වත්මන් ආණ්ඩුව කිසිවිටකත් මාධ්‍ය මර්දනය සිදු නොකරන බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය විජිත හේරත් පවසනවා. (Sri Lanka Latest News)
අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (06) කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍ය මර්ධනයක් සිදුකරනවාද නැද්ද යන්න මාධ්‍යවේදීන් සිදු කළ ප්‍රශ්ණයට පිළිතුරු ලබා දෙමින්.
එහිදී ඔහු කියා සිටියේ අග්‍රාමාත්‍ය හරිනි අමසුරිය කිසිදික මාධ්‍ය වෙත තර්ජනය කිරිමක් සිදු කර නොකරන බවයි.
එතුමියගේ ආරක්ෂකයින් විසින් ආරක්ෂාව සපයා සිටියදී සිදු කල පුංචි සිදුවීමක් අල්ලගෙන මාධ්‍ය මර්ධනය කිරීමක් කරනවායැයි ප්‍රකාශක නොකළ යුතු බව අමාත්‍යවරයා මෙහිදී කියා සිටියා.
මාධ්‍ය භාවිතාවේදී මාධ්‍ය සදාචාරයන්ට අනුව වැඩ කිරීම මාධ්‍ය ආයතනවල වගකීම බව ඔහු පවසා සිටියා.
එමෙන්ම මාධ්‍ය ආයතනයක ප්‍රවෘත්තී ප්‍රචාරණය කරන විට එහි වගකීමෙන් සිදු කරන ලෙස ඔහු මෙහිදී කියා සිටියා.
මාධ්‍ය මෙහෙයවීමේ වගකීම මාධ්‍ය ආයතනවල සතු බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය විජිත හේරත් වැඩිදුරටත් කියා සිටියා.
hirunews










