ජනාධිපතිවරයා ගත් තීන්දු සියල්ල අසාර්ථක වී ඇති බවත්, වහාම ජනාධිපතිවරයා තනතුරින් ඉවත්ව සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු කළ යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පැවසීය.
ඒ මහතා පෙන්වා දුන්නේ එක් පවුලක් හේතුකොටගෙන රටේ පවුල් ලක්ෂ 50කට අද කන්න නැති වී ඇති බවකි.










