• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අද අනුර කිව්වට එදා ප්‍රේමදාස මෙහෙම තමයි කරලා පෙන්නුවේ! යාපනේට රෑට ක්‍රිකට් ගහන්න ක්‍රීඩාංගණයක් හදමු කියලා සජිත් කිව්වම හිනාවුණු අය මේක කියවන්න! Sri Lanka Latest News

May 17, 2025
in Exclusive
Reading Time: 7 mins read
A A
අද අනුර කිව්වට එදා ප්‍රේමදාස මෙහෙම තමයි කරලා පෙන්නුවේ! යාපනේට රෑට ක්‍රිකට් ගහන්න ක්‍රීඩාංගණයක් හදමු කියලා සජිත් කිව්වම හිනාවුණු අය මේක කියවන්න! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ඒ, 1985 වසර මධ්‍යයේ එක්තරා දිනයකි. අගමැති ප්‍රේමදාස මහතා නිලධාරි අප හැම, ආයතනික සේවා ප්‍රගතිය හා සැලසුම්ගත ඉදිරි සංවර්ධන කාර්යයන් පිළිබඳ සාකච්ඡා කිරීමට කැඳවා තිබිණි. Sri Lanka Latest News

එයට දින කිහිපයකට ප්‍රථම, ඔස්ටේ්‍රලියාවේ පර්ත් නුවර නිල සංචාරයක නිරතවූ අගමැති ප්‍රේමදාස මහතා, සුපුරුදු පරිදි තම සංචාර තුළින් මෙරටට හිමිවූ දේ පිළිබඳ, මෙහිදී මුලින්ම කතා කළේය.

රැස්වීම ආරම්භයේදී, නිවාස ඉදිකිරීම් අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (තාක්ෂණ) ආචාර්ය ජෝකිම් මහතා ඇමතූ ප්‍රේමදාස මහතා, ‘ඩොක්ටර්, මේපාර අපි පර්ත් ගිය වෙලාවේ දිවා රෑ ක්‍රිකට් මැච් ගහන පර්ත් ක්‍රීඩාංගණය බලන්න ගියා. එය දැක්කම මට හිතුණා එවැනි පිට්ටනියක් ලංකාවෙත් හදන්න…’ යැයි කීවේය.
මේ අදහස් දැක්වීමත් සමග මෙවන් වූ කාර්යයක් ඉටුකිරීමේ දුෂ්කරතාව මනාව තේරුම්ගත් අමාත්‍යාංශ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් වෙනුවෙන් වහා අදහස් දැක්වූ ආචාර්ය ජෝකිම් මහතා, ‘සර්, ඒක හරිම අමාරු වැඩක්. එවැනි වැඩකට අවශ්‍ය ටෙක්නොලොජි හෝ අත්දැකීම් සහිත නිලධාරීන් අප සතුව නැහැ. ඒ වගේ පිට්ටනියක් හදන්න විශාල වියදමක් යනවා. ඒ වගේම මේ මුළු ආසියාවේම කිසිදු රටක දිවා රාත්‍රී ක්‍රිකට් ක්‍රීඩාංගණයක් මෙතෙක් ඉදිවී නැහැ.’ යැයි පැවැසීය.

මේ අදහස් දැක්වීමත් සමග, රැස්ව සිටි නිලධාරීන් සැනසුම් සුසුම් ලෑවේ, අගමැති ප්‍රේමදාස මහතා සිය අදහස ක්‍රියාත්මක කිරීම එයින් අත්හැර දමයි යන අදහසිනි. නමුත් හැම පුදුමයට පත්කරමින් ප්‍රේමදාස මහතාගෙන් ප්‍රකාශ වූයේ එයට වෙනස් වූ අදහසකි. ‘ඔව් මට අවශ්‍ය ආසියාවේ පළමු දිවාරාත්‍රී ක්‍රිකට් ක්‍රීඩාංගණය ලංකාවේ හදන්න. ඩොක්ටර් ජෝකීම්, ලෑස්ති වෙන්න ඒ වැඩේ ගැන ඉක්මනින් අවබෝධ කරගන්න පුළුවන් කණ්ඩායමක් එක්ක ලබන සතියේ පර්ත් යන්න. මාරසිංහ, (එවක කොළඹ නාගරික කොමසාරිස්) වහාම මේ පිට්ටනිය හදන්න කොළඹින් ඉඩමක් හොයන්න. මේ වැඩේ සඳහා වැයවන මුදල දානපතීන් වෙතින් හැකිතාක් දුරට එකතුකරන වැඩපිළිවෙළක් මම හදනවා. මෙම ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් අපි මාස හයෙන් නිමකරමු…’

අගමැති ප්‍රේමදාස මහතා සුපුරුදු පරිදි අභියෝගාත්මක කටයුත්තක්, තම උපරිම දායකත්වය ලබාදෙමින්, එයට අවශ්‍ය නිලධාරීන්ගේ සහායෙන්, මාස හයක් වැනි කෙටි කලකදී, දිවා රාත්‍රී ක්‍රිකට් ක්‍රීඩාංගණය නිර්මාණය කිරීමට මෙහිදී තීරණය විය. ඉන්පසු එළඹි සතියේ විශේෂ නිලධාරී කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ පර්ත් නුවරට ගොස්, එහි ඉදිව ඇති දිවාරාත්‍රී ක්‍රිකට් ක්‍රීඩාංගණනය ඉදිකිරීම් කාර්යයන් සහ එහි විදුලි අලෝක ධාරා පද්ධතිය පිළිබඳ අධ්‍යයනය කළහ.

එයට සමගාමීව වෙනත් නිලධාරීන් කණ්ඩායමක් කොළඹ නගරය තුළින් මෙම ක්‍රීඩාංගණය ඉදිකිරීම සඳහා සුදුසු භූමියක් සමගින් එයට අවශ්‍ය යටිතල පහසුකම් සැපයීම සඳහා වූ සැලසුම් සකස් කළහ.

මෙම ක්‍රීඩාංගණය ඉදිකිරීමට සුදුසු භූමියක් පිළිබඳ කොළඹ නගරය තුළ සොයාබැලීමේදී, කොළඹ ඛෙත්තාරාම විහාරස්ථානය අසල, නගරයේ අපද්‍රව්‍ය බැහැර කරන වගුරු බිම ඒ සඳහා වඩාත් සුදුසු ස්ථානය ලෙසින් හඳුනා ගැනිණි. එනමුදු දීර්ඝ කාලයක් මෙහි අපද්‍රව්‍ය බැහැර කිරීම හා එහි පැවැති වගුරු තත්ත්වය හේතුවෙන් පොළොව ක්‍රීඩාංගණය සඳහා සුදුසු අයුරින් සැකසීම සැබෑ අභියෝගයක් විය. එමෙන්ම ක්‍රීඩාංගණය ඉදිකිරීම හා ඒ සඳහා අවශ්‍ය ප්‍රවේශ මාර්ග වැනි දෑ සැපයීමේදී ඒ අවට ජීවත්වූ අඩු ආදායම්ලාභීන් සමූහයකට සිය නිවාස අහිමිවූ අතර, ඔවුන් හැම දෙනකුටම ඒ අවට ප්‍රදේශ වෙතින් නිවාස පහසුකම් සැපයීම තවත් ගැටලුවක් විය. නාගරික අඩු ආදායම්ලාභීන් සඳහා නිවාස පහසුකම් සැපයීමේ වැඩසටහන යටතේ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සහ නාගරික සංවර්ධන අධිකාරියේ කාර්ය මණ්ඩල දායකත්වයෙන් ඒ සඳහා විසඳුම් ලැබිණි.
මෙම ක්‍රීඩාංගණය ඉදිකිරීමේදී හා එහි බිම් සැකසුම, තෘණ වගා කිරීම සහ ගොඩනැගිලි ඉදිකිරීමේදී, කම්කරු සහාය ලබාගැනීමේදී, ඒ අවට ජීවත්වූ ජනතාව සඳහා මුල් තැනක් ලබාදිය යුතු බවට, අගමැති ප්‍රේමදාස මහතා නිලධාරීන් වෙත දැඩි උපදෙසක් ලබාදී තිබිණි. මෙයට අමතරව මෙම ක්‍රීඩාංගණය සකසා ක්‍රීඩා තරග පවත්වන අවස්ථාවන්හීදී ප්‍රේක්ෂකයන් සඳහා විවිධ වූ භාණ්ඩ අලෙවිය හා ප්‍රේක්ෂක රථ ගාල සිය නිවෙස් ගෙවත්ත ඇසුරේ පවත්වාගෙන යාමට ඛෙත්තාරාම ක්‍රීඩාංගණ අවට පදිංචිකරුවන්ට හිමිවිය. එමෙන්ම ක්‍රීඩාංගණය විවෘත කිරීමෙන් අනතුරුව එහි විවිධ වූ සේවා කටයුතු සඳහා සේවකයන් බඳවා ගැනීමේදී, ක්‍රීඩාංගණය අවට ජනතාවට මුල්තැනක් හිමිවිය. මෙම තත්ත්වය හේතුවෙන් ඛෙත්තාරාම ක්‍රීඩාංගණය අවට ජනතාව නිරන්තරයෙන් මෙම ක්‍රීඩාංගණය ආරක්ෂා කිරීමට හා ඒ සඳහා ළෙන්ගතු වීමට හේතුවිය.

ජාත්‍යන්තර මට්ටමින් වූ මෙවැනි ක්‍රීඩාංගණයක් කෙටි කලකදී ඉදිකීරීමේදී, වියදම් අධික විදෙස් තාක්ෂණය භාවිත කිරීම අත්‍යාවශ්‍ය යැයි බොහෝ විද්වතුන් පැවැසුවද, හැකිතාක් දුරට දේශීය තාක්ෂණය හා මෙරට දක්ෂ නිලධාරීන් හා කාර්ය මණ්ඩලය ඒ සඳහා දායක කරගැනීම අගමැති ප්‍රේමදාස මහතාගේ තීරණය විය.

එකී තීරණය ක්‍රියාවට නංවමින්, රාජ්‍ය ඉන්ජිනේරු සංස්ථාවේ එවක ප්‍රධාන ඉන්ජිනේරු ගැමුණු සිල්වා මහතා ඇතුළු කාර්ය මණ්ඩලය සහ කොළඹ මහනගර සභාවේ කොමසාරිස් ඉන්ජිනේරු මාරසිංහ පෙරේරා මහතා ප්‍රමුඛ කොළඹ මහනගර සභා කාර්ය මණ්ඩලය මෙම විස්මිත ක්‍රීඩාංගණය ඉදිකිරීම මාස හයක කාලයකදී නිමකිරීම සඳහා මහත් කැපවීමකින් දායක වූහ.

ක්‍රීඩාංගණයේ මූලික ඉදිකිරීම් නිම කිරීමෙන් පසු එම ක්‍රීඩාංගණය මධ්‍යයේ ඉදිවන තණනිල්ල ජාත්‍යන්තර ක්‍රිකට් තරගයකට සුදුසු අයුරින් සැකසීම හා නඩත්තුව සැබෑ අභියෝගයක් වූ අතර, එකී අභියෝගාත්මක කටයුත්ත ප්‍රේමදාස විසින් එදා භාරදෙනු ලැබුවේ, කොළඹ මහනගර සභාවේ ක්‍රීඩා අධ්‍යක්ෂ, ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩක අනුරුද්ධ පොලොන්නෝවිට මහතාටය. ඔහු විසින් එම කාර්යය ජාත්‍යන්තර පිරිවිතරයනට අනුකූලව ඉලක්කගත කාලපරිච්ඡේදයට වඩා කඩිනමින් නිමකිරීම නිසා ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් විචාරකයන්ගේ ඇගයුමට පවා ලක්විය.

ක්‍රීඩාංගණය ඉදිකිරීමේදී විශාල මූල්‍ය ප්‍රතිපාදන ප්‍රමාණයක් වැයවිය. එකී ඉදිකිරීම් කාර්යයන් මාස කිහිපයකදී නිමකිරීමට සිදුවීම නිසා එහි වියදම් පාර්ශ්වය තවත් වර්ධනය විය.
මෙවන් වූ ව්‍යාපෘතියක් සඳහා රාජ්‍ය අරමුදල් පූර්ණ වශයෙන් වැය කිරීම ගැටලුවක් වූ හෙයින්, එම ක්‍රීඩාංගණයට යාබදව පිහිටි සුගතදාස ක්‍රීඩාංගණ පාලක මණ්ඩලයට මෙම ඛෙත්තාරාම ජාත්‍යන්තර ක්‍රීඩාංගණයද එක්කර එහි කළමනාකාරීත්වය ස්වාධීනව පවත්වාගෙන ගියහ. එමෙන්ම ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් කාර්යයන් බොහෝ දුරට දෙස් විදෙස් මූල්‍ය පරිත්‍යාග දායකත්වයෙන් සිදුවිය.

ක්‍රීඩාංගණයේ සියලු ඉදිකිරීම් කාර්යයන් නිසි පරිදී ඉලක්කගතව සිදුවුවද, තවත් ඉතිරි වූ සීමිත කාලයක් තුළදී ක්‍රීඩාංගණය සඳහා අවශ්‍ය විදුලි ධාරාවන් සපයන සුවිසල් විදුලි කණු සවිකර රාත්‍රී කාලයේ ක්‍රිකට් තරග පැවැත්වීමට සුදුසු අයුරින් විදුලිය සපයා ගැනීම මහත් අභියෝගයක් විය.
මේ සම්බන්ධයෙන් ඔස්ටේ්‍රලියාවේ පර්ත් නුවර ක්‍රීඩාංගණ නිලධාරීන් වෙතින් කරුණු විමසීමේදී, විදුලි කුලුනු සවිකොට තරග සඳහා අවශ්‍ය රාත්‍රී ආලෝක ධාරාවන් නිසි පරිදි ලබගැනීමට, අවම වශයෙන් මාස හයක කාලයක් ගතවන බව පැවසීය.
නමුත් එම කාලපරිච්ඡේදය පිළිබඳ සතුටක් නොදෙක්වූ අගමැති ප්‍රේමදාස මහතා, 1986 පෙබරවාරි මස නිදහස් දිනට ප්‍රථම මෙම ක්‍රීඩාංගණය දිවා රාත්‍රී ක්‍රිකට් තරගයක් සඳහා විවෘත විය යුතු බව අවධාරණයෙන් පැවැසීය.

මෙම අතිශය අභියෝගාත්මක ඉලක්ක ජයගනිමින් ක්‍රීඩාංගණයේ සෙසු සියලු ඉදිකිරීම් කාර්යයන් සමගින් තරග සඳහා අවශ්‍ය විදුලි අලෝකධාරා නිසිපරිදි සැපයූ කුලුනු සියල්ල නිසිපරිදි සකස් විය. මෙහි ඉදිකිරීම් ආරම්භයේ සිට එම කාර්යයේ නිරතවූ නිලධාරීන් හා කාර්ය මණ්ඩලය දිවා රෑ සිය සේවය කරමින් එහි සාර්ථකත්වය වෙනුවෙන් කටයුතු කළ අතර, අගමැති ප්‍රේමදාස මහතා නිරන්තරයෙන් එහි පැමිණ ඉදිකිරීම් කාර්යන් නිසි පරිදි ඉලක්කගත අයුරින් සිදුවන්නේදැයි සොයාබැලීය.

මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රයේ විස්මිත වූ ඉදිකිරීමක් ලෙසින් නිර්මාණය වූ ක්‍රීඩාංගණය නම්කිරීම සඳහා විවිධ වූ නම් යෝජනා වුවද, එම කාර්යය සඳහා ප්‍රමුඛතම දායකත්වය ලබාදුන් ඛෙත්තාරාම ජනතාවට කෘතවේදීත්වය පුදකිරීමක් ලෙස ‘ඛෙත්තාරාම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය’ ලෙසින් එය නම් කළ යුතු බව අගමැති ප්‍රේමදාස මහතාගේ උපදෙස විය.
වාර්තාගත කාලපරිච්ඡේදයකදී ඉදිකිරීම් නිමකළ ඛෙත්තාරාම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය, නිල වශයෙන් විවෘත වෙමින්, එහි ප්‍රථම දිවාරාත්‍රී ක්‍රිකට් තරගය 1982 පෙබරවාරි මස 02 දින පවත්වන ලදී. එම ක්‍රිකට් තරගය ආරාධිත එංගලන්ත ටෙස්ට් ක්‍රීඩකයගෙන් සමන්විත විශේෂ කණ්ඩායමක් හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වුණි.
මෙම ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් කාර්යයන් සැලසුම් අවස්ථාවේ සිට සමස්ත ඉදිකිරීම් නිමව, සමාරම්භක උත්සවය දක්වා, එහි සැබෑ තතු මාධ්‍ය වෙත වාර්තා කිරීමේ කණ්ඩායම් සාමාජිකයකු ලෙසින් අපද කටයුතු කළ හෙයින් මෙම විස්මිත ඉදිකිරීම සැබැවින්ම සදාතනික මතකයක් ලෙසින් අප හදවත්වල සනිටුහන්ව ඇත.

මෙලෙසින් ඉදිකිරීම් නිමකළ ඛෙත්තාරාම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය, ප්‍රේක්ෂක අසුන් 35,000කින් සමන්විත අයුරින් සැකසුණු සුවිසල් ක්‍රීඩාංගණයක් විය. සියලු පහසුකම් සහිත ක්‍රීඩක විවේකාගාර, ප්‍රේක්ෂක ආපනශාලා මෙන්ම සියලු නවීන පහසුකම්වලින් සමන්විත ක්‍රීඩා මාධ්‍ය කුටියක්ද මෙම ක්‍රීඩාංගණය සතුවේ.
පසු කලක මෙහි ස්ථාපිත වූ ක්‍රිකට් පුහුණු මධ්‍යස්ථානය මෙරට දක්ෂ ක්‍රීඩකයන් රැසක් බිහිකිරීමට හේතු විය. එමෙන්ම ක්‍රිකට් තරගයක් පැවැති අවස්ථාවක ඇතිවන හදිසි වැසි තත්ත්වයකදී, සමස්ත ක්‍රීඩාංගණය සුළු මොහොතකින්, මිනිස් ශ්‍රමයෙන් ආවරණය කිරීමේ ක්‍රියාවලිය ලොවට හඳුන්වාදීමේ පූරෝගාමී වූයේ ඛෙත්තාරාම අවට බහුතර ජනතාවකින් සමන්විත වූ, වැසි ආවරණය සඳහා බඳවාගත් ක්ෂණික මෙහෙයුම් කාර්ය මණ්ඩලයයි.

එංගලන්ත ආරාධිත කණ්ඩායම සමගින් පැවැති ක්‍රීඩාංගණ සමාරම්භක ක්‍රිකට් තරගය සඳහා ලොව සියලු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල ක්‍රීඩා ප්‍රවීණයන්ට ආරාධනා ලැබිණි. එමෙන්ම මෙම අවස්ථාවට ප්‍රේමදාස මහතාගේ සුවිශේෂ ආරාධිතයන් වූයේ, ඛෙත්තාරාම ක්‍රීඩාංගණ අවට ක්‍රිකට් ක්‍රීඩාලෝලී ජනතාවයි. ඔවුන් හැමට නොමිලේ මෙම තරගය නැරඹීමේ පහසුකම් අගමැති උපදෙසින් හිමිවිය.

මෙම උත්සව අවස්ථාවේදී අදහස් දැක්වූ ප්‍රේමදාස මහතා, ඛෙත්තාරාම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය මෙවන්වූ කෙටි කලක් තුළ සැබැවින්ම නිර්මාණය කරගැනීම සඳහා ඉමහත් කැපවීමෙන් කටයුතු කළ නිලධාරීන් හා කාර්ය මණ්ඩලයට තුති පුදකළ අතර, එහිදී ප්‍රේමදාස මහතා මෙලෙස විශේෂ සඳහනක්ද කළේය.
‘බොහෝ දෙනෙකු මේ ක්‍රීඩාංගණය ඉදිකරන විට හැමවිටම කතා කළේ, එය ඉදිකිරීමේදී ඇතිවන බාධක හා අභියෝග පිළිබඳවයි. නමුත් අද මෙහි රැස්ව සිටින මේ ඛෙත්තාරාම ජනතාව හැම විටම සිය ගේ දොර මේ ව්‍යාපෘතිය වෙනුවෙන් පුදකරමින් සහ සිය ශ්‍රමය මෙහි සාර්ථකත්වය වෙනුවෙන් දායක කළා. ඔවුන්ගෙ එම කැපවීම නොතිබෙන්නට මෙවන් වූ ක්‍රීඩාංගණයක් මෙවන් වූ කෙටි කලකදී ඉදිකිරීම බොහෝ දෙනෙකු කී ලෙස හුදු සිතුවිල්ලක් පමණක් වනු නොඅනුමානයි…’
ක්‍රීඩාංගණ මංගල තරග අවස්ථාව වාර්තා කිරීම සඳහා සහභාගි වූ ලොව කිර්තිධර ක්‍රිකට් තරග විචාරකයන්, එදින තරගයටත් වඩා, ඛෙත්තාරාම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ කෙටිකාලීන ඉදිකිරීම් ජයග්‍රහණ සහ ක්‍රීඩාංගණය සතු සුවිශේෂ පහසුකම් ගැන පැවැසීය.

එහිදී අදහස් දැක්වූ ජාත්‍යන්තර විස්තර විචාරක ටෝනි ග්‍රෙග් පැවැසුවේ, ඛෙත්තාරාම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය ලොව ක්‍රිකට් ඉතිහාසයේ විශ්වාස කළ නොහැකි සැබෑ වූ නිර්මාණකරණයක් ලෙසයි.

දහසකුත් එකක් බාධක හා අභියෝග මධ්‍යයේ ඉදිවූ ඛෙත්තාරාම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය හේතුවෙන් ශ්‍රී ලාංකා ක්‍රිකට් ක්‍රීඩාව ජයග්‍රහණ රැසක් හිමිකරගත්තේය. ලෝක ක්‍රිකට් කිරුළ ජයගැනීම සහ ආසියානු කුසලානය වැනි තරග මෙරට පැවැත්වීමේ දී ඉහළ ජාත්‍යන්තර පහසුකම්වලින් හෙබි ඛෙත්තාරාම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය මෙරට සතුවීම මහත් පිටිවහලක් විය.

වසර 43ක ඉතිහාසයක් සපුරන ඛෙත්තාරාම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ වාර්තා රැසක් ස්ථාපිත කළ ක්‍රීඩාංගණයකි.
1997/98 ඉන්දු – ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රීකට් තරගයේදී, ශ්‍රී ලංකා පිල ලකුණු 952/6ක ලොව වාර්තාගත වැඩිම ලකුණු සංඛ්‍යාවක් සමගින් සනත් ජයසූරිය වාර්තාගත ලකුණු 340ක් වාර්තා කළේ මෙම ක්‍රීඩා පිටියේදීය.

රණසිංහ ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් පෙරදැරිව නිර්මාණය වූ ඛෙත්තාරාම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය, ප්‍රේමදාස මහතාගේ අභාවයෙන් පසු එතුමන්ට උපහාරයක් ලෙය ‘ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය’ ලෙසින් නම් කරන ලදී.

දේශපාලකයන් විසින් ජනතාව වෙත ලබාදෙන සාම්ප්‍රදායික පොරොන්දු ඉටු නොවීමක් තුළ, ඛෙත්තාරම ක්‍රීඩාංගණය වැනි ව්‍යාපෘති කිසි විටෙකත් ඉටුනොවන බවට වූ ජනතා විශ්වාසය, මෙම විස්මයජනක කාර්යය සාක්ෂාත් කිරීම තුළින් එදා ප්‍රේමදාස මහතා වෙනස් කළා.
එවන් වූ පොරොන්දුවක් 2019 ජනාධිපති මැතිවරණයේදී, සජිත් ප්‍රේමදාස මහතා උතුරේ ජනතාවට ලබාදුණි.

එකී පොරොන්දුව වූයේ සිය මැතිවරණ ජයග්‍රහණයෙන් පසු උතුරුකරයේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ඉදිකිරීමේ පොරොන්දුවයි. එදා මෙම පොරොන්දුව දෙස හාස්‍යයෙන් බැලූ විරුද්ධ පාක්ෂිකයන් එයට උසුළු විසුළු කළද, උතුරේ ජනතාව ඒ පිළිබඳ දැඩි විශ්වාසයක් තබා එදා ගෝඨාභය – සජිත් ජනාධිපති මැතිවරණයේ උතුරුකරයේ වැඩි ජයග්‍රහණයක් සජිත් ප්‍රේමදාස මහතාට ලබාදුණි.

නමුත් සජිත් ප්‍රේමදාස මහතා එවක ජනාධිපති මැතිවරණයෙන් සමස්තයක් ලෙසින් පරාජයට පත්වූ හෙයින් ඔහු විසින් උතුරේ ජනතාව වෙනුවෙන් ලබාදුන් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ඉදිකිරීමේ පොරොන්දුව ඉටුකළ නොහැකි විය.

එනමුත් මෙවර පළාත් පාලන මැතිවරණ කාලපරිච්ඡේදයේදී, වත්මන් රාජ්‍ය පාලකයන් මෙවන් වූ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාංගණයක් උතුරේ ඉදිකිරීමේ පොරොන්දුවක්, නැවත උතුරේ ජනතාව වෙත ලබාදුන්නද, ඒ පිළිබඳ එදා ප්‍රේමදාස පොරොන්දු ලෙසින් විශ්වාස නොකළ උතුරේ ජනතාව, මෙවර පළාත් පාලන මැතිවරණයෙන් වත්මන් රජය පරාජයට පත්කොට ඇත.

නමුත් මෙවන් වූ ව්‍යාපෘතියක් උතුරේ ක්‍රියාත්මක කොට උතුරේ ජනතා විශ්වාසය නැවත දිනාගැනීමට රජය සතු බලය හා සම්පත් ප්‍රමාණය ප්‍රමාණවත් වේ.
ඒ අනුව එදා ප්‍රේමදාස මහතා ඛෙත්තාරාම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉදිකළ අයුරින් උතුරුකරය සඳහාද ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ඉදිවනු ඇතැයි උතුරේ ක්‍රීඩාලෝලී ජනතාව අපේක්ෂාවෙන් සිටී.

ලක්විජය සාගර පලන්සූරිය

SendShareShare
Previous Post

25,000කට අධික පිරිසක් ආවා! රාත්‍රී 3ක් – දවල් 4ක් හිටියා! කිසිම පොලිස් නිලධාරියෙක් නෑ! කිසිම ආරවුලක් ගැටුමක් නෑ! එක කුණු බිඳක් නගරයේ තිබ්බේ නෑ! 1865 පොසොන් උත්සවය ගැන අනුරපුරේ සුදු ඒජන්තයා එංගලන්ත ආණ්ඩුවට යවපු වාර්තාව! ඒ විනය අද කෝ? Sri Lanka Latest News

Next Post

‘රිංගා යකඩ අස්සෙන් හදවත අල්ලා – හංගා ළමැද මැද්දෙන් දරු පෙම හොල්ලා – සංසාරයක් බර හිත මුදුනේ දැක්කා – පෙම්මාදර අම්මා රංකැටි පුතු රැක්කා’ Sri Lanka Latest News

MORE NEWS

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

Load More
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

ඇහැලියගොඩ ‍පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඊයේ (3)  අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News මැණික් ගලක්...

Read more
වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.