කතානායකවරාගේ ආණ්ඩු පක්ෂපාතී ක්‍රියා පිළිවෙත සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබද සාකච්ඡා කිරීම සදහා විපක්ෂයේ පක්ෂ නායකයන්ගේ විශේෂ හමුවක් ලබන සතියේදී පැවැත්වීමට නියමිතය. Sri Lanka Latest News
ඒ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙනි.
ඊයේ දිනයේදී පැවැති දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් වන ඡන්ද විමසීම අතරවාරයේදී කතානායකවරයා හැසිරුණු ආකාරය පිළිබද සාකච්ඡා කිරීම මෙහි අරමුණ වී ඇති බව පැවසේ.
ඊයේ දිනයේදී කථික ලයිස්තුවේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පස් දෙනකු ඉතිරිව සිටියදී ඡන්ද විමසීම ආරම්භ කිරීමට කතානායකවරයා පියවර ගත්තේ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ දැඩි විරෝධය මායිම් නොකොටය.
මීට අමතරව පසුගිය කාලසීමාවේදී කාතානායවරයා හැසිරුණු ආකාරය පිළිබදවද බරපතළ විවේචන එල්ල වී තිබිණ.
ඒ අනුව මේ පිළිබද සාකච්ඡා කොට ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීමට විපක්ෂයේ පක්ෂ නායකයන් තීරණය කොට ඇත.










