ක්‍රිකට් ක්‍රීඩක ධනංජය සිල්වා ගේ පියා වන දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ පොහොට්ටුවේ මන්ත්‍රී වෙඩි තබා ඝාතනය කර රටින් පැන්න පාතාලයේ ප්‍රබල අපරාධකරුවෙක් මෙන්ම මත්කුඩු ජාවාරම්කරුවෙක්ද වන ඇල්ටෝ ධර්මේ නැමැති අය සහ ඔහුගේ බිරිඳත් දරුවාත් ඩුබායි හීදී එරට ආරක්ෂක අංශ අත්අඩංගුවට ගෙන ඇතැටි එරටින් ලැබෙන තොරතුරු අනාවරණය කළේය.Sri Lanka Latest News
මේ වන විට ප්‍රංශයට පැනවිත් එරට කාන්තාවක් සමග විවහා වී දේශපාලන රැකවරණය ලබමින් එරට ජීවත්වන ගොනා කෝවිලේ අංජුගේ ප්‍රධාන ගෝලයා ලෙස සැලකෙන්නේ ඇල්ටෝ ධර්මේ නැමැත්තාය.
අබුඩාබි පොලීසියටත් ඩුබායි පොලීසියටත් මෙයට පෙර කොටුවී ඇති ඇල්ටෝ ධර්මේ නැමැති අය ඒ සෑම අවස්ථාවකදීම මෙරටට ඉල්ලා සිටියත් ලබාදීමක් සිදුවූයේ නැත.
ජාත්‍යන්තර පොලීසිය මගින් රතු නිවේදනයක්ද නිකුත්කර ඇති ඇල්ටෝ ධර්මේ ඒ සෑම අවස්ථාවකදීම බේරී තිබුනේ කෝටි ගණනක මුදලක් වැයකර නිතීඥ සහය ලබාගනිමිනි.
ධනංජය ද සිල්වාගේ සහෝදරයාද ඇල්ටෝ ධර්මේගේ තර්ජනයට ලක්ව සිටින අයෙකි. ඒ සම්බන්ධයෙන් පොලීසිය විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්ද පසුගිය කාලයේ යොදවා තිබුණි.










