ආණ්ඩුවේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනාවට මුදල් කමිටුවේදී ඡන්දය විමසන අවස්ථාවේදී ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා ඡන්දය නොදී සිටීම සම්බන්ධයෙන් මේ වනවිට ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් අතර විශාල කතාබහක් මතුව තිබේ. Sri Lanka Latest News
එදින රංජිත් බණ්ඩාර මහතා මුදල් කමිටුවට සහභාගී වී සිටියත් ඡන්දය විමසන අවස්ථාවේදී ඊට පක්ෂව ඡන්දය දී තිබුණේ නැත.
මේ සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් පසු අවස්ථාවක ආණ්ඩුවේ ප්‍රධානීන් හට පැමිණිලි කර තිබුණු අතර මේ පිළිබදව රංජිත් බණ්ඩාර මහතාගෙන් නිදහසට කරුණු විමසිය යුතු බවටද අවාධරණය කර තිබිණ.










