• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

‘රිංගා යකඩ අස්සෙන් හදවත අල්ලා – හංගා ළමැද මැද්දෙන් දරු පෙම හොල්ලා – සංසාරයක් බර හිත මුදුනේ දැක්කා – පෙම්මාදර අම්මා රංකැටි පුතු රැක්කා’ Sri Lanka Latest News

May 17, 2025
in Exclusive
Reading Time: 5 mins read
A A
‘රිංගා යකඩ අස්සෙන් හදවත අල්ලා – හංගා ළමැද මැද්දෙන් දරු පෙම හොල්ලා – සංසාරයක් බර හිත මුදුනේ දැක්කා – පෙම්මාදර අම්මා රංකැටි පුතු රැක්කා’ Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අම්මා කෙනකුගේ ආදරය ආසීමාන්තිකයි. දරු සෙනෙහස අනිත් හැම දේකටම වඩා ප්‍රබලයි. අම්මා කෙනකුට තියෙන්නේ තමන්ගේ ජීවිතය වුණත් පරදුවට තබලා දරුවන්ට ආදරය ලබාදෙන හදවතක්. අම්මෙකුගේ ආදරයේ තරම ලෝකයකම කතාබහට ලක්වුණේ මවුවරුන්ගේ දිනයදායි. Sri Lanka Latest News

පසුගියදා කොත්මලේ ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරෙන් බස් රථයේ රියැදුරු ඇතුළු විසිදෙදෙනකු මියගියා. අනතුරේ සංවේදීම සිදුවීම විදියට වාර්තා වෙලා තිබුණේ එක් අම්මා කෙනෙක් බස් රථයේ සුන්බුන් අතර සිරවෙලා පිටකොන්ද බිඳී තිබියදී පවා තමන්ගේ මාස 9ක් වයසැති කිරිකැටියාව ආරක්ෂා කරගත් ආකාරය දැක්වෙන සේයාරුවක්.

පැය ගණනක් සුන්බුන් අතර සිරවෙමින් තම කිරිකැටියාව ආරක්ෂා කරමින් දරු දුක දරාගත් ඒ අම්මාට හිස නමා ආචාර කළ යුතුයි. ඇය, තමන්ගේ ශරීරයට කොයි තරම් වේදනාවක් දැනුණත් දරුවා ළඟින් එක බිඳක් නොසෙල්වී සිටියා. ඇයට බිලිඳා රකින්නට හිතේ ශක්තිය තිබුණා. තම සැමියාගේ සිරුර ඇස් මානයේ තිබියදීත් ඇය ආරක්ෂා කළේ තම දියණියවයි.

මේ සංවේදී දර්ශනය ගැන රටම කතා කළා. මවගේ සිරුර යකඩ ගොඩකට සිරවුණත්, ඇය අවසන් හුස්ම හෙළන තුරුම තම බිලිඳියගේ හුස්ම පොද ආරක්ෂා කිරීමෙන් අම්මෙකුගේ ආදරය කොයි තරම් ප්‍රබලද යන්න ලෝකයට හඬගා කියන්න මේ අම්මා සමත් වුණා.

ඇයගේ ජීවිතය බේරාගන්න සහන සේවා කණ්ඩායම් උත්සාහ දැරුවත් අවසානයේ ඇය රෝහලේදී අවසන් හුස්ම හෙළුවා. මේ අම්මාගේ නම මුත්තු ලෙච්චමී. ඇගේ සැමියා වුණේ සෙංගපුල්ලේ රවි රාජායි. මේ දෙදෙනාම බස් රථ අනතුරෙන් ජීවිතයෙන් සමුගෙන ගියා. මේ මවුපිය යුවළගේ අවසන් කටයුතු පසුගිය 13 වැනිදා මීරියබැද්ද වත්ත සුසාන භූමියේදී සිදුකෙරුණේ ප්‍රදේශවාසීන්ගේ සෝසුසුම් මධ්‍යයේ. මේ බස් අනතුර සිදුවන අවස්ථාවේ බස් රථය තුළ මෙම යුවලගේ දරුවන් පස්දෙනාගෙන් දෙදෙනකු ගමන් කර තිබුණා.

එලෙස අනතුරට ලක්ව තිබුණේ ගමනාගමන මණ්ඩලයට අයත් සී.පී. 1141 දරන බස් රථයයි. දැනට සිදුකර ඇති විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ රියැදුරුට නින්ද යාම හේතුවෙන් මේ අනතුර සිදුවූ බවයි. මෙම බස් රථය පසුගිය 10 වැනිදා රාත්‍රී 10ට පමණ කතරගම ඩිපෝවෙන් පිටත්ව ගොස් තිබුණේ මහියංගනය සිට මහනුවර හරහා කුරුණෑගල බලා යෑමටයි. මේ ගමන අරඹා පැය 06කට පමණ පසු, එනම් 11 වැනිදා අලුයම 4ට පමණ කොත්මලේ ගැරඬිඇල්ල ප්‍රදේශයේදී බස් රථය ප්‍රපාතයකට පෙරළුණා. ඒ පසුගිය 11 වැනිදා පාන්දර 4ට පමණය. කිසිවෙකුත් නොසිතූ පරිදි බස් රථය නුවරඑළිය ගම්පොළ මාර්ගයෙන් ඉවතට පැන අඩි 100ක පමණ ප්‍රපාතයකට පෙරළී තිබුණේ අවස්ථා තුනකදීම උඩුයටිකුරු වීමෙන් පසුවයි. මෙම අනතුරින් තුවාල ලැබූ බොහෝ දෙනෙක් ගම්පොළ, නුවරඑළිය, කොත්මලේ සහ නාවලපිටිය රෝහල්වල තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටිනවා. අනතුර සිදුවන අවස්ථාවේ මගීන් 75කට අධික පිරිසක් බස් රථයේ ගමන් කර ඇති බවයි දැනගන්නට ලැබුණේ. ඒ මොහොතේ බස් රථය තුළ සිටි මගීන් කිහිපදෙනෙක් තමන් මුහුණ දුන් අනතුර ගැන විස්තර කළේ මේ ආකාරයටයි.

‘මම වැල්ලවායෙන් නැග්ගේ. මට නින්ද ගිහින් තිබුණේ. පිටිපස්සේ සීට් එකේ කෑගහන සද්දෙට ඇහැරුණා. බස් එක පෙරළිලා රවුම් දෙකක් ගියා. ලයිට් එක ඕෆ් වුණා. පෙරළිලා කන්දෙන් පහළට ගියාම කට්ටිය කෑගැහුවා බේරගන්න බේරගන්න කියලා, මට ඉස්සරහින් හිටිය කෙනා කෑගහනවා කකුල කැඩිලා කියලා. මමත් මගේ අත්දෙකයි කකුල් දෙකයි අල්ලලා බැලුවා අවුලක් නැහැ. යටින් රිංගලා ඇවිත් මම බැස්සා. බඩ ගාගෙන ගිහින් ෆෝන් එකේ ටෝච් එක ගහලා ත්‍රීවීල් එකක් නතර කරගත්තා.’
‘බස් එකේ මට වාඩිවෙන්න ඉඩ තිබුණේ නැහැ. හිටගෙන ආවේ. මම පොඩ්ඩක් නින්දේ හිටියේ. බස් එක ඇලවෙලා තිබුණේ. එහෙමම පෙරළිලා ගියා. අපි කිහිපදෙනෙක් රිංගලා එළියට ආවා…’

‘මම නැග්ගේ නුවරඑළියෙන්. පහන් කූඩු තරගෙට ගිහිල්ලා එන ගමන්. බස් එක විනාඩි 45ක් විතර පරක්කු වුණා. වෙනදා 3ට එනවා. එදා 3.45 විතර වුණා බස් එක එනකොට. මම ඉස්සරහ තමයි බෑග් එක තියන් හිටියේ. සෙනඟ ගොඩාක් හිටියා. බර වැඩිකමට බස් එක ඇලවෙලා තිබුණේ. කට්ටිය ඒ වෙලාවේ එහෙට මෙහෙට දැඟලුවා. දඟලනකොට කැරකෙන්න පටන් ගත්තා. රවුම් 4ක් විතර කැරකෙනකන් මතක තිබ්බා. ඊට පස්සේ මතක නැහැ. මගේ අත පැන්නා. හොල්ලන්නත් බැහැ. කොහොම හරි බඩගාලා බඩගාලා ආවා එළියට…’

මෙම බිහිසුණු අනතුරෙන් පුද්ගලයන් 22කට දිවි අහිමිවී ගොස් තිබුණා. ඒ අතර විශේෂ අවධානයක් යොමුව තිබුණේ මේ බිලිඳා පිළිබඳවයි. යකඩ ගොඩවල් මැද්දේ බස් රථය දෙකඩ වුණත් මේ මව තම දරුවාව රැකගත්තා. ඇය තම බිලිඳා බේරාගැනීමට මරුවා සමග සටන් වැද තිබුණා. යකඩ කඳක් තම ඇඟ මත දරාගෙන පැය ගණනක් තිස්සේ තම දරුවා තුරුළු කරගෙන ආරක්ෂා කරගෙන යකඩ කඳන් බිලිදාගේ ඇඟ මතට වැටෙන්නට නොදී ඇය ජීවිතයෙන් සමුගෙන ගියා. ඒ දර්ශනය ඉතාම සංවේදී දර්ශනයක්.
මේ කනගාටුදායක සිදුවීම සිදුව තිබුණේ මවුවරුන්ගේ දිනයේදීම වීම විශේෂ සිදුවීමක්. මෙම මව සහ පියා දරුවන් තිදෙනාද සමග මෙම බස් රියට ගොඩවී තිබුණේ මහනුවර බලා යාමටයි. අනතුරින් මවට මෙන්ම පියාට දිවි අහිමි වුණේ ඔවුන්ගේ දරුවන් පස්දෙනා මෙලොව තනි කරමිනි. අනතුර සිදුවීමට පෙරදින පස්වරුවේ මෙම මව සහ පියා දරු තිදෙනාවද රැගෙන බිරිඳගේ සහෝදරයාගේ කොස්ලන්දේ පිහිටි නිවස වෙත ගොස් තිබුණේ ඥාතීන් බැලීමටයි.

එම ඥාතියෙක් මාධ්‍ය වෙත පවසා සිටියේ මෙවැන්නකි.
‘මීරියබැද්දේ ඉඳලා හවස හයහමාරට විතර අපේ ගෙදර ආවා. අපේ ගෙදරින් රෑ කෑම කාලා රෑ 12.40ට විතර කුරුණෑගල බස් එකකට නැග්ගුවා. මගේ නංගියි මස්සිනයි දෙන්නාම මැරුණා. ළමයි තුන්දෙනා ඉස්පිරිතාලේ ඉන්නවා. එක්කෙනකුට අවුරුදු 16යි. අනිත් එක්කෙනාට අවුරුදු 10යි. බාලම දරුවට මාස 9යි….’

දිවි බේරුණු මාස 9ක බිලිඳිය ශල්‍යකර්මයකට යොමුකර පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිනවා. මෙම බිලිඳාගේ කශේරුකාවට සහ මුත්‍රා මාර්ගයට හානි සිදුව ඇති බවයි වෛද්‍යවරුන් පවසා සිටින්නේ.

සිය ස`ිගිත්තාගේ ජීවිතය බේරාගැනීමට සමත්වූ මෙම මව ජීවිතයෙන් සමුගත්තද මාතෘත්වයේ අපරිමිත ශක්තිය හා අපරිමිත සෙනෙහස පිළිබඳ ඇය ලෝක මවුවරුන්ගේ දිනය දා වචන කෝටි ගණනකින් කිව නොහැකි ආදර්ශයක් ලෝකයට ලබාදුන්නා. අපි හැමෝම අම්මලාගේ ආදරයට ගරු කරනවා. දරුවකුට දෙන ආදරය මහා සාගරයක් වගේ. ඒ ආදරය හරිම වෙනස්. අපි හැමෝම මේ ලෝකෙට පය ගැහුවාම අම්මා කියන වචනයට ඒ හැඟීම්වලට අපි ආදරෙයි. ඒ හැඟීම් සෙනෙහෙබරයි. ඒ වගේ ආදරයට වටිනාකමක් දෙන ආදරයක් මුහුණු පොතේ දැකගන්නට ලැබුණා. ඒ ජනප්‍රිය සංගීතඥයකු වන දිනේෂ් සුබසිංහ මහතාගේ මුහුණු පොතේයි.

‘මේ දුවට භාරකරුවෙක් නැති වුණොත් මම එයාව හදාගන්නවා දරුවකු විදියට. එය පොරොන්දුවක් මගෙන්. නුවරඑළිය රෝහලේ හෙදි සේවය කරන මහේෂිකා නෝනා මාව හොයලා දැනුවත් කරන්නම් කිව්වා. ඇය කී පරිදි දරුවන් තුන්දෙනෙක් ඉන්නවා. මව බේරාගන්න ඔවුන් ලොකු උත්සාහයක් දරා තියෙනවා. භාරකරුවකු නැතිවම ගියොත් මා ජීවත්වන තුරු මේ දුව කවදාවත් තනි වෙන්නැහැ. පවුලේ තව එයාට සහෝදරයන් දෙන්නෙක් ඉන්නවා. මේ පිළිබඳ ක්‍රියාත්මක වන නිලධාරීන් මාව දැනුවත් කරන ලෙස ඉල්ලා සිටිනවා. අදින් පස්සේ මෙයා මගේ දුවෙක්. ඒක පොරොන්දුවක්…’

බොහෝ දෙනෙක් කතාකළේ ඒ අම්මා දරුවාට දුන්න අසීමාන්තික ආදරය රැකවරණය ගැනයි. අම්මා කියන්නේ සසරක්.

‘රිංගා යකඩ අස්සෙන් හදවත අල්ලා
හංගා ළමැද මැද්දෙන් දරු පෙම හොල්ලා
සංසාරයක් බර හිත මුදුනේ දැක්කා
පෙම්මාදර අම්මා රංකැටි පුතු රැක්කා’
(තනූජා ලුම්බිණි)

අම්මා කියන උත්තරීතර පදවියේ වටිනාකම කොයි තරම්ද කියන්න හෝඩියේ අකුරු ප්‍රමාණවත් නැහැ. අම්මා කෙනෙක් දරුවන්ට දක්වන සෙනෙහස මෙතෙකැයි කියා නිම කරන්න බැහැ. ඇගේ ආදරය සියලු මවුවරුන්ට ආදර්ශයක්ම වේවා. ඇය කළ පුණ්‍යකර්මයෙන් ඇයට යහපත් ආත්මභාවයක්ම හිමිවේවායි අපි ප්‍රාර්ථනා කරමු.

නිලන්ති රේණුකා

SendShareShare
Previous Post

අද අනුර කිව්වට එදා ප්‍රේමදාස මෙහෙම තමයි කරලා පෙන්නුවේ! යාපනේට රෑට ක්‍රිකට් ගහන්න ක්‍රීඩාංගණයක් හදමු කියලා සජිත් කිව්වම හිනාවුණු අය මේක කියවන්න! Sri Lanka Latest News

Next Post

තාත්තා වගේම පුතා සජිතුත් පොඩි මිනිස්සුන්ගේ දෙපතුල ළගට ගිහින් ප්‍රශ්න ගැන හොයා බලයි! මේ තාත්තා හදපු ‘උල්ලල මාස්මුල්ල’ උදා ගම්මානයට ගිහින් මිනිස්සුන්ගේ ප්‍රශ්න ගැන හොයලා බලපු හැටි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

රටේ ජනතාව මුහුණ දෙන ප්‍රශ්නවලට විධිමත් ලෙස විසඳුම් දෙන්න වත්මන් රජයට නොහැකි වී ඇති බවත් අදටත් ගොවි ජනතාව අන්ත අසරණ...

Read more
ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.