• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නවතින්නෙ නෑ! ආයෙමත් ලොකු වැස්සක් වහින්නයි යන්නේ! I Sri Lanka Latest News

May 24, 2026
in Exclusive
Reading Time: 5 mins read
A A
ලංකාව ගැන ජපානයෙන් හරියටම කියයි! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

එළැඹෙන මැයි 26 හෝ 27 වැනි දිනවලදී නිරිත දිග මෝසම දිවයින හරහා ස්ථාපිත විය හැකි බැවින් එම දිනවලදී දිවයිනේ නිරිතදිග ප්‍රදේශයට වැසි වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළ කර තිබේ.Sri Lanka Latest News

මේ අතර පසුගිය දිනවල ඇදහැලුණු තද වැසි හේතුවෙන් ඉහළ ගිය ප්‍රධාන ගංගා ජල මට්ටම් රැසක් මේ වනවිට සාමාන්‍ය තත්ත්වයට පත්වෙමින් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ දත්තවල සඳහන් වී තිබේ.

නිරිතදිග මෝසම දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පැවතීමත් සමඟ දිවයිනේ නිරිතදිග කොටසේ බොහෝ ප්‍රදේශවලට පසුගිය දිනවල වැසි ඇදහැලුණු අතර ඇතැම් ප්‍රදේශවලට ලැබුණු  මිලිමීටර 200 සහ 300 ඉක්මවූ වැසි සමඟ මෙරට ප්‍රධාන ගංඟා රැසක ජල මට්ටම් ඉහළ ගොස් ගංවතුර තත්ත්වයක්ද හට ගෙන තිබුණි.

එහෙත් ඊයේ (23) දිනයේදී තද වැසි ඇතිනොවීම හේතුවෙන් ඉහළ ගිය ගංගාවල ජල මට්ටම් මේ වනවිට සාමාන්‍ය තත්ත්වයට පත්වෙමින් තිබෙන බව සඳහන් වෙයි.

මේ අතර, පසුගියදා ඉහළ ගොස් තිබූ කැලණි ගඟේ ජල මට්ටම මේ වනවිට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව අද (24) පෙරවරු 9.30ට නිකුත් කළ වාර්තාවේ දැක්වේ.

කෙසේවෙතත් කළු ගඟ, මිල්ලකන්ද ප්‍රදේශයෙන් තවදුරටත් සුළු ගංවතුර තත්ත්වයක පවතින බව සඳහන් වෙයි.

කළු ගඟේ අතු ගංගාවක් වන කුඩා ගඟේ මිල්ලකන්ද ජල මාපාංකය අද (24) පෙරවරු 8ට සටහන්ව තිබුණේ මීටර් 6.51ක් ලෙසිනි.

අද දෙරණ වාර්තාකරු පැවසුවේ කුඩා ගඟේ ජල මට්ටම ක්‍රමයෙන් අඩුවෙමින් පැවතුනද එය තවමත් පිටාර මට්ටමේ පවතින බවයි.

මේ අතර, හොරණ බැල්ලපිටිය ආශ්‍රිත පහත් බිම් තවදුරටත් ජලයෙන් යටව තිබේ.

එමෙන්ම බුලත්සිංහල – කළුතර මාර්ගය, දීයකඩුව ප්‍රදේශයෙන් තවදුරටත් ජලයෙන් යටවීම නිසා ගමනාගමනයට බාධා එල්ල වී තිබුණි.

එමෙන්ම කළු ගඟේ ජල මට්ටම , පුටුපාවුල සහ ඇල්ලගාව  ප්‍රදේශවලින් තවදුරටත් අවධානයෙන් සිටිය යුතු මට්ටමේ පවතින බව සඳහන් වෙයි.

මේ අතර පසුගිය දිනවල ඉහළ ගොස් තිබූ අත්තනගලු ඔයේ ජල මට්ටමද මේ වනවිට පහළ යමින් පැවතුනද  දූනමලේ අවට ජනතාව තවදුරටත් විමසිල්ලෙන් පසුවිය යුතු බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ.

අත්තනගලු ඔයේ පිටාර ජලයෙන් ජා ඇළ පාරිස් පෙරේරා මාවතේ හා සුදු වැල්ල ප්‍රදේශයේ නිවාස රැසක් තවමත් ජලයෙන් යට වී තිබේ.

ඉකුත් වසර අවසානයේදී හටගත් දිට්වා සුළි කුණාටුවෙන් විනාශ වූ පාරිස් පෙරේරා මාවතේ ආරම්භයේ ඇලේ පැති බැම්ම මෙතෙක් පිළිසකර නොකිරීම හේතුවෙන් මෙම ප්‍රදේශයේ නිවාස ජලයෙන් යටවන බවයි ප්‍රදේශවාසීන් මැසිවිලි නඟයි.

මෙවන් පසුබිමක ජා ඇළේ , ස්වර්ණ හංස පොඩි ඇළේ පාලමද ඊයේ (23) පස්වරුවේ කැඩීගොස් තිබේ.

ජා ඇළ සිට ගම්පහ නගරය දක්වා දිවෙන ප්‍රධාන බස් මාර්ගය , යක්කඩුව ප්‍රදේශයෙන් තවමත් ජලයෙන් යටව ඇත.

මේ අතර, දිවයිනට බලපෑ අයහපත් කාලගුණය හේතුවෙන් රත්නපුර, ගම්පහ, කළුතර ඇතුළු දිස්ත්‍රික්ක 8ක පවුල් 7482කට අයත් පුද්ගලයින් 28,933 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

එමෙන්ම, පවුල් 491 කට අයත් පුද්ගලයින් 1731 දෙනෙකු ආරක්ෂිත ස්ථාන 18ක රඳවා සිටින අතර ආපදා තත්ත්වයෙන් අර්ධ නිවාස හානි 836ක් සහ පූර්ණ නිවාස හානි 02ක් වාර්තා වන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

මේ අතර, අද, හෙට සහ ඉදිරි කාලගුණ තත්ත්වය සම්බන්ධයෙන් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණවිද්‍යාඥ කසුන් පැස්කුවල් මහතා අඳහස් දක්වන්නට විය,

“බොහෝ දුරට අද දිනයේදී සාමාන්‍ය කාලගුණ තත්ත්වයට සමාන තත්ත්වයක් තමයි හෙට දිනයේදීද පවතින්නේ. විශේෂයෙන් මැයි මස 26,27,28 යන දිනවලදී ශ්‍රී ලංකාවේ නිරිතදිග ප්‍රදේශයට වර්ෂාවේ තරමක වැඩි වීමක් අපි බලාපොරොත්තු වෙනවා. ගොඩක් දුරට ඒ දින ආසන්නව අපිට නිරිතදිග මෝසම් තත්ත්වය ස්ථාපිත වූ බවට අනාවැකි පල කිරීමේ හැකියාව තියෙනවා”

SendShareShare
Previous Post

ටෙස්ට් නායක ධනංජය සිල්වාගේ පියා ඝාතනය කොට රටින් පැන්න පාතාල නායක ඇල්ටෝ ධර්මේ ඩුබායිවලදී අල්ලලා!  I Sri Lanka Latest News

Next Post

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව! Sri Lanka Latest News

MORE NEWS

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Uncategorized

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වසරින් වසර ප්‍රධාන උද්ධමනය ජන සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවට අනුව මැයි මාසයේ 5.5% සිට ජුනි මාසයේ 6.8% දක්වා වැඩිව ඇති බවත්...

Read more
වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.