බඹරකන්ද ඇල්ලෙන් ඇදවැටී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුවෙකු අද (17) උදෑසන ජීවිතක්ෂයට පත්වී තිබේ. Sri Lanka Latest News
පස් දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් විනෝද චාරිකාවකට පැමිණ සිටියදී පය ලිස්සා එම අනතුර සිදුවී ඇතැයි වාර්තා වෙයි.
එසේ මියගොස් ඇත්තේ, පේරාදෙණිය සරසවියේ 03 වසරේ ඉගෙනුම ලබමින් සිටි 25 හැවිරිදි සසංක විකුම් විතාරණ නමැති සිසුවෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් හල්දුම්මුල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.










