අලි පැටවුන් ජාවාරමට නමා දරා ඇති පුද්ගලයකු ඇතුලු තවත් අයෙකු තවමත් මින්නේරිය ප්‍රදේශයේ කරක් ගසමින් සිටින බව වාර්තා වේ.
මෙම පුද්ගලයා මින්නේරිය කැලෑවේ සිටින අලි පැටවකු අල්ලා ගැනීමට උත්සාහ දරමින් සිටින බවට වනජීවී දෙපාර්තමේන්තුව වෙත ලැබුණු තොරතුරක් මත ඉකුත් සතියේ වනජීවී නිලධාරීීන් මින්නේරිය අවට දැඩි රැකවල් ලා තිබිණ.
යුද හමුදාවේ මේජර් ජනරාල්වරයකු හා වනජීවී නිලධාරීන් අතර ගැටුමක් සිදුවූයේ ඒ අතරවාරයේය.
කෙසේවෙතත් මෙම සිදුවීමෙන් පසුවද අලි ජාවාරම්කරුවන් දෙදෙනා අලි පැටවා අල්ලා ගැනීමේ මෙහෙයුම අත්හැර නොමැති බව දැනගන්නට ඇත.










