• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගංගාරාමයට වැඩම කරවපු මොනවද මේ ‘දෙව්නිමෝරි’ සර්වඥ ධාතූන් වහන්සේලා? කොහොමද හම්බවුණේ? බ්‍රාහ්මී අක්ෂරයෙන් සහ සංස්කෘත භාෂාවෙන් ලියලා තිබ්බ පාඨය මොකද්ද? ගුජරාටයේ දෙව්නිමෝරි ගමට අද වෙලා තියෙන දේ? ධාතූන් වහන්සේලා බලන්න යනවා නම් මේ ලිපියත් කියවලාම යන්න! I Sri Lanka Latest News

February 7, 2026
in Exclusive
Reading Time: 6 mins read
A A
ගංගාරාමයට වැඩම කරවපු මොනවද මේ ‘දෙව්නිමෝරි’ සර්වඥ ධාතූන් වහන්සේලා? කොහොමද හම්බවුණේ? බ්‍රාහ්මී අක්ෂරයෙන් සහ සංස්කෘත භාෂාවෙන් ලියලා තිබ්බ පාඨය මොකද්ද? ගුජරාටයේ දෙව්නිමෝරි ගමට අද වෙලා තියෙන දේ? ධාතූන් වහන්සේලා බලන්න යනවා නම් මේ ලිපියත් කියවලාම යන්න! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

වර්තමා​න ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ ආරවල්ලි දිස්ත්‍රික්කයේ පිහිටි ‘ෂම්ලාජි’ අසල දෙව්නිමොරි (Devnimori) ගම්මානය අද වන විට බෞද්ධ ලෝකයේ සුවිශේෂී අවධානයට ලක්වී ඇත්තේ එතැනින් හමුවූ බුදුරජාණන් වහන්සේගේ සැබෑ ශාරීරික ධාතූන් වහන්සේලා නිසා කියල මේක කියවන ඔබ දැනටමත් දන්නවා.Sri Lanka Latest News

1957 අවුරුද්දෙදි එම ප්‍රදේශය හරහා ඉදිවූ වේල්ලක් හේතුවෙන් ​මේ ගම්මානය ජලයෙන් යටවීමට නියමිතව තිබුණා, මහාචාර්ය එස්.එන්. චෞද්‍රි ඇතුළු බරෝඩා හි මහාරාජා සයාජිරාඕ විශ්වවිද්‍යාල​යේ ( The Maharaja Sayajirao University of Baroda) පුරාවිද්‍යාඥයින් කණ්ඩායමක් විසින් එහි තිබූ පැරණි නටඹුන් හා පස්කන්ද විහාර සංකීර්ණයක් යැයි කළ නිවැරදි අනුමානයක් මත කැණීම් කරන්න පටන්අරං තියෙනවා.

මේ හන්දා අඩි ගණනාවක් පොළොවට යටවී තිබූ අවරුදු 1700 ක් පමණ පැරණි මහා ස්තූපයක් සහ විහාර සංකීර්ණයක් මතු කරගනිමින්, ජලයෙන් යටවී සදහටම වැළලී යාමට තිබූ මෙම මහා බෞද්ධ උරුමය බේරා ගැනීමට ඔවුන්ට පුලුවන් වෙනවා. ඒ ගැනනං අප ඔවුන්​ට නොසෑහෙන්​න පිං දෙන්න වටිනවා.

ඉතිං මේ කැණීමෙහි සුවිශේෂීම අවස්ථාව සනිටුහන් වු​ණේ 1963 වසරේ ජනවාරි 14 වනදා. එදා එම මහා ස්තූපයේ පාදමේ සිට අඩි 24ක් උසින් තිබී අද අපි දකි​න ධාතු කරඩුව හම්බවුණා. මෙම ​ශෛලම​ය කරඬුවෙහි කොටා තිබූ ශිලා ලිපිය ලෝකයම පුදුමයට පත් කළා කිව්වොත් වැරදි නැහැ. කොළ පැහැති ‘ෂිස්ට්’ (Green Schist) නම් ගලින් නිමවූ එම කරඬුවේ ක්ෂත්‍රප යුගයට අයත් බ්‍රාහ්මී අක්ෂරයෙන් සහ සංස්කෘත භාෂාවෙන් අන්තර්ගත වූ මූලික පාඨය මෙන්න මෙහෙමයි.

“දශබල ශරීර නිලයඃ ප්‍රශස්ත රම්‍යෝ මහා ස්තූපඃ. සංවත්සරේ සප්තවිංශත්‍යධිකේ ශතේ 127 කථිකානාං රාජ්ඤි ශ්‍රී රුද්‍රසේනේ…” යන්නයි.

මේ පාඨයේ මුලින්ම සදහන් වෙච්​ච “දශබල ශරීර නිලයඃ” යන සංස්කෘත පාඨය සිංහලට ගත්තහම මෙන්න මෙහෙමයි එන්නේ
දශබල (Dashabala): බුදුහාමුදුරු​වෝ
ශරීර (Sharira): ශාරීරික හෙවත් ශරීරයට අයත්.
නිලයඃ (Nilayaha): නිවහන, මන්දිරය, වාසස්ථානය හෙවත් තැන්පත් කර ඇති ස්ථානය.
දැන් මේ පදටික අපිට ගලපගන්න එච්චර අමාරු නෑ​නේ. එතකොට තේරුම මෙන්න මෙහෙම ​නේ (“දශබලධාරී බුදුරජාණන් වහන්සේගේ ශාරීරික ධාතූන් වහන්සේලා වැඩසිටින (තැන්පත් කර ඇති) මන්දිරය / නිවහනයි.”)

ඉතිං මේ කරඩු ලිපිය කියවපු විද්වතුන්​ට තහවුරු වූයේ දශබලධාරී බුදුරජාණන් වහන්සේගේ ශාරීරික ධාතූන් වහන්සේලා නිදන් මෙහි නිදන් කරලා තියෙනවා කියන කාරණාවයි. අපි හොදටම දන්නවනේ බුදුහාමුදුරුවන්ට “ද​සබල,, කියලත් නමක් තියෙනව කියලා. අහල ඇතිනේ ඔය හාමුදුරුවරු බණ කියනකොට හෙම දසබලධාරී බුදුරජානන්වහන්සේ කියල හෙම කියන්​නේ අන්න ඒ නම තමයි මෙම සංස්කෘ​ත ලිපියේත් පාවිච්චි කරලා තියෙන්නේ. බුදුහාමුදුරුවෝ හදුන්වන්​න.

මේ කරඩු ලිපියට අනුව එම ස්තූපය කරවා ඇත්තේ (Kathika) රජවරුන්ගේ පාලන සමයේ 127 වන වර්ෂයේදී, එනම් ශ්‍රී රුද්‍රසේන රජු පාලනය කළ සමයේය. භාද්‍රපද මාසයේ පස්වන දින මෙහි වැඩ අවසන් කර ඇති බව එම වැඩිදුර විස්තර කරලා තියෙවා.

කැණීම් වලදී එම කරඬුව තුළ තිබී හමුවූ බටහිර ක්ෂත්‍රප (Western Satraps) පාලකයින්ට අයත් කාසි අතර ක්‍රි.ව. 305-313 කාලයට අයත් රුද්‍රසිංහ II රජුගේ කාසිද හමුවීම නිසා, මෙම ස්තූපය අවසාන වශයෙන් ක්‍රි.ව. 4 වන සියවසේදී (ක්‍රි.ව. 375 පමණ) නැවත ප්‍රතිසංස්කරණය කරලා තියනව කියල තමයි පුරාවිද්‍යාඥයෝ කියන්​නේ.

හරියට මෙය ලංකාවේ කාලයෙත් එක්ක සංසන්දය නොකළොත් ලංකාවේ අයට තේරුම් ගන්න අමාරැයි​නේ. මේ කාලයේ ලංකාවේ රජ ක​ළේ සිරිමේඝවන්න (කිත්සිරිමෙවන්) රජතුමා වෙන විදිහක​ට කිව්වොත් දන්ත කුමරු හා හේමමාලා කුමරිය විසින් ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ ලංකාවට වැඩම කරවපු කාලේදි තමයි මේ ස්තූපය හදලා තියෙන්​නේ

දැනට ලංකාවේ පැවැත්වෙන ප්‍රදර්ශනයේදී සැදැහැවතුන්ට මෙම පූජනීය වස්තූන් ත්‍රිත්වයම දැකබලා ගත හැකිය. වන්දනා කරන්න යනකොට හොදට බලාගන්න අර වීදුරු පෙට්ටියේ තැන්පත් කරලා තියෙන්නේ මෙන්න මේවා

1) ගල් කරඬුව: ඉහත ශිලා ලිපිය සහිත ප්‍රධාන ‘ෂිස්ට්’ ගල් කරඬුව. (පාදම අඟල් 6.8, උස අඟල් 2.9).

2) තඹ පෙට්ටි​ය: ගල් කරඬුව තුළ තිබූ රන් ආලේපිත රිදී-තඹ බෝතලය සහිත තඹ පෙට්ටිය. ඒ තඹ පෙට්ටිය තුළ තමයි ධාතූන් සහි​ත ඉතා කුඩා සිලින්ඩරකාර රිදී තඹ බෝතලය තිබිල තියෙන්​නේ

3) වීදුරු බෝතලය: අතිශය සියුම් ධාතූන් වහන්සේලාගේ ආරක්ෂාව වෙනුවෙන් වර්තමානයේදී, එ​ම ධාතූන් සහ අර කුඩා රිදී සිලින්ඩරාකාර බෝතල​ය තැන්පත් කරලා තියෙ​න සුළං නොවදින (Airtight) වීදුරු බෝතලය. (මේක තමයි වීදුරු පෙට්ටිය මැද්දේම තියෙන්​නේ)

ඔයින් දෙවැනි අංකයට කිව්​ව තඹ පෙට්ටියේ තිබිලා තමයි ධාතූන්වහන්සේලා තැන්පත් සිල්න්ඩරාකාර චූටි රිදී බෝතල​ය සහ ​සේද රෙදි කැබැලි හමුවෙලා තියෙන්නේ. ඒ සියල්​​​ලේ ආරක්ෂාව වෙනුවෙන්, සුළං නොවදින සේ (Airtight) තැන්පත් කළ විශේෂ වීදුරු බෝතලය තමයි තුන්වැනි අංකය කිව්වේ බලන්න යකකොට ඒක විශේෂයෙන් දැකබලාගන්න (මේ සියල්ල එකට ගත්ත ඡායාරූපයක් තමයි දෙව්නිමෝර් පුරාවිද්‍යා සයිට් එකෙන් අරං මම මේ පොස්ටුවට දාලා තියෙන්නේ )

ඔබ ධාතූන්වහන්සේලා වදින්න යනවනං තව කාරණාවක් අමතක කරන්න එපා , ගංගාරාම විහාරයේ ප්රදර්ශනයට තියල තියෙන වීදුරු පෙට්ටියේ දැවමය පාදමේ අර මුලින් කිව්ව විදිහට කරඩුවේ සටහන් ව​න “දශබල ශරීර නිලයඃ Dashabala Sharira Nilaya” කියන පාඨය රෝමන් අකුරෙන් ලියලා තියෙනවා ඒකත් බලාගෙනම එන්න.

වසර 1700 ක් තිස්සේ ස්තූපය තුළත් 60 දශකයේ සිට අඩසියව​සක පමණ කාලයක් MSU විශ්වවිද්‍යාලයේත් සුරැකිව තිබූ මෙම ධාතූන් වහන්සේලා වන්දනා කිරීමට ලැබීම ලාංකික බෞද්ධ ජනතාව ලැබූ මහඟු භාග්‍යයක්. එහෙම වුණා​ට එම විහාර සංකීර්ණය අද වනවි​ට වතුරෙන් යටවී තිබී​ම අපේ අභාග්‍යක් මොනව කරන්නද ඉතිං.

References:

-Times of India: Reports on MSU relics and Prof. S.N. Chowdhry’s excavation.
-Archaeological Survey of India (ASI): Inscription translation and numismatic data.
-The Mahavamsa
-M.S. University of Baroda: Records of the Dept. of Archaeology and Ancient History.

Udugampola Hemaratana ස්වාමීන් වහන්සේ විසින් සම්පාදිත ලිපියකි

SendShareShare
Previous Post

ජීප් එක එරුණේ වස් වැදුණු නිසාද? කැබිලිත්තට ගිය අසීරු ගමන…! Sri Lanka Latest News

Next Post

හූ තිබ්බා… ගල් ගැහුවා… රෙස්ට් හවුස් එක කුඩු කළා…! ජේ.ආර්.ලා විජයට කැස්බෑවෙදි ගහපු ගැහිල්ල!Sri Lanka Latest News

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.