• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අනුර ජ’පුර කාමරේ ජනතාවට දීපු එකත් නිවුස් එකක්ද? එතකොට ජේ.ආර්…? Sri Lanka Latest News

March 28, 2026
in Exclusive
Reading Time: 3 mins read
A A
අනුර ජ’පුර කාමරේ ජනතාවට දීපු එකත් නිවුස් එකක්ද? එතකොට ජේ.ආර්…? Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

‘නහී වේරේණ වේරාණි’ වෛරය වෛරයෙන් නොව මෛත්‍රියෙන් සන්සිඳේ… එහෙම කිව්වේ ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපති ජූනියස් රිචඩ් ජයවර්ධනයන්, සැන්ෆ්‍රැන්සිස්කෝ නුවරදීය. ඒ ජපානය වෙනුවෙන්ය. ජපනා අපට ආදරේ කරන්නේ ඒ නිසාය. සිරිමාවෝ මැතිනියට චීනය ආදරය කරන්නේ එතුමිය චීනය සමග තිබූ දැඩි මිත්‍රත්වය නිසාය. එතුමිය නිසා අපේ රටට ලැබූ දේ බොහෝය. ජේ.ආර්. නිසා ජපානයෙන් අපිට ලැබූ දේ ද බොහෝය. අද සතියේ මාතෘකාවක් බවට පත්වී ඇති ජයවර්ධනපුර රෝහලත් එහෙම ලැබූ පරිත්‍යාගයක්ය.Sri Lanka Latest News

ජේ.ආර්. එදා ජපන් රටත්, ජපන් ජනයාත් වෙනුවෙන් කතා කළ නිසාම එදත් අදත් හෙටත් ජපානය අපේ රටට දක්වන්නේ මහත් ආදරයකි. මේ ලියන්නේ අහම්බෙන් සිදුවූ සිදුවීමක් පිළිබඳවය.

88,89 කාලවකවානුවේදී රටේ පැවැති තත්ත්වය උඩ මා ජපානයට පැනගන්නේ 90 මුලය. දිනක් මා සහ මිතුරන් කීපදෙනකු ශීත ඍතුවේදී ලැබූ නිවාඩු දවසක කනගාවා ප්‍රාන්තයේ කමකුරා පන්සලට ගියේ පන්සල නැරඹීමටය. එහිදී අප, ජපන් කාන්තාවන් පිරිසක් යම් පිළිමයකට වැඳ නමස්කාර කරන අයුරු දුටුවෙමු.

‘ඒයි මචං අර බලපන්කෝ…… අර පිළිමේ අඹලා ඉන්න පොර, අපේ ජේ.ආර්. වගේම නේද…?’ එහෙම කිව්වේ අප සමග සිටි මා මිත්‍ර රූපවාහිනියේ පර්සි ක්ලෙමන්ය. (මෙම එක් සේයාරුවක වමේ සිටගෙන මමද, දකුණේ සිටගෙන සිටින්නේ පර්සිය.)
අපි සියලු දෙනාම එම පිළිමය ළඟට ගියෙමු. පුදුමයකි…. මේ ජනාධිපති ජේ.ආර්.මය.
‘නුඹලා… ඇයි මේ පිළිරුවට වඳින්නේ….?’ එහි සිටි ජපන් කාන්තාවන් තිදෙනාගෙන් මම ජපන් භාෂාවෙන්ම විමසුවෙමි.
‘ඕ….සීමාසෙන්… කොනෝ හිතෝවා… සුරි ලංකා දයිතෝරියෝ දෙස්….’ (මේ ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපතිතුමා)
‘ඇයි ඉතින් නුඹලා මේ පිළිරුවට වඳින්නේ…?’ මම විමසුවෙමි.
‘මේ උත්තමයා තමයි අපේ ජපානය වෙනුවෙන් පෙනීහිටපු එකම නායකයා. අපි මෙතුමාට සදා ණයගැතියි…’එසේ කිව් ඇය පිළිරුවේ කොටා තිබූ වැකි අපහට පෙන්වූවාය. එහි ජපන්, ඉංග්‍රීසි සහ සිංහල භාෂාවෙන් සියල්ල කොටා තිබිණි. ජේ.ආර්.ගේ අස්සනින් සහ අත්අකුරින් සිංහල භාෂාවෙන්ම කොටා තිබිණි.

‘අපිත් ලංකාවේ… මේ අපේ රටේ හිටපු නායකයා….’ අප ඔහුනට පැවසුවෙමු. ඔහුන් පුදුම විය. අපව වැලඳගෙන, දෙකට නැමි නැමී ආචාර කරන්නට විය. ඔවුන්ගේ දෑස්වල කඳුළු පිරී තිබිණි.

මා නැවත ලංකාවට පැමිණියේ වසර තුනකින් පසු, එනම් 1993 දීය. පසුව, දිනක් මට ජයවර්ධන මහතාගේ ප්‍රවෘත්ති පටිගත කිරීමකට යෑමට සිදුවිය. එතුමන්ට මම රැගෙන ගිය ඡායාරූප ලබාදී, සිදුවීම විස්තර කළෙමි. ඔහුද පුදුම විය.

‘මේවා අද නේ මම දැක්කේ…. මම එහෙට ගිහිල්ලා නැහැ…. මේවා මට දෙනවද…?’ ඔහු සුපුරුදු ඔහුගේ ගැඹුරු හඬින් පැවැසීය.’
‘ඔව් සර්… මම දෙන්න තමයි ගෙනාවේ….’

‘ආ…. බොහොම හොඳයි… බොහොම හොඳයි… මම මේවා එලීනාටත් පෙන්වන්න ඕනේ…’ කියමින් උඩ සාක්කුවේ දාගත්තේය.
ඉතින් ජේ.ආර්.ට ජපානය සැලකුවේය. ඒ නිසා 1978 දී ඔහුගේ ඉල්ලීම පරිදි ශ්‍රී ජයවර්ධනපුර රෝහල ලබාදුන්නේය. ඔහු ඉල්ලුවේ ඇඳන් 1001කින් සමන්විතවය. ඒ එක ඇඳක් හදිසියේ හෝ ඔහුට එන්න වුණොත් භාවිතයටය. ඔහු මේ රෝහලට ආවාද නැද්ද කියන්න දන්නේ නම් නැත. රටක නායකයකු වෙනුවෙන් රෝහලක, හෝටලයක වෙනම කාමර වෙන්වන්නේ හදිසියේ හෝ ඔහු රෝගිවී පැමිණියහොත් ඔහුගේ ආරක්ෂාව, සන්නිවේදනය, රාජ්‍යතාන්ත්‍රිකයන් හමුවීම, රටේ ක්‍රියාමාර්ගයන් කරගෙන යෑම, උපදෙස් දීම, පාලනය කිරීම පහසු වීමටය. එදා රටේ පුද්ගලික රෝහල් තිබුණේ නැත. ඒත් අද එහෙම නොවේය. ඒ නිසා රජයේ රෝහල්වලට යන නායකයෙක් නම් දකින්නට අසන්නට නැත. හැකි නම් එදා මෙදාතුර ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ මෙම කාමරයේ නවාතැන් ගත් පිරිසගේ ලැයිස්තුව ගත්තා නම් බොහොම වටින්නේය. බොහෝ විට දේශපාලකයන්ගේ නෝනලා, පවුල්වල උදවිය, පාතාල නායකයන්, කුඩු මුදලාලිලා මෙම කාමරයේ නවාතැන් ගත් බව නම් හෙළිවිය හැකිය. අනුරට නම් මේ කාමරය අවශ්‍ය නැතුව ඇති. මන්ද අනුරගේ අම්මා බෙහෙත් ගන්නේත් තඹුත්තේගම මූලික රෝහලෙන්ය.

අනුර, ධමනි රෙපෙයාර් කරගන්න සිංගප්පූරුද යන්නේ නැත. ඒ නිසා ජේ.ආර්. එදා තමන්ට කාමරයක් වෙන්කර ගැනීම අරුමයක් නොවන්නා සේම, අනුර අද ඒ කාමරය ජනතාවට දීම පුදුමයක්ද නොවන්නේය.

ඒ වගේම හෙඩ්ලයින් මවන්නට හෝ නිවුස් බාර් ගහන්න තරම් මේක ප්‍රවෘත්තියක්ද නොවන්නේය.

ෂර්ලි අනිල් ද සිල්වා

SendShareShare
Previous Post

මහින්දත් එක්ක උදයංග කේක් කපයි! Sri Lanka Latest News

Next Post

තෙල් මිල නිසා ජන ජීවිතේ උඩුයටිකුරු වුණ හැටි! Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.