• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගහපු හවුල් අවුල් වුණේ මෙහෙමයි! මේ හවුලටත් වෙන්න යන්නේ ඒ ‌වගේ දෙයක්ද?

November 9, 2021
in Exclusive
Reading Time: 4 mins read
A A
Share on WhatsAppShare on Facebook

පැරැණි කියමන් අතර… ‘ආඬි හත්දෙනාගේ කැඳහැළිය වාගේ’ යැයි කියලා ගමේ කතාවක් තියෙනවා.., එයටම පෑහිලා යන තවත් කතාවක් වන්නේ.., ‘හවුලේ කැඳත් ඕනෑ නැතය…’ කියන කියමනය. ලංකාවේ හවුල් ආණ්ඩුවලටද මේ කියමන් එදා හිටන්ම පටබැඳිලා තිබුණා. එයට හේතුව වූයේ.., හවුල පටන් ගන්නේ ජයට අඬබෙර ගහලාය.., එහෙම පටන්ගත් හවුල ගමන යන්න ගන්නේ මඟුල් බෙර වයලාය.., හැබැයි ඉවර වෙන්නේ.., මළබෙරය ගහලාය. ඒක තමයි හවුල් ආණ්ඩවල ඉතිහාසය.

ලංකාවේ පළමු හවුල් ආණ්ඩුව පිහිටෙව්වේ එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායකය.

ඒ.., 1956 මහ ඡන්දෙට බණ්ඩාරනායකගේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයයි, ‘බොරළුගොඩ සිංහයා’ යන විරුදාවලිය ලැබූ පිලිප් ගුණවර්ධනගේ විප්ලවකාරී සමසමාජ පක්‍ෂයයි එකතු වෙලා තමයි, 1956 ‘මහජන එක්සත් පෙරමුණ එළියට ආවේ… 1956 මහ ඡන්දයෙන් ‘මහජන එක්සත් පෙරමුණ’ අති විශිෂ්ට ජයග්‍රහණයක් ලැබුවා… පිලිප් ගුණවර්ධනගේ විප්ලවකාරී ලංකා සමසමාජ පක්‍ෂයට ඇමැතිකම් දෙකක් ලැබුණා. එකක් තමයි ඒ කාලේ ලංකාවේ ලොකුම ඇමැතිකම වූ කෘෂිකර්ම ඇමැතිකම… 1956 බණ්ඩාරනායක දිනන්න කලින් තිබුණු සේනානායක ආණ්ඩුවේ කෘෂිකර්ම ඇමැතිකම කළේ අගමැති ඩී. එස්. සහ අගමැති ඩඩ්ලිය.

‘ජාතියේ පියා’ යැයි විරුදාවලිය ලබපු ඩී. එස්. සේනානායක, රාජ්‍ය මන්ත්‍රණ සභාවේදී තෝරා ගත් පළමුවැනි ඇමැතිකම කෘෂිකර්ම ඇමැතිකම. ඒ තරමටම ඒ කාලේ කෘෂිකර්ම ඇමැතිකම බලවත්ය. හැබැයි බණ්ඩාරනායක දිනලත්, අගමැති හැටියට කෘෂිකර්ම ඇමැතිකම තියාගත්තේ නැහැ… ඔහු කෘෂීකර්ම ඇමැතිකම දුන්නා, තමන්ගේ හවුල්කාරයා වූ පිලිප් ගුණවර්ධනට. පිලිප් ගුණවර්ධන ගොවියා රජකරවන්න ඉඩම් හිමි පන්තිය භංග කරන්න කුඹුරු පනතයි, සමුපකාර බැංකු ක්‍රමයයි ගෙනෙන්න සූදානම් වුණා. මේකට බණ්ඩාරනායක ආණ්ඩුවේ අන්ත දක්‍ෂිණාංශික ඇමැතිවරු විරුද්ධ වුණා. මේ ඇමැතිවරුන්ට නායකත්වය දුන්නේ, බණ්ඩාරනායකගේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ප්‍රබලයකු වූ ස්ටැන්ලි සොයිසා..,

බණ්ඩාරනායක ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හදන කොට ලංකාවේ දේශපාලන පක්‍ෂ, කඳවුරු දෙකකට බෙදිලා තිබුණා. එක කඳවුරක් තමයි ධනවාදී කඳවුර, අනෙක් කඳවුර සමාජවාදී කඳවුරයි. ධනවාදී කඳවුර නියෝජනය කළේ එක්සත් ජාතික පක්‍ෂයයි. සමාජවාදී කඳවුර නියෝජනය කළේ ලංකා සමසමාජ පක්‍ෂය, කොමියුනිස්ට් පක්‍ෂය සහ විප්ලවකාරී සමසමාජ පක්‍ෂයයි.

බණ්ඩාරනායක ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හදලා කිවුවා, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ධනවාදිත් නෙවෙයි, සමාජවාදිත් නෙවෙයි, මැද මාවතේ යන පක්‍ෂයක් කියලා.., මේ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය තුළ ධනවාදයට කත්අදින අයයි, සමාජවාදයට කත්අදින අයයි දොගොල්ලොම හිටියා. හැබැයි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හැම තිස්සෙම හවුල් ආණ්ඩු හැදුවේ සමාජවාදයට බර වාමාංශික පක්‍ෂ එකතු කරගෙනයි. මේ වාමාංශික බැලුවා, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ ආණ්ඩුව වමට ඇදගෙන යන්න. ඒ වේලාවට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ ආණ්ඩුවේ දක්‍ෂිණාංශික කොටස් වාමාංශික පක්‍ෂවලට එරෙහිව යුද්ධ ප්‍රකාශ කළා. හවුල් ආණ්ඩුවටත් වුණේ ඒ ආනිශංසයම තමයි.

පිලිප් ගුණවර්ධන කුඹුරු පනත ගේනවාට විරුද්ධව දක්‍ෂිණාංශික ඇමැතිවරු බණ්ඩාරනායකට ගිහින් ගතු කිව්වා. බණ්ඩාරනායක අසරණ වුණා.., අවසානයේ දක්‍ෂිණාංශික ඇමැතිවරු 10ක් පිලිප් ගුණවර්ධනව ඇමැති මණ්ඩලයෙන් පන්නන්න කියලා ඇමැති මණ්ඩල වර්ජනයක් දියත් කළා… බණ්ඩාරනායකත් ඒ ඇමැතිවරුන්ගේ පැත්ත ගත්තා. පිලිප් ගුණවර්ධනත් ඔහුගේ ඇමැති සහායක වූ විලියම් සිල්වත් ඇමැති ධුරවලින් ඉවත් වුණා. විප්ලවකාරී සමසමාජ පක්‍ෂය ආණ්ඩුවෙන්ම ඉවත් වුණා. දක්‍ෂිණාංශික ඇමැතිවරු ජයගත්තා. තනි වූ බණ්ඩාරනායක ඝාතනය වුණා. ලංකාවේ දේශපාලන ඉතිහාසයේ පළමුවැනි හවුල් ආණ්ඩුව කඩාගෙන වැටුණේ මෙවැනි ඛේදනීය ඉරණමකින්.

ඊළඟ හවුල් ආණ්ඩුව අවුල් වුණේ 70 – 77 කාලයේ. බණ්ඩාරනායක ඝාතනයෙන් පස්සේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ නායිකාව වූ බණ්ඩාරනායක මැතිනිය තමයි ඒ හවුල් ආණ්ඩුව හැදුවේ. ඈ ඒ හවුල් ආණ්ඩුව හැදුවේ ලංකා සමසමාජ පක්‍ෂයයි, කොමියුනිස්ට් පක්‍ෂයයි එක්ක එකට එකතුවෙලා. හදලා ආණ්ඩුව ජයටම ගියා.. දොගොල්ල එකතුවෙලා ව්‍යවස්ථාවකුත් හදලා රැජිනවත් පන්නගත්තා. අවුරුදු හයේ ආණ්ඩුව අවුරුදු හත දක්වා දික්කර ගත්තා.

හැබැයි ඒ ආණ්ඩුවටත්, බණ්ඩාරනායකගේ ආණ්ඩුවට වැදිච්ච හෙණේ තමයි වැදුණේ… ලංකා සමසමාජ පක්‍ෂයටයි, කොමියුනිස්ට් පක්‍ෂයටයි ඕනෑ වුණා ආණ්ඩුව වමට ඇදගෙන යන්න. බණ්ඩාරනායක 56දී කෘෂිකර්ම ඇමැතිකම පිලිප්ට දුන්නා වාගේ තමයි බණ්ඩාරනායක මැතිනිය 70 මුදල් ඇමැතිකම ඇන්. ඇම්.ට දුන්නේ. ඇන්. ඇම්.ට ඕනෑ වුණේ මුදල් ඇමැතිකම පාවිච්චි කරලා ලංකාව සමාජවාදී රටක් කරන්න.

එක වෙලාවක ඇන්. ඇම්. මුදල් ඇමැති හැටියට යෝජනා කළා ලංකාවේ විදේශිකයන් සතු කොම්පැනි ඔක්කොම රජයට පවරා ගන්න. බණ්ඩාරනායකගේ දක්‍ෂිණාංශික ඇමැතිවරු ඒකට කැමැති වුණේ නැහැ. ඔවුන් මැතිනිට කිවුවා.., ඇන්. ඇම්.ට නටන්න දුන්නොත් විදේශ ආයෝජන නැති වෙයි කියලා. මේ වෙනකොට බි්‍රතාන්‍යයේ අධ්‍යාපනය හමාරකොට ඇවිත් හිටිය අනුර බණ්ඩාරනායකත් හිටියේ දක්‍ෂිණාංශික ඇමැතිවරුන්ගේ පැත්තේ. මැතිනිය ඔවුන්ට යටත් වුණා.

ලංකා සමසමාජ පක්‍ෂයේ වෘත්තීය සමිති ලොකු පෙළපාළියක් සූදානම් කරලා තියෙන වෙලාවක මැතිනිය හිටියේ සෝවියට් දේශයේ. වැඩ බලන අගමැති ලෙස කටයුතු කළේ අන්ත දක්‍ෂිණාංශික ඇමැතිවරු නියෝජනය කළ මෛත්‍රිපාල සේනානායක. ඔහු පෙළපාළි තහනම් කළා. ඒත් ලංකා සමසමාජ පක්‍ෂ පෙළපාළිය තිබ්බා. තියලා. එස්. ඩබිලිව්. ආර්. ඩී. බණ්ඩාරනායකට හීනියට ගැහුවා. මැතිනිය රට ඉඳලා ආවා. ඇන්. ඇම්. සහ කොල්වින් ඇමැති මණ්ඩලය වර්ජනය කළා. මැතිනිය ඔවුන්ව ඇමැතිකම්වලින් නෙරපුවා. හවුල් ආණ්ඩුව එතැනම අවුල්වෙලා ඇදගෙන වැටුණා.

ආපහු මේ වාගේ හවුලක් අවුල් වුණේ 2015 දී, ඒක පොඩිපහේ හවුලක් නෙවේ ලොකු ලොකු අයගේ හවුලක්. අවුරුදු ගණනක් ගහමරා ගත්ත එක්සත් ජාතික පක්‍ෂයයි, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයයි එකතුවෙලා ජාතික ආණ්ඩුවක් හැදුවා. ඒ ආණ්ඩුවත් ජයටම ගියා. හැබැයි එක්සත් ජාතික පක්‍ෂය කොළඹ වරායේ නැඟෙනහිර ජැටිය ඉන්දියාවට දෙන්න යද්දී ඇමෙරිකාවත් එක්ක ආරක්‍ෂක ගිවිසුම් ගහන්න යද්දී, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඒවාට විරුද්ධ වුණා. අවසානයේ ආණ්ඩුව එළහරකයි – මීහරකයි වාගේ දෙපැත්තට අදින්න පටන්ගත්තා. ඇමැති මණ්ඩලය තුළත් හැමදාම කචල්. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ ඇමැතිවරු විපක්‍ෂයේ හිටපු මහින්ද රාජපක්‍ෂගේ නායකත්වයෙන් යුතු ඒකාබද්ධ විපක්‍ෂය සමග එකතුවෙලා අගමැති රනිල්ට විරුද්ධව විශ්වාසභංගයක් ගෙනාවා. විශ්වාසභංගය ගෙනාවේ බැඳුම්කර මංකොල්ලයට අගමැති රනිල් සම්බන්ධයි කියලා. ඒ ජාතික ආණ්ඩුවේ පළමු ඉරිතැළීම පටන් ගත්තේ මේ මහබැංකු මගඩියෙන්. විශ්වාසභංගයෙන් රනිල් දින්න නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ආණ්ඩුවෙන් ඉවත් වුණා. ආණ්ඩුව කඩාගෙන වැටුණා.

දැන් අලුත්ම අවුල පටන් අරගෙන තියෙන්නේ ගෝඨාභයගේ හවුල් ආණ්ඩුවෙන්. බණ්ඩාරනායකගේ හවුල් ආණ්ඩුව අවුල් වුණේ කුඹුරු පනතකින්. බණ්ඩාරනායක මැතිනියගේ ආණ්ඩුව අවුල් වුණේ ජනසතු ප්‍රතිපත්තියෙන්. මෛත්‍රි-රනිල් ආණ්ඩුව අවුල් වුණේ මහබැංකු මංකොල්ලයෙන්. අද ගෝඨාභයගේ හවුල් ආණ්ඩුව අවුල් වෙන්න යන්නේ ‘එල්.එන්.ජී.’ බලාගාරය ඇමෙරිකාවට විකුණන්න ගිහින්.

මෙතැන තියෙන්නේ වාමාංශික – දක්‍ෂිණාංශික මත ගැටුමක්. විමල් ආණ්ඩුවෙන් කැඩිලා යයිද කියන්න දන්නෙ නැහැ. හැබැයි හවුල අවුල් කියලා නම් පැහැදිලියි.
‘පැණිවරකා ගහටත් හෙණ ගහනවා’ කියලා කතාවක් තියෙනවානේ.

දමයන්ති රේණුකා

SendShareShare
Previous Post

සෞඛ්‍යය ඔසවා තැබූ 1800…

Next Post

ගංගා උතුරන්න පටන් ගනී! රඹුක්කන නාය යාමකින් අම්මයි-දුවයි-ඥාති දුවයි මරුට!

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

පුටු 8ක් හිස්! උපරිමාධිකරණවල පුරප්පාඩු පුරවන්නේ නැතිව විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමේ පදනම මොකද්ද? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

පාස්පෝට් 2ක් ළඟ තියාගත් විමල්ගේ බිරිය ශෂී අවුරුදු 2ක් හිරේ!
Exclusive

විමල්ගේ නෝනා අවුරුදු 2කට හිරේ! සිරදඬුවම ස්ථිරයි! අභියාචනය උසාවියෙන් විසි කරයි! I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගාණක් තිස්සේ කැබිනට් ඇමැතිවරු පෝලිමක් හිටියත් අවුරුදු 5ට අඩු වැඩිම මන්දපෝෂණය තියෙන ළමයි ඉන්නේ ඌවේ..!  I Sri Lanka Latest News

පාසල්වලට ස්මාර්ට්ෆෝන් අරන් ඒම තහනම් කරයි! දරුවන් සමාජ මාධ්‍ය මාරයාගෙන් බේරාගන්න පාසල් රැසක් දැඩි තීන්දුවක! I Sri Lanka Latest News
Exclusive

‘අන්තර්ජාලය නිසා දරුවන් මියයනවා!’ බාල වයස්කරුවන්ට කැනඩාවෙත් සෝෂල් මීඩියා තහනම්! කලින්ම ඕස්ට්‍රේලියාවත් කළා! I Sri Lanka Latest News

නිල කාලය අවසන් කොට ඉන්දියාවට යන්න කලින් නියෝජ්‍ය මහකොමසාරිස් පාන්ඩේ විපක්ෂනායක කාර්යාලයට ඇවිත් සජිත්ව හමුවෙයි! දුන් සහායට ස්තූති කරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

නිල කාලය අවසන් කොට ඉන්දියාවට යන්න කලින් නියෝජ්‍ය මහකොමසාරිස් පාන්ඩේ විපක්ෂනායක කාර්යාලයට ඇවිත් සජිත්ව හමුවෙයි! දුන් සහායට ස්තූති කරයි! VIDEO I Sri Lanka Latest News

පානදුරේදී බොරුවක් කියලා පච වුණා! දැන් දෙවැනි බොරුවත් අතේ පත්තු! පොහොට්ටුව ලොකු සද්දයක් දාලා පෙරේදා සජබෙන් ගත්ත කෙනා බලංගොඩ ආසන සංවිධායක නෙමෙයිලු! පොහොට්ටුවට මේ මොකද්ද වෙන්නේ? ඇයි මෙහෙම මිනිස්සුන්ව අන්දවන්නේ..? VIDEO I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

පුටු 8ක් හිස්! උපරිමාධිකරණවල පුරප්පාඩු පුරවන්නේ නැතිව විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමේ පදනම මොකද්ද? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු ඉහළ අධිකරණවල ගරු විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ නැංවිම සම්බන්ධයෙන් රට තුළ බරපතල සංවාදයක් මතුව තිබෙන බවත්...

Read more
පාස්පෝට් 2ක් ළඟ තියාගත් විමල්ගේ බිරිය ශෂී අවුරුදු 2ක් හිරේ!

විමල්ගේ නෝනා අවුරුදු 2කට හිරේ! සිරදඬුවම ස්ථිරයි! අභියාචනය උසාවියෙන් විසි කරයි! I Sri Lanka Latest News

Sri Lanka Latest News

අවුරුදු ගාණක් තිස්සේ කැබිනට් ඇමැතිවරු පෝලිමක් හිටියත් අවුරුදු 5ට අඩු වැඩිම මන්දපෝෂණය තියෙන ළමයි ඉන්නේ ඌවේ..!  I Sri Lanka Latest News

පාසල්වලට ස්මාර්ට්ෆෝන් අරන් ඒම තහනම් කරයි! දරුවන් සමාජ මාධ්‍ය මාරයාගෙන් බේරාගන්න පාසල් රැසක් දැඩි තීන්දුවක! I Sri Lanka Latest News

‘අන්තර්ජාලය නිසා දරුවන් මියයනවා!’ බාල වයස්කරුවන්ට කැනඩාවෙත් සෝෂල් මීඩියා තහනම්! කලින්ම ඕස්ට්‍රේලියාවත් කළා! I Sri Lanka Latest News

නිල කාලය අවසන් කොට ඉන්දියාවට යන්න කලින් නියෝජ්‍ය මහකොමසාරිස් පාන්ඩේ විපක්ෂනායක කාර්යාලයට ඇවිත් සජිත්ව හමුවෙයි! දුන් සහායට ස්තූති කරයි! VIDEO I Sri Lanka Latest News

නිල කාලය අවසන් කොට ඉන්දියාවට යන්න කලින් නියෝජ්‍ය මහකොමසාරිස් පාන්ඩේ විපක්ෂනායක කාර්යාලයට ඇවිත් සජිත්ව හමුවෙයි! දුන් සහායට ස්තූති කරයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.