යුක්රේනයේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග යනු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ඥාති පුත්‍රයෙකි. සිය උපන්දිනය දා හෙතෙම මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට ගොස් කේක් කපා කළ සැමරුම සම්බන්ධයෙන් ෆේස්බුක් පිටුවේ තබා තිබුණේ මෙවැනි සටහනකි.Sri Lanka Latest News
මගේ ජීවිතයේ ලොකුම තීරණ තුන ගන්න මට මූලික මඟපෙන්වීම ලැබුණේ අපේ මහින්ද අයියාගෙන්. ඒ නිසා මම ඔහුට සදාකාලිකවම ණයගැතියි.
මාව 1972 දී කොළඹ නාලන්දා විද්‍යාලයට ඇතුළත් කිරීම, අනතුරුව 1985දී විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා සෝවියට් දේශයට යොමුකිරීම, එමෙන්ම 2006දී රුසියාව, යුක්රේනය ඇතුළු රටවල් අටක ශ්‍රී ලංකාවේ තානාපතිවරයා ලෙස මාව පත්කිරීම… මේ සියල්ල සිදුවූයේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නිවැරදි, තීරණාත්මක මගපෙන්වීම මතයි.
අද, මගේ උපන්දිනයේද, උදෑසනම මට සුබ පැතුම් එක්කිරීමට ඔහු අමතක කළේ නැහැ. සවස ඔහු හමුවී, ඔහුගේ අතින්ම කේක් කැබැල්ලක් රසවිඳිමින්, පැරණි මතකයන් නැවත හුවමාරු කරගත් ඒ මොහොත මට විශේෂයි.
අපි අමතක නොකළ යුතු වැදගත් යථාර්ථයක් ඇත. වසර පනස් හයකට ආසන්න කාලයක් පුරා, මේ රටේ ජනතාව රාජපක්ෂවරුන්ට ආදරය කර තිබුණේ, මහින්ද මහත්තයා ජනතාවට පෙන්වන අසීමිත ආදරය, කරුණාව සහ මනුස්සකම නිසාය. වෙනත් කිසිදු සාධකයක් නිසා නොවේ.
මෙය රටේ ජනතාව පමණක් නොව, අනෙකුත් රාජපක්ෂවරුන්ද ගැඹුරින් අවබෝධ කරගත යුතු සත්‍යයකි.
ඇත්ත වශයෙන්ම අපේ මහින්ද මහත්තයාට වෙනත් විකල්පයක් නැත…
උදයංග වීරතුංග










