• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

LTTE වෙනුවෙන් මැරෙන්න හදන තමිල්නාඩුවේ නළුවෝ! Sri Lanka Latest News

September 7, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
LTTE වෙනුවෙන් මැරෙන්න හදන තමිල්නාඩුවේ නළුවෝ! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ඔබ දන්නවා වර්තමානයේ වයිරල් වෙච්ච දේශපාලන චරිතය තමයි විජේ කියලා කියන්නේ. ඔහුගේ සම්පූර්ණ නම ජෝසප් විජේ චන්ද්‍රශේඛර්. හැබැයි ඉන්දියාවේ ගොඩක් මිනිස්සු ඔහුට ලබාදී ඇති නම තමයි තලපති විජේ. හැබැයි අද අපි කතා කරන්නේ ඔහු ගැන නෙවෙයි. ඔබ දන්නවා එල්.ටී.ටී.ඊ. එකට 2009ට පෙර සහ අද වෙනතුරුත් සමහරක් නළුවන් උදව් උපකාර, එහෙම නැත්නම් හඬක් හරි නගන බව.Sri Lanka Latest News

ඉතින් ඔන්න ගොඩක් දෙනා මේ කාලේ හොයන යුද කාලේ එල්.ටී.ටී.ඊ. එකට සපෝට් කරපු නළුවන් කිහිප දෙනෙක් ගැන තොරතුරු මේ ලිපියෙන් ඔබත් සමග බෙදාගන්න කැමැතියි. හැබැයි මුලින් කියන්න ඕනේ සමහරක් කරුණුවල සත්‍ය අසත්‍යතාව පිළිබඳ යම් යම් ගැටලු මතුවෙන්නට පුළුවන්. ඒ නිසා මම පුළුවන් තරම් උත්සාහ කළා මධ්‍යස්ථව සිටිමින් ඔබට මේ ගැන තොරතුරු ඉදිරිපත් කරන්න.

මුලින්ම හඳුනා ගනිමු ප්‍රභාකරන්ට ගොඩක් සමීප වුණු නළුවෝ කවුද කියලා. සීමන් තමයි ඉස්සරහින්ම ඉන්නේ. මණිවන්නන්, වගයි චන්ද්‍රශේඛර්, කාර්තික්. මේ හතරදෙනා තමයි ප්‍රභාකරන්ට පණ දීලා හිටපු නළු සෙට් එක.

තවත් නළුවෝ ටිකක් ඉන්නවා එල්.ටී.ටී.ඊ. එකට සපෝට් කරන්න කැමැතියි, හැබැයි වක්‍රාකාරව. හරියට නිකන් එල්.ටී.ටී.ඊ. එකට ඍජුවම සපෝට් කරන්න කැමැති නැහැ. හැබැයි යටින් කැමැතියි. මුලින්ම ඉන්නේ අපි හැමෝම කැමැති තලපති විජේ. ඊට පස්සේ විජයකාන්ත්. ඊට පස්සේ තමයි සත්‍ය රාජ් ඉන්නේ. ඒ වගේම තවත් නළුවෝ පිරිසක් ඉන්නවා මේ දෙකටම අයත් නොවන විදිහටත් එල්.ටී.ටී.ඊ. එකට ආධාර කරපු. එම්.ජී.ආර්., රජිනිකාන්ත්, කමල් හසන්, සූර්යා, ධනුෂ් කියන්නේ මේ පිරිසට.
මම ඉතාමත් කෙටියෙන් ඔබට පැහැදිලි කරන්න සූදානම් එල්.ටී.ටී.ඊ. සංවිධානයට මොවුන්ගේ දායකත්වය මොන වගේ වුණාද කියලා. ප්‍රථමයෙන් කියන්න ඕනෙ මේ දේවල් ඔබට කියන්නේ ඔවුන් එක්ක තරහක් ඇති කරගන්න නෙමෙයි. හොඳට බලන්න මේ සියලු නළුවන් දමිළ නළුවන්. ඔවුන් මේ වාසියට හෝ අවාසියට හඬ නගන්නෙත් ඔවුන්ගේම ජාතියට. ඒ වගේම මේ නම් කියපු හැමෝගෙම එක චිත්‍රපටයක් හරි අපි බලලා ඇති. ඒ වගේම අපි දන්නවා අපේ ටීවී චැනල්වල පවා දවල්ට පෙන්වන්නෙත් දමිළ චිත්‍රපට බව. මගේ අදහස අනුව නම් මේ ප්‍රශ්නය ඉතාම සංවේදී එකක් වන බැවින්, මේ දේවල් කතාබස් කර විසඳා ගැනීම ඉතා හොඳ යැයි මම සිතනවා.

සීමන්. එල්.ටී.ටී.ඊ. සංවිධානයට ප්‍රසිද්ධියේ සහයෝගය දැක්වීම සම්බන්ධයෙන් වැඩි ප්‍රසිද්ධියක් උසුලන මේ පුද්ගලයා, මේ ත්‍රස්ත කණ්ඩායමට පක්ෂව කතා කිරීම සම්බන්ධයෙන් තමිල්නාඩු පොලිස් අත්අඩංගුවට ගැනීම්වලටද මුහුණ දී තිබෙනවා. ඔහු අවස්ථාවකදී ප්‍රභාකරන්ව මුණගැසී තිබෙනවා. ඔහු තමයි ඉන්දියාවේ නොනවතින එල්.ටී.ටී.ඊ. ක්‍රියාකරුවා. ඔහු චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් ලෙසත් හඳුන්වා දෙන්න පුළුවන්. නාම් කියන ඉන්දීය දමිළ පක්ෂයේ නායකයෙකු වන සීමන් 2008 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ එල්ලාලන් කියන දෙමළ වාර්තා චිත්‍රපටය රූගත කරන අතරතුර එල්.ටී.ටී.ඊ. නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් හමු වූ බවට තමයි ආරංචිය. සීමන් දෙමළ ජාතිකවාදයේ ආධාරකරුවකු වූ අතර, එල්.ටී.ටී.ඊ.ය ආරම්භයේ සිට එහි දිගුකාලීන පැහැදීමක් ඇති පුද්ගලයෙකු වුණත්, ඔහු එල්.ටී.ටී.ඊ. සංවිධානයේ නිල සාමාජිකයකු බවට පත් වුණේ නැහැ. නමුත් ඔහු ප්‍රභාකරන්ගේ ඊළාම් ප්‍රතිපත්තිය නිරන්තරයෙන් ඉන්දියාව තුළ කතාබස් කරන බවට ඕනෑ තරම් මූලාශ්‍ර පවතිනවා.

මණිවන්නන්. නාම් දමිළ පක්ෂයේ සාමාජිකයකු වන මොහු එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ප්‍රබල ආධාරකරුවකු බවට පත්ව සිටියා. හැබැයි මොහු දැන් මියගිහින්. මණිවන්නන් කියන්නේ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක්. ඒ වගේම නළුවෙක්. ඒ වගේම ශ්‍රී ලාංකික දෙමළ ජනතාව වෙනුවෙන් ඔහු ප්‍රසිද්ධියේ කතාබස් කළ බව පැවසෙනවා. ඔහුගේ පුත්‍රයා රකු විවාහ වී සිටින්නේ ශ්‍රී ලාංකික තරුණියක් සමගින්. ඔහු ඊළාම් විමුක්ති කොටි එල්.ටී.ටී.ඊ. සංවිධානයේ දැඩි ආධාරකරුවෙක් ලෙසට සැලකෙන්නේ ඔහුගේ අභාවයෙන් පසු ඔහුගේ දේහය එල්.ටී.ටී.ඊ. ධජයකින් ආවරණය වුණු බවද ඔබට කිව යුතුයි.

වගායි චන්ද්‍රශේඛර්. මොහුත් එල්.ටී.ටී.ඊ.ය වෙනුවෙන් පෙනී සිටින පැහැදිලි ආධාරකරුවකු ලෙසට නම්කොට තිබෙනවා. මොහු නළුවෙකු වන අතර සහ කාලයක් තමිල්නාඩු ව්‍යවස්ථාදායක සභාවේ හිටපු මන්ත්‍රීවරයෙක්ද වෙනවා.

කාර්තික්. මොහුද එල්.ටී.ටී.ඊ.යේ ප්‍රබල ආධාරකරුවකු ලෙස හඳුනාගෙන තිබෙනවා. මේ පුද්ගලයාත් ඉන්දීය දමිළ නළුවෙක් ලෙසට සැලකෙන්නේ.
තලපති විජේ. ඉන්දියාවේ ප්‍රසිද්ධම නළුවකු වන අතර, ඔහු වර්තමානයේදී දමිළ දේශපාලන ක්‍රියාකාරිකයෙක්. ඔහු වර්තමානයේ ජන ඇමතුමකදී ඔහු පවසනවා කච්චතිව් දූපත ඉන්දියාවට නැවත පවරාගත යුතු බව. මේ සඳහා හේතුව විවාදාත්මක බැවින් මම ඔබත් සමග ඒ ගැන කතා කරන්නේ නැහැ. ශ්‍රී ලංකා යුද්ධයේ අවසාන මාසවලදී ඊළාම් සිහිනයට සහාය දැක්වීම සඳහා 2008 වර්ෂයේදී විජේ උපවාසයකට පවා සහභාගි වෙනවා. විජේගේ බිරිඳ වන සංගීතා සෝරනලිංගම් කියන්නේ ශ්‍රී ලාංකික දමිළ කාන්තාවක්. විජේගේ නව දේශපාලන පක්ෂයේ නම තමයි ටී.වී.කේ. තමිලගා වෙටි්‍ර කසාගම්. නළු විජේ වරක ඊළමට සහාය දක්වමින් අපි කොටි පැටවුන් යනුවෙන් ප්‍රකාශ කළ බව ටැමිල් ගාඩියන් පුවත්පත වාර්තා කොට තිබුණා. 2014 වර්ෂයේදී ශ්‍රී ලංකා ආරක්ෂක අමාත්‍යාංශයේ වෙබ් අඩවියේ ප්‍රකාශනයක් තමිල්නාඩු මහ ඇමැතිවරයෙකුට අපහාස කිරීමක් ලෙස සලකමින්, විජේ චෙන්නාහි පිහිටි ශ්‍රී ලංකික කොන්සල් කාර්යාලය ඉදිරිපිට විරෝධතා දැක්වූ අතර, පසුව එය වසාදමන ලෙස ඉල්ලා සිටියා.

2024 වර්ෂයේදී විජේ තමිලගා වෙටි්‍ර කසාගම්, ටී.වී.කේ. නම් දේශපාලන පක්ෂය නිර්මාණය කරමින් එය දෙමළ ඊළාම් නිදහස් ජනමත විචාරණයක් සඳහා පෙනීසිටින බව ටැමිල් ගාඩියන් විසින් තවදුරටත් සඳහන් කොට තිබෙනවා. විජේගේ ගොඩක් ප්‍රකාශ එක පැත්තකට විතරක් බරවෙන බව ඔබට සහ මටත් පෙනෙන කාරණයක්. හැබැයි ඔහුට එය පෙනෙන්නේ නැත්තේ ඔහු තමන්ගේ අරමුණ එක දිශාවකට විතරක් යොමුකර තිබෙන නිසා. ඔහු පවසන ආකාරයට ඔහු පෙනී සිටින්නේ දෙමළ මිනිසුන් වෙනුවෙන් පමණක්ම වන බවයි. ඔහු එල්.ටී.ටී.ඊ.ය වෙනුවෙන් සහාය නොදක්වන බව පැවසුවත්, ඔහුගේ මේ ක්‍රියාවන්වලින් පෙනෙන්නේ ඔහු කොටි සංවිධානය වෙනුවෙන් වැඩ කරන සීමන්ටත් වඩා එහා ගොස් ඇති බවක්. විජේගේ 2018 වර්ෂයේදී නිකුත් වුණු සර්කාර් චිත්‍රපටය තුළින් මේ කච්චතිව් දූපත් ප්‍රශ්නය ගැන යම්කිසි ඉඟි කිහිපයක් ලබාදුන් බව චිත්‍රපටය බලපු පිරිසට අනිවාර්යෙන්ම මතක ඇති.

විජයකාන්ත් කියන්නෙත් ඉන්දීය නළුවෙක්. ඒ වගේම තමිල්නාඩු ව්‍යවස්ථාදායක සභාවේ හිටපු මන්ත්‍රීවරයෙක්. විජයකාන්ත් ඊළාම් කොටි සංවිධානය සහ එහි නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් කෙරෙහි දැඩි අල්මක් දැක්වූ පුද්ගලයෙක් වන අතර, ඔහු නිරන්තරයෙන් ඔහුව අගය කරමින්, බොහෝ විට ඔහු චිත්‍රපටවල ප්‍රභාකරන් ලෙස පෙනී සිටිමින්, ප්‍රභාකරන්ව වීරයෙක් බවට පත්කළා. උදාහරණයක් ලෙස ඔබට පෙන්වා දෙන්නට පුළුවන් 1991 වර්ෂයේදී නිකුත් වුණු ‘කැප්ටන් ප්‍රභාකරන්’ චිත්‍රපටය. ඔබ දන්නවාද, ඔහු තමන්ගේ පුතාට නම තිබ්බේ විජේ ප්‍රභාකරන් කියලා. ඔහුගේ දේශපාලන ජීවිතය තුළ විජයකාන්ත් ශ්‍රී ලාංකික දෙමළ ජනතාවගේ මානව හිමිකම් වෙනුවෙන් පෙනීසිටි අතර, ජනවාර්ගික ගැටුම විසඳීම සඳහා ඉන්දියාවේ මැදිහත් වීම ඉල්ලා සිටිමින් එල්.ටී.ටී.ඊ.ය තහනම් සංවිධානයක් ලෙස ඔහු අවසානයේදී පිළිගෙනද තිබුණා.

සත්‍යරාජ් කියලා කියන්නේ ඉන්දීය නළුවෙක් සහ චිත්‍රපට නිෂ්පාදකවරයෙක්. දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් සඳහා වන අදහස් ප්‍රකාශ කරන ආධාරකරුවෙක් ලෙසට මොහුව හඳුන්වා දෙන්නට පුළුවන්. හැබැයි නළු සත්‍යරාජ්, ඊළාම් කොටි එල්.ටී.ටී.ඊ.ය අතර ඍජු සම්බන්ධතාවයක් ඇති බවට ප්‍රසිද්ධියේ ලබාගත හැකි තොරතුරු හෝ විශ්වාසදායක සාක්ෂි කිසිවක් නැහැ.

එම්.ජී.ආර්. හිටපු තමිල්නාඩු මහඇමැතිවරයකු මෙන්ම ප්‍රසිද්ධ නළුවෙක්ද වන එම්.ජී. රාමචන්ද්‍රන් නොහොත් එම්.ජී.ආර්. ඊළාම් කොටි එල්.ටී.ටී.ඊ. සංවිධානය සමග සැලකිය යුතු සම්බන්ධතාවයක් පැවැත්වූ අතර, විශේෂයෙන්ම ශ්‍රී ලාංකික දෙමළ ජනතාවට සැලකිය යුතු අරමුදල් සහ දේශපාලන සහයෝගයක් ලබාදීමෙන් තීරණාත්මක දානපතියෙකු ලෙස ක්‍රියාකළ බව මෙහිදී පැවැසිය යුතුයි. ඔබ නොදන්නා දෙයක් තමයි එම්.ජී.ආර්. කියලා කියන්නෙත් ශ්‍රී ලංකාවේ උපන් පුද්ගලයෙක්. ඔහු තම්බි, බාල සහෝදරයා ලෙස හැඳින්වූ එල්.ටී.ටී.ඊ. නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් සමග සමීප සම්බන්ධතාවයක් ඇති කරගත් අතර, එල්.ටී.ටී.ඊ.ය ජාතික විමුක්ති හමුදාවක් බවට පරිවර්තනය කිරීමට අවශ්‍ය සම්පත් ලබාදී තිබෙනවා. ඉන්දියානු මධ්‍යම රජයේ විරෝධය නොතකා ආයුධ මිලදී ගැනීම සඳහා අරමුදල් ඇතුළුව එම්.ජී.ආර්. එල්.ටී.ටී.ඊ.යට නොයෙකුත් ආකාරයෙන් සහයෝගය ලබාදුන් අතර, ඒ වගේම ඉන්දු -ශ්‍රී ලංකා ගිවිසුම සඳහා එරෙහි වීමට එල්.ටී.ටී.ඊ.යට ඔහු උපකාර කොට පවා තිබුණා.

රජිනිකාන්ත්, කමල් හසන්, සූර්යා සහ අනෙකුත් දමිළ නළුවන්. 2013 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවට එරෙහිව සිදුවුණු බව කියන අසාධාරණකම්වලට විරෝධය පළ කිරීම සඳහා දමිළ නළු නිළියන් විශාල සංඛ්‍යාවක් දිනක් පුරාවට පැවැති උපවාසයකට සහභාගි වී තිබුණා. රජිනිකාන්ත් කියලා කියන්නේ ඉන්දියාවේ සුපර් ස්ටාර්. වර්තමානයේදී ඔහු ඍජුවම කිසිදු දේශපාලන පක්ෂයක් වෙනුවෙන් කතා නොකොට මධ්‍යස්ථභාවයකින් සිටින බවට තමයි ආරංචිය. ඒ වගේම ඔහු ප්‍රසිද්ධියේ නළු විජේ වෙනුවෙන්, එල්.ටී.ටී.ඊ.ය වෙනුවෙන් හෝ ප්‍රභාකරන් වෙනුවෙන් සහාය පළකොට නැහැ. දැන් ඔබට මෙතැනදී පෙනෙනවා ඇති සමහරක් දමිළ නළුවන් සිටින්නේ මධ්‍යස්ථ ස්ථාවරයක. නමුත් කිහිප දෙනෙක් ඉතාමත් අසාමාන්‍ය ලෙස හැසිරෙන බව ඔබට පෙනෙනවා ඇති.

Api Nodanna Lanka Ithihase LK

SendShareShare
Previous Post

ඇල්ලේ අනතුරින් මියගියවුන්ගේ දේහයන්ට අවසන් ගෞරව දැක්වීමට විපක්ෂනායක සජිත් තංගල්ලට ගිහින්! PHOTOS I Sri Lanka Latest News

Next Post

360දී වසන්ත ඇනගත්තද? Sri Lanka Latest News

MORE NEWS

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

Load More
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News
Exclusive

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන්ගෙන් පසු කොටි සංවිධානයේ නායකයා බවට පත්වූ කුමරන් පද්මනාදන් දේශපාලන තීරණ මත නිදහසේ ගත කිරීම සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී අජිත් පී...

Read more
අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.