• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගෝඨා-රනිල් ආණ්ඩුවට වෙන්න යන දේ ගැන ප්‍රවීණ ජ්‍යොතිෂවේදී තොටවත්ත විග්‍රහකරයි…

May 22, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
ගෝඨා-රනිල් ආණ්ඩුවට වෙන්න යන දේ ගැන ප්‍රවීණ ජ්‍යොතිෂවේදී තොටවත්ත විග්‍රහකරයි…
Share on WhatsAppShare on Facebook

රටේ පවතින අර්බුදකාරී තත්ත්වය පිළිබඳ විවිධ අය විවිධ මත පළකරද්දී ප්‍රවීණ ජ්‍යොතිෂවේදී ඉන්දික තොටවත්ත මහතාද සිය මතය ඉදිරිපත් කර තිබෙනවා. ජ්‍යොතිෂ සහ දේශපාලනික පසුබිම උපයෝගී කරගෙන ඔහු සිදුකරන මෙම අදහස් දැක්වීම ඉතා සුවිශේෂ වූවක්. රාජපක්ෂවරුන්ගේ දේශපාලන අනාගතය සහ රනිල් වික්‍රමසිංහ මහතාගේ ආගමනය පිළිබඳ ඔහු ඉදිරිපත් කරන අදහස් දැක්වීම අපි උපුටා ගත්තේ Sathya Vlog යූටියුබ් චැනලයෙන්.

රනිල් වික්‍රමසිංහ මහතා අභිනව අග්‍රාමාත්‍යවරයා හැටියට පසුගියදා දිවුරුම් දුන්නා. එම දිවුරුම් දීම රටට කොයි විදියට බලපායිද, ඔහුගේ දේශපාලන අනාගතය කොයි වගේ වෙයිද කියන කරුණු සහ මේ සිදුවීමත් එක්ක විශේෂයෙන්ම රනිල් වික්‍රමසිංහ පිළිබඳවත් වැඩිපුර කතා කරන්න අවශ්‍යයි. රනිල් වික්‍රමසිංහ මහත්තයා සම්බන්ධයෙන් 2020 දී මම හිතන්නේ බොහෝ දෙනෙක් බලාපොරොත්තු වුණා රනිල්ගේ දේශපාලනය ඉවර වෙයි කියලා. මට මතකයි සුජිත් නිශාන්ත යෝගිතුමා වීඩියෝවක් කරලා තිබුණා 2020 මහ මැතිවරණය සම්බන්ධයෙන්. එහිදී කියන්නේ රනිල්ගේ දේශපාලනය එතැනින් ඉවරයි කියලා. එම වීඩියෝවට ප්‍රතිචාර ලෙස අපි 2020 මහ මැතිවරණය කිට්ටුව කරපු වීඩියෝවකින් කිව්වා නෑ රනිල්ගෙ දේශපාලනය පටන් ගන්නේ 2020 මහ මැතිවරණයෙන් පස්සේ කියලා. ඇත්තටම ඔබට මතක ඇති රනිල් බින්දුවෙන් පටන් ගන්නේ. ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් හැටියට තමයි එන්නේ. එජාපයට ලැබුණු එකම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙන් ඔහු පාර්ලිමේන්තුවට එන්නේ. පාර්ලිමේන්තු ඇවිල්ලා ඉතිහාසෙ පළමු වතාවට එක මන්ත්‍රී ධුරයක් හිමි පක්ෂයකින් අග්‍රාමාත්‍යවරයෙක් ලෙස පත්වෙනවා. මේ සිදුවීම ඊළඟට කොයි විදියට ක්‍රියාත්මක වෙයිද, මේකෙ ජ්‍යොතිෂමය තත්ත්වය කොයි වගේද කියලා අපි කතා කරමු. ඊට කලින් කාරණා ගණනාවක් කතා කරන්න තියෙනවා. එකක් තමයි සඳහිරු සෑය මහින්ද රාජපක්ෂ විවෘත කරන වෙලාවෙ, එතුමාගෙ උපන් දිනය සහ ඉල් පුර පසළොස්වක පොහෝ දිනය එකම දවසට යෙදිලා තිබුණා. නොවැම්බර් 18 වැනිදා තමයි ඒ විවෘත කිරීම වුණේ. එදා චන්ද්‍රග්‍රහණ දවසක්. අපි කිව්වා චන්ද්‍රග්‍රහණයක් තියෙන දවසක මේ වගේ සුවිශේෂ කටයුත්තක් කිරීම ජ්‍යොතිෂයට විරෝධී කියලා. සාමාන්‍යයෙන් භාව කේන්ද්‍ර ගණිතය, ජයමිණි පරාශ ක්‍රමය වගේ ඉතා ගැඹුරින් ජ්‍යොතිෂය දන්න කෙනෙක් නෙවෙයි, සරල දැනුමක් තියෙන කෙනෙක්ගෙන් ඇහුවත් සරල උත්තරයක් මේකට ගන්න පුළුවන්. ඒ කියන්නේ චන්ද්‍රග්‍රහණයක් ආසන්නයේ දී දවස් තුනක් දෙපැත්තට චන්ද්‍රග්‍රහණයක් හෝ සූර්යග්‍රහණයක් ආසන්නයේදී සුබ කටයුතු කරන්නේ නැහැ. මහින්ද රාජපක්ෂ මහත්තයට වුවමනා වුණේ දුටුගැමුණු රජතුමා යුද ජයග්‍රහණයෙන් පස්සේ හදපු රුවන්වැලි මහ සෑයට සමාන චෛත්‍යයක් තමන් විසින් කළා කියන ගෞරවය ඇතිකරගන්න. කොහොම වුණත් අපි කිව්වා සඳහිරු සෑය විවෘත කරලා මාස හයක් ඇතුළත ඒකට සම්බන්ධ පුද්ගලයට ඉතා අසුබතාවක් ඇතිවෙන්න පුළුවන් ජ්‍යොතිෂයට අනුව කියලා. සංඛ්‍යාන විද්‍යාව අනුව අපට මේක පෙන්වන්න විදියක් නෑ ඉතිහාසයෙ මෙහෙම දේවල් වෙලා තියෙන්නේ ඉතා අඩුවෙන් නිසා. ජ්‍යොතිෂ න්‍යායන්ට අනුව මේකෙ ලොකු ගැටලුවක් තියෙන බව අපි කිව්වා. චන්ද්‍රග්‍රහණයෙන් පස්සේ ඊළඟ චන්ද්‍රග්‍රහණය වෙන්න නියමිත මේ වෙසක් පෝය දවසට. අපි මේ කතා කරන මොහොත වෙනකොට මහින්ද රාජපක්ෂ මහත්තයට බලය අහිමි වෙලා තියෙනවා.

ගෝඨාභය රාජපක්ෂ රනිල් වික්‍රමසිංහව මේ වෙලාවෙ අග්‍රාමාත්‍යවරයා බවට පත් කරන්නේ ගිලෙමින් ඉන්න රාජපක්ෂලට එල්ලෙන්න තියෙන අන්තිම පිදුරු ගහ හැටියට. එහෙම නැතුව ඍණ වෙච්ච ආර්ථිකය ගොඩ දාන්නවත්, අස්ථාවර වෙච්ච රට ස්ථාවර කරන්නවත් නෙවෙයි. හරියට නීතිය ක්‍රියාත්මක කරන ආණ්ඩුවක් මේ වෙලාවෙ බලයට ආවොත් අනිවාර්යයෙන් හිරේ යන්න නියමිත රාජපක්ෂලව ගලවා ගැනීමේ ගැලවුම්කාරයා හැටියට තමයි දේශපාලන උපක්‍රමයක් හැටියට සහ රාජපක්ෂ පවුලට විශ්වාසවන්තම පුද්ගලයා හැටියට තමයි මේ වෙලාවේ රනිල් වික්‍රමසිංහව ගේන්නේ අග්‍රාමාත්‍යවරයා හැටියට.

ගෝඨාභය රාජපක්ෂට පසුගියදා නමක් වැටුණා වෑල්ඩින් නන්දේ කියලා. හැබැයි ඒ නමට ඔහු හරිම සාධාරණය ඉටු කරන්නේ මේ මොහොතේ. වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම රනිල්ව අග්‍රාමාත්‍යවරයා කරලා පොහොට්ටුවේ කොටසකුත් අරගෙන, සජබෙ කොටසකුත් අරගෙන, බදුර්දීන්ලා, හකීම්ලා අරගෙන පාස්සලා අලුත් ආණ්ඩුවක් රනිල්ට හදලා දෙන්න යෑම හරහා තමයි ඇත්තටම වෑල්ඩින් නන්දේ කියන වචනයට හරිම තේරුමක් ලැබුණේ. වෑල්ඩින් කටයුතු දැන් තමයි ඇත්තටම ගෝඨාභය රාජපක්ෂ කරන්න හදන්නේ. රනිල් වික්‍රමසිංහ මහතා බලය ගැනීම සම්බන්ධයෙන් මේ මොහොතේ රටේ ප්‍රබුද්ධ සමාජය ඉතා සවිඥානික විය යුතුයි, රනිල්ට බලය ලබා දෙන්නේ ඉතා අශිෂ්ට කටයුත්තකට. රනිල් ඉතිහාසෙ තමන්ගෙ පක්ෂ නායකත්වය අත් නොහැරියට, අග්‍රාමාත්‍ය ධුරය සම්බන්ධයෙන් ඔහු බල ලෝභිත්වයක් පෙන්නලා නෑ. 1994 චන්ද්‍රිකා අගමැති වෙච්ච ගමන් ඔහු බෑග් එකත් අරගෙන අරලියගහ මන්දිරයෙන් යනවා. 2004 ත් ඔහු ඉවත් වෙනවා චන්ද්‍රිකා පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැටියෙම. 2018 දින 54 ආණ්ඩුව වෙලාවෙ රාජිත, චම්පිකලගෙ බලකිරීමට හිටියා මිසක්, රනිල්ගේ ස්ව කැමැත්ත තිබුණේ මහින්ද රාජපක්ෂට අග්‍රාමාත්‍ය ධුරය කරගෙන යන්න ඉඩ දීලා අයින් වෙන්න. අග්‍රාමාත්‍ය ධුරය සම්බන්ධයෙන් රනිල් ඉතා ප්‍රශස්තයි. හැබැයි මේ වෙලාවෙ ජනතාව රනිල්ව ප්‍රතික්ෂේප කරලා තියෙන වෙලාවක, ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් අරගෙන, ඒ මන්ත්‍රී ධුරය හරහා මේ රටේ අග්‍රාමාත්‍ය ධුරයට පත්වීම රනිල් වගේ ප්‍රබුද්ධ දේශපාලකයකුට ගැළපෙන්නේ නෑ. රනිල් කියන්නේ ප්‍රශස්ත චරිතයක්. මේ රටේ ඉන්න අතිශය බහුතරයක් වන හාල්පාරුවන්ට සාපේක්ෂව රනිල් විද්වතෙක්. රනිල් වගේ කෙනෙකුට තරම් නොවන දෙයක් තමයි සදාචාර විරෝධී විදියට මේ වෙලාවෙ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ලබාදීපු තනතුර භාරගැනීම. මම විශ්වාස කරන්නේ රනිල් වික්‍රමසිංහ වගේ කෙනෙක් නොකළයුතු දෙයක් කියලා.

අනුර කුමාර දිසානායක සහෝදරයා කිව්වා හැම අවස්ථාවකම රනිල් වික්‍රමසිංහ රාජපක්ෂ පවුලේ ගැලවුම්කාරයා හැටියට පහුගිය කාලසීමාව පුරාම කටයුතු කරලා තියෙනවා කියලා. රාජපක්ෂ පවුල විසින් රනිල් වික්‍රමසිංහත්, රනිල් වික්‍රමසිංහ විසින් රාජපක්ෂ පවුලත් අන්‍යොන්‍ය විදියට පහුගිය දශකයක කාලය තුළ ආරක්ෂා කරලා තියෙනවා. ඒ අනුව රනිල් මේ රටේ ආර්ථිකය ගොඩ දාන්න යහපත් වුණාට යහපාලනය කියන එක ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අසමත් විතරක් නෙවෙයි, ඔහු චේතනාන්විතව මේ රටේ යහපාලනය, සංවරණ සහ තුලන සම්පූර්ණයෙන්ම උල්ලංඝනය කරන්න වැඩ කරලා තියෙනවා රාජපක්ෂලගෙ කොන්ත්‍රාත්කාරයෙක් විදියට ඉතිහාසය පුරාම. 2015-2019 ආණ්ඩුවෙ මෛත්‍රිපාල සිරිසේන මහත්තයා කියනව වගේම හරියට කරන්න බැරි වෙන්නෙත් ඒ මොහොතේ හොරු ආරක්ෂා කරන්නෙත් රනිල් වික්‍රමසිංහ නිසා. ඒකට එක්තරා විදියක ප්‍රති උපකාරයක් සහ ඒ වගකීමම නැවත මේ වතාවේ භාරදීමත් තමයි සිද්ධ වෙන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා රනිල් වික්‍රමසිංහට අග්‍රාමාත්‍ය ධුරය භාරදීමෙන්.

දැන් අපි බලමු රනිල් වික්‍රමසිංහ මහත්තයගෙ කේන්දරය සහ ජ්‍යොතිෂයට අනුව ඔහුගෙ ඉදිරි අනාගතය ගැන. රනිල් වික්‍රමසිංහ මහත්තයා දිවුරුම් දුන්නේ 6.31ට පමණ. ආසන්න වශයෙන් ඒ වෙලාවෙ තත්කාල ලග්නය යෙදෙන්නේ තුලා ලග්නය. මේකෙ පිටත්වීමේ නැකැත යෙදෙන්නත් ඕනෙ තුලා ලග්නයම තමයි බොහෝ විට. මේ වෙලාව ගත්තොත් තත්කාලය යෙදෙන්නේ වික්‍රමසිංහ මහත්තයගෙ මීන ලග්නයට අනුව අටවැන්නට. අටවැනි රාශිය උදාවෙලා තියෙද්දී සාමාන්‍යයෙන් ඕනෑම කේන්දරයක 6,8,12 කියන භාව ස්ථානවලට අහුවෙන රාශියකින් සාමාන්‍යයෙන් සුබ කටයුතු කරන්නේ නැහැ. ඔක්තෝබර් 26 වැනිදා මහින්ද රාජපක්ෂ දිවුරුම් දෙන වෙලාවෙත් ඔහුගෙ කන්‍යා ලග්නයෙන් 8 වැන්න තමයි මේෂ ලග්නයේ උදාවෙලා තිබුණේ. එකම වෙනසක් තිබුණා, ඒ වෙලාවෙ රවී නීචයි. මේ වෙලාවෙ රවි උච්චයි. රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ මොහොතේ 93 මැයි මාසෙ අග්‍රාමාත්‍ය ධුරයෙ දිවුරුම් දෙන වෙලාවෙත් මේ වගේම ග්‍රහ පිහිටීමක් තිබුණා. මේ ගතවෙන්නෙත් මැයි මාසෙ. ශනි කුම්භ රාශිගත වෙලා ඉන්නේ. ශනි කුම්භ රාශිගත වෙලා රනිල් වික්‍රමසිංහ මහත්තයට ඒරාෂ්ටක දෙකක් උදාකරමින් තිබෙනවා. රනිල් වික්‍රමසිංහ මහත්තයගෙ කේන්දරේ තියෙන විශේෂම යෝගය තමයි මාලවී යෝගය. තවත් ප්‍රබල පිහිටීම් කිහිපයක් ඔහුගෙ කේන්දරේ තියෙනවා. ඔක්තෝබර් 26 මෛත්‍රිපාල සිරිසේන මහතා අනීතික හා සදාචාර විරෝධී විදියට මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කරද්දී පැවැති තත්කාලයට යම් සමාන පිහිටීමක් මෙහි දකින්න පුළුවන්. එහිදී මහින්ද රාජපක්ෂ මහතාට ඇතිවූ බලපෑමට සමාන බලපෑමක් වික්‍රමසිංහ මහතාටත් ඇතිවීමට ඉඩ තිබෙනවා. කාලය එහා මෙහා වෙන්න පුළුවන්. හැබැයි ප්‍රතිඵලය අපට බලාපොරොත්තු වෙන්න පුළුවන්. මොකද රනිල්ට පොඩි ෆයිට් එකක් දීමේ හැකියාවක් තියෙනවා. මේක එක පැත්තකින් ගත්තොත් සජිත් ප්‍රේමදාස මහත්තයට එක්තරා විදියක වෙස්වළා ගත් ආශීර්වාදයක්. ඒ ඇයි කියන එක තව මාසයක් දෙකක් යද්දී ඔබටම තේරෙයි. ඒ නිසා රනිල් වික්‍රමසිංහ මහත්තයගෙ දිවුරුම් දීපු වෙලාවත්, ඔහුගේ මේ මොහොතේ පවතින තත්කාල ග්‍රහ පිහිටීමත් එක්ක ඔහුට ඉතා දීර්ඝ කාලයක් අග්‍රාමාත්‍ය කාලය පවත්වාගෙන යෑමේ හැකියාවක් අපි දකින්නෙ නෑ. මාස එකහමාරක් විතර කාලයක් ධුරයේ ඉන්න පුළුවන් වුණොත් සහන ටිකක් දීලා මේක රැකගන්න උත්සාහයක් දරයි. නමුත් ධුරය දීර්ඝ කාලයක් පවත්වාගෙන යෑමේ හැකියාවක් ඔහුට නෑ. 2018 ඔක්තෝබර් 26 දින 51 ආණ්ඩුවේ ප්‍රතිඵලයත්, රනිල් වික්‍රමසිංහ මහත්තයා හරහා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා හදන්න බලාපොරොත්තු වෙන ආණ්ඩුවෙ ප්‍රතිඵලයත් බොහෝ විට සමාන වෙයි කියලයි අපට බලාපොරොත්තු වෙන්න තියෙන්නේ.

අපි මේ අහන්නෙ ගොං බයියන්ගෙන්. සාමාන්‍ය අයගෙන්වත්, පිටරට ඉඳලා ඇවිල්ලා රට ගැන අවංකව හිතලා ගෝඨාභයට ඡන්දෙ දීපු මිනිසුන්ගෙන් නෙවෙයි. ඒ වගේම බට නන්දෙ සහ බටලන්දෙ එකතුව හොඳයිද කියලා අපි අහනවා. අපි බලාපොරොත්තු වෙනවා ගෝඨාභය බලයට පත් කරන්න රනිල් වික්‍රමසිංහට එරෙහිව උපවාස කරපු, රනිල් වික්‍රමසිංහට එරෙහිව මාර මාර කතා කියපු පොහොට්ටුවෙ අයියලා මේ ප්‍රශ්නවලට උත්තර දෙයි කියලා. ඒ නිසා ඔබට පැහැදිලියි සුනිල් ආරියරත්න මහත්තයා කේන්තියට කියන විරිඳුවල ලිව්වා වගේ ‘බේරගන්න පුළුවන් නම් තම සිහසුන සහ ඔටුන්න සූදානම් මහතුනි උන් පරයි එක්ක නිදිවදින්න’ කියලා ගෝඨාභය රාජපක්ෂ දැන් තමන්ගෙ පවුල බේරගන්න, අයියලා බේරගන්න ඕන කෙනෙක් එක්ක දේශපාලනිකව යහන්ගත වීමකට ගමේ අශිෂ්ට සිංහලෙන් කියනවා නම් දේශපාලනික නිදිවැදීමකට සූදානම්. ඉතා පැහැදිලිව අපි යෝජනා කරනවා අරගලයේ ඉන්න සහෝදරයන්ටත්, ඔබ මාසයක් තිස්සේ කට්ට කෑවේ එකම එක මන්ත්‍රී ධුරයක් තියෙන රනිල්ව අගමැති කරන්න වෙන්න බෑනෙ. ඔබේ තේමාව වුණේ ගෝඨා ගෝ හෝම් කියන එක. දැන් ගෝඨාභය නියම තුරුම්පුවක් මෙතන පාවිච්චි කරලා තියෙනවා. දැන් ගෝඨා ගෝ හෝම් කියන්න දෙපාරක් හිතන්න වෙනව රනිල් අගමැති කළාට පස්සේ. මොකද මේ වෙලාවෙ ගෝඨා ගෙදර ගියොත් නිල බලයෙන් ජනාධිපති වෙන්නේ රනිල් වික්‍රමසිංහ. ගෝඨා ගෝ හෝම් වුණොත්, රනිල් තමයි ඊළඟ ජනාධිපති.

සැකසුම – චානක ලියනගේ

SendShareShare
Previous Post

අම්මාවරුනේ අම්මාවරුනේ සම්මා සම්බුදු අම්මාවරුනේ…

Next Post

මයන්ත සජබෙ දාලා යන්නෙ නෑ කිව්වාම රුවන් විජයවර්ධනගේ ‘ඩේලිමිරර්’ එක මයන්ත යනවා වගේ ප්‍රවෘත්තියක් දාලා! අනුන්ගේ සදාචාරය ගැන කතා කරන උන්ගේ මාධ්‍ය සදාචාරය ඔන්න ඕකයි!

MORE NEWS

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News
Exclusive

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News
Exclusive

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News
Exclusive

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.