• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අක්මීමන තරුණයකුගේ මුහුණට පොලිසියෙන් වෙඩි තැබීමේ සිද්ධිය මානව හිමිකම් කොමිසමට යයි! පෞද්ගලික ආරවුලක්! මල්ලි අහිංසකයි! පවුලේ ඥාතීන්ගෙන් පොලිසියට ‌බරපතළ චෝදනාවක්! I Sri Lanka Latest News

June 17, 2023
in Exclusive
Reading Time: 8 mins read
A A
අක්මීමන තරුණයකුගේ මුහුණට පොලිසියෙන් වෙඩි තැබීමේ සිද්ධිය මානව හිමිකම් කොමිසමට යයි! පෞද්ගලික ආරවුලක්! මල්ලි අහිංසකයි! පවුලේ ඥාතීන්ගෙන් පොලිසියට ‌බරපතළ චෝදනාවක්! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ගාල්ල, අක්මීමන ප්‍රදේශයේ දී ජුනි 10 වැනිදා, අක්මීමන පොලිසියේ නිලධාරියෙකු කළ වෙඩි තැබීමකින් මුහුණට වෙඩි වැදුණු 21 හැවිරිදි තරුණයෙකු මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කිරීමේ නියෝග මත බන්ධනාගාර නිලධාරීන්ගේ අධීක්ෂණයට යටතේ කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි. Sri Lanka Latest News

මලීෂ විදුරංග නැමැති මෙම තරුණයාට මෙලෙස වෙඩි තබා ඇත්තේ ඔහු පොලිස් නිලධාරීන්ට අත්බෝම්බයක් දමා ගැසීමට උත්සහ කළ නිසා බවත්, ඔහු සතුව ටී 56 උණ්ඩ 105ක් තිබී ඇති බවත් අක්මීමන පොලිසිය ගාල්ල කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු දක්වා තිබේ.

මලීෂ සහ ඔහුගේ මිතුරාට එල්ල වී ඇති චෝදනා ඔහුගේ පවුලේ අය ප්‍රතික්ෂේප කරති.

“මගේ මල්ලි අහිංසකයි.”

සිය බාල සහෝදරයා සම්බන්ධයෙන් පොලිසිය එල්ල කරන මෙම චෝදනා ඔහුගේ වැඩිමහල් සහෝදරයා වන භානුක දිසානායක තරයේ ප්‍රතික්ෂේප කරයි. ඔහු පවසන්නේ සිය සහෝදරයා කිසිඳු අවස්ථාවක එවැනි ආයුධ ළඟා තබා ගැනීමට තබා ඒවා ඇසින් හෝ දැක නොමැති බවයි. සිය සහෝදරයා ගාල්ල ප්‍රදේශයේ පැවති සංගීත සංදර්ශනයක් නැරඹීමට යන අතරතුරේ මෙම සිද්ධියට මුහුණ පා ඇතැයි භානුක පවසයි.

“රෑ නවයට විතර මල්ලිත් යාලුවෙකුත් එක්ක බයික් එකකින් ගාල්ලෙ සංගීතයක් බලන්න ගිහින් තියෙනවා. මඟකදි මේ දෙන්නා අතුරු පාරකට ගිහින් බීඩි බොමින් ඉඳලා. ඒ අතරෙදි තමයි පොලිසියෙන් එන බව දැකලා තියෙන්නේ,” ඔහු සඳහන් කළේය.

පොලිසිය එන බව දුටු මලීෂගේ මිතුරා මෝටර් සයිකලය වේගයෙන් ඉදිරියට ධාවනය කර ඇතැයි භානුක කියා සිටියේය. “මේ දෙන්නා ගෙදරට කියන්නේ නැතිව තමයි සංගීතය බලන්න ගිහින් තියෙන්නේ. ඒ නිසා බයට මල්ලිගෙ යාලුවා බයික් එක ඉස්සරහට අරන් ගිහින්. මල්ලි එතන කරකියා ගන්න දෙයක් නැතිව ඉන්නකොට තමයි පොලිසියෙන් ඇවිත් මල්ලිව අල්ලාගෙන තියෙන්නේ.”

පසුව පොලිස් නිලධාරීන් දෙදෙනාගෙන් පැන යාමට මලීෂ ඔවුන් සමඟ පොර බදා ඇති අතර එලෙස පැන යාමේ දී පොලිස් නිලධාරියා එල්ල කළ වෙඩි ප්‍රහාරය එල්ල වී ඇත්තේ තම සහෝදරයාගේ මුහුණට බව භානුක පැවසීය.

රෝහල් ගත කළේ කවුද?

රාත්‍රී 10.45ට ආසන්න කාලයක දී තම සහෝදරයාට වෙඩි තැබීමෙන් පසු ව පොලිස් නිලධාරීන් දෙදෙනා එම ස්ථානයෙන් පිට ව ගොස් ඇති බවත් වෙඩි වැදුණු සහෝදරයා ඉදිරියට දිව ගොස් ඇති බවත් භානුක සඳහන් කළේය.

එම අවස්ථාවේ දී නැවත එම මාර්ගයේ ම මෝටර් සයිකලයෙන් පැමිණෙමින් සිටි මිතුරා, මලීෂව මෝටර් සයිකලයට නංවාගෙන ගොස් කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇතැයි, සහෝදරයා පැවසීය.

ඔහු කියා සිටියේ, වෙඩි වැදුණු තම සහෝදරයා, රෝහලට ඇතුළත් කිරීමට හෝ අත්අඩංගුවට ගැනීමට එම අවස්ථාවේදී ක්‍රියා නොකළ පොලිස් නිලධාරීන් තම සහෝදරයා සහ ඔහුගේ මිතුරා අත්අඩංගුවට ගෙන තිබෙන්නේ පසුව රෝහලට පැමිණීමෙන් පසුව බවය.

“මල්ලීගේ යාලුවාගෙ අම්මා ගෙදරට ඇවිත් කියලා තියෙනවා මෙහෙම දෙයක් වෙලා කියලා. අම්මාත් තාත්තාත් ඉස්පිරිතාලයට ගිය වෙලාවේ පොලිසියෙන් කියලා, ‘පුතා හොඳ එකෙක් නෙවෙයි, අපට අත් බෝම්බෙකින් ගහන්න හැදුවා’ කියලා,” භානුක පවසයි.”මගේ මල්ලි කිසිම වෙලාවක රථවාහන වැරැද්දකටවත් අහුවෙලා තියෙන කෙනෙක් නොවෙයි. ඔය කියන ආයුධ එයා දැකලාවත් නෑ,” යැයි පවසන ඔහු පෙන්වා දෙන්නේ මෙය හුදෙක් ම වෙඩි තැබීමේ සිදුවීම වසා ගැනීමට පොලිසිය එල්ල කරන බොරු චෝදනාවක් බවයි.

වෙඩි තැබූ නිලධාරියා සමඟ පුද්ගලික ආරවුලක්…

මෙම වෙඩි තැබීමට සම්බන්ධ පොලිස් නිලධාරියා සමඟ යම් පුද්ගලික ආරවුලක් තිබූ බවද මලීෂගේ සහෝදරයා පවසයි. ඔවුන්ගේ පියා ගරාජයක් පවත්වාගෙන යන අතර මලීෂ ද සිය පියා සමඟ එක් ව වාහන අලුත්වැඩියා කටයුතු කරයි.

භානුක පවසන්නේ පොලිස් නිලධාරීන් බොහෝවිට මෝටර් සයිකල් අලුත්වැඩියා කරගැනීමට සිය පියාගේ ගරාජයට පැමිණෙන බවය. සිය පවුලේ සහෝදරයන් තිදෙනා ම එලෙස සිය පියාගේ ගරාජයේ වැඩකටයුතුවලට උදවු වූ බවත්, උක්ත පොලිස් නිලධාරියා සිය මෝටර් සයිකලය අලුත්වැඩියා කරගැනීමට පැමිණි අවස්ථාවේ දී ගාස්තුව ඉල්ලූ විට තමා සමඟ කලකට ඉහත බහින්බස් වීමක් සිදු වූ බවත් භානුක සඳහන් කළේය. “මගෙත් මල්ලිලා දෙන්නාගේත් පෙනුම ටිකක් එක සමානයි. ඒ නිසා මගෙන් පළිගැනීමක් විදිහට, මම කියලා මල්ලිව වරදවා වටහාගෙන වෙඩි තැබීම කරලා බොරු නඩුවකට පටලවන්න යනවා කියන සැකය ලොකුවට ම අපට තියෙනවා,” ඔහු පවසයි.

මිතුරා 21වැනිදා දක්වා රිමාන්ඩ්

අක්මීමන පොලිසිය විසින් ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට පසුගිය ජුනි 13 වැනිදා කළ කරුණු දැක්වීමකින් පසු ව වෙඩි වැදුණු තරුණයාගේ මිතුරා ජුනි 21වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. මලීෂ ව ද එලෙස රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇති අතර ඔහු තවම වෛද්‍ය ප්‍රතිකාර ලබන හෙයින් මේවන විට බන්ධනාගාර නිලධාරීන් යටතේ ඔහු කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබයි.

පොලිසිය පැවසුවේ නඩු භාණ්ඩ පිළිබඳ අධිකරණයට වාර්තා කළ බවත්, බෝම්බය නිෂ්ක්‍රීය කිරීමට ද අධිකරණය විසින් නියෝගයක් ලබා දුන් බවත් ය. කෙසේවෙතත් බෝම්බය නිෂ්ක්‍රීය කිරීමට මෙතෙක් බෝම්බ නිෂ්ක්‍රීය අංශයෙන් නොපැමිණි බව ඔහු පැවසුවේ ය.

පොලිස් නිලධාරීන් පිළිබඳ පරීක්ෂණයක්

මෙම සිදුවීමේ දී පොලිස් නිලධාරීන් අතින් යම් වරදක් සිදු වී තිබේ ද යන්න සොයා බැලීම සඳහා එම නිලධාරීන් දෙදෙනා පිළිබඳ පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි, පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ නිහාල් තල්දූව තහවුරු කළේ ය.

මේ සම්බන්ධ අපරාධ පරීක්ෂණයක් ද ක්‍රියාත්මක වන අතර එය කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මඟින් ක්‍රියාත්මක බව පොලිසිය පැවසීය.

මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

සිය සහෝදරයාට සිදු වී ඇති අසාධාරණය වෙනුවෙන් සාධාරණයක් ඉල්ලා භානුක සහ ඔහුගේ පවුලේ අය විසින් ජුනි 13 දින ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. මේ සඳහා සිරකරු අයිතිවාසිකම් කමිටුවේ නීතිඥවරුන් ද සම්බන්ධ වී තිබුණි.

සිරකරු අයිතිවාසිකම් කමිටුවේ කැඳවුම්කරු නීතිඥ සේනක පෙරේරා පවසන්නේ පොලිසිය නිශ්චිත වශයෙන් ම වරදක් සිදු කර ඇති බවයි. “මේ තරුණයාගේ මුහුණට මොවුන් වෙඩි තබලා තියෙන්නේ. ඔහුට ජීවිත හානියක් වුණත් වෙන්න තිබුණා. වෙඩි තබන්න අත්‍යවශ්‍ය තත්ත්වයක දී වුණත් බලය තියෙන්නේ දණහිසින් පහළට වෙඩි තබන්න. මුහුණට වෙඩි තබන්න ඔවුන්ට කිසි බලයක් නෑ,” ඔහු පවසයි.

“වෙඩි තබලා මේ නිලධාරීන් යන්න ගිහින් තියෙනවා. තරුණයාව රෝහල් ගත කරලා තියෙන්නේ ඔහුගේ මිතුරා විසින්. පොලිසිය මේ කියන විදිහෙ සිද්ධියක් නම් එතන වුණේ ඔහුව රෝහල් ගත කරන්න ඕනෑ පොලිසිය විසින්. නමුත් පොලිසිය ඔහුව එතන අතඇරලා ගිහින් පස්සේ රෝහලේ දී තමයි අත්අඩංගුවට ගන්නේ,” ඔහු පෙන්වා දෙයි. එම නිසා පොලිසියේ හැසිරීම සහ ඔවුන් එල්ල කරන චෝදනා අතර පරස්පර බවක් තිබෙන බව ඔහු පවසයි.

සිරකරු අයිතිවාසිකම් කමිටුවේ ප්‍රධාන ලේකම් නන්දිමාල් සිල්වා පැවසුවේ වෙඩි තැබූ පොලිස් නිලධාරියා සමඟ කලින් ඇති ව තිබූ ආරවුල සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දැක්වීමට බලාපොරොත්තු වන බවයි.

පොලිස් වධ හිංසාවල වර්ධනයක්…

මෑතක දී පොලිසිය විසින් සිදු කළ වධ හිංසාවල ඉහළ යාමක් වාර්තා වී ඇතැයි නීතිඥ සේනක පෙරේරා පවසයි. ඔවුන් අත්අත්අඩංගුවට පත් වූ අය සහ බන්ධනාගාර රැඳවියන් පසුගිය කාලය තුළ, මුහුණ දුන් ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසියට වාර්තාවක් යැවීමට බලාපොරොත්තු වන බව ඔහු පැවසුවේ ය. “මේ අවුරුද්දෙ මුල ඉඳන් පොලිසිය කරපු මේ විදිහෙ වෙඩි තැබීම් විතරක් දහයක් පමණ වාර්තා වෙලා තිබෙනවා. ඊට අමතර ව තවත් වධ හිංසා 29කට අධික ප්‍රමණයක් වාර්තා වෙමින් තිබෙනවා,” ඔහු පවසයි.

2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත ප්‍රකාරව, 2022 වසරේදී සිදුවූ පොලිස් වධ හිංසා සිදුවීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට ලැබී ඇති පැමිණිලි පිළිබඳ ව තොරතුරු ඉල්ලා බීබීසී සිංහල ලිඛිත ඉල්ලීමක් කර තිබේ.

ආසන්න කාල වකවානුවේ දී පොලිස් අත්අඩංගුවේ සිටි රාජ කුමාරි නම් කාන්තාව සහ මත්ද්‍රව්‍ය නාශක කාර්යංශ අත්අඩංගුවේ සිටි සමන්ත ප්‍රීති කුමාර යන අය මිය යාම සම්බන්ධයෙන් සමාජයේ දැඩි කතාබහක් නිර්මාණය විය. සමන්ත මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු යැයි සැක කර අත්අතංගුවට ගෙන තිබූ අතර මේවන විට ඔහුට එරෙහි ව සාක්ෂි ගොනු කිරීමට පොලිසිය අසමත් වී ඇත. ඔහුගේ මරණය සම්බන්ධයෙන් මේ වන විට මත්ද්‍රව්‍ය නාශක කාර්යංශ නිලධාරීන් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන්නේ ඔහුට පොලිස් අත්අඩංගුවේ දී මොට ආයුධයකින් සිදු කළ පහරදීමක් නිසා ඇති වූ තුවාල 49ක් නිසා ඔහුගේ මරණය සිදු වූ බවට අධිකරණයේ දී සනාථ වීමෙන් අනතුරුවය.

BBC සිංහල

SendShareShare
Previous Post

ත්‍රෛනිකායික ගෞරවනීය මහා සංඝරත්නය විසින් “ශ්‍රී සුගත ශාසන ප්‍රසාදනී”ගෞරවනාම සන්නස ජලනිට පිරිනමයි! ශාසනයට කළ සේවයත් සිහිපත් කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Next Post

සරසවි සිසුන්ට මාරක අපලයක්! ඊයේ දෙන්නෙක් බෙල්ලෙ වැල දාගත්තා! අද පේරාදෙනි සිසුවෙක් බඹරකන්ද ඇල්ලෙන් වැටිලා මැරිලා! I Sri Lanka Latest News

MORE NEWS

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Exclusive

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

Load More
‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක තිස්සකුට්ටි ආරච්චිට පොහොට්ටුව ඇතුළෙන්ම දැඩි විරෝධයක් මතුව ඇත.Sri Lanka Latest News විශේෂයෙන්ම...

Read more
සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.