• About us
  • Contact us
Sunday, June 14, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලෝටස් මාමා ඡන්දේ කාලේ! Sri Lanka Latest News

September 16, 2024
in Exclusive
Reading Time: 11 mins read
A A
ලෝටස් මාමා ඡන්දේ කාලේ! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

‘චූටි මල්ලියි පොඩි මල්ලියි’ ලෙස ශ්‍රී ලාංකේය ජනතාව අතර ජනප්‍රියත්වයට පත් නිර්මාණශීලී ප්‍රහසන ශිල්පීන් දෙපළක් වන ගාමින්ද ප්‍රියවිරාජ් සහ සුනෙත් චිත්‍රානන්ද විසින් නවතම ප්‍රහසන වීඩියෝවක් සිය යූටියුබ් නාලිකාව වෙත පසුගියදා නිකුත් කළා. ‘ලෝටස් මාමා ඡන්ද කාලේ’ ලෙස නම්කර ඇති එම වීඩියෝව ‘මව්රට’ පාඨක ඔබ වෙනුවෙන් අප මෙලෙස ගෙන එන්නෙමු. (Sri Lanka Latest News)

හතර දෙනාම කතාකළා

නෝනාවරුනි මහත්වරුනි අද කතාව ‘ලෝටස් මාමා ඡන්ද කාලේ’. ඔන්න දැන් බොහෝ දෙනෙක් බලාපොරොත්තුවෙන් සිටි ඒ සුන්දර මොහොත උදාවෙනවා. ලෝටස් මාමාට ගමේ යාළුවෙක් මුණගැහිලා ඇතිවෙන දෙබසක් තමයි මේ.

යාළුවා
ඒ… ලෝටස් මාමේ. කොහෙද බං හරක් ටික දක්කගෙන යන්නේ…?
ලෝටස් මාමා
මම මේ පොඩ්ඩක් කැලෑවැදිලා හිටියේ බං මේ ටිකේ.
යාළුවා
ඇත්තටම මොකද බං මේ උඹලා කතාකරන්නවත් නෑනේ.
ලෝටස් මාමා
මම ගෙදර හිටියේ නෑ.
යාළුවා
දැං ජනාධිපතිවරණෙදී උඹ කාටද සපෝට්? කවුද දිනන්නේ?
ලෝටස් මාමා
මට කාටවත් සපෝට් කරන්න බෑ. මට එක්කෙනා එක එක ඉල්ලීම් කරනවා.
යාළුවා
කවුද ඉල්ලීම් කරන්නේ?
ලෝටස් මාමා
ෆොන්සේකා මහත්තයා කියනවා ලෝටා වරෙං. උඹ ඇවිල්ලා මට හයියට ඉන්න ඕනේ වරෙං කියලා. තැනින් තැන යනවා, කාර් එකත් ගෙනියනවා බං, උඹත් වරෙං කියනවා. යන්න බෑනේ. අනිත් අය තරහා වෙනවනේ.
යාළුවා
ඒක හරි.
ලෝටස් මාමා
දිලිත් මහත්තයා කතාකරනවා, ලෝටා වරෙං රොටියක් කාලා ප්ලේන්ටියක් ගහන්න. උඹලා ඕනේ අපිට මේ වෙලාවේ කියලා මට කතාකරනවා. ඒත් මට යන්න බෑ ඉතිං. නාමල් මහත්තයත් කතාකරනවා කැන්වසින් යන්න එන්න කියලා. ඒක කොරන්න බෑනේ මට අනිත් අය තරහා වෙනවනේ.
යාළුවා
හරි හරි…
ලෝටස් මාමා
රනිල් මහත්තයත් කතාකරනවා. මොනවා වුණත් ජනාධිපතිනේ.
යාළුවා
එක වයසේ මිනිස්සුනේ.
ලෝටස් මාමා
ඉතිං මම ගිහිල්ලත් බෑ නොගිහිල්ලත් බෑ. එයා කතාකරනවා ලෝටා පොඩ්ඩක් බලන්න බැරිද මේ කැම්පේන් එක, උඹට බැරිද මේක පොඩ්ඩක් උස්සලා ගන්න කියලා. සජිත් මහත්තයා කතාකරනවා වරෙං ලෝටස් අංකල් මේ වැඩේට කියලා. මමත් ඔය සජිත් මහත්තයා එක්ක අලි බලන්න කොටි බලන්න යන මිනිහනේ.
යාළුවා
අලි බලන්න කොටි බලන්න යනවද?
ලෝටස් මාමා
මේ ටිකේ ගියේ නෑ ඡන්ද වැඩ හින්දා. ඊට පස්සේ අනුර සහෝදරයා.
යාළුවා
අනුර සහෝදරයත් කතාකරනවද?
ලෝටස් මාමා
එයා අපේ නෝනලාගේ ගමේනේ. තඹුත්තේගම. එතැනත් සම්බන්ධකමක් තියෙනවනේ. ඔහොම බැලුවම හැම අපේක්ෂකයටම මට සම්බන්ධයක් තියෙනවා.
යාළුවා
එහෙම එකක් තියෙනවනේ.
ලෝටස් මාමා
ඒ හින්දා මට බෑනේ බං එක්කෙනෙකුට විතරක් උදව් කරන්න. ඒ හින්දා මම මේ ටිකේ අපේ නංගිලාගේ ගෙදර හැංගිලා හිටියේ. එක එක්කෙනා එනවා මාව හොයාගෙන…

පුටින්ගේ කෝල් එක

නෝනාවරුනි මහත්වරුනි අද කතාව ‘ලෝටස් මාමා ඡන්ද කාලේ’. දැන් ඔන්න ලෝටස් මාමාගේ වත්තේ කිතුල් ගහක් තියෙනවා. ඒකේ මලක් මිනිහා කැලේ පැත්තට වෙන්න කපලා හොරෙන්ම මැදගන්නවා. ඒක දැක්කා ගමේ කොල්ලෙක්.

කොල්ලා
ඒයි ලෝටස්…. ලෝටස්….
ලෝටස් මාමා
ඈ….
කොල්ලා
බය වුණා… බය වුණා… ලෝටස් මාමා බයවුණා… හූ….
ලෝටස් මාමා
මම නම් බයවුණේ නෑ බං. ඒ වුණාට ඉතිං නීති විරෝධී වැඩේ නීති විරෝධීනේ බං. ඒ වුණාට උඹ දන්නවද සුද්දා තමයි මේක කළේ.
කොල්ලා
මොකක්ද?
ලෝටස් මාමා
සුද්දා අපිට අරක්කු පොවන්න රා මැදිල්ල තහනම් කළා. අපි රා කට්ටක් ගහලා ලස්සනට හිටපු ජාතියක්නේ බං. දැං ඊළඟට කළු සුද්දෝ කළේ මොකක්ද, ඒ නීතිය එහෙමම පවත්වාගෙන ගියා. ඒකෙන් කසිප්පුකාරයෝ වැඩිවුණා.
කොල්ලා
ඒකෙන් උන්ට චාන්ස් එකනේ බං. උන් හොර ලේබල් ගහලා, ඒවයින් ගානක් හොයාගන්නවා.
ලෝටස් මාමා
ඒවා වැඩක් නෑ කට්ටක් ගහනවද?
කොල්ලා
දෙනවකෝ චුට්ටක්. ෂා නියමයි. සීනි ටික වගේ… ඒක නෙවෙයි ලෝටස් මාමේ. දැං ඔය පිටරට මිනිස්සු එහෙම අපේ ලංකාවේ ඡන්දේ ගැන උනන්දුද බං?
ලෝටස් මාමා
ඔව් බයවෙලා ඉන්නේ.
කොල්ලා
මාලදිවයිනේ මිනිස්සු බලනවා ඇති නේද?
ලෝටස් මාමා
මාලදිවයිනේ නෙවෙයි බං රුසියාවේ.
කොල්ලා
හෑ….?
ලෝටස් මාමා
පුටිං කතා කළා මට.
කොල්ලා
පුටිං… පුටිං මොකටද කතා කළේ?
ලෝටස් මාමා
පුටිං කතාකරලා ඇහුවා ‘උඹලාගේ තේ ටිකක් බීගෙන, උඹලට ඇස්බැස්ටෝස් ටිකක් ගෙනල්ලා දීලා ඕවනේ අපි කරන්නේ. අපේ මිනිස්සු ටික ඇවිල්ල ඔය ඇල්ල පැත්තේ රවුමක් ගහලා, මූද පැත්තේ රවුමක් ගහලා ඒවට කෙළවෙයිද ලෝටා කියලා ඇහුවා.
කොල්ලා
බය ඇති බය ඇති?
ලෝටස් මාමා
කවුරු එයිද කියලා දන්නේ නෑනේ. ඒ හින්දා බයයි. අරයා ආවොත් මෙහෙම වෙයි, මෙයා ආවොත් මෙහෙම වෙයි, මෙයා ආවොත් මේක බැරි වෙයි, මෙයා ආවොත් මේකට කැමැති නැති වෙයි, මේක වැඩි වෙයි කියලා මිනිහා හිතාගෙන ඉන්නවා.
කොල්ලා
ගොඩක් මිනිස්සුන්ට තියෙනවනේ ඔය වගේ ප්‍රශ්න.
ලෝටස් මාමා
මම කිව්වා ‘පුටිං මහත්තයා, ඔයා බයවෙන්න එපා. ඔය කවුරු ආවත් මේ ලෝටගෙන් අහලා තමයි වැඩ කරන්නේ’ කියලා.
කොල්ලා
ඒක හරිනේ ඉතිං.
ලෝටස් මාමා
ඔව්. ඔය ඔක්කොම මාත් එක්ක ෆිට්නේ බං.
කොල්ලා
ඒක නෙවෙයි ලෝටස් මාමේ. දැන් කවුද එන්නේ කියනවකෝ…
ලෝටස් මාමා
කියන්නම් කියන්නම්. මම දන්නවා ඡන්ද ප්‍රතිඵලේ.
කොල්ලා
ඉතිං කියනවකෝ මට ඔට්ටුවක් දාන්න.
ලෝටස් මාමා
මං කියන්නංකෝ උඹට…
කොල්ලා
කියනවකෝ කියනවකෝ….

චාල්ස් කතා කළා

නෝනාවරුනි මහත්වරුනි අද කතාව ‘ලෝටස් මාමා ඡන්ද කාලේ’. ඔන්න ලෝටස් මාමාගේ ගේ ගාවට වැස්සියෙක් ඇවිල්ලා. මිනිහා හෙමීට බාල්දියක් ගෙනල්ලා වැස්සිගෙන් කිරි ටිකක් දොවාගන්නවා. ඒක දකිනවා ගමේ කොල්ලෙක්.

කොල්ලා
ලෝටස් මාමේ… මොනවද බං ඔය කරන වැඩ?
ලෝටස් මාමා
කිරි ටිකක් දොවාගත්තා බං.
කොල්ලා
අර සුන්දර නැන්දලගේ වැස්සි නේද?
ලෝටස් මාමා
ඔව් ඔව්. මේකගේ කිරි දොවලා තියෙන්නේ උදේ. හවසට කිරි නෑ. යන්තං පොඩ්ඩයි.
කොල්ලා
හොඳ පොඩ්ඩ. ලීටර් බාගයක් විතර තියෙන්නේ ඔය…
ලෝටස් මාමා
ඔව් ඉතිං. මට බොන්නනේ. විකුණන්න නෙවෙයිනේ.
කොල්ලා
කමක් නෑ කමක් නෑ… ගෑනු මනුස්සයත් වයසක මනුස්සයනේ. ඒක නෙවෙයි ඡන්දේ ගැන ලෝක නායකයෝ මොකද කියන්නේ දැං? උඹට කතාකරනවද ලෝක නායකයෝ?
ලෝටස් මාමා
කතා කළා. රජ්ජුරුවෝ කතාකළා.
කොල්ලා
රජ්ජුරුවෝ කියන්නේ? මහ රජා…?
ලෝටස් මාමා
මහ රජා නෙවෙයි. එංගලන්තේ…
කොල්ලා
ආ… චාල්ස් රජ්ජුරුවෝ. ඉතිං…?
ලෝටස් මාමා
චාල්ස් රජ්ජුරුවෝ කතා කරනවා මට සතියකට දෙපාරක් විතර. මට කියලා කටුපිල ගෙන්නගන්නවනේ.
කොල්ලා
මොකද කිව්වේ ඉතිං?
ලෝටස් මාමා
රජතුමා තාම අපේ රටට කියන්නේ සිලෝන් කියලනේ. මම නම් තව ටික කාලෙකින් මැරිලා යයි කිව්වා. සිලෝන් කියන රට මගේ පුතාට තියෙයිද කියලා ඇහුවා. ඒගොල්ලන්ගේ රටක්නේ මේක. ඒක තියෙයිද ඇහුවා මේ යන ක්‍රමේට.
කොල්ලා
එහෙම ඇහුවද?
ලෝටස් මාමා
කවුරු එයිද, මේ එන එන එක්කෙනා මොනවා කොරයිද, ඒ අනුව මේ සිලෝන් කියන රට මගේ පුතාට නැතිවෙයිද ලෝටස් කියලා ඇඬුවා බං.
කොල්ලා
ඇඬුවද?
ලෝටස් මාමා
ඇඬුණා නේද.
කොල්ලා
ඉතිං කවුද බං දිනන්නේ කියහංකෝ…
ලෝටස් මාමා
මං කියන්නංකෝ…

ෂී ජින්පින්

නෝනාවරුනි මහත්වරුනි අද කතාව ‘ලෝටස් මාමා ඡන්ද කාලේ’. ඔන්න ලෝටස් මාමා ගෙවල්වලින් වීසිකරන පරණ යකඩ කෑලි එකතු කරලා විකුණන්න පටන්ගත්තා. ඔහොම පාරේ යනකොට යාළුවෙක් මුණගැහෙනවා.

යාළුවා
ලෝටස්… මාමේ…
ලෝටස් මාමා
ඕ….
යාළුවා
මේ, උඹට ලෝක නායකයෝ එහෙම කතාකළාද?
ලෝටස් මාමා
ලෝක නායකයෝ කියන්නේ පිනා කතා කළානේ.
යාළුවා
මුවන්පැලැස්සේ පිනා…?
ලෝටස් මාමා
ඒ පිනා දැන් කොහොද බං. මම කියන්නේ ෂී ජින්පින්.
යාළුවා
ආ චීනේ… මොකද කියන්නේ මිනිහා?
ලෝටස් මාමා
පොඩි තර්ජනයක් දැම්මා මට. මට කිව්වා ‘ලෝටා, අපි පාරවල් හැදුවා, හයිවේ හැදුවා, කුලුනු හැදුවා, වරායවල් හැදුවා, වරාය නගරවල් හැදුවා. ඒවට අපි ඉන්වෙස්ට් කරලා තියෙන්නේ. ඕවා අපි කළේ නිකං මීය කඩලා අත ලෙවකන්න නෙවෙයි, ඔය කොයි එකා ආවත් කියපං ඒවා ඒ විදියට වෙන්න ඕනේ කියලා’ කිව්වා.
යාළුවා
එහෙම කිව්වද?
ලෝටස් මාමා
ඔව්. මං කිව්වා මට නං සද්දේ දාන්න එන්න එපා. හැබැයි මතක තියාගන්න මහත්තයෝ ඔය කොයි එකා ආවත් මගෙන් අහලා තමයි කරන්නේ කියන එක මම පැහැදිලිව කිව්වා. උඹට ඕනේ නං මාව බැලන්ස් එකේ තියාගනින් කියලා මම කිව්වා.
යාළුවා
මම ආවොත් විතරයි කරන්නේ කියලා කියනවනේ සමහර කට්ටිය. ඒගොල්ලොත් දැන් ලෝටස් මාමගෙන් අහගෙනද කරන්නේ?
ලෝටස් මාමා
ඔව්.
යාළුවා
ඉතිං කියනවකෝ දිනන්නේ කවුද කියලා?
ලෝටස් මාමා
මම දන්නවා දිනන එකාව. ඒ ඔක්කොම සමීක්ෂණ එකතු කරලා, ඇනලයිස් කරලා මම හදලා තියෙනවා වාර්තාවක්.
යාළුවා
කියනවකො ඉතිං….

SendShareShare
Previous Post

අනුර මහත්තයෝ 80%න් හොරු කොච්චරද? Sri Lanka Latest News

Next Post

කෝටි 800ක් අල්ලස් ඉල්ලපු කැබිනට් ඇමැතිව ගෝඨාභය ඇමැතිකමෙන් පැන්නුවා! රනිල් ආපු ගමන් ඇමැතිකම් දෙකක් දුන්නා! ඔන්න රට වැටුණු තැන! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News
Exclusive

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News
Exclusive

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE
Exclusive

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News
Exclusive

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

Load More
කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය පැවැත්වීමට අවශ්‍ය නීතිය සම්පාදනය වූ පසු එය පවත්වන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.Sri Lanka Latest News

Read more
පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.