ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාව සිටි සමයේ ක්‍රියාත්මක වූ ආණ්ඩුවේ මර්දන ක්‍රියාවලියට එරෙහිව එවක ප්‍රවීණ සිනමා නළුවකුව සිටි විජය කුමාරතුංග මහතා කටයුතු කළ අවස්ථාවක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අදහස් දක්වනු ලැබුවා. ඒ, AsianMirror යූටියුබ් නාලිකාව සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදීයි. පහත පළවන්නේ එම සාකච්ඡාවයි.Sri Lanka Latest News
ඔන්න විජය කුමාරතුංග උඩට එනකොට, කොබ්බෑකඩුවගේ ඡන්දය ආවා. විජය තමයි ප්‍රධානියා. විජය තමයි එතැන කැපීපෙනුණේ. මට මතකයි ඒ කාලේ හොරණ රැස්වීමක් තිබ්බා. ඒ කාලේ මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කරපු වෙලාවේ රත්නසිරි වික්‍රමනායකලව එහෙම අත්අඩංගුවට ගත්තා. රත්නසිරි වික්‍රමනායකත් වැටිලා හිටියේ ශ්‍රී ලංකා එකේ කොන්ට්‍රෝල් නැති කට්ටියට. ඒ කියන්නේ ජේ.ආර්.ට කොන්ට්‍රෝල් නැති ගොඩට.
ඒ රැස්වීමට දවසකට විතර කලින් විජය කුමාරතුංගගෙ රැස්වීමක් කැස්බෑවේ තිබුණා. ඒ රැස්වීමට ලොකුගේ ගැහුවා. ලොකුගේලා, සිරිනාල් ද මැල්ලා ගැහුවා. මේ රැස්වීමටත් ගහන්න ආවා. රැස්වීම තිබුණේ පහළ, උඩ තමයි රෙස්ට් හවුස් එක තිබුණේ. රෙස්ට් හවුස් එකේ ලෑස්ති වෙලා හිටියා යූ.ඇන්.පී. එකේ කට්ටිය. විජය කුමාරතුංග පළවෙනි හූව දෙක, ගල්පාර එනකොටම කිව්වා ‘යමවු මුන්ට ගහන්න’ කියලා. ඊට පස්සේ මේ මහා සෙනඟ ගිහිල්ලා රෙස්ට් හවුස් එක කුඩුකළා.
එතකොට විජය කුමාරතුංග වීරත්වයට ආවා. ජේ.ආර්.ට මූණ දෙන්න චරිතය මෙයා තමයි කියලා. එතකොට ජේ.ආර්.ට ඕක අනිවාර්යයෙන්ම යනවනේ. ජේ.ආර්.ට පේනවා මේ මැතිනිය ගෙදර හිටියට ඊට වඩා විජය පොපියුලර්, ඊට වඩා ජනකාන්තවාදී වෙනවා කියලා. ඒ පාර තමයි අර නැක්සලයිට් කියලා හෙන පට්ටපල් බොරුවක් කියලා විජය කුමාරතුංගව ඇතුළට දැම්මේ.
ප්‍රශ්නය
විජය කුමාරතුංග අපි දන්නේ සිනමා නළුවෙක් විදිහටනේ. එයා සාමාන්‍යයෙන් න්‍යායවාදියෙක්වත්, මාක්ස්-ලෙනින්වාදියෙක්වත්, එහෙම පොතපතේ දැනුම එකතු කරගත්ත මනුස්සයෙක්වත් නෙවෙයි. විජය 78 චන්ද්‍රිකාව බැඳලා වේගවත් ගමනක් ආවා. ඒ වගේම සෑහෙන බලයක් ගොඩනගාගෙන හිටියා. දැන් ඇත්තටම අතුරු මැතිවරණ හතරකටද කොහෙද ඉදිරිපත් වුණා. ඉල්ලපු ඡන්ද හතරෙන්ම පරාදයි. නමුත් දේශපාලනිකව ඉතාමත්ම බලවත් චරිතයක් බවට පත්වුණා. විජයට මෙන්න මේ කොටස ඩ්‍රයිව් වෙන්නේ කොහෙන්ද? ඒ කියන්නේ විජයගේ මොකක්ද තිබ්බේ එක්ස් ෆැක්ටර් එක?
ඒක තමයි පළවෙනි එක, විජයට අවම කොන්දේසි තියෙනවනේ දේශපාලනේ. අවම කොන්දේසිය තමයි විජය කුමාරතුංග කිව්වහම දන්නවා. එච්චරයි කතාව. ඊළඟට කාන්තාවන්ගේ පිරිමින්ගේ ආකර්ෂණය තියෙනවා මේ පුද්ගලයාට. ඒ කියන්නේ වැඩිය ඕනේ නැහැ, විජය කුමාරතුංගගේ කාර් එක කවුද දුන්නේ? රේණුකා හේරත් මැතිනිය. ලොකු චෝදනාවක් ආවා නේ රේණුකා හේරත් මැතිනියට? ඒ වගේම ඔහුට උදව් කළා කියලා හේමා ප්‍රේමදාසට චෝදනා තිබුණා. ඒ කියන්නේ එක්සත් ජාතික පක්ෂයේ බල කණුවල පවා යටි හිතේ මේ විජය කුමාරතුංග හිටියා. විජය කුමාරතුංග හිටියේ මාලනී ෆොන්සේකාගේ හිතේ විතරක් නෙවෙයි.
විජය චින්තනය කියලා එකකුත් ගොඩනැගුවා. අර බණ්ඩාරනායක චින්තනය වගේ විජය චින්තනය කියලා එකක්. එතකොට විජයට ඒ අවම කොන්දේසි තිබුණනේ දේශපාලනයේ. ඒ කියන්නේ විජයව දන්නවා. විජය එනකොට රැස්වීමට මිනිස්සු එක්රැස් වෙනවා. එතකොට ජේ.ආර්.ට මුහුණ දෙන්න මිනිහෙක් ඕනේ. එතකොට අර මහාචාර්ය කාලෝ ෆොන්සේකාලා, කොල්වින් ගුණරත්නලා ඒ ඔක්කොමලත් එක්රැස් වෙන්නේ මෙතැනට.
ඊළඟට මොහුගේ අනුගාමිකයෝ, ඇත්තටම විජය කුමාරතුංග මියගියාම මිනිහෙක් ගිනි තියාගත්තා මැරෙන්න. ඒ වගේ එහෙම හරිම ආවේගයෙන් ආවේශයෙන් එහෙම සෙට් වුණා එයාට. අර අවම කොන්දේසි නිසයි ඒක වෙන්නේ. අවම කොන්දේසි නිසා ඔහුට හරි ලේසියි සිනමාවේ වීරයාගේ චරිතය රඟපාන්න. හැබැයි මේ රන්ජන් රාමනායකගේ ලෙවල් එක නෙවෙයි. මේ වෙන ලෙවල් එකක විජය හිටියේ. සමාජවාදී, මානවවාදී, මානුෂිකවාදී, කතාබහ වුණත් යම් කිසි ප්‍රබුද්ධ ගතියක් එක්ක තමයි ගියේ.










