යාපනය පොලිසිය මගින් පසුගිය එකොළොස්වනදා අත් අඩංගුවට ගෙන රක්ෂිතබන්ධනාගාරගත කරන ලද විසි හය හැවිරිදි ද්‍රවිඩ ජාතික තරුණයෙකු හදිසියේ ම මිය යාම සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් කරන ලෙස මෙරට ස්විට්සර්ලන්ත තානාපතිනිය, Siri Walt, ඉල්ලා සිටියි.Sri Lanka Latest News
අදාල තරුණයා පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබුණේ ඔහු මුදල් සහ රන්බඩු සෙරකමකට සම්බන්ධ බවට චෝදනා කරමිනි.
නොවැම්බර් මාසයේ එකොළොස්වන දා අත් අඩංගුවට ගනු ලැබූ අදාල සැකකරු මියගොස් තිබුණේ නොවැම්බර් 19 වන දිනයේ දී ය.
මරණය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත් වූ යාපනය මහරෝහලේ අධිකරණ වෛද්‍යවරයා පවසා ඇත්තේ, ශරීරයේ සිදු වූ තුවාල හේතුවෙන් වකුගඩු අක්‍රීය වී ඔහු මිය ගොස් ඇති බවයි.










