ගෝමරන්කඩවල වනාන්තර ප්‍රදේශයකදී වලස් ප්‍රහාරයකට ලක්වූ පුද්ගලයන් තුන් දෙනකු රෝහල් ගතකර තිබෙනවා. (Sri Lanka Latest News)
ඊයේ (01) දහවල් මී වද කැඩීමට ගොස් සිටියදී ඔවුන් මෙලෙස වලස් ප්‍රහාරයට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.
තුවාලකරුවන් ගෝමරන්කඩවල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා ත්‍රිකුණාමලය රෝහලට මාරුකර යවා තිබෙනවා.
මෙලෙස තුවාල ලබා ඇත්තේ ගෝමරන්කඩවල සහ බක්මීවැව ප්‍රදේශවල පදිංචි අවුරුදු 29, 38 සහ 46 යන වයස්වල පසුවන පුද්ගලයන් තිදෙනෙකි.
dasathalankanews










