• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ට්‍රම්ප්ට එරෙහිව කැරැල්ලක්! ඇමෙරිකාවේ ප්‍රාන්ත 50ම උද්ඝෝෂණ! හිතුවක්කාර ඒකාධිපතියෙක්! ට්‍රම්ප් ඇමෙරිකාවේ ප්‍රජාතන්ත්‍රවාදයත් ආර්ථිකයත් විනාශ කළා!ජනප්‍රියත්වය 43% දක්වා පහත වැටිලා! ප්‍රකෝටිපති එලොන් මස්ක්ට එරෙහිවත් උද්ඝෝෂණ! ඇමෙරිකාවට අමතරව යුරෝපයේ රටවල් රැසකත් ජන අරගල! Sri Lanka Latest News

April 10, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
ට්‍රම්ප්ට එරෙහිව කැරැල්ලක්! ඇමෙරිකාවේ ප්‍රාන්ත 50ම උද්ඝෝෂණ! හිතුවක්කාර ඒකාධිපතියෙක්! ට්‍රම්ප් ඇමෙරිකාවේ ප්‍රජාතන්ත්‍රවාදයත් ආර්ථිකයත් විනාශ කළා!ජනප්‍රියත්වය 43% දක්වා පහත වැටිලා! ප්‍රකෝටිපති එලොන් මස්ක්ට එරෙහිවත් උද්ඝෝෂණ! ඇමෙරිකාවට අමතරව යුරෝපයේ රටවල් රැසකත් ජන අරගල! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

‘මමත් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ඡන්ද දුන් පාක්ෂිකයෙක්. මෙතැන රැස්වෙලා ඉන්න දහස් ගණනක සෙනඟ අතරේ එවැනි විශාල පිරිසක් ඉන්නවා. ඒ වගේම විපක්ෂයේ විශාල පිරිසකුත් ඉන්නවා. මේ සියල්ලන්ම එකම හැඟීමකින් මෙතැනට පැමිණි අයයි. අද ජනාධිපති ට්‍රම්ප්ගේ පාලනය යටතේ මුළුමහත් ඇමෙරිකාවම ප්‍රහාරයකට ලක්ව තිබෙනවා. ඔහු පසුගිය ජනවාරි මාසයේ බලයට පැමිණි දවසේ සිටම රටේ ජනතාව මහත් පීඩාවට පත්ව තිබෙනවා. ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ ප්‍රකෝටිපති දේශපාලන සගයා එලොන් මස්ක් පැමිණි විට ඇමෙරිකාවේ ප්‍රශ්න ඉවර වේවි කියලා ජනතාව හිතුවා. එහෙත් අද සිදුවෙලා තිබෙන්නේ කුමක්ද? අද ඇමෙරිකාවේ ජනතාව පමණක් නොව විදේශ රටවල් පවා ට්‍රම්ප්ගේ ප්‍රතිපත්ති නිසා පීඩාවට පත්වෙලා. අද මුළු ලෝකයම කතාකරන්නේ ජනාධිපති ට්‍රම්ප්ගේ දරදඬු ප්‍රතිපත්තිය ගැනයි. මට බයයි, මට තරහයි. මට පුදුමයි මේක ඇමෙරිකා එක්සත් ජනපදයද කියලා. මම ඇමෙරිකාවට ආදරෙයි. ඒත් අද මගේ හදවත බිඳිලා ඉවරයි…’ Sri Lanka Latest News

කුමක්ද මෙම හැඟීම්බර, ආවේගශීලී වදන් පෙළ? මෙම කතාව කියා සිටින්නේ කවරකු විසින්ද? අපට මෙම වදන් අසන්නට ලැබුණේ මෙයට දින කීපයකට ඉහතදී ඇමෙරිකා එක්සත් ජනපදයෙනි. ඇමෙරිකානු ජාතික ජෛව වෛද්‍ය විද්‍යාඥවරියක වන ටෙරී ක්ලයින් නමැති කාන්තාව විසින් ඉහත ප්‍රකාශය සිදුකර තිබුණේ රොයිටර් මාධ්‍ය සේවයේ මාධ්‍යවේදියකු වෙතය. පසුගිය දිනවල මුළුමහත් ඇමෙරිකාවත්, එසේම මුළුමහත් ලෝකයත් කණපිට හරවන සිදුවීම් මාලාවක් ඇමෙරිකාවෙන් වාර්තා විය. එය නම් ඇමෙරිකාවේ නව ජනාධිපති ධුරයට පත්වූ ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව ඇතිවී තිබෙන මහා ජන අරගලයයි. පසුගිය 2025 ජනවාරි මාසයේදී මහා ප්‍රීතිඝෝෂා මධ්‍යයේ එරට ජනාධිපති ධුරයට පත්වූ ඩොනල්ඩ් ට්‍රම්ප්ට දැන් මාස තුනක පමණ කෙටි කාලයක් තුළදී උද්ගතව ඇත්තේ මහා ජනතා විරෝධයකි. මෙය කෙතරම් උත්සන්න එකක්ද යත් දැනට ජනතාව දසදහස් ගණනින් ඇමෙරිකාවේ තිබෙන ප්‍රාන්ත 50 තුළම විරෝධතාවන් පවත්වති. එතරම් ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තා නොවුණද මෙම උද්ඝෝෂණයන් දැඩි ආවේගශීලී ආකාරයකින් පැවැත්වෙන ආකාරය දක්නට හැකිය. එසේම ජනාධිපති ට්‍රම්ප්ගේ වර්තමාන ප්‍රතිපත්ති නිර්භයව විවේචනය කරන ආකාරයත්, ඩොනල්ඩ් ට්‍රම්ප් පරිභවයට සහ අවමානයට ලක්කරන ආකාරයත් දක්නට හැකිය. ඔහුට අමතරව එවැනි විවේචනයකට ලක්ව සිටින අනෙක් ප්‍රධානතම පුද්ගලයා වන්නේ ට්‍රම්ප්ගේ හිතමිතුරු ප්‍රකෝටිපති එලොන් මස්ක්ය. ඔහු මේ වනවිට ට්‍රම්ප් රජයේ ප්‍රධාන උපදේශක තනතුරු දරමින් කටයුතු කරයි. රජයේ මූල්‍යමය කප්පාදු සිදුකිරීමේ ක්‍රියාවලිය භාරදී ඇත්තේ එලොන් මස්ක් වෙතය. ඒ හෙයින් මේ වනවිට රජය විවිධ මූල්‍ය කප්පාදු කිරීම් රැසක් සිදුකර ඇති අතර, එයින් ජනතාව මහත් සේ පීඩාවට පත්ව ඇත.

මෙම විරෝධතාකරුවන් දසදහස් ගණනින් වොෂිංටනයේ ජනාධිපති ධවල මන්දිරය ඉදිරියේ රැස්ව සටන් පාඨ කියන සහ බැනර් ප්‍රදර්ශනය කරන ආකාරය දක්නට හැකිවෙයි. එම ජනතා විරෝධතා සටන් පාඨ කිහිපයක් මෙසේ ගෙනහැර දැක්විය හැකිය.

● ‘ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමෙරිකාවේ ප්‍රජාතන්ත්‍රවාදයත්, ආර්ථිකයත් විනාශ කර දැම්මා’
● ‘රජයේ කප්පාදුවලට, සංක්‍රමණික මර්දනයට, දෙස් විදෙස් තීරුබදු ප්‍රතිපත්තිවලට ජනතා විරෝධය’
● ‘ජනතාවගේ වෛද්‍ය පර්යේෂණ සහ රක්ෂණ සඳහා වන අරමුදල් පවා කපාහැරලා. සමාජ ආරක්ෂණය මුළුමනින්ම බිඳවැටිලා’
● ‘ට්‍රම්ප්ගේ ආශීර්වාදය ඇතිව මස්ක්ගේ රාජ්‍ය කාර්යක්ෂමතා දෙපාර්තමේන්තුව ෆෙඩරල් ශ්‍රම බළකායේ මිලියන 2.3ක පිරිසකගෙන් ලක්ෂ 02කගේ ස්ථිර රැකියාවන් අහිමිකර දැම්මා’
● ‘ඇමෙරිකාවේ අධ්‍යාපනය ලබන විදෙස් සිසුන් දසදහස් ගණනකගේ වීසා අහෝසි කර දැම්මා’
● ‘වැඩිහිටියන්ට සහ ආබාධිතයන්ට දෙන සහනාධාර පවා කප්පාදු කරලා’
● ‘ඇමෙරිකානු ව්‍යවස්ථාව ආරක්ෂා කරන්න, අපේ අයිතිවාසිකම්වලට අත නොතබන්න’
● ‘ජාත්‍යන්තර දේශගුණික ප්‍රතිපත්තිවලට පහර එල්ල කරලා, හෑල්ලුවට ලක්කරලා’

මේ ආකාරයට ජනතාව තමන්ගේ විරෝධතා අදහස් දක්වා සිටින අයුරු දක්නට හැකි විය. මෙම සිදුවීමේදී තවත් විශේෂ පුවතක් ලෙස වාර්තා වන්නේ, ඇමෙරිකාවේ පමණක් නොව යුරෝපයේ තවත් රටවල් ගණනාවකද ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයාට එරෙහිව ප්‍රබලව විරෝධතා සිදුවන ආකාරයයි. මහා බි්‍රතාන්‍යය, ප්‍රංශය, ජර්මනිය, කැනඩාව සහ තවත් බටහිර රටවල් කිහිපයකම එම උද්ඝෝෂණයන් පැවැත්විණි. මෙම ජනතා අරගලය නම්කර තිබුණේ ‘හෑන්ඩ්ස් ඕෆ්’ යනුවෙන් වන අතර, එහි සිංහල අරුත ලෙස ‘අත් නොතබන්න’ යන අරුත ගත හැකිය.

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජනතා ප්‍රසාදය සහ ඔහුගේ කාර්යක්ෂමතාවට අදාළව සිදුකරන ලද ජාත්‍යන්තර සමීක්ෂණවලින් පෙනීගොස් ඇත්තේ එම තත්ත්වය දිනෙන් දිනම පහත වැටෙන ආකාරයයි. ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමෙරිකාවේ 47 වැනි ජනාධිපතිවරයා ලෙස පත්වන විටදී ඔහුට ජනප්‍රියතාව සහ කාර්යක්ෂමතාව අදාළව 84%ක ජනතා ප්‍රසාදයක් හිමිව තිබිණි. එහෙත් පසුගිය මාස 3ක වැනි ඉතා කෙටි කාලයකදී එම ප්‍රසාදය ටිකෙන් ටික පහත වැටී 48%ක පමණ ප්‍රතිශතයකට ලක්විය. පසුගියදා පැවැති මහා ජන අරගලයේදී එම තත්ත්වය 43%ක ප්‍රමාණයකට තවත් පහත වැටී ඇතැයි සමීක්ෂණ වාර්තා පෙන්වා දෙයි. ඉදිරියේදී මෙම තත්ත්වය තවත් උත්සන්න වීමට ඉඩ ඇතැයිද මාධ්‍ය වාර්තා සඳහන් කරයි. මෙවැනි තත්ත්වයක් යටතේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ගමන කොතැනකින් කෙළවර වේදැයි සිතිය නොහැක. මෙවැනි තත්ත්වයන් අපේ රටේ රාජ්‍ය නායකයන්ටද අපූරු පාඩම් වනු ඇත.

Sri Lanka Latest News

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

බද්ද අඩු කරගන්න පස්සෙන් එන රාජ්‍ය නායකයන්ට ට්‍රම්ප් ජරා කතාවක් කියයි! ‘ඒ අය මගේ පස්ස පැත්ත ඉඹින්නත් ලෑස්තියි! ඕන දෙයක් කරන්නම් සර්.. ඕන දෙයක් කරන්නම් සර් කියනවා!’ VIDEO I Sri Lanka Latest News

Next Post

සෙනසුරු ගුරු එකට පිහිටයි! නෙප්චූන් එක්ක සංයෝග වෙයි! යුරේනස් විශ්ව කේන්ද්‍රයේ දෙවැන්නේ! අලුත් අවුරුද්දෙන් පස්සේ මොකද වෙන්නේ? ආණ්ඩුව සකසුරුවම් ගමනක! විපක්ෂයෙන් රැඩිකල් කැරැලි! පිටරටවලින් උදව් නෑ! හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට! Sri Lanka Latest News

MORE NEWS

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News
Exclusive

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News
Exclusive

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News

ප්‍රේමකීර්ති මරා දැම්මේ අද වගේ දවසක රෑ 8.30ට! I Sri Lanka Latest News
Exclusive

තරු පොකුරකට එළිය දුන් අවුරුදු 42දී නිවා දැමූ තනි තරුව! Sri Lanka Latest News

Exclusive

එක එක රස සිගරට් හදපු CTC සමාගමට අභියාචනාධිකරණයෙන් තහනමක්! Sri Lanka Latest News

රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News
Exclusive

රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News

ඔයා සිරසෙන් නේද? අයියෝ ඔයිට වඩා සදාචාරාත්මක වෙන්නකෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔයා සිරසෙන් නේද? අයියෝ ඔයිට වඩා සදාචාරාත්මක වෙන්නකෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News
Exclusive

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

මම සාමාන්‍යයෙන් බලන්නේ රූපවාහිනියේ හෝ ස්වාධීන රූපවාහිනියෙහි විකාශය වන නාට්‍යය පමණය. 1982 සිටම ඒවායේ බොහෝවිට ගුණාත්මක, පවුලටම එකට නැරඹිය හැකි,...

Read more
නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News

එක එක රස සිගරට් හදපු CTC සමාගමට අභියාචනාධිකරණයෙන් තහනමක්! Sri Lanka Latest News

ප්‍රේමකීර්ති මරා දැම්මේ අද වගේ දවසක රෑ 8.30ට! I Sri Lanka Latest News

තරු පොකුරකට එළිය දුන් අවුරුදු 42දී නිවා දැමූ තනි තරුව! Sri Lanka Latest News

රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News

රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.