ඉරාජ් වීරරත්නගේ සහභාගීත්වය හේතුවෙන් පැවැත්වීමට නියමිතව තිබු “රඟහල” ප්‍රසංගයට සහභාගී නොවන බව ප්‍රවීන ගායක කසුන් කල්හාර සිය නිල ෆෙස්බුක් ගිණුම ඔස්සේ කියා සිටී.Sri Lanka Latest News
එය පහතින් දැක්වේ.
ජූලි 28 වනදා Water’s Edge (The Grand Lawn) හි පැවැත්වීමට නියමිත “රඟහල” සංගීත ප්‍රසංගය සම්බන්ධව.
මේ කොන්සර්ට් එක සම්බන්ධයෙන් සංවිධායකවරුන් සහ මා අතර මුලදි තිබ්බ එකඟතාවයට පටහැණිව ප්‍රසංගයෙ කටයුතු සංවිධානය වෙමින් තියෙනවා.
හෘද සාක්ෂියට එකඟව මට මේ ප්‍රසංගයට දායකත්වය ලබාදෙන්න බැහැ.
අපි මුලින් එකඟ වෙච්ච විදියට ප්‍රසංගය කරමු යැයි මං සංවිධායකවරුන්ට යෝජනා කළත්, ඔවුන් මගේ ඒ ඉල්ලීම නොසලකා හැරිය නිසා, ප්‍රසංගයෙන් ඉවත්වීමට මං තීරණය කළා.
මගේ ගායනය රසවිඳීමේ බලාපොරොත්තුවෙන් ටිකට් මිලදී ගත් රසිකයින්ව දැනුවත් කිරීම පිණිස මගේ ඒ තීරණය මේ විදියට ප්‍රසිද්ධියේ පළ කරනවා.










