පසුගිය 15 වැනිදා සිට විවෘත කර තිබූ කලාවැවේ හදිසි වාන් දොරටු දෙක ඊයේ (22) පෙරවරු 11ට පමණ සම්පූර්ණයෙන්ම වසාදැමීමට කටයුතු කළද යළිත් එදිනම පස්වරුවේ එම වාන් දොරටු දෙක අඟල් 3 බැගින් විවර කිරීමට කලා වැව කාර්යභාර ඉංජිනේරු කාර්යාලයට සිදුව ඇත. (Sri Lanka Latest News)
ඒ අනුව වාන් දොරටු දෙකෙන් තත්පරයට ඝන අඩි 3000ක පමණ ජල ධාරිතාවක් කලාවැවට මුදාහැරෙමින් තිබේ.
වාන් දොරටු නැවත විවෘත කිරීමත් සමග කලාවැව අවුකන මාර්ගයද අවුකන ප්‍රදේශයෙන් ජලයෙන් යටවී එම මාර්ගයේ ගමනාගමන කටයුතු ඇණහිට ඇති බව වාර්තා වේ.
dasathalankanews










