• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

2024 T20 ගේම ගහන්න අපිටත් බැරිම නෑ ! Sri Lanka Latest News

June 2, 2024
in Exclusive
Reading Time: 5 mins read
A A
Share on WhatsAppShare on Facebook

ටී 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ වීමත් එක්ක ශ්‍රී ලංකාවට බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන්ද? මේ ගැන අපි සූදානම් මෙතැන් සිට සවිස්තරව විස්තර කරන්න ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන්, ඔවුන්ගේ දක්ෂතා, ඔවුන්ගෙන් බලාපොරොත්තු වුණු දක්ෂතා ඇතුළු කරුණු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ මේ වසරේ ඉන්න ප්‍රමුඛතම තුරුම්පුව මොකක්ද? ඇත්තටම අපිට හිතෙනවා මේ වෙලාවේ ලංකාවේ ප්‍රධානතම තුරුම්පුව වෙන්නේ වනිඳු හසරංග කියලා. වනිඳු හසරංග ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරන්නේ තුන් ඉරියව් ක්‍රීඩකයෙක් විදියට. ඔහු ජාතික කණ්ඩායමේ නායකයා ලෙසත් ටී-20 තරග සඳහා ක්‍රීඩා කරමින් ඉන්නවා. වනිඳු දඟපන්දු පවන්නකු ලෙස ඉතාම හොඳින් මේ වනවිට දක්ෂතා දක්වමින් ඉන්නවා. ලෝක ශ්‍රේණිගත කිරීම්වලට අනුව 1 – 2 වැනි ස්ථානවල නිතරම ඔහු රැඳී ඉන්නවා. ඒ වගේම වනිඳුට මැද පෙළ පිතිකරුවකු ලෙස සාර්ථක වීමේ හැකියාව තියෙනවා. අපි දැක්කා වරක් වනිඳු ආරම්භක පිතිකරුවකු ලෙස එල්.පී.එල්. තරගාවලියේදී පිතිකරණයේ යෙදන ආකාරය. ඔහු ඇතැම් වෙලාවට අංක 4 ස්ථානයෙත් පිතිකරණයේ යෙදෙනවා. තවත් අවස්ථාවල 5-6 ස්ථානවලත් ක්‍රීඩා කරනවා. ඔහු පවර් හිටර් කෙනකු ලෙසත් කටයුතු කරන බව අපි දැක්කා. ඒ නිසා ඒ තරගාවලියේ ඉතා තීරණාත්මක අවස්ථාවලදී වනිඳුට පුළුවන් වෙයි තමන්ගේ ස්ථානය වෙනස් කරමින් ප්‍රථම පන්දු වාර කීපයේදී හදිසියේම කඩුල 4ක් 5ක් බිඳවැටුණොත් පවර් හිටර්ස්ලා විදියට ක්‍රීඩා කරන ක්‍රීඩකයන්ට සිදුවෙනවා මේ පවර් හිටින් කියන ක්‍රීඩා විලාසය පැත්තක තියලා තරගයේ යම් ආකාරයකට මුල් කොටසේදී අලුත් පන්දුවකට නිරාවරණය වෙන්න. එහෙම වුණොත් තත්ත්වය ටිකක් භයානකයි. ඔවුන්ගේ පවර් හිටින් ස්කිල් එක වෙනුවට ඔවුන්ට පෙන්වන්න සිදුවෙනවා කඩුල්ලේ රැඳී සිටීමේ අවශ්‍යතාව. ඒ නිසා වනිඳුට පුළුවන් මේ විදියට මේ කණ්ඩායමේ බැලන්ස් එක පවත්වාගෙන යෑමේ හැකියාව ප්‍රදර්ශනය කරන්න. (Sri Lanka Latest News)

වනිඳු හසරංග ගැන කතාකළාට පස්සේ අපිට ඊළඟට කතාකරන්න සිදුවෙනවා තුන් ඉරියව් ක්‍රීඩකයෝ කිහිප දෙනෙක් ගැන. ඒ වගේම මතීෂ පතිරණ ගැනත් කතා කළ යුතුයි. මතීෂ කියන්නේ වැඩිම කතාබහට ලක්වෙච්ච ක්‍රීඩකයා පහුගිය කාලය ඇතුළත. ඒකට හේතුව තමයි චෙන්නායි සුපර් කිංස් කණ්ඩායම නියෝජනය කරමින් ඔහු දැක්වූ දක්ෂතා. ඔහුට චෙන්නායි කණ්ඩායම අවසන් වශයෙන් නියෝජනය කරන්න ලැබෙන්නේ නෑ. අවසානයේදී චෙන්නායි කණ්ඩායම පරාජයට පත්වෙනවා. එහිදී මතීෂගේ නැතිවීම ඔවුන්ට තදින් බලපෑ බව කියැවෙනවා. මතීෂ කියන්නේ පැයට කිලෝමීටර් 150ක වේගයෙන් පන්දු යවන්න පුළුවන් ක්‍රීඩකයෙක්. ඒ වගේම ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට මෙතෙක් තිබුණු හිස්තැනක් වෙච්ච අවසාන පන්දු වාර සඳහා හොඳින් පන්දු යැවිය හැකි ක්‍රීඩකයෙක්. ප්‍රහාරාත්මක ක්‍රීඩකයෝ අවසාන පන්දු වාරවලදී අවශ්‍යයි වගේම ප්‍රහාරත්මක පිතිකරුවන් මර්දනය කරන්න පුළුවන් පන්දු යවන්නොත් අවසාන පන්දු වාර කිහිපයේදී අවශ්‍යයි. ඒ වැඩේ කරන්න මතීෂට පුළුවන් වෙයි කියලා අපි විශ්වාස කරනවා.

මතීෂගෙන් පස්සේ අලුත් තරුවක් වෙච්ච නුවන් තුෂාරව හඳුන්වන්න පුළුවන්. ඔහු වේග පන්දු යවන්නෙක්. නුවන් ජාතික කණ්ඩායම විශාල වශයෙන් නියෝජනය කළ ක්‍රීඩකයෙක් නෙවෙයි. ඔහුට ඉතා කලාතුරකින් තමයි ජාතික කණ්ඩායම නියෝජනය කරන්න අවස්ථාව ලැබුණේ. පහුගිය දවසක බංග්ලාදේශ සංචාරයේදී ඔහුට අවස්ථාව ලැබුණු වහාම ඔහු කඩුලු ත්‍රිත්වයක් දවාගන්නවා. ඔහු පහුගිය කාලයේදී ලෝක මට්ටමින් හොඳම ක්‍රීඩකයන්ට පන්දු යවලා සහ ඉතා ඉහළ දක්ෂතා දක්වපු ක්‍රීඩයන් සමග කටයුතු කරලා හොඳින් අත්දැකීම් ලබාගත්ත තරුණයෙක් විදියටයි අපට සලකන්න පුළුවන්. ඒ නිසා මේ කණ්ඩායමට අවශ්‍යතාව අනුව බොහෝ වෙලාවට නුවන් තුෂාරව යොදාගන්න පුළුවන් වෙයි. විශේෂයෙන්ම තරගය ආරම්භ කරමින් පන්දු යැවීමේ හැකියාව ඇති කෙනෙක් විදියටත් නුවන් තුෂාරව හඳුන්වා දෙන්න පුළුවන්. අපි දැක්කා මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම නියෝජනය කරන විටත් ඔහුගේ ක්‍රීඩා විලාසය. ඔහුව පවර් ප්ලේයර් එකේ පන්දු යවන්නෙක් විදියට පාවිච්චි කරන්නට පුළුවන් වීම ශ්‍රී ලංකාවට වැඩි වාසියක් අත්කර දෙන සිදුවීමක් වෙයි.
ඊට අමතරව මහේෂ් තීක්ෂණ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරන නිත්‍ය ක්‍රීඩකයෙක් බවට පත්වෙලා තිබෙනවා. මහේෂ් දඟ පන්දු යවන්නෙක්. මහේෂ්ටත් අයි.පී.එල්. තරගාවලියේදී දෝනි යටතේ කටයුතු කරමින් ජඩේජා වැනි ස්පිනර්ස්ලාත් එක්ක කරට කර තරග කරමින් ඉතා තරගකාරී පිතිකරුවන්ව දවාගැනීමේ හැකියාව සහිත ක්‍රීඩකයෙක් බවට පත්වෙලා තියෙනවා. ඒ නිසා ඒකත් අපි විශ්වාස කරනවා ශ්‍රී ලංකාවට හොඳ වාසියක් අත්වෙන කාරණයක් වේව සහ විශේෂයෙන්ම මහේෂ් තීක්ෂණ කියලා කියන්නේ පවර් ප්ලේයර් එකේ පන්දු යවන්න පුළුවන් ස්පිනර් කෙනෙක්. යම් හෙයකින් දිගින් දිගටම අපේ වේග පන්දු යවන්නන් ගුටිකන්න පටන්ගත්තොත් අපිට පුළුවන් මහේෂ් තීක්ෂණව 5-6 වගේ පන්දු වාරයකදී ඉක්මනින් එළියට ගන්න. එහෙම නැත්නම් සමහර විට තරගය ආරම්භ කරන්නත් මහේෂ් තීක්ෂණට පුළුවන් පළමු පන්දු වාරය යවලා. අපි දන්නේ නැහැ මේ තණතිලිවල ස්වභාවය. ඇමෙරිකාවේ තණතීරු කෙසේ වෙතත් බටහිර ඉන්දීය කොදෙව් තණතීරු එතරම් වේගවත් තණ තීරු බවට පත්වෙන්නේ නැහැ. ඒ වගේම ඇතැම් විට දඟ පන්දු යවන්නන්ට වැඩි වාසිසහගත තණතීරු කිහිපයක් ලැබුණොත් ඒ තණතීරුවලදී අපේ වේග පන්දු යවන්නන්ට ඒ බලය වෙනුවට අපිට පුළුවන් ඊළඟ ඔප්ෂන් එකක් විදියට පාවිච්චි කරන්න මේ ක්‍රීඩකයන්ව.

ඊළඟට ජාතික කණ්ඩායමේ තවත් වැදගත් ස්ථාන කිහිපයක් ගැන කතා කරන්න අපිට සිදුවෙනව. මේ කණ්ඩායම නියෝජනය කරනවාද නැද්ද කියන එක කෙසේ වෙතත් කණ්ඩායමේ ඉන්නවා දුෂ්මන්ත චමීර. දුෂ්මන්ත චමීර සහ මහේෂ් තීක්ෂණ, නුවන් තුෂාර කියන වේග පන්දු යවන්නන් තුන්දෙනාටම පුළුවන්ද සෙල්ලම් කරන්න කියන ප්‍රශ්නය අපිට තියෙනවා. නමුත් වේග පන්දු යවන්නන් දෙදෙනෙක් එක්ක තමයි අපිට පිටියට බහින්න සිදුවෙන්නේ. ඒත් දුෂ්මන්තත් ඉන්නවා ජාතික කණ්ඩායමේ. දුෂ්මන්ත පැයට කිලෝමීටර් 150ක වේගයෙන් පන්දු යවන්නට හැකි, ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්න අත්දැකීම් බහුල ක්‍රීඩකයෙක් විදියටත් හඳුන්වා දෙන්න පුළුවන්. ඔහු ජයග්‍රහණය කරන ලද කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම නියෝජනය කරමින් පන්දු යැවූ ක්‍රීඩකයෙක්. ඔහු හොඳින් පන්දු යැවූ ක්‍රීඩකයෙක්. එකම අවාසනාවන්ත සිදුවීම වුණේ ඔහු ආබාධවලට ලක්වීම. නමුත් ඉදිරියේදී ඔහු ආබාධවලට ලක් නොවී හිටියොත් කිසි ගැටලුවක් වෙන්නේ නැහැ.

ඩිල්ෂාන් මදුශංක විශාල ලන්සුවකට අලෙවි වෙච්ච ක්‍රීඩකයෙක්. අවාසනාවට ඔහුට ලැබෙන්නේ නෑ ක්‍රීඩා කිරීමේ වරම. ඒ නිසා ඔහුට අයි.පී.එල්. තරගාවලියෙන් සම්පූර්ණයෙන් ඉවත් වෙන්න සිදුවෙනවා. නමුත් එහෙම කියලා ඔහුව අමතක කරන්න බැහැ. ඔහුටත් පුළුවන් හොඳින් පන්දු යවන්න. ඔහුව පාවිච්චි කරන්න පුළුවන් පවර් ප්ලේයර් එකේදී අවශ්‍ය නම්. වේග පන්දු යවන්නෝ හැමෝම අවශ්‍ය නොවුණත් අපිට ඉන්නවා අතිරේක ක්‍රීඩකයන් විදියට දක්ෂ වේග පන්දු යවන්නන් පිරිසක්. ඔවුන්ගෙන් කණ්ඩායම ඇතුළට ගන්නේ කොයි ක්‍රීඩකයාද කියන එක තරගකාරී මට්ටමක තියෙන්නේ. ඒ ගැන ඇත්තටම අපිට තියෙන්නේ ආඩම්බරයක්.

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ප්‍රශ්නය වෙන්නේ වෙනදා වගේම පිතිකරුවන්ගේ ප්‍රශ්නය. අපිට ඉන්නවද හොඳින් ක්‍රීඩා කරන පිතිකරුවෝ කියන ප්‍රශ්නය. ලෝකය පුරාම අපි ගැන කතාකරද්දී කියන එක කාරණයක් තමයි අපිට පවර් හිටර්ස්ලා නැහැ කියන එක. හැබැයි පවර් හිටර්ස්ලා කියන අයට අමතක වෙච්ච කාරණයක් තියෙනවා. ඒ තමයි අපේ කණ්ඩායමේ ඉන්න හොඳම පවර් හිටර් වෙන කවුරුවත් නෙවෙයි දසුන් ශානක කියන එක. දසුන් ශානක ඔස්ටේ්‍රලියාවේදී දියත් කරන ලද ඉනිම, ඒ වගේම බී.පී.එල්.වලදී දසුන් ශානක බංග්ලාදේශ පන්දු යවන්නන්ට එල්ල කරපු පහරවල්, ඉන්දියාවේදී ඔහු ලබපු සාර්ථකත්වය ඇතුළු හැමදේම තුළ අපට පේනවා අපේ වෙලාවට හරි ගියොත් අපිට ඉන්න හොඳම තරග නිමා කරන්නා දසුන් ශානක බව. දසුන් ශානක කණ්ඩායමේ ඉන්න එකේ තියෙන තව වාසියක් තමයි ඔහු අත්දැකීම් සහිත ක්‍රීඩකයෙක් වීම. ඔහු නායකයෙක් ලෙස කටයුතු කරලා තියෙනවා. ලෝකය පුරාම ටී-20 තරගවලදී ඔහු කණ්ඩායම නියෝජනය කරපු, නායකත්වය දරපු ක්‍රීඩකයෙක් වීම. ඒ වගේම දසුන්ට පන්දු වාරයක් දෙකක් යවාගන්න පුළුවන් කියන වාසියත් අපිට තියෙනවා. පහුගිය කාලය තුළ අපි දැක්කා දසුන් සාමාන්‍යයෙන් පන්දු වාර 2ක් යවනවා. ඒ දෙකේදී ඔහු අනිවාර්යයෙන්ම කඩුල්ලක් දවාගන්නවා. අපිට වැඩිපුර පවර් හිටින් කාලයේදී නැතුව ඕවර් 15 සහ පවර් ප්ලේයර් නිමාවෙලා තියෙන කාලය තුළ දසුන් ශානකගේ ඕවර් 2ක් විතර අපිට පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. එදා දසුන් සාර්ථකයි නම්, දසුන්ගේ පන්දුවලින් කඩුලු බිඳවැටෙනවා නම්, ප්‍රතිවාදීන්ට ලකුණු ලැබෙන්නේ නැත්නම්, අපිට පුළුවන් දසුන්ව පන්දු වාර 4 සඳහාම පාවිච්චි කරන්න වුණත්.

දසුන් කණ්ඩායමේ ඉන්නකොටම දසුන් එක්කම කණ්ඩායමේ ඉන්නවා ඇන්ජලෝ මැතිව්ස්. ඔවුන් දෙන්නා එක ළඟ ක්‍රීඩා කරන අවස්ථාත් අපි දැකලා තියෙනවා. ඇන්ජලෝ කියන්නෙත් හොඳ තරග නිමාකරන්නෙක්. අවාසනාවකට ඔහුට නිසි අවස්ථාව ලැබුණේ නැහැ සමහර අවස්ථාවලදී. හොඳ හයේ පහරවල් ගහන්න පුළුවන් ශක්තියක් ඔහුට තියෙනවා. ඒ වගේම මැතිව්ස්ටත් පන්දු වාරයක් දෙකක් යවාගන්න බැරි නැහැ. යම් යම් අමනාපකම් නිසා කණ්ඩායමෙන් ඉවත් වීම සහ ආබාධ නිසා කණ්ඩායමට ඇතුළත් වීමට බැරී වීම වගේ ප්‍රශ්න නොතිබුණා නම් ඔහු අද ලෝක පූජිත ක්‍රීඩකයෙක් වෙන්න තිබුණා. මැතිව්ස්ටත් පන්දු වාරයක් දෙකක් යවාගන්න පුළුවන් නිසා දසුන්ට සහ මැතිව්ස්ට 7, 7, 8 වැනි ස්ථානවල පිතිකරණයේ දෙන්නත් පුළුවන්. මුල් පෙළ පිතිකරුවෝ හොඳින් ලකුණු රැස් කළා නම් දසුන්ගෙන් සහ ඇන්ජලෝගෙන් ඉතා හොඳ ප්‍රයෝජනයක් අපිට ගන්න පුළුවන් වෙයි. මොකද මේ දෙන්නාව පන්දු වාර 6, 7, 8, 10 වගේ කාලය තුළ නිරාවරණය නොවී පන්දු වාර 15න් පස්සේ මේ දෙන්නට පිටියට එන්න අවස්ථාව දෙන්න පුළුවන් නම් අනිවාර්යයෙන්ම දසුන්ට සහ ඇන්ජලෝට පහසුවෙන් ලකුණු රැස්කරන්න අවස්ථාව ලැබෙයි. ඇන්ජලෝගෙයි දසුන්ගෙයි තියෙන්නේ වෙනස් ස්කිල් දෙකක්. ඇන්ජලෝට ආපු ගමන් ලකුණු ගන්න පුළුවන්. දසුන් සාමාන්‍යයෙන් එහෙම නෑ. දසුන් පළමු පන්දු 10දී විතර ඉතා අඩු ලකුණු සංඛ්‍යාවක් තමයි ලබාගන්නේ. පසුව ඔවුන් දෙදෙනාම ලකුණු අතරට ඒවි. හරියට සහ මොළෙන් ගැහුවොත් ඇන්ජලෝ මැතිව්ස් සහ දසුන් ශානක කියලා කියන දෙන්නම අපිට ඉන්න බර අවි දෙකක් සහ ඒ දෙක හරියට ක්‍රියාත්මක වුණොත් අපිට මේ තරගාවලිය ජයග්‍රහණය කිරීම ලෝක කුසලානය ජයග්‍රහණය කිරීම ඒ තරම් අපහසු කාර්යයක් වෙන එකක් නැහැ. නමුත් අපි දන්නේ නෑ මොකෙන් මොකක් වෙයිද කියලා. මේ වෙලාවේ මේ දෙන්නම එච්චර ෆෝම් එකේ ඉන්න බවක් පේන්න නෑ. නමුත් ඔවුන් දෙන්නා පහුගිය තරගාවලිවලදී හොඳ සහයෝගීතාවකින් ක්‍රියාත්මක වන විදිය අපි දැක්කා. තමන්ගේ තියෙන පෞද්ගලික ප්‍රශ්න, කෝන්තර, යාළු මිත්‍රකම් ඉස්සරහට නොගෙන මේ ක්‍රීඩකයෝ දෙන්නව හරියට පාවිච්චි කළොත් ලංකාවට වැඩි වාසිසහගත අවස්ථාවක් වෙයි මේ දෙන්නා.

කුසල් මෙන්ඩිස්. කුසල් මෙන්ඩිස් කියනවාට වඩා ඔහුට ගැළපෙන නම අකුසල් මෙන්ඩිස්. ජාතික කණ්ඩායමටත් ඇවිල්ලා ජාතික කණ්ඩායමට හොඳින් ක්‍රීඩා කරලා රටේම අප්‍රසාදයම හැමදාම දිනාගන්න ක්‍රීඩකයෙක් විදියට කුසල්ව අපිට තෝරගන්න පුළුවන්. කුසල් කොච්චර කළත් අපිටත් මතක තියෙන්නේ කුසල් ගහපු බින්දු, කුසල් කරපු නරක වැඩ. නමුත් කුසල් කියලා කියන්නේ ලංකාවේ ඉන්න විශිෂ්ටතම ක්‍රීඩකයෙක්. ලෝකෙ ඉන්න හොඳම ක්‍රීඩකයෙක්. කුසල්ට හොඳ ආරම්භයක් ලබාගන්න පුළුවන්. අපිට මතකයි දකුණු අප්‍රිකාවට පහුගිය වතාවෙදී කුසල් ගහපු ඉනිම. විශේෂයෙන් පවර් ප්ලේයර් එක ඇතුළේ හොඳ ලකුණු ප්‍රමාණයකට යන්න පුළුවන් ක්‍රීඩකයෙක් තමයි කුසල් කියන්නේ. නමුත් වැදගත්ම දේ මැච් එක ඇතුළේ හරියට ක්‍රියාත්මක වෙන්න ඕනේ කොහොමද කියන එක නොදැන ඔහේ හයේ පාරවල් ගහලා වැඩක් නෑ. හයේ පාරවල් අවශ්‍ය මොහොතේදී අවශ්‍ය විදියට ගහලා අවශ්‍ය පන්දුවේදී කඩුල්ල ආරක්ෂා කරගෙන හොඳ ඉනිමක් ක්‍රීඩා කළොත් කුසල් ලංකාවේ ජයග්‍රාහකයා බවට පත්කිරීමේ ගමනේ නියමුවා බවට පත්වෙන්න පුළුවන් ක්‍රීඩකයෙක්.
ඊළඟට පැතුම් නිශ්ශංක. ඔහු එක්දින තරගවලට ඉතා හොඳින් ගැළපෙන, නමුත් ටී-20වලට නොගැළපෙන ක්‍රීඩකයෙක් විදියට තමයි නමක් දිනාගෙන තියෙන්නේ. නමුත් පැතුම්ට පුළුවන් වුණොත් පැතුම්ගේ හරි මැච් එක ගහන්න, ඒ වගේම පැතුම්ට වගකීමක් තියෙනවා අපි කලින් කිව්වා වගේ පවර් ප්ලේයර් එකේදී නැත්නම් අලුත් පන්දුවේදී අපේ පවර් හිටර්ස්ලාට අලුත් පන්දුවට මුහුණ දෙන්න අවස්ථාව හදන්නේ නැතුව ඔවුන්ට පන්දු වාර 12-13-14 ඉඳලා ගහන්න පුළුවන් විදියට කඩුලු ආරක්ෂා කරගෙන ඉනිමක් දියත් කරන්න පුළුවන් නම් ඒක තමයි වැදගත් වෙන්නේ. පැතුම්ට පුළුවන් එක අන්තයක් ආරක්ෂා කරගෙන ස්ට්‍රයික් රේට් එක 100ට උඩින් තියාගෙන ලකුණු රැස් කරන්න. එහෙම වුණොත් පැතුම්ට පුළුවන් ජයග්‍රහණයේ නියමුවා බවට පත්වෙන්න.
පැතුම් එක්ක අනෙක් පැත්තෙ ගහන්නේ කවුද කියන එක ගැන ප්‍රශ්න කිහිපයක් තියෙනවා. කණ්ඩායම ඇතුළේ ඉන්නවා සදීර සමරවික්‍රම. සදීරටත් ලොකු ලකුණු ගානකට යන්න හොඳ පන්දු ගානකට මුහුණ දෙන්න ඉඩකඩ තියෙනවා ඕනෙ තරම්. ඒකට හේතුව සදීර එන්නේ මුල්පෙළ පිතිකරුවෙක් විදියට පළමු විකට් 3 ඇතුළේ සදීර අනිවාර්යයෙන් පිටියට එනවා. ඒ නිසා සදීරටත් හොඳින් අවස්ථාව තියෙනවා තමන් ඉන්න තැන ආරක්ෂා කරගෙන වැඩි දායකත්වයක් ශ්‍රී ලංකා කණ්ඩායමට ලබාදෙන්න.

ඊළඟට චරිත් අසලංක. චරිත් අසලංක කියන්නේ වැඩි උස මහත ක්‍රීඩකයෙක් නොවුණත් හොඳ පහරවල් තියෙන ක්‍රීඩකයෙක්. මේ තරගාවලියේදී අපි ගොඩක් බලාපොරොත්තු තියාගෙන ඉන්න ක්‍රීඩකයෙක් විදියට සලකන්න පුළුවන් මේ ක්‍රීඩකයා. නමුත් අපි දන්නවා සමහර වෙලාවට අපිට හිතෙනවාට වඩා අවාසනාවන්ත දේවල් වෙනවා. ඒ නිසා අපිට එහෙම හිතන්න බැහැ ඔවුන් කොච්චර ලකුණු ගානක් එයිද කියන එක ගැන තර්ක කරන්න බැහැ. නමුත් අපි දන්නවා ඔහු හොඳින් ලකුණු අතර ඉන්න පුළුවන් ක්‍රීඩකයෙක් බව. හයේ පහරවල් ගහන්න පුළුවන් ක්‍රීඩකයෙක්. ඔහුගේ ස්ථානය බොහෝ විට අංක 4. මේක හරිම තීරණාත්මක ස්ථානයක්. ලෝක ක්‍රිකට්වල අරවින්ද ද සිල්වා ශ්‍රී ලංකාවේ අංක 4 ස්ථානයේ ක්‍රීඩා කළා. සංගක්කාර ක්‍රීඩා කළා. මහේල ක්‍රීඩා කළා. මේක ස්ථාවර තැනක්. මේ ස්ථානයේ ඉඳලා හොඳ ඉනිමක් දියත් කළොත් ඔහුට ලකුණු 50ක් ගහන්න පුළුවන් නම්, පහසුවෙන්ම අපි කියන පන්දු වාර 15 වෙනතුරු පවර් හිටර්ස්ලට එන්න නොදෙන පරිසරය නිර්මාණය කරන්න පුළුවන්. ඔහුටත් පුළුවන් පවර් හිටර් කෙනකුට මාරු වෙන්න. ඒ නිසා අපිට බලාපොරොත්තු තියාගන්න පුළුවන් ක්‍රීඩකයෙක් විදියට චරිත් අසලංකවත් හඳුන්වා දෙන්න පුළුවන්.

කමිඳු මෙන්ඩිසුත් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ඉන්න එක ඉතා වැදගත්. කමිඳු සුවිශේෂ ක්‍රීඩකයෙක්. ඔහුගේ ඉනිම් ටිකක් අපි දැක්කා පහුගිය කාලේ. කමිඳු වේගයෙන් ලකුණු රැස්කරන්න පුළුවන් ක්‍රීඩකයෙක්. කඩුල්ල ආරක්ෂා කරගන්නත් පුළුවන් ක්‍රීඩකයෙක්. ඒ වගේම තමයි කමිඳුගේ විශේෂත්වය. ඔහුට පන්දු යවන්න පුළුවන්. ඔහුට අත් දෙකෙන්ම පන්දු යවන්න පුළුවන්. අත් දෙකෙන්ම පන්දු යැවීමත් විශේෂයි. ඒකට හේතුව බැටින්වලදී සාමාන්‍යයෙන් වමත් සහ දකුණත් පිතිකරුවන්ගේ සුසංයෝගයක් පිටියේ ඉන්න වෙලාවට අපි දන්නාව පාදඟ පන්දු යවන්නන්ට සහ පිටදඟ පන්දු යවන්නන්ට වැඩි වාසි තියෙන්නේ එක ක්‍රීඩකයෙක්ට විතරයි. වමත් පිතිකරුවාගෙන් වාසිසහගත ක්‍රීඩකයාට බොහෝ වෙලාවට දකුණත් පිතිකරුවාට පුළුවන් ලකුණු රැස් කරන්න. නමුත් මෙතැන වෙන දේ තමයි වමත් සහ දකුණත් දෙකෙන්ම ඔහුට පන්දු යවන්න පුළුවන් වීම නිසා ඔහුට අවශ්‍ය නම් පුළුවන් කණ්ඩායමේ ඉන්න මේ ක්‍රීඩකයෝ වර්ග දෙකම පාලනය කරන්න.

ධනංජය ද සිල්වා. ධනංජය ද සිල්වා කණ්ඩායමට ඇතුළත් වීමම ප්‍රශ්නයක් වෙලා තියෙනවා. මම විශ්වාස කරනවා ධනංජය ද සිල්වා කණ්ඩායම ඇතුළේ ඉන්න එකට කාරණා කිහිපයක් බලපානවා. එකක් තමයි ඕනෑම ස්ථානයක පන්දුවට පහර දෙන්න පුළුවන් ක්‍රීඩකයෙක්. අවශ්‍ය නම් ආරම්භක පිතිකරුවෙක් විදියට, අංක 2, අංක 4 එහෙමත් නැත්නම් අංක 8දී වුණත් පිටියට එන්න පුළුවන් ක්‍රීඩකයෙක්. ඔහුට පන්දු යවන්නත් පුළුවන්. ඇත්තටම පාට්ටයිමර් කෙනෙකුටත් වඩා ඔහු ශ්‍රී ලංකාවේ නිත්‍ය පන්දු යවන්නකු විදියට පහුගිය කාලේ ක්‍රීඩා කළා. මේ තරගාවලියේදී මොහුව කණ්ඩායමට ඇතුළත් කරනවා නම් දසුන් හෝ මැතිව්ස්ට අනිවාර්යයෙන්ම එළියේ ඉන්න සිදුවෙනවා. ඔහු කණ්ඩායම ඇතුළේ ඉන්නවා නම් ඔහුට පුළුවන් පළමු පන්දු වාරය පවා යවන්න. ඒ වගේම අපි දන්නවා දඟපන්දු යවන්නන්ට වාසිසහගත තණතීරුවලදී මැතිව්ස් සහ දසුන් කියන දෙන්නම කණ්ඩායමේ ඉඳීමෙන් ලොකු ප්‍රයෝජනයක් ඇතියි කියලා මම හිතන්නේ නෑ. මොකද ඒකට හේතුව ඔවුන් දෙන්නටම පුළුවන් මඳ වේග පන්දු යවන්න. පිට්ටනිය වේග පන්දු යවන්නන්ට සහාය නොදක්වන අවස්ථාවලදී පැයට කිලෝමීටර් 120ට අඩුවෙන් පන්දු යවන්නෙකුට තරගයක වැඩි වාසියක් නැත්නම් අපිට පුළුවන් මේ දෙන්නගෙන් එක්කෙනෙක් එළියේ තියලා ඒ වෙනුවට කණ්ඩායම ඇතුළට ගන්න ධනංජය ද සිල්වා. ඔහුටත් හයේ පහරවල් එල්ල කරන්න පුළුවන්. ඔහු වැඩිය පීඩනයක් ඔළුවට ගන්නේ නැති ක්‍රීඩකයෙක් නිසා කණ්ඩායම ඇතුළේ ඔහු ඉන්න එකත් යම් වාසිසහගත බවක් වේවි කියලා අපිට කියන්න පුළුවන්.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ට්‍රැවලින් රිසෝර්ස්ලා විදියටත් ක්‍රීඩකයෝ කිහිප දෙනෙක් යනවා. ඔවුනුත් අවශ්‍ය වෙන්න පුළුවන් සමහර වෙලාවට. ඒ අයව කණ්ඩායමේ අවශ්‍ය අවස්ථාවලදී යොදාගන්න තමයි පාවිච්චි කරන්නේ. අපි දන්නේ නෑ ඔවුන් මොන විදියට කණ්ඩායම ඇතුළේ ඉඩකඩ ඔවුන්ට හැදේවිද කියලා. සමහර විට ඔවුන්ට අවස්ථාව නොලැබෙන්නත් පුළුවන්. අසිත ප්‍රනාන්දු, වියාකාන්ත්, භානුක රාජපක්ෂ සහ ජනිත් ලියනගේ. ජනිත් ලියනගේ කියන්නේ හොඳ ක්‍රීකඩයක්. ඔහු ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙක්. ඔහුට හොඳ අවස්ථා ලැබුණා. ඒ අවස්ථාවලදී ඔහු හොඳින් ප්‍රයෝජන ගත්තා. හැබැයි ඒ ටී-20 නෙවෙයි, එක්දින තරගවලදී. අපි දන්නවා භානුක කියන්නේ හොඳ පවර් හිටර් කෙනෙක්. වේගයෙන් ලකුණු රැස්කරන්න පුළුවන් කෙනෙක්. අවාසනාවකට ඔහු පහුගිය කාලයේම දක්ෂතා අතර හිටියේ නෑ. භානුක ආන්දෝලනාත්මක ක්‍රීඩකයෙක්. භානුක කණ්ඩායමට ඇතුළත් කරන්න ගියාම ප්‍රශ්න ගොඩක් වුණා. භානුක කණ්ඩායමෙන් ඉවත්වෙන්නත් ගියා. මේ වගේ අවස්ථා ගොඩකදී ඔහු ගැන කතාබහට ලක්වුණා. හැබැයි අපි දැක්කා භානුක ටී-20 තරගය සඳහා කණ්ඩායම තෝරාගැනීමේ තරගවලදී ඉතා වේගයෙන් ලකුණු රැස්කරමින් හොඳ ඉනිමක් ගොඩනගපු ආකාරය. ඒ නිසා භානුකට ට්‍රැවලින් රිසෝස් කෙනෙක් විදියට මේ කණ්ඩායමත් එක්ක යන්න පුළුවන් වුණා.

අසිත ප්‍රනාන්දු කියන්නේ වේග පන්දු යවන්නෙක්. වේග පන්දු යවන්නන් ආබාධවලට ලක්වීම වගේ ප්‍රශ්නවලදී අපට අසිත යන එක ප්‍රයෝජනවත් වෙයි. මොකද අපි දන්නවා චමීර නිතරම ආබාධ සහිතව ඉන්නේ. දිල්ෂාන් මදුශංක ඉන්නවා. ඔහුත් ප්‍රශ්නවලට ලක්වෙච්ච කෙනෙක්. මතීෂ දැනටත් ආබාධ තත්ත්වයකින් ඉන්න ක්‍රීඩකයෙක්. ඒ වගේම නුවන් තුෂාර තමයි ප්‍රශ්නයක් නැතුව ඉන්න කෙනා. ඉතින් යම් හෙයකින් මේ පන්දු යවන්නෝ දෙන්නෙක් විතර අවාසනාවකට ආබාධයකට ලක්වුණොත් කණ්ඩායමට අසිතව කැඳවන්න පුළුවන්. ජනිත් ලියනගේ, දසුන් සහ ඇන්ජෙලෝ මැතිව්ස් වෙනුවට ක්‍රීඩා කරන්න පුළුවන් ක්‍රීඩකයෙක්.

වියාකාන්ත් කියලා කියන්නේ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම පවා නියෝජනය කරපු, දිගින් දිගටම කණ්ඩායම ඇතුළේ හිටපු පන්දු යවපු ක්‍රීඩකයෙක්. ඔහුට පැට් කමින්ස් වගේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් සමග වැඩ කරලා අත්දැකීම් තියෙනවා විතරක් නෙවෙයි, ඔහු පන්දු යැව්වෙත් ඉතා ප්‍රබල ක්‍රීඩකයන්ට. ඒ නිසා ඔහුත් කණ්ඩායමට එක්කර ගැනීම වාසිසහගත වේවි. ඒ නිසා අවසාන වශයෙන් කියන්න තියෙන්නේ අපිට ලෝක කුසලානය දිනන්න බැරි නැහැ. හරියට පත්තු වුණොත් මේ තුරුම්පු සියල්ලම ලෝක ශූරයෝ වෙන්නේ වෙන කවුරුවත් නෙවෙයි ශ්‍රී ලංකා කණ්ඩායම.

Sri Lanka Latest News

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

තොණ්ඩමන්ගේ බැන වැදිල්ලෙන් සිහිසුන් වූ වතු සමාගමේ ලොක්කෙක් ICU එකේ! I Sri Lanka Latest News

Next Post

ලංකාව නමැති කොම්පැනියේ ජනාධිපතිකමට තිබ්බ සම්මුඛ සාකච්ඡාවෙන් රනිල් පාස් වුණේ කොහොමද? Sri Lanka Latest News

MORE NEWS

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News
Exclusive

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

Load More
ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ඉහළ යන ජීවන වියදමට විරෝධය පළ කරමින් ගම්පහ සජබ සංවිධානය විසින් පන්දම් දල්වමින් උත්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට කටයුතු කර තිබිණ.Sri Lanka...

Read more
ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.