“සංස්කෘතික සබඳතා පිළිබඳ ඉන්දීය කවුන්සියලයේ” (ICCR) ආරාධනාවකට අනුව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඇතුළු නියෝජිත පිරිසක් ඉන්දියානු සංචාරයක් සඳහා අද (05) පෙරවරුවේ නවදිල්ලි නුවර බලා පිටත් වූහ.Sri Lanka Latest News
මෙම සංචාරයේදී නවදිල්ලියට අමතරව ගුජරාට් හා කේරළ ප්‍රාන්තවලද සංචාරය කිරීමට නියමිත අතර එම ප්‍රන්තයන්හි මහ ඇමතිවරුන් සමගද සාකච්ඡා පැවැත්වීමට නියමිතය.
ඊට අමතරව ඉන්දියාවේ කෘෂිකර්මාන්ත, කාර්මික සහ තාක්ෂණික සංවර්ධනයට අදාළ මධ්‍යස්ථාන නැරඹීමටද මෙහිදී කටයුතු යොදා ඇත.
මෙම සංචාරය සඳහා ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සමග අන්තර් සමාගම් සේවක සංගමයේ ප්‍රධාන ලේකම් නීතිඥ ජානක අධිකාරී, පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණානාදන් ඉලන්කුමරන්, පාර්ලිමේන්තු මන්ත්‍රී කිට්නන් සෙල්වරාජ්, ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍ය ඒකකයේ සාමාජික හේමතිලක ගමගේ යන අයද ජනතා විමුක්ති පෙරමුණේ ජාත්‍යන්තර කමිටුවේ සාමාජිකා නීතිඥ කල්පනා මධුභාෂිනීද සම්බන්ධ වී සිටිති.










