ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර ඔහු මුණගැසී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව ඉලංගෙයි තමිල් අරසු පක්ෂය පවසනවා. Sri Lanka Latest News
ඊයේ යාපනය ප්‍රදේශයේ ප්‍රවෘත්ති සාකච්ඡාවක දී එම පක්ෂයේ වැඩ බලන නායක සි.වී.කේ ශිවඥානම් මේ බව සඳහන් කළා.
ලබන මාසයේදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙරට සංචාරයක් සදහා පැමිණීමට නියමිත අතර ඔහු හමුවීමට තමිල් අරුසු පක්ෂය අවස්ථාවක් ඉල්ලා තිබෙනවා.
විශේෂයෙන් මෙහිදී 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීම ඇතුළු උතුරේ ජනතාවගේ ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීමට සූදානම් බවයි ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ වැඩ බලන නායක සි.වී.කේ ශිවඥානම් ප්‍රකාශ කළේ.










