• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ටිල්වින් ඉන්දියාවට ගිහින් ජයශංකර් එක්ක මධුසමය ගතකරනවා! එදා සිංහයෝ වගේ හිටපු අය අද පූස්පැටව් වෙලා! ඔක්කොම ‘බැක්ෆයර්’! එදා මේ විදිහට ඉන්දියාවට හීලෑ වුණා නම් අද මේ රට කොතනද තියෙන්නේ? VIDEO I Sri Lanka Latest News

February 9, 2026
in Exclusive
Reading Time: 5 mins read
A A
ඉන්දියාවේ ගිය ජවිපෙ මහලේකම් ටිල්වින් සිල්වා ඉන්දීය විදේශ ඇමැතිට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ අද (09) පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා,Sri Lanka Latest News

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවැසීය,

‘‘තැපැල් සේවයේ මුද්දර ගාස්තු රුපියල් 20 ක් වැඩි කරන්න කටයුතු කරන බව ආණ්ඩුව ප්‍රකාශ කර තිබුණා. ඒ අනුව අවම මුද්දර ගාස්තුව රුපියල් 70 ක් බවට පත්ව තිබෙනවා. කෙසේ නමුත් තාක්ෂණයේ දියුණුවත් සමඟ තැපැල හරහා සාම්ප්‍රදායික ලියුම් යැවීම අවම මට්ටමක පවතිනවා. එවැනි තත්ත්වයක මුද්දර ගාස්තු වැඩි කිරීම හරහා තැපැල් සේවය තවත් පහළ මට්ටමකට ඇද දමන්න ආණ්ඩුව උත්සහ කරනවා. තැපැල් සේවය ආරක්ෂා කර ගැනීම සඳහා අවශ්‍ය පහසුකම් ලබාදීමට ආණ්ඩුව කටයුතු කළ යුතුයි. කෙසේ නමුත් මුද්දර ගාස්තුව රුපියල් 20 කින් වැඩි කිරීම හේතුවෙන් යවන ලියුමත් නැති යවන්නේ නැති තත්ත්වයකට පත් වෙනවා.

කෙසේ නමුත් තැපැල් දෙපාර්තමේන්තුවේ ගුණාත්මකභාවය වර්ධනය නොකර මුද්දර ගාස්තු රුපියල් 20 කින් වැඩි කිරීමෙන් තැපැල් දෙපාර්තමේන්තුවට ලැබුණ ආදායම අවම වෙනවා. ඉන්පසුව අවසානයේ තැපැල් දෙපාර්තමේන්තුව පවත්වාගෙන යාමට නොහැකි බව ආණ්ඩුව ප්‍රකාශ කරන්න ඉඩ තිබෙනවා. තාක්ෂණයේ දියුණුව සමඟ තැපැල් දෙපර්තමේන්තුවේ කාර්යයන්වල අඩුවීමක් තිබෙනවා. එවැනි තත්ත්යක් තුළ තැපැල් දෙපාර්තමේන්තුවෙන් සේවාවන් වැඩි කරන්නයි ආණ්ඩුව කටයුතු කළ යුත්තේ. එසෙ නැතිව එම වැඩපිළිවෙල අඩාල වන ආකාරයේ කටයුතු ආණ්ඩුව නොකළ යුතුයි. මුද්දර ගාස්තු වැඩි කරනවා වෙනුවට මුද්දර ගාස්තුව අවම කරන්නයි ආණ්ඩුව කටයුතු කළ යුත්තේ. එසේ සිදුකළ හොත් තැපැල් දෙපාර්තමේන්තුවේ කාර්යක්ෂමතාවය වැඩි කර ගැනීමට හැකියාව තිබෙනවා. ආණ්ඩුව තවත් ලියුම් බෙදිම අවම කරන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබෙනවා.

ඒ වගේම රටේ තිබෙන ආර්ථික අර්බුදය හේතුවෙන් ජනතාව විශාල පීඩාවට පත්ව සිටිනවා. මෙලෙස ආර්ථිකව පීඩාවට පත්වන සිටින ජනතාව මහ පාරට බසින බව ජාතික ජනබලවේග ආණ්ඩුව හොඳින්ම දන්නවා. ඒ වගේම 2027 දක්වා වැටුප් වැඩි කරන්න නොහැකි බව ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබුණා. කෙසේ නමුත් මාස හයෙන් හයට වැටුප් වැඩි කරන බව ජනාධිපතිවරයා බලය ලබාගැනීමට පෙර ප්‍රකාශ කළා. කෙසේ නමුත් ආණ්ඩුවේ ආර්ථික තින්දු තිරණ හේතුවෙන් සමාජයේ විශාල ව්‍යාකූල තත්ත්වයක් ඇති වී තිබෙනවා.

ඒ වගේම රට පුරා වැඩ වර්ජන ආරම්භ කර තිබෙනවා. වෛද්‍යවරු වැඩවර්ජනයක් ආරම්භ කර තිබෙනවා. ඒ වගේම ධීවරයින් උද්ඝෝෂණයක් ආරම්භ කර තිබෙනවා. ඒ වගේම සංවර්ධන නිලධාරින් ජනාධිපති ලේකම් කාර්යාල ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වුණා. ආණ්ඩුව බලයට ගෙන ඒම සඳහා සහාය ලබාදුන්න කණ්ඩායම් රැසක් ආණ්ඩුවේ ක්‍රියාකලාපය සමඟ ගැටෙන්න පටන්ගෙන තිබෙනවා. ඒ ගැටිම නිසා පසුගියදා ආණ්ඩුව හදිසි නිතිය නැවත සම්මත කරගන්න කටයුතු කරනු ලැබුවා.

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් සියලුම රාජ්‍ය ආයතනය කළමනාකරණය කර ගැනීමට හදිසි නිතිය අවශ්‍ය වුණා. නමුත් මේ වනවිට දිට්වා සුළි කුණාටුවෙන් පසු සියල්ල යථාවත් කර තිබෙන බව ආණ්ඩුව ප්‍රකාශ කළා. එවැනි තත්ත්වයක් තුළ නැවත හදිසි නීතිය සම්මත කර ගැනීමට අවශ්‍යතාවයක් නැහැ. ඒ වගේම ඉදිරියේදී රට තුළ උද්ඝෝෂණ , වැඩවර්ජන ඇතිවීමේ පෙර නිමිති මේ වනවිට පහළ වී තිබෙනවා. ඒ වැඩවර්ජන උද්ඝෝෂණ යටපත් කරන්නයි ආණ්ඩුව හදිසි නීතිය සම්මත කර ගන්න නැවත කටයුතු කළේ. ඒ වගේම හදිසි නීතිය මර්දනය සඳහා යොදා ගන්නා බවට විපක්ෂයේ සිටින කාලයේදී චෝදනා එල්ල කළ පිරිස හදිසි නීතිය ගෙන ඒමට කටයුතු කරමින් සිටිනවා.

ඒ වගේම ත්‍රස්ථ පනත ඉවත් කරන බව ජාතික ජනබලවේග ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් වෙනවා. එය ආණ්ඩුව වාචිකව පොරොන්දු වුණා. ඒ වගේම ත්‍රස්ථ පනත වෙනත් මුහුණුවරකින් ඉදිරියට ගෙන ඒමට ආණ්ඩුව කටයුතු කරමින් සිටිනවා. ඒ වගේම පසුගිය ආණ්ඩු හදිසි නිතිය ක්‍රියාත්මක කරනවිට ඊට විරුද්ධව හඩ නගන්න ජනතා විමුක්ති පෙරමුණ කටයුතු කළා. නමුත් අද ඔවුන් බලයට පැමිණ හදිසි නීතිය ක්‍රියාත්මක කරන්න කටයුතු කරනවා. ඒ වගේම ජනතාවට වුණ පොරොන්දු ඉටු නොකිරීම හේතුවෙන් ආණ්ඩුවට හිදිසි නීතියේ දැඩි අවශ්‍යතාවයක් තිබෙනවා. හදිසි නිතිය අවශ්‍ය නැති අවස්ථාවක හදිසි නීතිය සම්මත කරගෙන ආණ්ඩුවට විරුද්ධව ගොඩනැගෙන විරෝධතා මර්දනය කරන්න උත්සහ දරනවා.

ඒ වගේම රටේ සිටින විවිධ ක්ශ්‍රේත්‍රවල ජනතාව ආණ්ඩුව බලයට ගෙන ආවේ නොයෙකුත් බලාපොරොත්තු ඇතිවයි. ආණ්ඩුව එම පිරිසට ලබාදුන්න පොරොන්දු ඉටු කරන්න වහාම මැදිහත්විය යුතුයි. එම බලාපොරොත්තු ඉටු නොකරන්න කටයුතු කළහොත් ආණ්ඩුවට එරෙහිව ජනතා නැගිටීමක් සිදුවෙන්න පුලුවන්. ඒ නැගිටිම හදිසි නිතිය හරහා වළක්වා ගන්න නොහැකියි. කෙසේ නමුත් රටේ සෑම ක්ශ්‍රේත්‍රයකම ප්‍රශ්න ඇති වී තිබෙනවා. ඒ ආරවුල් නිරවුල් කරන්න යාන්ත්‍රණයක් නැහැ. රාජ්‍ය නිලධාරින් අද කළකිරීමකින් සිටින්නේ. ආණ්ඩුව කෙරෙහි රාජ්‍ය නිලධාරින් දැඩි බලාපොරොත්තුවකින් සිටියා. නමුත් අද ඒ බලාපොරොත්තු කඩවෙලා තිබෙනවා.

ඒ වගේම ආණ්ඩුවට ප්‍රශ්නයක් ඇතිවුණ වහාම එය විරුද්ධ පක්ෂය සිදුකළ දෙයක් බවට විරුද්ධ පක්ෂයට චෝදනාව එල්ල කරන්න ආණ්ඩුව කටයුතු කරනු ලබනවා. ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට සිදුකරන උද්ඝෝෂණ විපක්ෂයේ අනුදැනුම ඇතිවන කරන උද්ඝෝෂණ බව ආණ්ඩුව චෝදනා එල්ල කරනු ලබනවා. කෙසේ නමුත් ආණ්ඩුව ප්‍රශ්න විසඳාගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගතවෙලා තිබෙනවා. විපක්ෂයේ සිටින ආකාරයටයි ආණ්ඩුවේ පිරිස් කටයුතු කරනු ලබන්නේ. ආණ්ඩුවේ පිරිසට ආණ්ඩුවේ සිටින බව අමතක වී ගොස් තිබෙනවා. විපක්ෂයේ සිටින කාලයේ හැසිරුණ ආකාරයටයි ආණ්ඩුව දැනුත් හැසිරෙන්නේ. බලය ලැබුණට පසුව ජනතාවගේ ප්‍රශ්න විසදන මාර්ගවල ආණ්ඩුව ගමන් කළ යුතුයි. ප්‍රශ්නයකදී එම චෝදනාව විරුද්ධ පක්ෂයේ ගිණුමට බැර නොකර එම ප්‍රශ්නවලට පිළිතුරු සොයාගැනීමට ආණ්ඩුව කටයුතු කළ යුතුයි. මේ හරහා ආණ්ඩුවේ නොහැකියාව පෙන්නුම් කරනවා.

ඒ වගේම රටේ ඇතිවන ප්‍රශ්න වර්ධනය වුවාට පසුව එම ප්‍රශ්නය විසදන්න ජනාධිපතිවරයා මැදිහත් වෙනවා. ඒ අනුව ප්‍රශ්නයට තාවකාලික විසදුමක් දෙන්න ජනාධිපතිවරයා කටයුතු කරනු ලබනවා. ඒ ආකාරයට ප්‍රශ්නවලට විසදුම් ලබාදෙන්න ජනාධිපතිවරයා මැදිහත් වෙනවානම් ඇමැතිවරුන්ගෙන් වැඩක් නැහැ. රටේ සෑම ක්ශ්‍රේත්‍රයකම ප්‍රශ්න විසදන්නේ ජනාධිපතිවරයා. අමාත්‍ය මණ්ඩලය විසුරුවලා සියලු බලතල ජනාධිපතිවරයා සතු කරගන්නයි තිබෙන්නේ.

ඒ වගේම ආණ්ඩුව බලය ලබාගෙන වසරකට වැඩි කාලයක් වෙනවා. ආණ්ඩුව විපක්ෂයේ සිටියදී ක්‍රියා කළ ආකාරය සහ සමගි ජනබලවේගය විපක්ෂයේ සිටින විට වැඩකරන ආකාරය අතර විශාල වෙනසක් තිබෙනවා. ඒ වගේම ආණ්ඩුව විපක්ෂයේ සිටියදී කළ දේවල් නිසා අද ආණ්ඩුව දැඩි අපහසුතාවයන්ට පත්ව තිබෙනවා. ඒ වගේම ආණ්ඩුවට ඡන්දය දුන්න ජනතාව තුළ දැන් කලකිරීමක් ඇති වෙලා තිබෙනවා. ඒ ජන කණ්ඩායම් සංවිධානය කර සමගි ජනබලවේගයේ වැඩ කොටස ආරම්භ කරනවා. ඒ වගේම මැතිරණයක් පැවැත්තුවහොත් ආණ්ඩුවේ ඡන්ද පදනම දෙදෙරා යනවා. ඒ බව සමුපාකාර ඡන්දවලින් හොදින්ම පැහැදිලි වෙනවා. පළාත් සභා මැතිවරණයක් පැවැත්වුවහොත් ආණඩුවට තිබුණ තත්ත්වයට වඩා පහළ තත්ත්වයකට ඇදගෙන වැටෙනවා. ආණ්ඩුව කෙසේ නමුත් ඡන්දය පවත්වන්න මැලි භාවයක් දක්වනවා.

ඒ වගේම පාස්කු බෝම්බ ප්‍රහාරයේ මහ මොළකරු අත්අඩංගුවට ගන්නා බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළා. නමුත් එවැනි මහ මොළකරුවෙක් අත්අඩංගුවට ගන්න නොහැකි වුණා. ඒ වගේම ගෝඨාභය රාජපක්ෂගේ කාල සිමාවේදී පාස්කු ප්‍රහාරය සම්බන්ධවෙන් නිතිපති දෙපාර්තමේන්තුව කටයුතු කළ ආකාරය පිළිබඳව ප්‍රශ්න තිබෙනවා. එහිදි සාක්ෂිකරුවන් නම් කිරිමේදී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිට අවශ්‍ය ආකාරයට සකස් කරන්න කටයුතු කළා. ඒ අනුව පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවෙකු නැති බව පලමු සාක්ෂිකරු සඳහන් කර තිබෙනවා. කෙසේ නමුත් මෙම සිද්ධියේ කුමන්ත්‍රණයක් තිබෙන බව හිටපු නිතිපති දප්පුලද ලිවේරා ප්‍රකාශ කර තිබුණා.

ඒ වගේම පාස්කු ප්‍රහාරයේ මහමොළකරු හඳුනාගෙන තිබෙන බව වර්තමාන ආණ්ඩුවේ පොලිසිය භාර ඇමැතිවරයා ප්‍රකාශ කළා. ඒ වගේම පාස්කු ප්‍රහාරයේ මහ මොකළකරු හදුනාගත් බව රවී සෙනවිරත්න මහතා සාක්ෂි ලබාදී තිබුණා. එසේ නම් මහ මොළකරු අත්අඩංගුවට නොගන්නේ කුමන හේතුවක් නිසාදැයි විපක්ෂය ප්‍රශ්න කරනු ලැබුවා. කෙසේ නමුත් ඝාතකයෝ සහ සාටකයෝ දෙගොල්ලන්ම ඉන්නේ පැලවත්තේ. ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තුවේ සිටින ඉබ්‍රහිම්ගේ පුත්‍රයන් දෙදෙනා තමයි පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන ඝාතකයන්. ඝාතකයන් සිටියේ ජනතා විමුක්ති පෙරමුණ සමඟයි. රටට මේ සිදුකළ අපරාධයට වගකිව යුතු පිරිස් තවමත් නිදැල්ලේ සිටිනවා. ඔවුන්ව අත්අඩංගුවට ගන්න ආණ්ඩුව කටයුතු කළ යුතුයි.

ඒ වගේම ආණ්ඩුවට වඩා පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු සොයාගන්න සමගි ජනබලවේගයට අවශ්‍යයි. ඒ වගේම බලය ගත්ත නිසා පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු සොයන්න අවශ්‍යතාවක් ආණ්ඩුවට නැහැ. කෙසේ නමුත් රට ජාතින් අතර තිබු සමගිය කඩන්න , දේශපාලන අවශ්‍යතාවයන් වෙනුවෙන් වැඩකළ කණ්ඩායම තවමත් නිදහසේ සිටිනවා. ඒ වගේම පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ගෝඨාභය නිර්මාණය කළ සාක්ෂි ලැයිස්තුවයි වර්තමාන ආණ්ඩුවත් ඉදිරියටත් ගෙන යන්නේ. අලුතින් පරික්ෂණ ආරම්භ කරන බව ආණ්ඩුව ප්‍රකාශ කළා. නමුත් එවැන්නක් සිදුවන්නේ නැහැ. ගෝඨාභය නවත්වපු තැනින් තමයි වර්තමාන ආණ්ඩුව පරික්ෂණ ආරම්භ කර තිබෙන්නේ. නමුත් ආණ්ඩුව බලය ලබා ගත්තේ පාස්කු ප්‍රහාරය ගැන අලුතින්ම පරික්ෂණ කටයුතු ආරම්භ කරන බව ප්‍රකාශ කරලා. කෙසේ නමුත් ආණ්ඩුව පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු ආරක්ෂා කරන්න කටයුතු කරනවා. ඒ වගේම නීතිපති දෙපාර්තමේන්තුවට බලපැම් කර , නිර්මාණය කරපු සාක්ෂිකරුවන්ගේ ලැයිස්තුව අනුවයි වර්තමාන ආණ්ඩුවත් කටයුතු කරන්නේ. රාජපක්ෂවරු සකස් කළ සාක්ෂිකරුවන්ගේ ලැයිස්තුව ඉදිරියට ගෙනියන්නේ ආණ්ඩුවයි. රාජපක්ෂවරු සමඟ සම්බන්ධතා පවත්වන්නේ වර්තමාන ආණ්ඩුව. මේ අපරාධයට එරෙහිව අපි පෙනී සිටිනවා. සහරාන්ගේ කණ්ඩායම මෙහෙයවපු පිරිස නීතියට ඉදිරියට ගෙන ආ යුතුයි. ඔවුන් තවමත් සමාජයේ නිදහසේ සිටිම අනතුරුදායකයි.‘‘

SendShareShare
Previous Post

මහා සංඝරත්නයෙන් පළිගන්නා දුෂ්ඨ ක්‍රියාවලියක් ක්‍රියාත්මක වෙනවා! රණවිරුවන්ගෙන් පළිගන්නවා! මේ පළිගැනීම් වහාම නවත්වන්න! ආණ්ඩුව හදන්නේ නිරාගමික සමාජයක් හදන්න! VIDEO I Sri Lanka Latest News

Next Post

CID නිලධාරීන් 704කට කරපු දේට හිටපු DIG තිලකරත්න අත්අඩංගුවට! I Sri Lanka Latest News

MORE NEWS

ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News
Exclusive

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!
Exclusive

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!
Exclusive

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

Load More
ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News
Exclusive

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

2025 වර්ෂයේදී රටපුරා ඇති ජනපති මන්දිරවල ජනාධිපතිවරයා නවාතැන් නොගත්ත ද ඉන් බොහෝමයක විවිධ පුද්ගලයන් 3,089 දෙනෙකු නවාතැන් ගෙන ඇති බව ජාතික...

Read more
වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.