ඉදිරි ජනාධිපතිවරණයේදී දෙමළ ජාතික සන්ධානයේ සහාය එක්සත් ජාතික පෙරමුණේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා හට ලබා දෙන බවට වූ තීන්දුව හෙට (04) දිනයේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව දැනගන්නට ඇත.
මේ වනවිට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා යාපනයේ සංචාරයක නිරතව සිටින අතර එහිදී දෙමළ සන්ධාන නියෝජිතයන් සමග පැවැති සාකච්ජාවලදී ඒ බව නිල නොවන ලෙස දැනුම් දී ඇති බව පැවසේ.
එමෙන්ම අද රාත්‍රියේදී අගමැතිවරයා හා දෙමළ සන්ධාන නායකයන් අතර රාත්‍රී භෝජන සංග්‍රහයක් සූදානම් කර ඇති බවද දැනගන්නට ඇත.
ඒ අනුව හෙට දිනයේදී දෙමළ සන්ධානයේ මෙම තීන්දුව ප්‍රකාශයට පත්කරනු ඇති බව දැනගන්නට ඇත.