රට ගොඩනංවන ආකාරය පිළිබදව තමන් සමග ප්‍රසිද්ධ විවාදයකට පැමිණෙන ලෙස දැනුම් දෙමින් සජිත් ප්‍රේමදාස මහතා පොහොට්ටුවේ අපේක්ෂකයා වන ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක් යොමු කර ඇත.
පසුගිය බදාදා තමන් වාචිකව මෙම අභියෝගය ප්‍රසිද්ධියේ කළ බවත්, තවමත් ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඊට ප්‍රතිචාර ලැබී නොමැති බවත් ප්‍රේමදාස මහතා සිය ලිපිය මගින් අනාවරණය කර තිබේ.
වත්මන් ලෝකයේ මෙසේ ජනාධිපති අපේක්ෂකයන් සජීවීව මුහුණට මුහුණ විවාද කිරීම ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණයක් බවත්, ඒවා සජීවීව රූපවාහිනී හා සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ විකාශය කරන බවත්, ජනතාවට එවිට අපේක්ෂකයන් පිළිබදව තීන්දුවක් ගත හැකි බවත් ප්‍රේමදාස මහතා සිය ලිපිය මගින් අවධාරණය තර තිබේ.