මහජනතාවගේ පහසුව සඳහා රථවාහන වැරදි සඳහා දඩ මුදල් ගෙවීමේ ක්‍රියාවලිය සරල කිරීම සඳහා ශ්‍රී ලංකාවේ පොලිසිය සහ තැපැල් දෙපාර්තමේන්තු ඒකාබද්ධ ව්‍යාපෘතියක් දියත් කර ඇත.Sri Lanka Latest News
ඒ අනුව මහජනතාවට රාත්‍රියේදී පවා රථ වාහන දඩ මුදල් ගෙවීමට හැකිවන පරිදි බස්නාහිර පළාතේ තැපැල් කාර්යාල 13ක් පැය 24 පුරාම ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.
ඒ අනුව කොම්පඤ්ඤවීදිය, හැව්ලොක් ටවුන්, වැල්ලවත්ත, බොරැල්ල, කොටහේන, බත්තරමුල්ල, නුගේගොඩ, දෙහිවල, ගල්කිස්ස, මොරටුව, පානදුර, කළුතර සහ සීතාවකපුර යන ප්‍රදේශවල පිහිටි තැපැල් කාර්යාල පැය විසිහතර පුරා ක්‍රියාත්මක වේ.
තැපැල් දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවේ අදාළ තැපැල් කාර්යාල මගින් දඩ මුදල් භාරගනු ලබන්නේ වැඩ කරන වේලාවෙන් පිටතදී පමණක් බවයි.










