මාර්ගය අසල සවිකර ඇති වීථි පහනකට ස්වයංක්‍රීය පද්ධතියක් (සෙන්සර්) සවිකිරීමට ගිය පුද්ගලයකු විදුලි සර වැදීමෙන් මියගොස් ඇති බව මුන්දලම පොලිසිය පවසයි. (Sri Lanka Latest News)
එලෙස මියගොස් ඇත්තේ මුන්දලම අක්කර 60 ප්‍රදේශයේ පදිංචිව සිටි තුරෙයිරාජා මදුෂාන් තාගෝර් නමැති 25 හැවිරිදි තරුණයෙකි.
පුත්තලම ප්‍රාදේශීය සභාව විසින් පාලනය කරන, විදුලිබල මණ්ඩලයට අයත්, කිරිමට්ටාව ගම්මානයේ ඇති වීථි පහනකට ස්වයංක්‍රීය පද්ධතියක් සවිකරමින් සිටියදී විදුලි සර වැදුණු අයෙක් බිමට ඇදවැටුණු බව ප්‍රදේශවාසියකු මුන්දලම පොලිසියට දැනුම් දී ඇත.
එලෙස ඇදවැටුණු පුද්ගලයා මුන්දලම දිසා රෝහලට ඇතුළත් කර ඇති නමුත් ඒ වන විටත් ඔහු මියගොස් සිටි බවයි පැවැසෙන්නේ.
dasathalankanews










