• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජීප් එක එරුණේ වස් වැදුණු නිසාද? කැබිලිත්තට ගිය අසීරු ගමන…! Sri Lanka Latest News

February 7, 2026
in Exclusive
Reading Time: 11 mins read
A A
ජීප් එක එරුණේ වස් වැදුණු නිසාද? කැබිලිත්තට ගිය අසීරු ගමන…! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අද අපි කැලෑ කොලමෙන් කතාකරන්න යන්නේ ජීවිත කාලය තුළදී අපිට ලබාගන්න පුළුවන් වෙනස්ම අත්දැකීමක් ගැන. අපි ලෝකයේ ජීවත් වෙන කාලවකවානුව තුළදී විඳින්න ඕනෙ දේවල් විඳිය යුතුයි. ඒක තමයි සොබාදහමෙන් අපට කියා දෙන පාඩම. සොබාදහමට අනුගත නොවන කිසිම දෙයක් මේ විශ්වයේ නැහැ කියන නියමය සදාතනිකයි. ඒ නියමයට පිටුනොපා ජීවත් වෙන්න හදන මිනිස්සු ඉන්නේ ටික දෙනයි. සොබාදහම එක්ක ගහකොළ, සතාසිවුපාවුන් සමග ගෙවුණු අතිසුන්දර හා ඒ වගේම ඉතා දුෂ්කර, භක්තිවන්ත, විශ්වාසවන්ත චාරිකා සටහනක් ඔබ වෙත ගෙන එන්නයි කැලෑ කොලමේ අපේ මේ සූදානම.Sri Lanka Latest News

21 වැනි සියවසේ දශක දෙකහමාරක් ගෙවුණු තැන ලෝකය පවතින්නේ විද්‍යාව හා තාක්ෂණය අතින් ඉතාම ඉහළ ස්ථානයක. කෙටියෙන්ම කියනවා නම් අඟහරු ලොවෙත් වතුර තිබෙනවාදැයි සොයන මට්ටමට මිනිසා හා විද්‍යාව දියුණු වෙලා. තත්ත්වය එසේ වුණත් සොබාදහම හා බැඳුණු මිනිසා තාමත් මේ ලෝකයේ නොපෙනෙන බලවේග, ඇදහිලි හා විශ්වාසයන් පිළිබඳ තියෙන්නේ භක්තිවන්ත මෙන්ම විශ්වාසවන්ත ළැදියාවක්.

ඒ විශ්වාසයන් හා ඇදහිලි අල්පමාත්‍රයක් තරමවත් අඩු වෙලා නැහැ කියන්න තරම් සත්‍ය සිද්ධීන් මේ විශ්වය තුළ වෙමින් පැවැතීම සහ වෙලා තියෙනවා. ලෝකයේ කොයි කොනේ කොහේ සිටියත් එම අත්දැකීම් ලබාගන්නට මිනිසුන් නිරන්තරයෙන්ම පෙලඹෙනවා. කැලෑ කොලමේ මෙම ලියුම්කරුටත් එවැනි අතිශය දුර්ලභ අවස්ථාවකට මුහුණ දීමට හා සම්බන්ධ වීමට අවස්ථාව ලැබුණා.

ඇදහිල්ල හා විශ්වාසය කියන කාරණාවලදී අපිට තර්ක කරලා දිනන්න බැහැ. ඒක පුද්ගලයාගෙන් පුද්ගලයාට ඒ මතය හා විශ්වාසය වෙනස් මුහුණුවරක් ගන්නවා. මට මේ ගමනට ආරාධනා ලැබුණේ ජනවාරි දෙවැනිදා.

‘අයියේ ගමනක් යන්න තියෙනවා පුළුවන්ද එන්න?’ ඒ මගේ කැලෑ කොලමේ ගමන් සගයා වන මිලින්ද වත්තෙගෙදර මල්ලිගෙන්.
‘කොහේද යන්නේ? කවදාද යන්නේ?’ එච්චරයි මම ඇහුවේ.

‘අපි යන්නේ කැබිලිත්ත. ඒක ලේසි පහසු ගමනක් නෙවෙයි. දවස් 21ක් මස් මාළු පිළිවෙලින් තොරව කිලිවලින් මිදිලා ඉන්න පුළුවන්ද?’ අහපු ප්‍රශ්නයට උත්තරය මම සැණෙකින් දුන්නේ, ‘පුළුවන්’ කියලා. ඒක ලොකු කැපකිරීමක්. සංකීර්ණ සමාජ වටපිටාවක් එක්ක ඉන්න අපිට ලොකු අභියෝගයක්. අභියෝග ජයගන්න නම් විශ්වාසය තියෙන්න ඕනේ, කැපකිරීම් තියෙන්න ඕනේ. එහෙම කරන්න පුළුවන් නම් ඕනෑම දෙයක් ජයගන්න පුළුවන්.

දින සති ගණන් වෙලා යන දිනය උදා වුණා. 26 වැනිදා සවස් කාලයේ අපේ කණ්ඩායම කතරගම බලා පිටත් වුණා. කිරිවෙහෙර හා කඳසුරිඳු වැඩසිටින කතරගම දේවාලය වැඳපුදා ගනිමින් අනතුරුව පසුදින හිමිදිරි පාන්දර අපිට අපේ කණ්ඩායමේ නඩේ ගුරා වන විමලේ අයියාව සම්බන්ධ කරගන්න පුළුවන් වුණා.

කැබිලිත්ත වන්දනාවේ වසර 30කට වඩා අත්දැකීම් ඇති සම්ප්‍රදායික ගැමියෙක් වන විමලේ අයියා තමා මෙතැන් සිට අපට අවශ්‍ය ගුරුහරුකම් අවවාද අනුශාසනා ලබාදෙමින් ගමනේ නායකත්වය ගත්තේ. විමලේ අයියා වසර 30ක පමණ කාලයක සිට කැබිලිත්ත දේව වන්දනාව සහ වනාන්තරය පිළිබඳ මනා අත්දැකීමක් තියෙන අත්දැකීම් බහුල වැඩිහිටියෙක්.

මුල් කාලයේදී වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් හැටියට සේවය කළ විමලේ අයියා ඊට පස්සේ කැබිලිත්ත වන්දනාවට සම්බන්ධ වී මේ වනවිට වාර තුන්දහසකට අධික ප්‍රමාණයක් කැබිලිත්තට ගොස් තිබීම අප කාගෙත් සිත් සැනසිල්ලට හේතුපාදක වුණා. ගම් නියම්ගම් පසුකරමින් අපි අතිදුෂ්කර ගමනේ ආරම්භය වන කොටියාගල පහුකරමින් ඉදිරියටම පැමිණියා.

ඉමක් කොනක් නොපෙනෙන බඩඉරිඟු හේන් වගාවල් පසුකරමින් අපි ක්‍රම ක්‍රමයෙන් මහා ඝන වනාන්තරයට පැමිණියා. උදෑසන පාතරාසය ගැනීමෙන් පසුව තමයි ගමනේ හොඳම හරිය පටන් ගත්තේ. හිරු එළිය යන්තමින් වැටෙන මහ වනය මැදින් ඉතා අබලන් මාර්ගයේ අපි ප්‍රවේශමෙන් ගමන් ගත්තා.

පළමුවෙන්ම කැබිලිත්ත දේවාලයට පිවිසෙන මාර්ගයේ පළමු ස්ථානය වන කුඩා කැබිලිත්ත මංපෙතේදී අපි පුරාණ චාරිත්‍ර වාරිත්‍ර ඉටුකිරීමෙන් අනතුරුව ගම්බාර අයියනායක කඩවර වැනි දෙවි දේවතාවුන්ගෙන් අවසර ගෙන කැබිලිත්ත අඩවියට ඇතුළු වුණා. එන්න එන්නම අතිදුෂ්කර ගමන් මාර්ගය මඩ වගුරුවලින් ගහනයි.

ඉතාම දුෂ්කර හරිය වන අලකොලේදී අපේ 4×4 ජීප් එක අඩි තුනක් විතර මඩේ එරෙන්න වුණා. දන්න ශිල්ප ඔක්කොම දැම්මත් අපේ වාහනය ගොඩගන්න බැරි තත්ත්වයක තියෙන වෙලාවේ තමයි කැබිලිත්ත වන්දනාවට යන තවත් සහෘදයන් තිදෙනෙක් ට්‍රැක්ටරයකින් අපි ඉන්න ස්ථානයට පැමිණියේ. ඒගොල්ලන්ගෙත් සහයෝගයෙන් ට්‍රැක්ටරයේ ආධාරයෙන් අපි දැඩි වෙහෙසක් දරා අපේ 4×4 වාහනය මඩ වගුරෙන් ගොඩගන්න කොට අපේ හොඳ හරිය ගිහිල්ලා. පැය එකහමාරක දෙකහමාරක විතර උත්සාහයකින් පස්සේ තමයි අපිට වාහනය ගොඩට ඇදගන්න පුළුවන් වුණේ. නැවතත් ටික දුරක් ගිය පසුව ‘කටුව’ කියන හරියේදී අපේ ජීප් රථය නැවතත් මඩ වගුරක එරුණත් කෙසේ වෙතත් අපි ඉතා පරිස්සමක් දරා වාහනය ඉතා නිරුපද්‍රිතව ගොඩඅරගෙන තවත් පැය කීපයක ගමනාන්තයකින් පසුව කැබිලිත්ත කුඹුක්කන් ඔය අසලට සේන්දු වුණා.

විමලේ, කපු මහතාගේ උපදෙස් අනුව අපි සවස් වරුවේ පූජාව තැබීමට පුරාණ චාරිත්‍ර වාරිත්‍ර අනුව පලතුරු පූජාව, මුරුතැන් පූජාව හා බුද්ධ පූජාව සකස් කිරීමට සූදානම් වුණා. පුරාණයේ විධික්‍රමවලට මුල්තැන දෙමින් සඳුන්, අගිල්, ගුග්ගුල්, දුම් හා විවිධ සුවඳ දුම් කුඩු හා බෙහෙත් වර්ග යොදාගනිමින් චාරිත්‍රානුකූලව උඩට උඩු වියන්ද හිසට ජටාද මුඛවාඩම්ද බැඳ පුරාණ රටාවන් පොළොවේ ඇඳ මුල්තැන් පූජාව සකස් කරන්නට අපිට පුළුවන් වුණා.

ඉන් පසුව කුඹුක්කන් ඔයට බැස ස්නානය කොට පිරිසිදු වී නොයිඳුල් පිරුවට හැඳගෙන කුඹුක්කන් ඔය තරණය කොට මුරුතැන් පූජාව, පලතුරු පූජාව හා බුද්ධ පූජාව රැගෙන අපි පළමුවෙන්ම එගොඩ බෝධිය අසල බුද්ධ පූජාව තැබීම සඳහා පිටත් වුණා. සවස් වන්නට වන්නට වළසුන්ගේ හා අනෙකුත් වනසතුන්ගේ කෑගැසීම් හා වනාන්තරයේ ගුප්ත බව අපට නිරන්තරයෙන්ම දැනෙන්න වුණා. හිරු බැස යන අවසන් හෝරාවේදී ඒ අද්භූත ඝන වනාන්තරය තුළ ස්වරූපය අපේ හිතට ගෙනෙන්නට වුණේ අමුතුම අත්දැකීමක්.
සිවුරු පූජාවකින් හා ගිලන්පස බුද්ධ පූජාවෙන් අනතුරුව මල් පහන් පූජා කොට, අපි නැවත සැරයක් කඳසුරිඳුන් ජීවමානව වැඩසිටිනවා යැයි චිරාත් කාලයක් විශ්වාස කරන මහා සියඹලාව අසල දේව පූජාවන් තැන්පත් කරන ස්ථානයට ළඟා වුණා.

විමලේ කපු මහතාගේ දේව කන්නලව් හා ස්තෝත්‍ර ගායනාවලින් පසුව අපි සුවඳ දුම් අල්ලා අවට පරිසරය පිරිසිදු කොට බෙහෙත් තෙල්වලින් පහන් දල්වා අවට පරිසරය ඒකාලෝක කරවනු ලැබුවා. පහන්වලින් දැල්වෙන ආලෝකය අපට දිස්වුණේ ඉතාම ගුප්ත බවක්. ස්තෝත්‍ර හා කවි ගායනාවලින් පසුව අපි ඉතා භක්තියෙන් සූදානම් කරගන්නා ලද පලතුරු පූජාව හා මුරුතැන් පූජාව දෙවියන්ට පූජා කිරීමෙන් අනතුරුව, කඳසුරිඳුන් එහෙමත් නැත්නම් කතරගම දෙවියන් වහන්සේ ජීවමානව වැඩසිටින මහා සියඹලාව අසලට පැමිණියා. මහා සියඹලාව දුටු සැණින් සිත්සතන්වලට එකතු වුණේ අමුතුම අත්දැකීමක්. එය ඉතාම ශාන්ත පරිසරයක අතුපතර විහිදී ඇති, මා ජීවිතයේ දුටු විශාලම සියඹලාව යැයි කිව්වොත් නිවැරදියි. එය අමුතුම ගුප්ත ස්වරූපයකින් අවට පරිසරයේ සිටින මහා වනපතියෙක් ලෙස විරාජමානව සිටිනවා.

සියලු චාරිත්‍ර වාරිත්‍ර නිසි අයුරින් ඉටුකිරීමෙන් අනතුරුව අපි නැවත වරක් තිත්ත කළුවරේ ගංඉවුරට පැමිණ ස්නානය කොට නවාතැන් කඳවුරට පැමිණියා.
මුරුතැන් පූජාව සියල්ලන්ටම බෙදා අනුභවයට ලබාදීම මෙම චාරිත්‍රයේ තවත් එක වැදගත් අවස්ථාවක්. මේ සියලු කාර්යයන් සඳහා කැබිලිත්ත යුද හමුදා අනුකණ්ඩයේ නිලධාරීන් අපට ලබාදුන් සහයෝගයට ඉතාමත්ම ස්තුතියි. 28 වැනි දින හිමිදිරි පාන්දර යාමයේ නැවත වතාවක් කඩවර දෙවියන්ගෙන් හා වන අඩවිය භාර අයියනායක දෙවියන්ගෙන් අවසර ගෙන අපි ගම්බිම් බලා පිටත් වුණා. හිත හොඳින් භක්තියෙන් කරන කිසිම දෙයක් කිසිම දිනක වරදින්නේ නැති බවට අත්දැකීම් ලත් බව මෙම සටහනේ අවසානයේ ලියා තැබිය යුතුයි.

කඳ සුරිඳු පිහිටයි…

සමන් හල්ලොලුව

SendShareShare
Previous Post

කෙළවගන්න ඉස්සෙල්ලා මේක කියවලා ඉන්න! කෙවිට අතට දුන්නේ අමුඩෙ අස්සේ ගහන් ඉන්න නෙවෙයි!Sri Lanka Latest News

Next Post

ගංගාරාමයට වැඩම කරවපු මොනවද මේ ‘දෙව්නිමෝරි’ සර්වඥ ධාතූන් වහන්සේලා? කොහොමද හම්බවුණේ? බ්‍රාහ්මී අක්ෂරයෙන් සහ සංස්කෘත භාෂාවෙන් ලියලා තිබ්බ පාඨය මොකද්ද? ගුජරාටයේ දෙව්නිමෝරි ගමට අද වෙලා තියෙන දේ? ධාතූන් වහන්සේලා බලන්න යනවා නම් මේ ලිපියත් කියවලාම යන්න! I Sri Lanka Latest News

MORE NEWS

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

Load More
අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

නීතිවිරෝධීව මෙරටට ගෙන්වන ලද නවීන ස්මාර්ට් ජංගම දුරකථන තොගයක් කොල්ලුපිටියේ පිහිටි සුපිරි සාප්පු සංකීර්ණයක බිම් මහලේ ගබඩාවක තිබී සොයාගෙන තිබේ.Sri...

Read more
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.