රට ආර්ථික වශයෙන් බංකොලොත් වීමට හේතු සෙවීම සඳහා පත්කළ කමිටුව අද (18) පළමු වරට රැස්වීමට නියමිතව තිබේ.Sri Lanka Latest News
එම රැස්වීම අද පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිත බව කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ සාගර කාරියවසම් මහතා සඳහන් කළේය.
එහිදී කමිටුවේ සාමාජිකයින් සමඟ සාකච්ඡා කර ඉදිරි පියවර සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීමට නියමිතය.
මෙරට ආර්ථිකය සම්බන්ධයෙන් තීන්දු තිරණ ගත් පාර්ශව මෙන්ම ආර්ථිකය සම්බන්ධයෙන් විශ්ලේෂණයක් කළ හැකි උගතුන් කමිටුව වෙත කැඳවීමට නියමිත බව සාගර කාරියවසම් මහතා සඳහන් කළේය.
එම කමිටුවේ සාමාජිකත්වයෙන් සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් ඉවත් වීමට පසුගියදා තීරණය කර තිබුණි.