වැලිමඩ ප්‍රදේශයේ ජනප්‍රිය පාසලක රාජකාරි කාලය තුළ ගංජා පානය කළ ගුරුවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. (Sri Lanka Latest News)
සංගීත පන්ති කාමරය තුළ ගංජා සුරුට්ටු උරමින් සිටියදී අදාළ ගුරුවරුන් දෙදෙනා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
පොලිසිය පැවසුවේ නිර්නාමික ඔත්තුකරුවෙකුගෙන් ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර ඇති අතර අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරුවන් සන්තකයේ තිබී ගංජා ග්‍රෑම් 1.9ක් සොයාගත් බවයි.
hirunews










