• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

360දී වසන්ත ඇනගත්තද? Sri Lanka Latest News

September 7, 2025
in Exclusive
Reading Time: 9 mins read
A A
360දී වසන්ත ඇනගත්තද? Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ජාතික ජන බලවේගය මෙම වසරේ කොළඹ පැවැත්වූ මැයි දින රැලියට එම පාක්ෂිකයන් පැමිණි බස් රථ කිහිපයක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ අතරමග නවතා, එහි පැමිණි පිරිස් බස් රථවලින් බිමට බැස ආහාරපාන ගනිමින් සිටීම සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළ නමුත්, මෙතෙක් එවැනි නීතිමය ක්‍රියාමාර්ගක් ගැනීමක් සම්බන්ධයෙන් වාර්තා නොවූ බවත් දෙරණ රූපවාහිනියේ මාධ්‍යවේදී කලිඳු කරුණාරත්න, අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාගෙන් විමසා සිටියා. දෙරණ රූපවාහිනියේ පසුගියදා පැවැති සංවාදයකදී මාධ්‍යවේදී කලිඳු කරුණාරත්න සහ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා අතර ඇතිවූ එම සංවාදයයි මේ.Sri Lanka Latest News

ඡන්දෙට කලින් කියපුවා ආයි කතා කර කර යන තැනක නෙමෙයි ඉන්නේ. නමුත් මේ ආණ්ඩුවේ දේශපාලන සංස්කෘතිය තුළ සැමට නීතිය එකයි කියන එක තහවුරු කරගැනීම වැදගත් නිසා මම ප්‍රශ්න කරන්නේ. මේ ජනාධිපතිතුමා සමග අපි කලින් කරපු සංවාදයේදී එතුමා පළකළ අදහස්.

ප්‍රශ්නය
මැයි රැළියට ආපු ජාතික ජන බලවේගයේ පිරිසක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ බස් රථ නවත්තලා, එතැන බැහැලා අධිවේගී මාර්ගයේ මාර්ග නීති අමු අමුවේ උල්ලංඝනය කරමින් පොලිසියත් බලාගෙන ඉන්නවා. මොකද ඒක ආණ්ඩුවේ නිසා පොලිසිය මුකුත් කරන්නේ නැද්ද? ආණ්ඩුවට වෙන නීතියක්ද දැන් තියෙන්නේ? කෝ කතා කරපු සිස්ටම් චේන්ජ් එක?

ජනාධිපති අනුර කුමාර දිසානායක
එකක් තමයි, මම බැලුවා හොයලා මේ ප්‍රශ්නේ මතුවෙලා තියෙන විදිහ. සාධාරණයි කියනවා නෙමෙයි. එතැන අර වාහන නතර කිරීම සඳහා, ඒගොල්ලෝ දුර ඉඳන් එන අය, අපි ඒගොල්ලන්ට කියලා තියෙනවා සූදානම් වෙලා මැයි දිනයකට එන්න කියලා. මෙතැන ඇවිල්ලා කෑම කන්න, ලෑස්ති වෙන්න එපා කියලා.

ප්‍රශ්නය
ඒ කොහේ ඉඳන් ආපු බස් ටිකක්ද ජනාධිපතිතුමනි?

ජනාධිපති අනුර කුමාර දිසානායක
මම බැලුවා. දකුණෙන්නෙ කොහොමත් එන්න ඇත්තේ. මාතරට කතා කළා, හම්බන්තොටට කතා කළා, මොනරාගලට කතා කළා, බදුල්ල සහ අම්පාරට මම කතා කළා ඊයේ රෑ. කතා කරලා මම කිව්වා කවුද ඒකේ හිටපු සංවිධායක කියලා මට කියන්න කියලා. එතැන වෙලා තියෙන දේ තමයි වාහන නතර කරන තැන, යම් ඉඩ ප්‍රමාණයක් තියෙනවානේ, ඒ ඉඩ ප්‍රමාණය ඇතුළේ හිර වෙනවා. එතකොට ඒගොල්ලෝ ටාගට් කරගෙන ඉන්නේ මෙතැන තමයි ආහාරපාන අරගෙන සූදානම් වෙන්නේ. එතකොට මේ පැත්තෙන් ආපු වාහන ඇතුළු කරගන්න බැරිව ඒගොල්ලෝ ඒ පාරේ ඉන්නවා. මෙතැනින් එළියට ගියපු අය මේ පාරේ ඉන්නවා. වැරදියි. ඒ වගේම ඒක බලාගෙන ඉඳලා, ඒකට එහෙම ඉඩ දුන්නා නම් පොලිසිය වැරදියි. ඒකට විනය ක්‍රියාමාර්ග ගන්න ඕනෙ. එහෙම වැඩ කරන්න බෑ.

ප්‍රශ්නය
කා සම්බන්ධයෙන්ද විනය ක්‍රියාමාර්ග ගන්නේ?

ජනාධිපති අනුර කුමාර දිසානායක
විනය ක්‍රියාමාර්ග ගන්න ඕනෙ එකක් බලන්න පොලිසිය, අනිත් පැත්තෙන් බස් නතර කරපු රියැදුරන්, අනිත් පැත්තෙන් කවුරු හරි ඒකට සහයෝගය දීපු කණ්ඩායම් ඉන්නවා නම් විනය ක්‍රියාමාර්ග ගන්න ඕනෙ.

ප්‍රශ්නය
ජනාධිපතිතුමා සමග කරන මේ සංවාදයෙන් පස්සේ මේක යට නොයන්න ඉදිරියේදී විනිවිදභාවයෙන් මේ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග අරන් ඒක මාධ්‍යයත් එක්ක කතා කරනවද ඔබතුමා?

ජනාධිපති අනුර කුමාර දිසානායක
අනිවාර්යෙන්ම.

මාධ්‍යවේදී කලිඳු කරුණාරත්න
එවැනි කිසිම පියවරක් ගත් බවට විනිවිදභාවයකින් කිසිම තැනක අපිට අහන්න ලැබුණේ නෑ. ඔබතුමා ජනාධිපතිතුමාටත් මතක් කරනවද ඒක?

අමාත්‍ය වසන්ත සමරසිංහ
දැන් මේ සිද්ධ වෙච්ච ක්‍රියාමාර්ගය ඇතුළේ ජනාධිපතිතුමා මට හිතෙන්නේ කියනකොටම කිව්වා මේක වෙච්ච විදිහ. අපි ඒ වැරැද්ද, වැරැද්ද ලෙස දකිනවා. පියවර අනිවාර්යයෙන්ම ගන්න බවත් කිව්වා. වැරැද්ද වැරැද්ද ලෙස දකිනවා කිව්වා. ඒ නිසා රථවාහන පොලිසියට, හයිවේ එකේ මේකට අදාළ දැනුවත් කිරීම කරන්න කියන එක අමාත්‍යවරයාටම දැනුම් දුන්නා ජනාධිපතිවරයා.

මාධ්‍යවේදී කලිඳු කරුණාරත්න
දැනුවත් කරන්න දෙයක් නෑනේ ඇමැතිතුමා? එතුමා කිව්වේ මම මේක කියන්නම් කියලද?

අමාත්‍ය වසන්ත සමරසිංහ
එතුමා නෙවෙයිනේ ක්‍රියාමාර්ග ගන්නේ, පොලිසිය භාර ඇමැතිවරයා. එතකොට ජනාධිපතිවරයා ඇමැතිවරයාට කිව්වා මේ පිළිබඳ වහාම විමර්ශනය කරන්න. ඇමැතිවරයා ඒකට අදාළව ගත්ත ක්‍රියාමාර්ගය සහ පියවර මොකක්ද කියන එක, ඒ පොලිස් නිලධාරීන් මේ රාජකාරිය පැහැර හැරියා නම්, ඒකට අදාළ ක්‍රියාමාර්ගය කියන එකට අදාළ පැහැදිලි කිරීමක් දෙයි.

මාධ්‍යවේදී කලිඳු කරුණාරත්න
මම අර අන්තිමට ජනාධිපතිතුමාගෙන් අහන්නෙම මේක යට යන්න ඉඩ නොදී කරමු විනිවිදභාවයෙන් කියලා. මොකද එහෙම වෙච්ච දෙයක් අපිට ආරංචි වුණේ නැහැ?

අමාත්‍ය වසන්ත සමරසිංහ
ඔබට ආරංචි නොවෙන්න පුළුවන්. පොලිසියට අදාළව ඇමැතිවරයා ලබාදෙන උපදෙස් සහ ඒකට ගත්ත ක්‍රියාමාර්ගය, සහ මේ ඒ ප්‍රායෝගික දුෂ්කරතාව විසින් ඇති කරපු බලපෑම.

මාධ්‍යවේදී කලිඳු කරුණාරත්න
මේක සුළු මාර්ග නීති කඩකිරීමක් නෙමෙයි. මේක රජයේ පාර්ශ්වය මැයි පෙළපාළියකට එද්දි පොලිසිය අත්දෙක බැඳන් බලාගෙන සිටීමක්.

අමාත්‍ය වසන්ත සමරසිංහ
නෑ නෑ, වැරදියි. ඔබ ඔහොම පැහැදිලි කළොත් වැරදියි කලිඳු. හේතුව, අර මැයි දිනයට ලක්ෂයකට වැඩි සෙනඟක් ආවා. අධිවේගී මාර්ගයේ සෙනඟ එනකොට ඇති වෙච්ච බලපෑම පිළිබඳ වෙච්ච ඒ මාර්ග නීති කඩකිරීම් පිළිබඳ ජනාධිපතිවරයාම කිව්වා මේක වැරදියි කියලා. අපි ඒක වැරදි නෑ කියන්නේ නෑනේ කොහේවත්.

පොලිසිය බලන් හිටියා. පොලිසියට කරන්න තිබුණේ පාරේ නවත්තන්නේ නැතුව, බැරි නම් යන්න කියලා යවන්නනේ. මොකද ඉස්සරහා තියෙන වාහන සර්විස් සෙන්ටර් එකේ නැවැත්තුවාම ප්‍රමාණවත් ඉඩ නැති නිසා තමයි මේ වාහන තදබදය ඇති වෙන්නේ. එතකොට තමයි ඒගොල්ලෝ පාරේ නවත්තගෙන මේ කෑම කන එක කරන්නේ. මොකද සූදානම් වීම සඳහා කරන වැඩේට. ඒක අපි හරියි කියලා කියන්නේ නෑ කලිඳු. ඒක වැරදියි. ප්‍රායෝගික අපහසුතාවය නිසා සිද්ධ වුණා. හැබැයි අපි අපේ රටේ දේශපාලන සංස්කෘතියේ බොහෝ වෙනස්කම් ඇති කරමින් තියෙන්නේ. ඒ වගේම මේ ආර්ථික ක්‍රියාවලිය ඇතුළේ බොහෝ වෙනස්කම් ඇති කරමින් තියෙන්නේ. මේ වසර ඇතුළේ අපි රටක් ඇතුළේ දේශපාලන සංස්කෘතිය වගේම රාජ්‍ය පාලනය පිළිබඳ බොහෝ වෙනස්කම් ඇති කරමින් තියෙන්නේ. ඒ අතර ජාතික ජන බලවේගයේ පාක්ෂිකයන් විසින් සිදුකරනවා කියන වැරදි සම්බන්ධයෙන් අපි නීතිය ක්‍රියාත්මක කරන්නේ නෑ කියලා කියනවා නම්, අපි ඒක භාර ගන්නේ නැහැ. හැබැයි අපි සමාජයක් ලෙස පොදු වගකීම් ඇතුළේ, සමහර සමාජ වගකීම් බිඳුණට පස්සේ ඒකට අදාළව නීතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳ අපිට වගකීමක් තිබෙනවා.
ජනාධිපතිවරයා මාර්ග නීති කඩවීම් පිළිබඳ කාරණය දකින්නේ ඉතාම පැහැදිලිව සිද්ධ වෙලා තියෙන වැරැද්දක් තියෙනවා කියලා.

මාධ්‍යවේදී කලිඳු කරුණාරත්න
හැබැයි මම ඉදිරිපත් කරන තර්කය, එතුමා කියූ ඉක්මනට ඒ සඳහා කිසිම ක්‍රියාමාර්ගයක් ගැනුණෙත් නෑ. මෙපමණයි විය යුත්තේ, කවුරු වැරැද්ද කළත්, ඒක ආණ්ඩුවට සම්බන්ධ කෙනෙක් වුණත්, විපක්ෂයේ විරුද්ධ මතධාරියෙක් වුණත්, එකට නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ?

අමාත්‍ය වසන්ත සමරසිංහ
ඒක හරි. නමුත් ඔබ හිතන්නකෝ, ට්‍රැෆික් වැරැද්දකට හරි මොකක් හරි එකකට මාලිමාවේ කිව්වොත් නිදහස් කරලා, නිදහස් නොකර ඉන්නවා කියන එකක් නෙමෙයිනේ මේක. මේක විශේෂ අවස්ථාවක්.

මාධ්‍යවේදී කලිඳු කරුණාරත්න
විශේෂ අවස්ථාව තුළ පොලිසිය බලාගෙන ඉන්නවා?

අමාත්‍ය වසන්ත සමරසිංහ
ඒක තමයි මම කිව්වේ. මමත් කියනවා වැරදියි. ඉතින් විශේෂ අවස්ථාවල පොලිසියට එහෙම බලන් ඉන්න බෑ. හැබැයි පොලිසිය වුණත් ප්‍රායෝගික දුෂ්කරතාවකට මුහුණ දෙනවා. මොකක්ද? මේ වගේ සෙනඟක් එනකොට, ඒ අයට පහසුකම් දීම සඳහා…

මාධ්‍යවේදී කලිඳු කරුණාරත්න
දැන් වෙන පක්ෂවල මැයි රැළිවලට ආපු අයත් ඔය දක්ෂිණ අධිවේගී මාර්ගයේම ආවානේ…? ඒ ආපු කිසිම වෙලාවක ඒගොල්ලෝ පොලිසිය අපහසුතාවට පත්කළේ නැත්තේ ඇයි?

අමාත්‍ය වසන්ත සමරසිංහ
කොළඹ මැයි දිනයට ආවේ නෑනේ කවුරුවත්. මම දැක්කේ නැති නිසා මම මේ කියන්නේ, ඒ කියන්නේ කොළඹ මැයි දිනේ කළේ නෑ ඒගොල්ලෝ කවුරුවත්. කොළඹ මැයි දිනේ කළේ අපි විතරයි. ඒ නිසා සෙනඟ ආපු විශාලත්වය විසින් තමයි ප්‍රායෝගික දුෂ්කරතාවකට පත්වුණා. පොලිසියත් ඒ දුෂ්කරතාව දකින්න ඇති. ඔවුනුත් ඒ නීති විරෝධී බව දකින්න ඇති. හැබැයි ඔවුන්ටත් ක්‍රියාත්මක කරන්න යාමේදී, මේ දහස් ගානක් සෙනඟ එනකොට, බස් සිය ගානක් මේ එන ක්‍රියාවලිය ඇතුළේ ඔවුනුත් ඒ දුෂ්කරතාවට පත්වෙන්න ඇති. මම කියන්නේ නෑ ඒක නිසා මේක හරියි කියලා. වැරැද්දක් සිද්ධ වුණා.

මාධ්‍යවේදී කලිඳු කරුණාරත්න
හැබැයි මම අහපු ඍජු ප්‍රශ්නය. ජනාධිපතිවරයා කියපු පියවර කෝ?

අමාත්‍ය වසන්ත සමරසිංහ
ජනාධිපතිවරයා පොලිසිය භාර ඇමැතිවරයාට මේ පිළිබඳ උපදෙස් දුන්නා වහාම මේ ගැන සොයාබලා ගතයුතු ක්‍රියාමාර්ග ගන්න කියලා.

මාධ්‍යවේදී කලිඳු කරුණාරත්න
එතුමා ගත්ත පියවරක් ගැන ඔබ දන්නවද?

අමාත්‍ය වසන්ත සමරසිංහ
නෑ, මම ඇත්තටම දන්නේ නෑ. ඉතින් මෙහෙමනේ. ට්‍රැෆික් වැරැද්දකට ගත්ත ක්‍රියාමාර්ගය පිළිබඳ මම දැනගන්න ඕනෙද?

මාධ්‍යවේදී කලිඳු කරුණාරත්න
මේක ට්‍රැෆික් වැරැද්දක් නෙමෙයි. මේකේ යන්නේ කොහොමද දන්නවද? හෙඩ්ලයින් එන්නේ. මේක ගත්ත නම්, මැයි දින රැළියට සහභාගි වීමට පැමිණි මාලිමා පාක්ෂිකයන්ට වැඩ වරදී. මෙන්න ගත්ත පියවර, මේක ලොකුවට යනවා…? මේක ට්‍රැෆික් වැරැද්දක් නෙවෙයි.

අමාත්‍ය වසන්ත සමරසිංහ
ඒක මහා මාතෘකාවක් බවට පත්වෙනවා තමයි. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ප්‍රායෝගික දුෂ්කරතාවන් සහ ප්‍රායෝගික තත්ත්වය.

මාධ්‍යවේදී කලිඳු කරුණාරත්න
ඒක හොඳයි. මොකද දැන් ආණ්ඩුව කාගේ වුණත්, පාක්ෂිකයන්ට වුණත් නීතිය නීතියනේ.

SendShareShare
Previous Post

LTTE වෙනුවෙන් මැරෙන්න හදන තමිල්නාඩුවේ නළුවෝ! Sri Lanka Latest News

Next Post

ගේම් ගගහා හැරමිටියෙන් යනකම් නායකත්වය අල්ලන් හිටියෙ නෑ! මැතිවරණ පරාජයකින් පසුව පක්ෂය බෙදෙන්න යන නිසා බලගතු අගමැතිකමයි නායකත්වයයි දෙකම අතහරී! Sri Lanka Latest News

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.