මන්නාරම මුල්ලිකණ්ඩාල් ප්‍රදේශයේදී අද (24) පෙරවරුවේ පුද්ගලයන් දෙදෙනකුට වෙඩිතබා ඝතනය කර ඇති බව පොලිසය කියයි.Sri Lanka Latest News
සිද්ධියෙන් මියගොස් ඇත්තේ අවුරුදු 55 හා 47 යන වයස්වල පසුවන පුද්ගලයන් දෙදෙනකු බව පොලිසිය පවසයි.
රිය අනතුරකින් පුද්ගලයන් දෙදෙනකු මියගොස ඇති බවට පොලිසිය ලද තොරතුරකට අනුව පොලිස් නිලධාරීන් එම ස්ථානයට ගොස් විමර්ශන සිදුකිරීමේ දී මෙම රියඅනතුරක් නොව වෙඩි තැබීමක් බවට හෙළි වු බව පොලිසිය පවසයි.
පාළු ස්ථානයක මෙම වෙඩි තැබීම සිදුව ඇති හෙයින් කුමණ අයුරින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති ද යන්න මෙතෙක් අනාවරණ වී නොමැත.