්‍රහයෙක්. ඒ රාශිය මේ වෙලාවේ තදින් උත්තේජනය වෙනවා. ඒ වෙන්නේ ලංකාවේ ශීර්ෂය උඩ. නැගෙනහිර දිශාවේ. මෙවැනි සෑම අවස්ථාවකදීම වෙන්නේ ලංකාව හැම විටම වේගවත් ගමනකට පොලඹවන එක. ඒක හොඳට වෙන්නත් පුළුවන්, නරකට වෙන්නත් පුළුවන්. ඒක තීන්දු වෙන්නේ රාහුගෙන් නෙවෙයි. රාහු කරන්නේ වේගයක් හදලා දෙන එක. ඒ වේගයෙන් කරන්නේ මොනවද කියන එක මත එහි අවසන් ප්‍රතිඵලය තීන්දු කරන්න වෙන්නේ. ඒ කියන්නේ සෑම අංශයකම යම් උද්වේගකර බවක්, මතභේදකාරී තත්ත්වයක්, නොසන්සුන්කාරී බවක් හටගන්න පුළුවන්. කිසියම් දඩිබිඩියකින් ලංකාව දුවන බව පේනවා. ලංකාවේ ආණ්ඩු කරන අයගේ සිතුවිලි ආකල්ප තමයි මේකෙන් පෙන්වන්නේ. ඒ අය වේගවත් වෙනවා. ඒ සමගම සමාජයත් වේගයෙන් නොයෙක් දේ කරන්න උත්සාහ දරනවා. ඒත් සමගම කැලඹීම් හටගන්නවා.

මුලදී අපි ගත්තොත් පළමු මාස 10ක කාලය නරක දෙයක් නම් පේන්නේ නෑ. සෑහෙන මට්ටමට ධනාත්මක සුබදායක ප්‍රතිසංස්කරණ, වෙනස්වීම් ඇතිකරන්න පුළුවන්. උදාහරණයක් හැටියට අධ්‍යාපන ක්ෂේත්‍රය ගනිමු. අධ්‍යාපනයේ යම් ප්‍රතිසංස්කරණ, වෙනස්කම් කරන්න අවශ්‍ය නම් මේක තමයි ඒ සඳහා හොඳම අවස්ථාව. ඉතින් ඒ අවස්ථාව බලධාරීන්ගේ ඔළුවට ගියොත් යහපත් වූ සංශෝධන, හුඟක් හොඳ දේවල් කරන්න පුළුවන්. ඒ වගේම සෙනසුරු ගමන් කරන්නේ ලංකා කේන්ද්‍රයේ දෙවැන්නේ. මීන රාශියේ. මෙතැන නෙප්චූන් ඉන්නවා සෙනසුරු එක්ක. පළමු මාස 10 තුළදී විතරයි මේ සංයෝගය හටගන්නේ. ඊට පස්සේ ඈත් වෙනවා. මේකෙදී බොහොම සකසුරුවම් විදියට, දූරදර්ශීව රටේ ආර්ථිකය දැනට වඩා සාපේක්ෂව ස්ථාවර කරගන්න හැකියාව ලැබෙන එක. හතර වටෙන් ඇහෙන්නෙම ඍණාත්මක අදහස්නේ. ආර්ථිකය, වැටෙයි විනාශ වෙයි කියලානේ. අර්බුද තියෙයි. නමුත් බොහොම සකසුරුවම් විදියට ඉවසිලිවන්තව දූරදර්ශීව මේ ආර්ථික ගැටලු කළමනාකරණය කරගැනීමේ හැකියාව මැනැවින් තියෙනවා. ඒකට උචිත පුද්ගලයන් තමයි ඒ උත්සාහය ගන්න ඕනේ. වැඩේ කරන්න පුළුවන්. ලංකා කේන්ද්‍රයෙන් පෙන්වන්නේ අපිට හෙමිහිට සහ ක්‍රමානුකූලව ලොකු කඩාවැටීමකින් තොරව ස්ථාවරත්වය කරා යෑමට හැකි බවයි. කියන තරමටම යකා කළු නැහැ ලෝකායන නක්ෂත්‍රයට අනුව.

දෙවැනි මාස 10 එළඹෙද්දී, ඒ කියන්නේ ලබන අවුරුද්දේ ජනවාරි සිට දුෂ්කර කාලයක් එළඹෙනවා. ඒකට දැන් සිටම සූදානම් වීමට අදාළ බලධාරීන්ගේ සිත යොමුවෙන්නත් ඕනේ. පුරවැසියන් ලෙස අපිටත් ඒ සම්බන්ධයෙන් යුතුකමක් තියෙනවා. මුල් මාස 10 අපිට ඕනේ තරම් කල් තියෙනවා එන්න තියෙන අර්බුදයට ලෑස්ති වෙන්න. දූරදර්ශී වීම සහ සකසුරුවම් බව ඇතුළේ මේ අභියෝගය ජයගන්න පුළුවන්.

නෙප්චූන් ග්‍රහයාගේ සංයෝගය නිසා ලංකාවේ ආහාර සම්බන්ධව නම් නොයෙක් විෂ තත්ත්වයන් පිළිබඳ තොරතුරු බහුලව අහන්න ලැබේවි. ආහාර විෂ වීම්, පරිභෝජනයට නුසුදුසු ආහාර වර්ග ගැන ආරංචි ලැබෙයි. බෝ නොවන රෝගත්, බෝවන රෝගත් බහුල වෙන්න පුළුවන්. ඒවා බොහෝ විට ආහාර හේතුවෙන් ඇතිවන සෞඛ්‍යමය පිරිහීම් ලෙසයි පෙන්වන්නේ. ඒ නිසා රට පාලනය කරන අයට යුතුකමක් තියෙනවා ආහාර සුරක්ෂිතතාව ගැන වැඩි අවධානයක් යොමුකරන්න. ඒ වගේම අපිටත් පුළුවන්කම තියෙන්න ඕනේ අපේ ආහාර සෞඛ්‍යාරක්ෂිතව හදාගන්න.

ඒ වගේම යුරේනස් ගමන් කරමින් ඉන්නේ 4 වැන්නේ. එතැනින් පෙන්වන්නේ විපක්ෂය. විපක්ෂය ඇතුළේ විශාල රැඩිකල් කැරැලි සිදුවෙනවා. මේ විපක්ෂය කියන්නේ පාර්ලිමේන්තුවේ දැනට එන්න විපක්ෂ සංඛ්‍යාව නෙවෙයි. විපක්ෂය ලෙස අදහස් කරන්නේ ආණ්ඩුව අරගෙන යන ප්‍රතිපත්ති, උපායමාර්ග, ප්‍රකාශයන්, තීරණවලට විකල්ප ලෙස කල්පනා කරන සියලු දෙනා. මේක ඍජු දේශපාලන ප්‍රකාශයක් ලෙස භාරගන්න එපා. මොකද මම කියන්නේ මම දකින දේ. සාම්ප්‍රදායික පාර්ලිමේන්තුගත විපක්ෂයට වඩා දැවැන්ත රැඩිකල් බලවේග පාර්ලිමේන්තුවෙන් පිටත ගොනුවෙනවා. ඒකයි මේකෙන් පෙන්වන්නේ. හැම විටම යුරේනස් කරන්නේ සාම්ප්‍රදායික නොවූ බලවේග හදන එක. එක්කෝ දැන් පාර්ලිමේන්තුගත වෙලා ඉන්න විපක්ෂයට සිදුවෙනවා ඒ වගේ රැඩිකල් වෙනස්කම්වලට යොමුවෙන්න. එහෙම නැති වුණොත් ඒ අයවත් පෙරළගෙන මෙතෙක් නොසිතූ විරූ බලවේගය ඉදිරියට එනවා. ඒක නම් මේ මැයි මාසයේ සිටම අපිට දකින්න ලැබේවි. දැනට ඉන්න සාම්ප්‍රදායික විපක්ෂයටත් මේක ලොකු අභියෝගයක් වේවි. ආණ්ඩුවටත් ලොකු අභියෝගයක් වේවි. මොනම ක්‍රමයකටවත්, මොනම මර්දනයකින්වත්, නීතිරීතිවලින් හෝ තර්ජනයකින් හෝ මේ බලවේගය ආපසු හරවන්න බෑ. එය ආපසු හරවන්න දරන සෑම උත්සාහයකදිම වෙන්නේ ඒ බලවේගය තව තවත් ශක්තිමත් වෙලා පෙරට පැමිණීම පමණයි.

අපේ රටෙන් බැහැර රටවල් සමග අපිට තිබෙන සම්බන්ධකම් පෙන්වන්නේ 7 වැන්නෙන්. ලෝකායන නක්ෂත්‍රයේ 7 වැන්න කියන්නේ විදේශ රටවල්. මේ විදේශ රටවල් සහ ලංකාව අතර තියෙන සම්බන්ධතාව ඉතා භයානක මට්ටමකින් තමයි පේන්නේ. ඒ කියන්නේ අවශ්‍ය පරිදි ඒ කටයුතු සිදුවෙන්නේ නෑ වගේ තමයි පේන්නේ. මොකද කේතු ග්‍රහයා 7 වැන්නේ යන ගමන නිසා අපිට ලබාගන්න පුළුවන් උදව්වක්වත් ලබාගන්න බැරි වෙනවා. ඇතැම් විට අපේ තියෙන උද්වේගකරභාවයන් සහ අධිතක්සේරුව ඊට හේතු වෙන්න පුළුවන්. රාහු කෙනෙකුගේ ඔළුව උඩට ආපුවාම අධිතක්සේරුවක් ඇතිකරනවා. උද්වේගකර බවක් ඇතිකරනවා. ඒගොල්ලෝ කවුද, අපි කවුද වගේ මෝඩ කල්පනාවක් ඔළුවට දෙනවා. ඒ වගේ ස්වභාවයන් හදනවා. ඒක පුද්ගලබද්ධ දෝෂයක් නෙවෙයි. සිතුවිලි සකස් වෙන්නේ ඒ විදියට. එහෙම දෙයක් එන බව දැනගත්තාම ඒක වළක්වාගන්න අපි පියවර ගන්න ඕනේ. එහෙම පියවර අරගෙන දෙනවා රටේ ලග්නයෙන් ත්‍රිකෝණස්ථානගත වෙලා ඉන්න ගුරු. ගුරු ගමන් කරන්නේ මිථුන රාශියේ. එතැනදී ගුරු හරියටම උදව් කරනවා ඒ ඇතිවෙන උද්දච්ච ගතියත් නැතිකරගෙන, උද්වේගකරභාවයත් නැතිකරගෙන, මෝඩ තීන්දු ගැනීම වළක්වලා, ප්‍රඥාවන්තව දූරදර්ශීව තීන්දු ගන්න. ඒක බුද්ධිමය ව්‍යායාමයක්. මේ කාලයේදී ලංකාව විසින් ඉල්ලා සිටින්නේ විප්ලවකාරයෝ නෙවෙයි. දඩිබිඩිකාරයෝ නෙවෙයි. වෛරය, අනෙකා නැසීම සම්බන්ධ අදහස් නෙවෙයි. බොහොම පරිණත, අත්දැකීම් සහිත, දූරදර්ශීව හිතන්න පුළුවන් ජ්‍යෙෂ්ඨයන්ගෙන් උදව් ගන්නම වෙනවා. ඒ මතවලට සවන් දෙන්න වෙනවා. ඒ වගේම රටට විශාල සේවයක්, පූජ්‍ය ප්‍රසාදීන්ගෙනුත්, ආගමික අංශයන්ගෙනුත්, විද්වත් වෘත්තිකයන්ගෙනුත් දෙයක් ගන්න පුළුවන්. ඒකෙන් අදහස් කරන්නේ සහතික තියෙනවද නැද්ද කියන එක නෙවෙයි. විභාගය කියන්නේ එකක්. අධ්‍යාපනය කියන්නේ තවත් එකක්. විභාග පාස්වෙලා සහතික තියෙනවා කියන එක වෙන එකක්. අධ්‍යාපනය දැනුම හැකියාව තියෙනවා කින්නේ තවත් දෙයක්. මෙතැනදී මම අදහස් කරන්නේ ඒ දෙකොට්ඨාසය. විද්වතුන්ගේ වෘත්තීය මට්ටමේ අයගේ ඇහුන්කම් දීම අවශ්‍ය වෙනවා. අර්බුදයක් තියෙනවා, කැලඹීමක් තියෙනවා. හැබැයි ඒ අර්බුදයත් කැලඹීමත් ආර්ථික වශයෙන් එන දෙයක්. හැබැයි එය ජයග්‍රහණය කළ හැකි දෙයක් විදියටයි මම දකින්නේ.

නෙප්චූන්ගේ සහ සෙනසුරුගේ සංයෝගය ගැන තවත් විස්තර කරන්න අවශ්‍යයි. ලංකාව ඇතුළේ මොන කැලඹීම් තිබුණත් ලෝකයත් එක්ක යන ප්‍රවණතාවක් හටගන්නවා. ඔවුන් නැවත සාම්ප්‍රදායික ජීවිතවලට වේගයෙන් ඇදිලා යනවා. ඇතැම් විට ඒවා කලකිරීම් නිසා වෙන්නත් පුළුවන්. කොයි හැටි වේවා අවසාන ඵලය හොඳයි. ඔවුන් නැවත මනුෂ්‍යත්වය කරා යනවා. ඒ කියන්නේ මනුෂ්‍ය හැකියාවන් කරා යනවා. තමන්ගේ කටයුතු පරිගණකයට භාරදෙන්නේ නෑ.

KCJ Astrology යූටියුබ් නාලිකාවෙනි

SendShareShare
Previous Post

ට්‍රම්ප්ට එරෙහිව කැරැල්ලක්! ඇමෙරිකාවේ ප්‍රාන්ත 50ම උද්ඝෝෂණ! හිතුවක්කාර ඒකාධිපතියෙක්! ට්‍රම්ප් ඇමෙරිකාවේ ප්‍රජාතන්ත්‍රවාදයත් ආර්ථිකයත් විනාශ කළා!ජනප්‍රියත්වය 43% දක්වා පහත වැටිලා! ප්‍රකෝටිපති එලොන් මස්ක්ට එරෙහිවත් උද්ඝෝෂණ! ඇමෙරිකාවට අමතරව යුරෝපයේ රටවල් රැසකත් ජන අරගල! Sri Lanka Latest News

Next Post

විජේවීර මැරුවා චෝදනාව තියෙන්නේ මේජර් ජෙනරාල් තෝරදෙණිය! අද හඳුන්නෙත්ති තෝරදෙණිය එක්ක එකට ෆොටෝ ගහනවා! පොලිස් අමාත්‍යංශයේ උපදේශක රණවීර වැලිපැන්න කඳවුර බාරව හිටියා! විජේවීරගේ ළමයි බලාගත්ත කරුණා අක්කාගේ අයියව පැහැරගෙන ගිහින් වැලිපැන්න කඳවුරේදි මැරුවා! දැන් රණවීරව අත්අඩංගුවට ගන්නවද? අධිකරණ ඇමැති හර්ෂණගෙ තාත්තවත් ජවිපෙන් මරන්න ආවා! ඒ අයවත් අල්ලනවද? අද ඒ අපරාධ කරපු අයත් එක මිටට ඇවිත් ආණ්ඩු හදලා! එයාලට දෙන දඬුවම මොකද්ද? බටලන්ද විවාදයේදී පරණ කුණු ඔක්කොම ඇවිස්සෙයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News
Exclusive

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News
Exclusive

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News
Exclusive

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News

Load More
ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු (Benjamin Netanyahu) සහ එරට ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කට්ස් (Israel Katz) උතුරු ඊශ්‍රායලයේ ලෙබනන් දේශසීමාව ආසන්නයේ පිහිටි...

Read more
වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.