• About us
  • Contact us
Sunday, June 14, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අනුර මහත්තයෝ 80%න් හොරු කොච්චරද? Sri Lanka Latest News

September 16, 2024
in Exclusive
Reading Time: 5 mins read
A A
Share on WhatsAppShare on Facebook

අප කුඩා කාලයේ අපේ ගමේ පෙදරේරු (මේසෙන්) වැඩට “කප්” ගසා සිටි මේසෙන් බාස් කෙනෙක් සිටියේය. මේ කියන කාලවකවානුව නමසිය පනහේ මුල් භාගය වූ අතර ඒ වන විට හෙතෙම අවුරුදු හතළිස්පහ, පනහ තරම් වයසේ සිටි අත්දැකීම්වලින් පරිපාක රටේ තොටේ කාරණා කාරණා දන්නා කෙනකු බවටද ගම්මුන් අතර නමක් දිනා උන්නේය. කියන්නට අමතක වෙන්නට ගිය කාරණේ නම් ඔහුගේ නම “සේදිරිස් සාමි” බවය. “සාමි” යන්න දෙමළෙන් භික්‍ෂුන් වහන්සේලා (හාමුදුරුවරුන්) ඇමතීමට යොදාගන්නා පදයක් වුවත් අතීත ගම්මුන් “හාමි” යන්නට භාවිත කළේ ඒ පොදු වචනයයි. ඊට හේතුව සිංහල භාෂාවේ “ස” සහ “හ” යන අක්‍ෂර දෙක අතර පවත්නා ඥාති සම්බන්ධතාවයි. ඒ මෙසේය. “සතුරා”කීව ද“හතුරා” කීවද එකම අර්ථය ගෙනේ. (සම-හම, සඳ-හඳ විමසා බලත්වා)

ඉතින් උපන්දා පටන් හැන්ද, මට්ටම් ලීය, ලඹ කැටේටම කරගැටිවී (හුරුව) සිටි සේදිරිස් සාමි බාසුන්නැහේ හා ගෙවල් බැඳීමට කරට කර උන් හපනෙක් ඒ කාලයේ අහල ගම් හතක හෝ නොසිටි බවද කිව යුතුමය. ඔහු ළඟ අත්උදව්කාරයෝද හතරපස් දෙනෙක් උන්හ. ඒ සියල්ලෝම පාහේ වැඩ හුරුවන්නට ආවෝය. සේදිරිස් සාමි බාසුන්නැහේත් කිසිදු ගුරු මුෂ්ටියක් නොතබාම ඔවුනට ශිල්ප ඥානය දුන්ණේය. වැඩ හුරුවූ වැඩිදෙනකු ඔහු ළඟම සේවය කළා මිස පිටපය ගැහුවේද (ඉවත්ව ගියේ) නැත.

දිනකදී මේසෙන් බාස් කෙනකු බිත්තියකට බදාම ගසා කපරාරු කර සුදුහුණු මැදිය යුතු රටේ ලෝකෙ පිළිගත් ප්‍රමාණය වර්ග අඩි සියයකි. එහෙත් සේදිරිස් සාමි බාසුන්නැහේ දවසක (උදේ හතේ සිට සවස පහ පමණ තෙක්) එසේ නිමකරන ප්‍රමාණය වර්ග අඩි එකසිය පනහ ඉක්මවනසුලුය.

(අනෙක් අතට ඔහු බිත්තියක් එසේ මැද්දොත් මැද්දාමය. කතා දෙකක් නැත. මුහුණ බැලිය හැකිය කණ්ණාඩියක් වගේය. ඒ තරං ඔපේය)

අනිත් බාස් උන්නැහේලාට වඩා ඔහුට වැඩි වැඩ කොටසක් කිරීමේ හැකියාවට ප්‍රධාන හේතු දෙකකි. එකක් හෙතෙම අතටපයට හොමරි (කම්මැළි) කෙනෙක් නොවීමය. අනෙක ඔහු දෑතම එක විදිහට හුරුව තිබීමය. දකුණතට වෙහෙස දැනෙන තුරු නොනවත්වා බදාම ගසන ඔහු අනතුරුව පැත්ත මාරුකර වමතට හැන්ද ගෙන අර අන්දමටම නොනවත්වා බදාම ගසයි. ඔය අන්දමින් දෑතම හුරු වැඩකාරයෝ වෙනත් වෘත්තීය ක්‍ෂේත්‍රවලද නැත්තේ නොවේ. ඒ ප්‍රධාන වශයෙන් වෘත්තීය ක්‍ෂේත්‍ර දෙකකි. රාජ්‍ය (සේවය) සහ පෞද්ගලික (අංශය) ලෙසිනි.

“සාසනයේ පැවැත්ම විනය (නීතිය) බව” බුද්ධ නියමයයි. (විනයෝ සාසනස්සච ආයු)
නීතියක්, රීතියක්, සම්මතයක් නැති තැන (ආයතනයක) පැවැත්මක් නැත. ඒ නිසා පෞද්ගලික අංශයේ පැවැත්මේ ප්‍රධාන සිද්ධාන්තය සම්මත නීතිය මත දැඩිව පිහිටා කටයුතු කිරීමය. එවන් තැනෙක සොරකමට, දූෂණයට, වංචාවට ඇති ඉඩකඩ අවමය,

ඊට සමගාමී අනිත් සිද්ධාන්තයද ඉතා ප්‍රබලය. ආයතනයේ (සේවකකාරකාදීන්ගේ) පැවැත්ම ද එහි නිෂ්පාදනය (ඉපැයීම) මතය යන්නය.
තමන් මහන්සිව කෙරෙන ඉපැයීම තම වැටුප, ප්‍රසාද දීමනාව (බෝනස්) බව සෑම සේවකයකුගේම ලේවලට, මස්වලට, රිහිරිවලට, ඇටමිදුළුවලට කැවුණු ධර්මතාවකි. ඒ නිසා සේවකයෝ තම ආයතනය තමන්ගේ තම දරුවන්ගේ ප්‍රාණවායුව සේ තකා කටයුතු කරති.

අනිත් ක්‍ෂේත්‍රය රාජ්‍ය (මහජන) සේවයයි. ඊට නියමිත එක් හිමිකරුවකු නැත. ඒ නිසා රටේ සියලු පුරවැසියෝම හිමිකරුවෝය, අයිතිකරුවෝය,
ඇතැම් විටෙක ඔබ දුම්රියක හෝ බස් රියක හෝ ආසන කපා ඉවත්කර තිබෙනු දක්නට පිළිවන. ඒ උරුමක්කාරයන් තමන්ගේ කොටස ඉවත් කරගෙනගොස් ඇති අන්දමය. දුම්රිය මැදිරිවල විදුලි පංකාවලටද ඒ ආනිසංසයමය. පාළු ගෙයි වළං බිඳින්නට මොන බල්ලෙකුගෙන් හෝ අවසරයක් ඕනෑ නැත.

වසර පහකට පමණ කාලයකට ඔය ආයතන භාරව තාවකාලික භාරකරුවෙක් පත්වෙයි. එසේ පත්වන ඇතැමෙක් (සියල්ලන්ම නොවේ) හොරුන්ගෙත් හොරුය. ඇතැමෙක් කසිප්පු මුදලාලිලාය. ඇතැමෙක් කෝච්චිවල මාල කඩාපු මංපහරන්නෝය. පාරේ යාමට පාපැදියක් හෝ නොතිබුණු උන් “අම්මට සිරිගජ” ටික දිනකින්ම සුඛෝපභෝගී වාහනවල, අක්කර හත්අට සියයයේ උරුමක්කාරයෝය. ඕවා ගැන කියන්නට යාම වැඩක් නැත. කාලය නාස්තිකිරීමකි. ගහ දන්නා උනට කොළ කඩාපෑමෙන් පලක් නැත.
ඔය හොරුන් පත්කරන්නට දරදිය අදින ඇතැම් රාජ්‍ය සේවකයෝද සිටිති. උන් එන එකාට ගොට්ට අල්ලන්නට බලා සිටිති. බලයට පත්වූ විට කුට්ටිය කඩාගනිති. ඇතැමෙක් (වැඩි දෙනා) වෘත්තීය සමිති “ පකීර්ලාය”.

නර්ස්ලාට කොරන්න ගිය වළහැඩියෙක් උන්ණේය. ඌ නර්ස්ලා කී දෙනෙකුට කෙරුවේ දැයි නොදනිමු. එහෙත් දැන් ඒකා (අම්මට සිරි) අධ්‍යක්‍ෂ ජනරාල් කෙනෙකි.
රාජ්‍ය සේවය මේ තරම් අන්දමින් හෝ පවත්වාගෙන යා හැකිව ඇත්තේ ලේ මස්වලින් වන්දි ගෙවමින් රාජකාරියට කැපවූ යහපත් නිලධාරීන් නිසාවෙනි. එහෙත් ඔවුහු Unsung heroes ලාය. ඇගයීමකට පාත්‍ර නොවූ වීරයෝය.

වර්තමාන විගණකාධිපති චූලා වික්‍රමරත්න මහතා ප්‍රමුඛ කාර්ය මණ්ඩලය දූෂණය වංචාව අවමකර මහජන මුදල් ආරක්‍ෂා කිරීමට කරන උත්සාහය අනූපමේයය.
විගණකාධිපතිවරයා මහජන මුදලේ ආරක්‍ෂක මුර දේවතාවාය. චූලා මහත්තයා ඔය ටික අකුරටම කරන්නේය. හිටපු විගණකාධිපති ගාමිණී ඈපා මහතා කළ මෙහෙය අහස උසටය. විශ්‍රාමිකව අනූතුන් හැවිරිදි වියේ පසුවන හෙතෙම දැන් කාටත් අමතකව ඇත්තේය.

හිටපු විගණකාධිපති සරත් මායාදුන්නේ මහතා දේශීය ආදායම් කොමසාරිස් දෙපාර්තමේන්තුවේ රුපියල් කෝටි තිස්තුන්දහස් පන්සියයක වංචාවක් රටට අනාවරණ කෙළේය. එය දකුණු ආසියාවේ මහම බදු වංචාවය.

මා හිතවත් ලලිත් අඹන්වල මහතා රුපියල් කෝටි පහක වංචාවක් අල්ලාදී ඇසිඩ් පහර කා ආබාධිතව මියගියේය. ඔය සිහිපත් කළයුතු කීර්තිමත් පුද්ගලයන්ය. Greats names to be remembered. ඔය එක් පැත්තකි. එමෙන් රජයේ කාර්යාලවල අපකීර්තිමත් පැත්තක්ද තිබේ. බොහෝ දෙනා කියන්නේ මහජනයාගේ අවශ්‍යතා ඉටුකර නොදෙන බවය. එය එක් ප්‍රසිද්ධ පැත්තකි. අනිත් පැත්ත රජයේ සේවකයන්ටම අනින පැත්තතකි.

ඇතැම්හු මාසෙකට වරක් ලිපිගොනුවක් අතගාමින් වැටුප් ලබමින් දැහැමෙන් සෙමෙන් සිට විශ්‍රාම යන්නෝය. තවත් කණ්ඩායමක් රජයේ සේවකයන්ගෙන්ම මුදල් කඩාගන්නෝය. ඔවුහු ගිණුම් ශාඛාවලට අධිගෘහිතය. දුර බැහැර කාර්යාලයක නිලධාරියකු සිය අතිකාල හෝ ඉල්ලුම්පත ඉදිරිපත් කර නොලැබුණු තැන කොළඹට පැමිණ බලන විට එය හමස් පෙට්ටියේය. එය එළියට ගෙන පරීක්‍ෂා කරවා ගැනීමට පිදේනි තැබිය යුතුය. ඒවා අනතුරුව ලෙජර් ගතකරවා ගැනීමට වැඳවැටිය යුතුය. වැය ලෙජරයේ සටහන් කරවා චෙක්පත ලියන තැනට එන විට කාර්යාලය වසන වෙලාව පැමිණ ඇත. එවිට ඔහුට සිදුවන්නේ ඒ කාට හෝ චෙක්පත කොමිස් එකකට උකස් කොට මුදලක් රැගෙන යාමටය. ඒ අවස්ථාවේදී පොලියට සල්ලි දීමටද සත්පුරුෂයෝ ඔවුන් අතරම සිටිති.

වරදක් කියනවා නොවේ. මේ වැඩිදෙනා සේවක ගැලවුම්කරුවෝය. හෙවත් පකීර්ලාය. මේ කරුණු දීර්ඝ වශයෙන් වෙන් වෙන්ව කතාකළ යුතු කරුණුය.
මේ රටේ රාජ්‍ය සේවක සංඛ්‍යාව දාසය ලක්‍ෂයක් පමණය. ඒ පිරිසට වාර්ෂික වැටුප් වශයෙන් ගෙවනු ලබන මහජන මුදල් ප්‍රමාණය රුපියල් කෝටි හතළිස් පන් දහසක් පමණය.
විශ්‍රාමිකයෝ අටලක්‍ෂයක් පමණය. ඒ පිරිසට වාර්ෂික වැටුප් වශයෙන් ගෙවනු ලබන මහජන මුදල් ප්‍රමාණය රුපියල් කෝටි දෙදහස් අටසියයයක් තරම්ය. ඒ අනුව මහජනයාගෙන් යැපෙන ප්‍රමාණය විසිහතර ලක්‍ෂයක් පමණය.

රටේ සමස්ත ජනගහනය දෙකෝටි විසි ලක්‍ෂයක් තරම්ය. ඒ අනුව එක් පුරවැසියකුට විශ්‍රාමිකයන් සහ රාජ්‍ය සේවකයන් නඩත්තු කිරීම සඳහා දැරිය යුතු බර රුපියල් කෝටි විසිඑක් දහස් දෙසිය හතරකි. තැපැල් ඡන්දවලින් තමන්ගේ පක්‍ෂයට සියයට අසූවක් වැටුණු බව අනුර කුමාර දිසානායක මහතා කියයි.
එහෙත් ඒ පිරිසෙන් හොරුන් සංඛ්‍යාව කෙතෙක්දැයි එතුමෝ නොකියත්.

Sri Lanka Latest News

චන්ද්‍රසේන මාරසිංහ

SendShareShare
Previous Post

හා.. හා.. දූරියන් වවන්න චීනෙට යවන්න! මොකද්ද ආ… පාලම හදලා දෙන්නම්! මාව දිනවලා දෙන්න! රනිල් කන්තලේ ගිහින් වේදිකාවේ කියන කතා…! චුයින්ගම්.. බ්‍රේස්ලට්… වයි-ෆයි වගේද මේවනේ කතා! VIDEO I Sri Lanka Latest News

Next Post

ලෝටස් මාමා ඡන්දේ කාලේ! Sri Lanka Latest News

MORE NEWS

වසන්ත සමරසිංහ දැන් නිකම් විජය කුමාරතුංග වගේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වසන්ත සමරසිංහ දැන් නිකම් විජය කුමාරතුංග වගේ..! VIDEO I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)
Exclusive

වැවිලි වගාවල ආයෝජනය කරන එක කිසිම තැනකින් නියාමනය වෙන්නේ නෑ! ඔය කියන විදිහට 30%ක පොලියක් කවදාවත් දෙන්නත් බෑ.. ලැබෙන්නෙත් නෑ.. අන්තිමට සල්ලිත් නෑ! මේවා පිරමිඩ ජාවාරම්! දැනටමත් සමාගම් 18ක් ගැන විමර්ශන පටන් ගත්තා! ඉදිරියේදී නීති ක්‍රියාමාර්ග ගන්නවා! මහබැංකු අධිපති හොර ‘ප්ලාන්ටේෂන්ලාට’ එරෙහිව වැඩ පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

පච මදිවට හොරු..! අනුරට බෑ..! ජනතාවට අමාරුයි! සජබෙ සුජීව-ජේ.සී.-චරිත අද උදේම කටානට!‍ I Sri Lanka Latest News
Exclusive

පච මදිවට හොරු..! අනුරට බෑ..! ජනතාවට අමාරුයි! සජබෙ සුජීව-ජේ.සී.-චරිත අද උදේම කටානට!‍ I Sri Lanka Latest News

සජබය ආණ්ඩු බලය අල්ලන්න අනුරපුරෙන් වැඩ පටන් ගනී! මුජිබර් හොරොව්පොතානට යද්දී නිරෝෂන් බටහිර අනුරාධපුරයට යයි! දෙකටම ජනතාවගෙන් ලොකු ප්‍රතිචාරයක්!  PHOTOS I Sri Lanka Latest News
Exclusive

සජබය ආණ්ඩු බලය අල්ලන්න අනුරපුරෙන් වැඩ පටන් ගනී! මුජිබර් හොරොව්පොතානට යද්දී නිරෝෂන් බටහිර අනුරාධපුරයට යයි! දෙකටම ජනතාවගෙන් ලොකු ප්‍රතිචාරයක්!  PHOTOS I Sri Lanka Latest News

මුහුණු වහගෙන ලංකාවට අරන් ආ පාතාලයේ මහකෙරුමෝ දෙන්නා! I Sri Lanka Latest News
Exclusive

මුහුණු වහගෙන ලංකාවට අරන් ආ පාතාලයේ මහකෙරුමෝ දෙන්නා! I Sri Lanka Latest News

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

අමෙරිකා ඉරාන ගිවිසුම අත්සන් කරන්න කඹ ඇදිල්ලක්! ට්‍රම්ප් අද ලෑස්තියි! කමේනි ලෑස්ති නෑ! I Sri Lanka Latest News

Load More
වසන්ත සමරසිංහ දැන් නිකම් විජය කුමාරතුංග වගේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වසන්ත සමරසිංහ දැන් නිකම් විජය කුමාරතුංග වගේ..! VIDEO I Sri Lanka Latest News

වසන්ත සමරසිංහ දැන් හරියට විජය කුමාරතුංග මෙන් ලස්සන වී ඇතැයි මුජිබර් රහුමාන මහතා පැවසීය.Sri Lanka Latest News

Read more
රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)

වැවිලි වගාවල ආයෝජනය කරන එක කිසිම තැනකින් නියාමනය වෙන්නේ නෑ! ඔය කියන විදිහට 30%ක පොලියක් කවදාවත් දෙන්නත් බෑ.. ලැබෙන්නෙත් නෑ.. අන්තිමට සල්ලිත් නෑ! මේවා පිරමිඩ ජාවාරම්! දැනටමත් සමාගම් 18ක් ගැන විමර්ශන පටන් ගත්තා! ඉදිරියේදී නීති ක්‍රියාමාර්ග ගන්නවා! මහබැංකු අධිපති හොර ‘ප්ලාන්ටේෂන්ලාට’ එරෙහිව වැඩ පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

පච මදිවට හොරු..! අනුරට බෑ..! ජනතාවට අමාරුයි! සජබෙ සුජීව-ජේ.සී.-චරිත අද උදේම කටානට!‍ I Sri Lanka Latest News

පච මදිවට හොරු..! අනුරට බෑ..! ජනතාවට අමාරුයි! සජබෙ සුජීව-ජේ.සී.-චරිත අද උදේම කටානට!‍ I Sri Lanka Latest News

සජබය ආණ්ඩු බලය අල්ලන්න අනුරපුරෙන් වැඩ පටන් ගනී! මුජිබර් හොරොව්පොතානට යද්දී නිරෝෂන් බටහිර අනුරාධපුරයට යයි! දෙකටම ජනතාවගෙන් ලොකු ප්‍රතිචාරයක්!  PHOTOS I Sri Lanka Latest News

සජබය ආණ්ඩු බලය අල්ලන්න අනුරපුරෙන් වැඩ පටන් ගනී! මුජිබර් හොරොව්පොතානට යද්දී නිරෝෂන් බටහිර අනුරාධපුරයට යයි! දෙකටම ජනතාවගෙන් ලොකු ප්‍රතිචාරයක්!  PHOTOS I Sri Lanka Latest News

මුහුණු වහගෙන ලංකාවට අරන් ආ පාතාලයේ මහකෙරුමෝ දෙන්නා! I Sri Lanka Latest News

මුහුණු වහගෙන ලංකාවට අරන් ආ පාතාලයේ මහකෙරුමෝ දෙන්නා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.