වැල්ලවාය මහෙස්ත්‍රාත් මංජුල රත්නායක මහතාගේ වැඩතහනම් කර තිබේ.Sri Lanka Latest News
පොලිස්පතිවරයාගේ පැමිණිල්ලක් අනුව අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් මෙම වැඩතහනම් කිරීම සිදුකර ඇත.
ඔහුගේ නඩු තීන්දු කිහිපයක් පිළිබඳ පොලිස්පතිවරයා විසින් අගවිනිසුරුවරයා වෙත කරන ලද පැමිණිල්ලක් මත අධිකරණ සේවා කොමිෂන් සභාව සිදුකරන විමර්ශනයක් මෙම වැඩතහනම් කිරීමට හේතු වී ඇති බව සඳහන් වෙයි.
ඊයේ (30) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙම නියෝගය ලබා දී ඇත.










